Peter Rabbit (2018) Sinhala Subtitle
ඔන්න අද මේ එන්නෙනං වෙනද වගේ ලොකුහිටියන්ට විතරක් වෙන්වුණ එකක් නෙමෙයි පොඩිහිටි ලොකුහිටි දෙපාර්ශවයටම රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් අරගෙනයි. පීටර් නම් හාවෙක්ගෙ වික්‍රමවලින් පිරුණ මේ චිත්‍රපටය නමින් Peter Rabbit (2018). කතාව පැත්තට යන්න කලින් කියන්නම ඕනෙ මේක ඉතාම ලොකු ඉතිහාසයක් තියන පොත් මාලාවක අනුසාරයෙන් නිර්මාණය වුණ එකක්. අන්න ඒ ඉතිහාස කතාව පැත්තට ටිකක් හැරිල බැලුවොත් මේ පොත්පෙල රචනා කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක් වන බියට්‍රික්ස් පොටර්. ඒ 1893 වසරේදී, වයස අවුරුදු පහක් වූ නොයෙල් මූර් නම් දරුවෙක් වෙනුවෙන්. හැබැයි මෙය පොතක් වශයෙන් පළවුනාය කියන්නේ 1902 වසරෙදි, ඒ ප්‍රකාශක ආයතන කීපයකින් ප්‍රතික්ෂේප වීමෙන් පසුව. කොහොමින්හරි පළකිරීමෙන් පසුව අතිසාර්ථක අලෙවියක් අත්කරගත් මේ කතාව ඉන්පසූ සෑහෙන වාර ගණනක් මුද්‍රණය වී තිබෙනවා, ඊට අමතරව භාෂාවන් 36 කටද පරිවර්තනය වී තිබෙන මේ කෘතිය එතෙක් මෙතක් වැඩිම අලෙවියක් වාර්තාකල පොත් අතරින් එකක්. ඒ වගේම අදනම් චිත්‍රපට චරිත අනුව යමින් සැකසුණු සෙල්ලම් බඩු වගේ විවිධ දේ සුලබව දකින්න ලැබුණත්, ඒ සියල්ලේ ආරම්භකයන් අතරින් එක් අයෙක්ලු මේ පොත් පෙලේ ලේඛිකා බියට්‍රික්ස් පොටර්. මේ පොත මුල්කරගෙන පුවරු ක්‍රීඩාවක් පවා නිකුත්වුනාලු ඒ කාලයේ. ඔන්න ඔහොමයි ඉතිහාස කතාව කෙටියෙන්. හැබැයි මුල්පොතේ කතාව ගොඩක් වෙනස් කරල තියනව චිත්‍රපටයට එද්දි (උදාහරණෙකට ෆීලික්ස් මුවාගේ චරිතය මුල්පොතේ නෑ). අන්තර්ජාලයේ ටිකක් හොයල බැලුවොත් තවත් ගොඩක් රසවත් විස්තර තියනව මේ පොත ගැන. දැන් අපි යමු
චිත්‍රපටය පැත්තට…
විල් ග්ලක්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ මේ චිත්‍රපටය සෝනි ඇනිමේෂන්ස් ඉදිරිපත් කිරීමක්. මෙය අප අතරට එන්නෙ ඔවුන්ගේ සිව්වන live action/CGI hybrid film එක විදියටයි, ඒ The Smurfs (2011),The Smurfs 2(2013) සහ Goose bumps (2015) යන චිත්‍රපටවලට පසුව. බ්‍රිතාන්‍යය පාදක කරගත් කතාවක් වුණත් මෙහි සැබෑ රූපරාමු ගොඩක්ම රූගත කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙදි. දැන් අපි අඳුනගමු කතාවෙ චරිත.. Margot Robbie ( කථනය සහ ෆ්ලොප්සි-හඬ), Sam Neill ( මැක්ග්‍රෙගර් ), James Corden (පීටර් හාවා-හඬ) , Domhnall Gleeson ( තෝමස් මැක්ග්‍රෙගර්) , Colin Moody (බෙන්ජමින්-හඬ), Elizabeth Debicki (මොප්සි-හඬ), Daisy Ridley (පුළුන් වල්ගා -හඬ), Rose Byrne ( බී / පඩ්ල් ඩක් -හඬ) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. මෙහි ප්‍රධාන සජීවී කාන්තා චරිතය වන බීට ඒ නම දාල තියෙන්නෙ කතාමාලාවේ ලේඛිකා බියට්‍රික්ස් පොටර්ව සිහිවෙන්නලු. ඇතිනේ දැන් අපි යමු කතාව පැත්තට..
