Rampage (2018) Sinhala Subtitle

/
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔන්න අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ඨ කරන්නයි මේ සූදානම. ඉතින් මේ තමයි අපේ රොක් නොහොත් ඩ්වේන් ජොන්සන් රංගනයෙන් දායක වෙන Rampage (2018) චිත්‍රපටය. ක්‍රියාදාම, වීරවෘතාන්ත, විද්‍යා ප්‍රබන්ධ ඝණයට අයත් වෙන මේ චිත්‍රපටය බ්‍රැඩ් පේටන්ගෙ අධ්‍යක්ෂණයක්. තිර රචනය රයන් එංගල්,කාල්ටන් කියුස්,රයන් ජේ කොන්ඩල් සහ ඇඩම් සිට්කල්ගෙන්. රංගනයෙන් ඩ්වේන් ජොන්සන්ට අමතරව නයෝමි හැරිස්,මාලින් අකර්මන්,ජෙෆරි ඩීන් මෝගන්, ජේක් ලේසි, ජෝ මැන්ගනීලෝ,මාලි ෂෙල්ටන් වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක් තමයි දායක වෙන්නෙ. මෙය ලබා ඇති Imdb අගය 6.4ක් වන අතර Rotten Tomatos වෙතින් 52%ක අගයක් ලබා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේක 1980 දශකයේ නිකුත්වූ මේ නමින්ම යුත් ආකේඩ් වීඩියෝ ක්‍රීඩාවක් යම් තරමකින් ගුරු කරගෙනයි හදල තියෙන්නෙ, චරිත නම්ගම් ආදිය පවා සමානයි. මේ ක්‍රීඩා උපකරණය ක්ලෙයා වයිඩන්ගෙ කාර්යාලයේ තියනව දකින්න ලැබෙයි චිත්‍රපටය අතරතුර. චිත්‍රපටය තුල ඩ්වේන් ජොන්සන් පදවන වාහනයත් ටිකක් නුපුරුදු ගතියක් දැනෙයි ඕගොල්ලන්ට. ඒකට හේතුව 2004 වසරේ නිර්මාණය කල මේ ෆෝඩ් බ්‍රොන්කෝ රථය සංකල්පයකට පමණක් සීමා වීම. එය කිසිම දිනෙක වෙලඳපොළට නිකුත්වුණේ නෑ.අවසන් වශයෙන් බ්‍රොන්කෝ මාදිලියක් වෙලඳපොළට නිකුත් කලේ 1996 වසරේදියි. ඊට අමතරව මෙහි රසල්ගේ චරිතය කරන ජෙෆරි ඩීන් මෝගන් සහ ක්ලෙයා වයිඩන්ගෙ චරිතය කරන මාලින් ඇකර්මන් චිත්‍රපටයකදි එකට එක්වෙන්නෙ 2009 වසරේ ප්‍රදර්ශනය වූ Watchmen චිත්‍රපටයෙන් පසුවයි. ඉතින් විස්තර ඔය ඇතිනෙ නේ? දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට. ප්‍රිමේටයන් ( උසස් මනසක් හිමි ක්ෂීරපායී සතුන් ,මිනිසුන් ,වඳුරන් සහ වානරයන් ඇතුළුව) පිළිබඳ විශේෂඥයෙක් වන ඩේවිස් , සැන් ඩියේගෝ වන සත්ව අභයභූමියේයි රාජකාරි කරන්නේ. මිනිසුන්ට ඒතරම් කැමැත්තක් නැති ඔහුගේ වැඩිම ඇල්ම තිබෙන්නෙ සතුන්ටයි, ඒ අතරිනුත් විශේෂයි ජෝජ් නම් ගෝරිල්ලා. මේ දෙන්න අතරෙ පුදුමාකාර බැඳීමක් තියෙන්නෙ. කොහොමින්හරි මෙහෙම කාලය ගෙවෙන අතරෙ දවසක එනර්ජීන් නම් දැවැන්ත සමාගමක් හොර රහසේ කල පර්යේෂණයක සිදුවන වරදකින්, ජෝජ්ටත් ඩේවිස්ටත් නොසිතූ කරදරයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් තම මිතුරාවත් බේරාගෙන මේ ප්‍රශ්ණය විසඳාගැනීම වැටෙන්නෙ ඩේවිස්ගෙ කර මතට. එහෙනම් මම ඉන් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි. මෙය කිසිම ප්‍රශ්ණයක් නැතිව නිවසේ අයත් එක්ක නරඹන්න පුළුවන්, සිප ගැනීමේ දර්ශණයක්වත් ඇතුලත් නෑ අවම වශයෙන්. හැබැයි හස්ත සංඥා කීපයක් තියනව ටිකක් සැර.  අවසන් එක තමයි වැඩියම සැර.  එහෙනම් මේ උපසිරසිය කිරීමට මට බාරදුන් කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.  
6.4
IMDB

Year : 2018

Actors : Dwayne Johnson, Naomie Harris, Malin Akerman, Jeffrey Dean Morgan

When three different animals become infected with a dangerous pathogen, a primatologist and a geneticist team up to stop them from destroying Chicago.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 18475
  • File Size : 38.161KB
  • Sub Update :2020-10-09
  • Lakshitha Unregister User
    Android 6Chrome 65

    Thank bro…puluwannam Truth Or Dare ekatath ekmanata sub denna.

