
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ තවත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. හියු ජැක්මන් රංගන ශිල්පියා හා රෙබෙකා ෆගියුසන් රංගන ශිල්පිනිය ප්‍රධාන චරිත රඟදක්වන, අභිරහස්, ප්‍රේමණීය සහ විද්‍යා ප්‍රබන්ධ යන තුන් ඝනයට අයත් මේ චිත්‍රපටය නමින් Reminiscence (2021). PG-13 එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ වයස අවුරුදු 13න් ඉහල අයට සුදුසු ලෙස ඇමරිකාව තුල MPAA වර්ගීකරණය ලබා ඇති මෙය පුරා හෝරාවකුත් ඉනිත්තු පනස් හයක ධාවන කාලයකින් යුක්ත වනවා. West World කතාමාලාවේ නිර්මාණකරුවන්ගෙන් අයෙක් වන ලීසා ජෝයිගේ මංගල සිනමා අධ්‍යක්ෂණය වන්නේ මේ චිත්‍රපටය. ඒ නිසාම විය හැකියි West World කතා තේමාවට බොහෝ සමානකම් දක්වනවා මේ චිත්‍රපටය. මේ වනවිට මෙය ලබා ඇත්තේ IMDb වෙතින් 5.9ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 39%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 71%ක්ද වශයෙන් යම් තරමක අඩු අගයන් වුවද ඊට වඩා යම් අගයක් මෙයට ලැබිය යුතු බවයි මගේ පෞද්ගලික මතය. මෙයට රංගනයෙන් දායක වන්නේ ; හියු ජැක්මන් (නික් බැනිස්ටර්), රෙබෙකා ෆගියුසන් (මේයි), ටැනඩිවේ නිව්ටන් (වොට්ස්), ක්ලිෆ් කර්ටිස් (සයිරස් බූත්),මරීනා ඩි තවීරා ( තමාරා සිල්වන්), ඩැනියෙල් වූ ( ශාන්ත ජෝ), නැතලි මාටිනෙස් ( ඒවරි),බරෙට් කලන් ( වෝල්ටර් සිල්වේන්), ඇන්ජෙලා සැරෆියන් ( එල්සා කැරීන්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු එහෙනම් කතාව දෙසට…
ලෝක දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවූ මුහුදු මට්ටම ඉහලයාමකින් තර්ජණයට ලක්වූ වෙරළබඩ පෙදෙසක්..
එමනිසාම රටවල් අතර ඇතිවූ මහා යුද්ධයකින් පසු කාල සමයක්…
මූදු ජලය තම වාසභූමිය තුලට ගලාඒම වැලැක්වීමට ඉදිකර ඇති මහා පවුරක්…
මුහුදු ජලය කඩාවැදීමේ අවධානමට ලක් නොවූ නොවූ පෙදෙස් තම ධනය බලය භාවිතා කර තමන් සතු කරගත් පොහොසත් ඉඩම් සාමිවරුන්…
වර්තමානය තුල සහනයක් නොමැති නිසාවෙන් අතීතයේ තමන් අත්විඳි සුවදායී මතකයන්හි සිතින් ජීවත්වන්නට නවීන අතීතාවර්ජන තාක්ෂණය භාවිතා කරනා ලෝකයක්…
එම තාක්ෂණය භාවිතා කරමින් ජනතාවටද නීතියටද සේවය කරන නික් බැනිස්ටර් නම් හිටපු හමුදා සෙබළෙක්…
ඔහුගේ සේවය පතමින් දිනෙක පැමිණෙන නාඳුනන අද්භූත තරුණියක්…
මෙයින් එහාට නරඹන ඔබට බාරයි චිත්‍රපටය. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
Download Links:
Download Direct 480P පිටපත Download Direct පිටපත Download Direct 480P පිටපත Download Direct පිටපත Download Torrent පිටපත Download Torrent පිටපත
Hasitha Prasad
Comments: 4
Leave a Reply
Search
Login
Updates










Inuka Wijerathna
ස්තූතියි සහෝ. මේකට ඔයාගෙන් සබක් එනකං හිටියෙ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Lahiru Sandaruwan
මේක අමුතුම විදිහේ ෆිල්ම් එකක් වගේ.
බලන්න ඕනේ. තෑන්ක්ස් අයියේ සබ් එකට.