Renegades (2017) Sinhala Subtitle
J.K. Simmons, Charlie Bewley, Sullivan Stapleton, Ewen Bremner
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටිකදවසකට පස්සෙ මේ එන්නෙ තවත් චිත්‍රපටයක උපසිරසියක් ඕගොල්ලො හමුවට අරගෙනයි.මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ උපසිරැසිය මට බාරදුන්න ( මේ දවස්වල බොහොම මහන්සියෙන් අයන් මෑන් + ස්පයිඩර් මෑන් සූට් එක හදන ) අපේ දමිත් සහෝදරයට. හැබැයි ඉතිං මම මේ උපසිරැසිය බාරගත්තට මේකට සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නෑ,තිබුණ එකම එකත් මේ චිත්‍රපටයේ ඇතුලත් ක්‍රොඒෂියානු භාෂා දෙබස්වලට පමණක් හදපු එකක්. ඉතිංසම්පූර්ණයෙන්ම ටයිම්ලයින් හදල,අසාලිවීමක් කරල, අර පෙරකී උපසිරැසියත් එකතු කරලයි මේ සිංහල උපසිරැසිය කලේ. අසාලිවීමනම් සෑහෙන්න අමාරු වුණ බව කියන්නම ඕනෙ, සමහර තැන් තේරුම්ගත්තෙ ඕඩියෝ එක ස්ලෝ කරල කීපවතාවක් නැවත නැවත අහලයි. එහෙම තේරුම්ගන්නත් බැරිවුණ දෙබස් කීපයක්ම තිබුණත්, මම ඒව අවස්ථානුකූලව හැදුව. වරදක් තිබුණොත් සමාවෙන්න ඕනෙ. ඒ වගේම මේ ලිපිය ලියන මොහොත (2018/ජන/13) වෙනකොටත් සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නෑ මේ චිත්‍රපටයට.ඒ කතා නවත්තල දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
Renegades තමයි මේ චිත්‍රපටයේ නම. මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ පසුගිය වසරේදියි. මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 5.4ක්. ඒ වගේම ගූගල් පරිශීලකයන් 81%කගේ ප්‍රසාදය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගෙන්. තිර රචනය Richard Wenk සහ Luc Besson දෙදෙනාගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ J.K. Simmons (ලෙවින්), Charlie Bewley ( ස්ටෑන් බේකර්), Sullivan Stapleton ( මැට් බාන්ස්), Ewen Bremner ( ජිම් රෙනී) , Sylvia Hoeks ( ලෝරා සිමිච්), Joshua Henry ( බෙන් මොරාන්) ,Dimitri Leonidas ( ජැක් පෝටර්/ජේ.පී), Diarmaid Murtagh (කර්ට් ඩෆී) ඇතුළු ශිල්පීන් පිරිසක්. චිත්‍රපටයේ කතාව පැත්තට යමු අපි දැන්..
මැට්, ස්ටෑන්,ජැක්,බෙන්, ඩෆී කියන පස්දෙනා එක්සත් ජනපද නේවි සීල් විශේෂ බළකායෙ සෙබළු තුන් දෙනෙක්. මේ අය සේවයට අනුයුක්ත කරල තියෙන්නෙ බොස්නියා -රෙසගොවීනාවල ( පෙර යුගෝස්ලෝවියාව), ඒ සාමසාධක භටයින් විදියට.එක් මෙහෙයුමක් කරල ඒකෙන් අනූනමයෙන් ගැලවිලා එන මේ පිරිසට හෝඩුවාවක් ලැබෙනවා ලෝක යුධ සමයේදී යම් හේතුවක් නිසා ලොවෙන් සැඟවී ගිය රත්රන් තොගයක් ගැන…. එතනින් එහාට කතාව ඕගොල්ලන්ට බාරයි . ඇක්ෂන් චිත්‍රපටවලට කැමති අයට මේක හොඳ චිත්‍රපටයක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
විශේෂ:-
* 22SAS කියල වචනයක් ඕගොල්ලන්ට හම්බවේවි චිත්‍රපටය තුලදි , 22SAS කියන්නෙ
බ්‍රිතාන්‍ය හමුදා විශේෂ ඒකකයක්. චිත්‍රපටයෙදි මේක භාවිතා වෙන්නෙ මිලිටරි කෝඩ් වර්ඩ් එකක් විදියට, නමුත් සැබෑ ලෝකයේනම් හමුදා ඒකක නාමයක් කෝඩ්වර්ඩ් එකක් විදියටභාවිතා වෙන්නෙ නැහැලු කිසිම අවස්ථාවක. විශේෂයෙන්ම නේවිසීල් බළකාය තුල.
* ඩිකම්ප්‍රෙෂන් සික්නස් ( Decompression Sickness)
සරලවම කිව්වොත් මේක ඇතිවෙන්නෙ අධික පීඩනයකට ( වායු හෝ ජල )බොහෝවේලාවක් නිරාවරණය වී සිට එයින් ඉක්මනින් මිදීමෙන්. මේ ඉමේජ් එක බැලුවම තේරෙවි.
Decompression Sickness
* තර්මල් ලාන්ස් (බර්නින්බාර්)
ඔක්සි-ඇසිටිලින් වායු කටර් වලින් කපන්න අපහසු විශාල ශක්තිමත් දේවල් කපා ඉවත්කරන්නයි මේ බර්නින් බාර් භාවිතා වෙන්නෙ . මේ වීඩියෝ එක බලන්න.
https://www.youtube.com/watch?v=JI5whCBV0bk
Thanks Bokka.
Thnkz bro
ube mahansiyata garu karanawa ban.sub ekata bohoma sthuthiyi.
Niyamai…..Thanks!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..උපසිරැසිය හදන්නනම් ගොඩක් මහන්සිවෙලා තියෙන පාටයි..☺️සහෝගෙ කාර්‍යක්ෂමතාවය අගය කරනවා..☺️අනිවා මේකත් බලන්නම ඕනෙ..කලින් දුන්නු Frantz 2016 ඒ ෆිලුමත් සුපිරියටම තිබුණා..ඔබට ජය..??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂
* Nile Hilton Incident එක දෙන්නම් ලඟදිම.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේට මන් සුබපතනවා!!.. දිගටම කරගෙන යමු, ජය වේවා!…
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Paharaaaaaaaaaaaaaaa
ප්‍රතිචාර දක්වපු කට්ටියටම බොහොම ස්තූතියි 🙂
Patta… Thanks machan….
bohoma sthuthi saho me karana sewawata…
elama saho thanks