Pixar Short Movie Collection [1956-2017] Sinhala Subtitle
මට ඇත්තටම කම්මැලි කමේ ඉන්නකොට හම්බවුන ලස්සන කෙටිකතා ටිකක් දෙන්න හිතුවා කාටත් බලන්න පුළුවන් වැඩි වෙලාවක් නෑ අනික අර්ථයත් සරලයි..ඉතින් මට හම්බවුන කතා 8කට උපසිරසි මම ගෙනාවා.!
1.The Red Balloon (1956)- රතු බැලූනය
මේක ප්‍රංශ කතාවක් වගේම අයත් වෙන්නෙ Drama,Comedy,Family,Fantasy ඝනයට IMDB දර්ශකයේ 8.2ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා.ධාවන කාලය මිනිත්තු 30යි. මේක ඔස්කාර් සම්මාන උලෙලදි සම්මානයට ප්‍රාප්ත වෙලා තියෙනවා..ඊට අමතරව සම්මාන 3ක්ද නාමයෝජනා වීමක්ද ලබාගෙන තියෙනවා..
2.Mike’s New Car (2002) – මයික්ගෙ අලුත් කාර් එක
මේකනම් හුගක් අය බලලත් ඇති මොකද මේකට පාදක කරගෙන තියෙන්නෙ හුගක් ප්‍රසිද්ද වුන Monster University ඇනිමේශන් එකේ චරිත 2ක්.මේක අයත් වෙන්නෙ Animation,Fantasy,Comedy,Family ඝනයට,IMDB දර්ශකයෙත් 7.2 ඉහල අගයක් ලබාගෙන තිබෙනවා.ධාවන කාලය මිනිත්තු 4යි.
3.The Gruffalo (2009) – මීයා සහ ග්‍රෆලෝ
මේකත සාමාන්‍යයෙන් ප්‍රසිද්ද වෙච්ච එකක්, අයත් වෙන්නෙ Animation,Family ඝනයට වගේම IMDB දර්ශකයේ 7.5ක අගයක් ලබාගෙන තියෙනවා.ධාවන කාලය මිනිත්තු 27යි.මේකත් ඔස්කාර් සම්මානයකට නාමයෝජනා වෙලා තිබුණත් සම්මානයට ප්‍රාප්ත වෙලා නෑ,ඊට අමතරව සම්මාන 7ක්ද නාමයෝජනා 3කටද හිමිකම් කියනවා..
4.Zero (2010) – බිංදුව
මේකත් ලස්සනමවගේම හොද ආදර්ශයක් ගන්න පුළුවන් ලස්සන කතාවක් මේ කතාවෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා.ඉතින් මේක අයත් වෙන්නෙ Animation,Fantasy,Drama ඝනයට IMDB දර්ශකයේ 7.5 හොද අගයක් ලැබිලා තියෙනවා.ධාවන කාලය මිනිත්තු 13ක්. මේක ඕස්ට්‍රේලියානු කතාවක්,මේකටත් සම්මාන 4ක්ද නාමයෝජනා 2ක්ද ලැබිලා තියෙනවා.
5.Toy Story Toons: Small Fry – පුංචි බස්
මේකත් නොදන්න කෙනෙක්නම් ඉන්නවා වෙන්න කොහෙත්ම බෑ නම අහපු සැනින් අනිවා දන්නවා මොකද්ද කියලා..මේ සෙල්ලම්බඩු ටිකනම් කීයටවත් අමතක වෙන්නෑනෙ..ඉතින් මේක අයත් වෙන්නෙ Animation,Comedy,Family,Fantasy ඝනයට ඉතින් iMDB අගයත් 7.1ක් ලැබිලා තියෙනවා. ධාවනකාලය මිනිත්තු 7ක්.
6.Stutterer (2015) – ග්‍රීන්වුඩ් මහත්තයා
ඉතින් මේකත් ඔස්කාර් සම්මාන ලාභී කතාවක් වගේම අයත් වෙන්නෙ Drama ඝනයට IMDB අගය 7.7ක් ලබාගෙන තියේනවා.ධාවනකාලය මිනිත්තු12ක්.තව අමතරව සම්මාන 5ක්ද නාමයෝජනා 2ක්ද ලැබිලා තියෙනවා..මේකනම් ලොකු අර්ථයක් කියවෙන කතාවක්…මම අන්තිමට කියවන්න කතාවෙ අන්තිමට මගේම නිර්මාණය කරපු පොඩි වදනක් දාලාත් ඇති ඒකත් කියවලම බලන්න…
7.Sunjay’s Super Team – සංජයගේ සුපිරි කණ්ඩායම
මේකත් ඔස්කාර් සම්මානයට නිර්දේශ වෙලා තිබුණ කතාවක්,අයත් වෙන්නෙ Animation,Action,Fantasy, Family,Thriller ඝනයට IMDB අගය 7ක් ලබාගෙන තියෙනවා.මේක කතාව හිංදු සංස්කෘතිය වටා දිවයන කතාවක්..ධාවන කාලය මිනිත්තු 7ක්.
8.Agent 327: Operation Barbershop (2017) – බාබර්සාප්පුවේ මෙහෙයුම
මේකට පාදක කරන් තියෙන්නෙ Agent 327 කියන මනඃකල්පිත චරිතය මේකත් ලස්සන කතාවක්.අයත් වෙන්නෙ Animation,Action ඝනයට IMDB අගය 7.3ක් ලබාගෙන තියෙනවා.තාම අලුත් නිසා සම්මාන වගේම නිර්දේශ වීම් නම් නෑ…
..ඇත්තටම මේ කෙටිචිත්‍රපට වලින් නිකම්ම බලල දාන්න විතරක් නෙමේ අපිටත් ගන්න ආදර්ශ රැසක් අන්තර්ගත වෙලා තියෙනවා ඒවගේම තමා ලස්සන කතා එකතුවක්…
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
ස්තූතියි කවිදු
නියම වැඩක් සහෝ.ගොඩක් ස්තූතියි.
පුලුවන්නම් attack on titan anmie series එකට සබ් දෙන්න
ජය වේවා!
උත්සහ කරලා බලන්නම්
ඒත් මට කතාව ඇල්ලුවෙ නෑ එච්චර
අමුතුම වැඩක්.
මේකනම් කොහොමහරි බලනවා.
තෑන්ක්ස් සබ් එකට.
ස්තූතියි ලහිරු
Sub ekta thanks sahoo….???
ස්තූතියි සුමින්ද
Puluwannm s.w.a.t. tv series ekata sub dennako….
උත්සහ කරන්නම් සහෝ
Elama saho thanks
ස්තූතියි අසිත
ස්තුති සහො Shot මුවිස් ගොඩක්ම හදන්නෙ හොද ආදර්ශයක් දෙන්න. මට නම් හොදටම හිතට ඇල්ලුව thanks.
අනිවාර්යයෙන් සෑම් සහෝ……..
thanxx pasinduwa elamai bokka danmama bagena balanda ona digatama me wage short animation colletion walata sub dipan jaya wewa
අනිවා බොක්කා….
ස්තූතියි??
Thanks Bro.
ස්තූතියි ලක්ශාන්