පීටර් කියන්නෙ හා පවුලක වැඩිමල් දරුවා , එයාට තව ඉන්නව ෆ්ලොප්සි,මොප්සි, පුළුන් වල්ගා කියල සහෝදරියො තුන් දෙනෙකුයි තව බෙන්ජමින් නම් ඥාති සහෝදරයෙකුයි. මේ කට්ටියට ඉන්නව අසල්වාසියො දෙන්නෙක් එයින් එක්කෙනෙක් බී නම් සුන්දර කරුණාවන්ත තරුණියක්.හැබැයි අනිත් අසල්වැසියා ඊට හාත්පසින්ම වෙනස් නපුරු කෙනෙක්, නම තමයි මිස්ට.මැක්ග්‍රෙගර්. මැක්ග්‍රෙගර් මහත්තයට හාවෝ කියන ජාතිය දෑහැට පේන්න බෑ. දුටු තැන එලවීම තමයි එයාගෙ පුරුද්ද. ඒකෙත් ඇති වැරැද්දක් නෑ මේ කට්ටිය මැක්ග්‍රෙගර් මහත්තයට කරන දේත් එක්ක බැලුවම, ඒ තමයි එයාගෙ එලවළු වගාවෙන් එලවළු සොරකම් කිරීම. කොච්චර එලෙව්වත් ඉතින් මේ කට්ටියත් වැඩේ අතාරින්නෙ නෑ මැක්ග්‍රෙගර් මහත්තය එක්ක සටනෙමයි, හැබැයි ආහාර වුවමනාවට එහා ගිය හේතුවකුත් තියනව මෙ ගැටුමට..එහෙනම් මම එයින් එහාට කියන්න යන්නෙ නෑ, නරඹනඕගොල්ලන්ට බාරයි ඒ හරිය. වෙනස්කම්වලට භාජනය කල ජනප්‍රිය ගීත රැසකින් හැඩවුණ මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්. ගීත සියල්ලම පරිවර්තනය කරලයි තියෙන්නෙ.
විශේෂ :-
* මිඩ් ක්‍රෙඩිට් දර්ශනයක් තිබෙන නිසා අවසන් වෙනකම්ම නරඹන්න.
* චිත්‍රපටය තුල එක් සුළු සිපගැනීමේ දර්ශනයක් තිබෙනවා.
තැන්ක්ස්, පුලුවන් තරම් අනිත් අය සබ් නොදී පුවට සබ් දෙන්න බලන්න. Winchester/ the debt collector වගේ Movie වලට
tnx machan. oka supirima kathawak sub ekata tnx jaya wewa.
බොහොම ස්තූතියි සහො උපසිරැසියට 🙂 150 කඩයිමටත් තව උපසිරැසි 4 යි 🙂👌 ඒකටත් සුපිරිම ෆිල්ම් එකකට සබ දෙමු ඔබට ජය 😍🙂
ආ ඔව්, ඔව්, තව හතරයිනේ 😉. බලමු හොඳ ෆිල්ම් එකකට සබ් දෙන්නම්, සුමින්ද. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහෝම ස්තූතියි සහෝදරය උපසිරැසියට.. ඒ වගේම කියවන්න ආස හිතෙන ලිපියටත් ස්තූතියි. ජය වේවා.
බොහොම ස්තුතියි හසිත …. Yify ටොරෙන්ට් වල දැක්ක ගමන් විස්තර ටිකක් බලළ ඩව්න්ලොර්ඩ් කරා… මෙවගේ ලස්සන කතවලට නම් ෆට්ටම අසයි..මෙවගෙ අලුත්ම ලස්සන ෆිල්ම් එකකටඋනුවෙන්ම සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි දුන්නට….හවසක වගේ බලන්න ඔනේ මෙක නම් බොහොම රිලැස් එකෙ 😊.
ඔව්, ඔව් හොඳ ලස්සන කතාවක් ( ඔයා මේකට සබ් ඉල්ලද්දි, මම මේක වෙන්කරගත්ත විතරයි සබ් කරන්න). මේ වගේ එකක් නිවාඩු පාඩුවෙ තමයි බලන්න ඕනෙ. බොහොම ස්තූතියි, මිතුන් 🙂
ela ela saho thanks
නියමයි.බොහොම ස්තූතියි සහෝ
mena balando patta patapata filum supiri machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
🙂 උපසිරැසියට
බොහෝම ස්තූතියි සහෝ , දිගටම යමු . ජය වේවා !,.. 🙂
super thanks saho
thanks sahoooo niyamaaaai