    2018-06-22 at 12:55 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-06-22 at 1:29 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් හසිත අයියේ සබ් එකට. Web-DL පිටපතක් ආපු එකනම් ලොකු දෙයක්. ඒකටම සබ් දුන්න එක ඊටත් වඩා ලොකු දෙයක්.Big Meets Bigger කියන එකනම් නියමෙටම ගැලපෙනවා. මොකද, Dwayne Johnson කියන්නේ පොඩි මනුස්සයෙක්යෑ.😎😎😎

    2018-06-22 at 4:29 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 53

      ඔව්නේ Big meets bigger ට වඩා හරියන නමක් නෑ තමයි ෆිල්ම් එකට. තැන්ක්ස් ළහිරු මල්ලි ප්‍රතිචාරයට 🙂

      2018-06-27 at 6:10 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි අයියෙ මේකෙ උපසිරැසිය දුන්නට.. එනකම්ම තමා මග බලාන උන්නෙ..😍 පුළුවන්නම් Gringo 2018 කියලා ෆිල්ම් එකක් තියෙනවා.. ඒක හොඳඳ කියලා බලලා ඒකෙ උපසිරැසිය දෙන්න පුළුවන්ද..? 💛

    2018-06-23 at 5:42 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 53

      ඒ ෆිල්ම් එකනම් මාත් බැලුවෙ නෑ. අද රෑට ඩවුන් කරල බලන්න ඕනෙ. මං සබ් දෙන්නංකො ඒකට. තව ඔයාගෙ ලිස්ට් එකෙත් කීපයක් තියනව නේද. ඒ ටිකටත් මම හෙමීට සබ් දෙන්නම්. බොහොම ස්තූතියි, සුමින්ද මල්ලි 🙂

      2018-06-27 at 6:11 pm
  • sujith Unregister User
    Android 7Chrome 66

    Suppa film eka thank u bro suba pathanawa mn site ekatath upsirasi karana hamotamath gd luck bro

    2018-06-26 at 4:03 pm
  • හසිත ප්‍රසාද් Super Mod
    Windows 7Opera 53

    ප්‍රතිචාර දැක්වූ සහ දක්වන සියලු දෙනාටම ස්තූතියි.❤

    2018-06-27 at 6:13 pm
  • Rumesh Unregister User
    Android 7UC Browser 12.5

    NIce movie

    2018-06-30 at 8:35 am
  • Tharindu Perera Unregister User
    Windows 10Chrome 67

    sub eka gatta bohoma pin

    2018-07-01 at 10:32 pm
  • Mithun Unregister User
    Android 8Chrome 67

    හසිත සහෝ මෙක බ්ලුරේ අප්ඩෙට් එකක් දෙමුද බ්ලුරේ ඇවිත්… mkvcage.ws

    2018-07-01 at 10:51 pm
  • Madusha Unregister User
    Windows 10Opera 53

    නියමයි.ස්තූතියි සහෝ

    2018-07-02 at 7:59 am
  • Darshana sampath sandaruwan Unregister User
    Android 7Chrome 67

    Good work bro..

    2018-07-03 at 11:31 am
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    2018-07-04 at 3:54 pm
  • Shashan dedunu Unregister User
    Android 6Chrome 52

    Thankz hode…

    2018-07-19 at 11:50 pm
  • upul Unregister User
    Android 5.1Samsung Browser 3.5

    U

    2018-07-22 at 12:31 pm
  • Sampath Unregister User
    Android 6Samsung Browser 4

    Meka math gamna oni

    2018-07-27 at 7:04 am
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-08-11 at 10:33 pm
  • CrZy Shan User
    Windows 7Chrome 68

    එල මචං සබි වලට

    2018-09-07 at 11:45 pm
  • Prabhath Unregister User
    Android 5.1Chrome 72

    Niyamai bro.. Thanx.. Puluwani nam how to train your dragon eke aluth eketh sub daanna.. 👍👍👍👌👌

    2019-02-17 at 10:58 pm
  • Supun wickramage Unregister User
    Android 8.1Samsung Browser 9.4

    ගොඩක් ස්තූති ඉදිරියත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා..ජයවේවා ❤️❤️❤️

    2020-04-26 at 9:53 am
  • Vishnuka Unregister User
    Android 11Chrome 88

    Thanks bro

    2021-02-23 at 6:57 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *