Rampage (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔන්න අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ඨ කරන්නයි මේ සූදානම. ඉතින් මේ තමයි අපේ රොක් නොහොත් ඩ්වේන් ජොන්සන් රංගනයෙන් දායක වෙන Rampage (2018) චිත්‍රපටය. ක්‍රියාදාම, වීරවෘතාන්ත, විද්‍යා ප්‍රබන්ධ ඝණයට අයත් වෙන මේ චිත්‍රපටය බ්‍රැඩ් පේටන්ගෙ අධ්‍යක්ෂණයක්. තිර රචනය රයන් එංගල්,කාල්ටන් කියුස්,රයන් ජේ කොන්ඩල් සහ ඇඩම් සිට්කල්ගෙන්. රංගනයෙන් ඩ්වේන් ජොන්සන්ට අමතරව නයෝමි හැරිස්,මාලින් අකර්මන්,ජෙෆරි ඩීන් මෝගන්, ජේක් ලේසි, ජෝ මැන්ගනීලෝ,මාලි ෂෙල්ටන් වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක් තමයි දායක වෙන්නෙ. මෙය ලබා ඇති Imdb අගය 6.4ක් වන අතර Rotten Tomatos වෙතින් 52%ක අගයක් ලබා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේක 1980 දශකයේ නිකුත්වූ මේ නමින්ම යුත් ආකේඩ් වීඩියෝ ක්‍රීඩාවක් යම් තරමකින් ගුරු කරගෙනයි හදල තියෙන්නෙ, චරිත නම්ගම් ආදිය පවා සමානයි. මේ ක්‍රීඩා උපකරණය ක්ලෙයා වයිඩන්ගෙ කාර්යාලයේ තියනව දකින්න ලැබෙයි චිත්‍රපටය අතරතුර. චිත්‍රපටය තුල ඩ්වේන් ජොන්සන් පදවන වාහනයත් ටිකක් නුපුරුදු ගතියක් දැනෙයි ඕගොල්ලන්ට. ඒකට හේතුව 2004 වසරේ නිර්මාණය කල මේ ෆෝඩ් බ්‍රොන්කෝ රථය සංකල්පයකට පමණක් සීමා වීම. එය කිසිම දිනෙක වෙලඳපොළට නිකුත්වුණේ නෑ.අවසන් වශයෙන් බ්‍රොන්කෝ මාදිලියක්
වෙලඳපොළට නිකුත් කලේ 1996 වසරේදියි. ඊට අමතරව මෙහි රසල්ගේ චරිතය කරන ජෙෆරි ඩීන් මෝගන් සහ ක්ලෙයා වයිඩන්ගෙ චරිතය කරන මාලින් ඇකර්මන් චිත්‍රපටයකදි එකට එක්වෙන්නෙ 2009 වසරේ ප්‍රදර්ශනය වූ Watchmen චිත්‍රපටයෙන් පසුවයි. ඉතින් විස්තර ඔය ඇතිනෙ නේ? දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට.
ප්‍රිමේටයන් ( උසස් මනසක් හිමි ක්ෂීරපායී සතුන් ,මිනිසුන් ,වඳුරන් සහ වානරයන් ඇතුළුව) පිළිබඳ විශේෂඥයෙක් වන ඩේවිස් , සැන් ඩියේගෝ වන සත්ව අභයභූමියේයි රාජකාරි කරන්නේ. මිනිසුන්ට ඒතරම් කැමැත්තක් නැති ඔහුගේ වැඩිම ඇල්ම තිබෙන්නෙ සතුන්ටයි, ඒ අතරිනුත් විශේෂයි ජෝජ් නම් ගෝරිල්ලා. මේ දෙන්න අතරෙ පුදුමාකාර බැඳීමක් තියෙන්නෙ. කොහොමින්හරි මෙහෙම කාලය ගෙවෙන අතරෙ දවසක එනර්ජීන් නම් දැවැන්ත සමාගමක් හොර රහසේ කල පර්යේෂණයක සිදුවන වරදකින්, ජෝජ්ටත් ඩේවිස්ටත් නොසිතූ කරදරයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් තම මිතුරාවත්
බේරාගෙන මේ ප්‍රශ්ණය විසඳාගැනීම වැටෙන්නෙ ඩේවිස්ගෙ කර මතට. එහෙනම් මම ඉන් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි. මෙය කිසිම ප්‍රශ්ණයක් නැතිව නිවසේ අයත් එක්ක නරඹන්න පුළුවන්, සිප ගැනීමේ දර්ශණයක්වත් ඇතුලත් නෑ අවම වශයෙන්. හැබැයි හස්ත සංඥා කීපයක් තියනව ටිකක් සැර. අවසන් එක තමයි වැඩියම සැර. එහෙනම් මේ උපසිරසිය කිරීමට මට බාරදුන් කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.
Thank bro…puluwannam Truth Or Dare ekatath ekmanata sub denna.
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි,Kantha 🙂
තෑන්ක්ස් හසිත අයියේ සබ් එකට. Web-DL පිටපතක් ආපු එකනම් ලොකු දෙයක්. ඒකටම සබ් දුන්න එක ඊටත් වඩා ලොකු දෙයක්.Big Meets Bigger කියන එකනම් නියමෙටම ගැලපෙනවා. මොකද, Dwayne Johnson කියන්නේ පොඩි මනුස්සයෙක්යෑ.😎😎😎
ඔව්නේ Big meets bigger ට වඩා හරියන නමක් නෑ තමයි ෆිල්ම් එකට. තැන්ක්ස් ළහිරු මල්ලි ප්‍රතිචාරයට 🙂
බොහොම ස්තූතියි අයියෙ මේකෙ උපසිරැසිය දුන්නට.. එනකම්ම තමා මග බලාන උන්නෙ..😍 පුළුවන්නම් Gringo 2018 කියලා ෆිල්ම් එකක් තියෙනවා.. ඒක හොඳඳ කියලා බලලා ඒකෙ උපසිරැසිය දෙන්න පුළුවන්ද..? 💛
ඒ ෆිල්ම් එකනම් මාත් බැලුවෙ නෑ. අද රෑට ඩවුන් කරල බලන්න ඕනෙ. මං සබ් දෙන්නංකො ඒකට. තව ඔයාගෙ ලිස්ට් එකෙත් කීපයක් තියනව නේද. ඒ ටිකටත් මම හෙමීට සබ් දෙන්නම්. බොහොම ස්තූතියි, සුමින්ද මල්ලි 🙂
Suppa film eka thank u bro suba pathanawa mn site ekatath upsirasi karana hamotamath gd luck bro
ප්‍රතිචාර දැක්වූ සහ දක්වන සියලු දෙනාටම ස්තූතියි.❤
NIce movie
sub eka gatta bohoma pin
හසිත සහෝ මෙක බ්ලුරේ අප්ඩෙට් එකක් දෙමුද බ්ලුරේ ඇවිත්… mkvcage.ws
හා දෙන්නම්, මිතුන් 😉
Thanks…😍
අප්ඩේට් කලා 😉
නියමයි.ස්තූතියි සහෝ
Good work bro..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…