Police Story 4: First Strike (1996) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සුපිරිම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. ජැකී චෑන් කිව්වම කවුද නොදන්නේ? හැමෝම වගේ දන්නවා එයා කවුද කියලා. එයාගේ ෆිල්ම්ස් එහෙමත් බලලා ඇති. ඔන්න එහෙනම් එයාගේ චිත්‍රපට අතරින් තවත් සුපිරිම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. Police Story ෆිල්ම් සීරියස් එක හැමෝම වගේ බලලා ඇති කියලා හිතනවා. බලපු නැති අයත් ඇති. කොහොම වුණත් Police Story ෆිල්ම් සීරියස් එකේ හතරවැන්න ලෙස හඳුන්වන ෆිල්ම් එක තමයි අරගෙන ආවේ. Police Story 1,2,3 චිත්‍රපට ටිකට මේ වෙනකොට සිංහල උපසිරැසි අන්තර්ජාලයේ තිබෙන නිසා 4වෙනි චිත්‍රපටයට උපසිරැසි කරන්න හිතුවා. 1,2,3 චිත්‍රපට නොබැලුවා කියලා මේ චිත්‍රපටය බලන්න බාධාවක් වෙන්නේ නෑ. හරි එහෙනම් චිත්‍රපටයේ විස්තර පැත්තට පොඩ්ඩක් හැරෙමු.
1996 වර්ෂයේදී නිකුත් වන මෙම චිත්‍රපටය – Police Story 4 First Strike – ලෙසයි නම් කරලා තිබෙන්නේ. Action, Adventure, Comedy, Crime, Drama, Thriller කියන මේ වර්ගීකරණයන්ට අයත් මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. එමෙන්ම භාෂා කිහිපයකටම මෙය පරිවර්තනය කර තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Stanley Tong විසින් සිදු කර තිබේ.
කතාව ගැන කියනවනම්, කලින් චිත්‍රපට ත්‍රිත්වයේම වගේ මේ චිත්‍රපටයෙත් ජැකීට අලුත් මෙහෙයුමක් ලැබෙනවා. ඒ ආශ්‍රිතයෙන් තමා කතාව දිව යන්නේ. එහෙනම් ඉතින් චිත්‍රපටය රස විඳින්න කියන ගමන් දැනට මම සමු ගන්නවා.
ඔබ සැමට බුදු සරණයි!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේවටත් සබ් දෙනවද මචං 😊
👉 Once a Cop (1993)
👉 Crime Story (1993)
Police Story film series එකේ spin off වගේ ආපු film මේව..
ජය වේවා.! 👊
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
ඔය ෆිල්ම් දෙකටත් සබ් දෙන්න බලන්නම්.
උපසිරැසියට බොහොම ස්තුතියි!
thanks for sub
ගොඩක් ස්තූති සබ් එකට
thanks…….