Pixie (2020) Sinhala Subtitle
2020 ඔක්තෝබර් 23 දින එක්සත් රාජධානියේ මුලින්ම තිරගත කිරීම ඇරැඹි තවත් අපූරු සිනමා සිත්තමක් තමයි Pixie. මේක Comedy, Crime, Thriller වර්ගවලට අයිතියි. සුන්දර අයර්ලන්තය පසුබිම් කරගෙන තමයි කතාව ගලාගෙන යන්නෙ. රූපගත කරලා තියෙන්නෙත් අයර්ලන්තයේම තමයි. මැර පවුලක සාමාජිකාවක් වන පික්සි, ඒ ජරාජීර්ණ ජීවිතයෙන් ඈත්වෙලා අලුතෙන් ජීවිතය පටන්ගන්න කරන අරගලයක් තමයි තේමාව. ඩොලර් 479,31 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් චිත්‍රපටයක්. Rotten Tomatoes අගයත් 93% දක්වා කරකවන්න සමත් වෙලා තියෙනවා. ධාවන කාලය විනාඩි 93 යි.
Cast
Olivia Cooke … පික්සි
Fra Fee … ෆර්ගස්
Rory Fleck Byrne … කොලින්
Alec Baldwin … ෆාදර් හෙක්ටර් මැක්ග්‍රාත්
Ben Hardy … ෆ්රෑන්ක්
Daryl McCormack … හාලන්ඩ්
ෆ්රෑන්ක් සහ හාලන්ඩ් අඹ යාලුවො. ඒ නගරයෙ ඉන්න සුරූපී තරුණියක් වන පික්සි ගැන මෙයාලා ටිකක් උනන්දුයි. මෙයාලා දවසක් රෑ පික්සි ඉන්න ගෙදරට යනවා. ඒ වෙලාවෙ එක්තරා හේතුවකට පික්සිගේ හිටපු පෙම්වතා පික්සිව මරන්න ගෙදරට එනවා. ගේ ඉස්සරහ පිස්තෝලයකුත් අරගෙන දගලන කොලින්ව දකින හාලන්ඩ් බයට ඔහුව හප්පනවා, කාර් එකට. කොලින් මැරෙනවා. ගෑනියෙක් පස්සෙ ආපු මේ කොල්ලො දෙන්නගෙ ජීවිතේ පැටලුනු නූල් බෝලයක් බවට පත්වෙන්නෙ එතනින්. එයාලට කොලින් ගාව තිබ්බ බෑග් එකක තිබිලා කෝටි ගානක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් හම්බෙනවා. හැබැයි මේ සිද්ධි පික්සි දන්නෙ නෑ. පස්සෙ මේක දැනගන්න පික්සි මේ දෙන්නට එකතුවෙනවා. පස්සෙ තුන්දෙනාම නගරෙන් පිටවෙනවා, ඒ කුඩු ටික විකුණන්න මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් හොයාගෙන. මෙයාලගෙ ත්‍රාසජනක චාරිකාව පටන්ගන්නෙ එහෙමයි. කොලින්ලා ඒ කුඩු ටික ගන්නෙ තවත් ජාවාරම් කල්ලියක හතර දෙනෙක් මරලා. තමන්ගෙ සහායකයා වන ෆර්ගස්වත් කොලින් මරල දානවා. හැබැයි ඒ වෙන හේතුවකට. ෆර්ගස්ගෙ මැර කණ්ඩායමත් ඒ ගැන හොයනවා. එයාලා අතුරුදහන් වුනු කොලින්වත් හොයනවා. කොලින්ගෙ මිනිය තියෙන්නෙ පික්සිලගෙ කාර් එකේ ඩිකියෙ. කුඩු තොගය අයිතිකාර මැර කල්ලියත් මේ පස්සෙ පන්නනවා. කොලින්ගෙ පැත්තෙ කුලී මිනීමරුවෙකුත් කොලින්ව හොයනවා. නමුත් මේ කිසිම කෙනෙක් (ෆ්රෑන්ක් සහ හාලන්ඩ් පවා) නොදන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ සම්පූර්ණ කොල්ලය පිටිපස්සෙ ඉන්න සූක්ෂම මහ මොළකාරයා කවුද කියලා. ඒ තමයි…. පික්සි. ජය වේවා. ![]()

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Nomadland (2020)
Minari (2020)
Thank you very much. i will try.
තෑන්ක්ස් සහෝ සබ් එකට
Thanx bro.