Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Crime
  • Roman J. Israel, Esq. (2017)…

Roman J. Israel, Esq. (2017) Sinhala Subtitle

February 09, 2018 Junior Admin

        වෙනත් කිසිදු අඩවියකින් නොලැබෙන තරමේ පහසුකම් රැසක් උපසිරැසි කරන අපහට ලබාදෙන අපේ ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයා ඇතුළු ඇඩ්මින් මණ්ඩලයට සියලු දෙනා වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය!


ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ඔන්න අද සූදානම් වෙන්නෙ අපි බොහොම ප්‍රිය කරන නළුවෙක් වන ඩෙන්සිල් වොෂින්ටන් රඟන චිත්‍රපටයක් ඕගොල්ලන්ට දෙන්නයි. ඒ වගේම තවත් දක්ෂ නළුවෙක් ඉන්නවා මේකෙ ඒ තමයි කොලින් ෆැරෙල්. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් . ඒ නිසා මේ චිත්‍රපටයෙ උපසිරැසිය ඕගොල්ලො හමුවට ඒමේ ස්තූතිය යන්න ඕනෙ ඔහුට. චිත්‍රපටයේ නම තමයි Roman J. Israel, Esq. (2017) . මේ වනවිට Imdb අගය 6.4 ලෙස සටහන්කරගෙන ඇති මේ චිත්‍රපටය ලබා ඇති Rotton Tomatos අගය 51%ක්. ඒ වගේම සම්මාන 8කට නිර්දේශ වී එක් සම්මානයක් හිමිකරගන්න සමත් වී ඇති මේ චිත්‍රපටය ඔස්කා සම්මානයකටද නිර්දේශිතයි. මෙයට අධ්‍යක්ෂණ දායකත්වය Dan Gilroy ගෙන් වන අතර රංගනයෙන් දායක වෙන්නෙ Denzel Washington (රෝමන්.ජේ.ඊශ්‍රයල්. Esq.) , Colin Farrell (ජෝජ් පියර්ස්), Carmen Ejogo (මායා),Amanda Warren (ලින්), Tony Plana ( ජෙසී සැලීනස්) ඇතුළු පිරිසක්. ඒ වගේම කියන්න ඕනෙ මේක Crime, Drama ඝණයට අයත් වෙන චිත්‍රපටයක්. අපිට ඩෙන්සිල් වොෂින්ටන්ව ගොඩක්ම පුරුදු ක්‍රියාදාම චරිතවලින් වුණත් මේකෙන් ඕගොල්ලන්ට ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් බලාගන්න පුළුවන්. මේ චරිතයෙදි ඩෙන්සිල් වොෂින්ටන්ගේ ඉදිරි දත් දෙක අතර හිදැසක් දකින්න ලැබෙනව, ඇත්තටම එහෙම හිදැසක් තිබුණලු ඔහුගේ පාසල් කාලයෙදි, නමුත් පාසලෙන් ඉවත්වූ පසු ඔහු එය ඩෙන්ටල් කැප් එකක් මගින් සකසාගෙන සිටියත්, මේ චරිතයට අවශ්‍ය නිසා ඔහු එය ඉවත්කරගත් බවයි Imdb අඩවියේ සඳහන් වෙන්නෙ. ඒ වගේම මේ චරිතය ඩෙන්සිල් වොෂින්ටන්ගේ දක්ෂතම රංගනයන්ගෙන් එකක් මට දැනෙන විදියට. අනිත් අයගේ චරිතත් ඊට දෙවෙනි නෑ විශේෂයෙන්ම කොලින් ෆැරෙල්ගේ චරිතය. දැන් අපි යමු නේ කතාව පැත්තට, කෙලින්ම උසාවි යාමක් තමයි තියෙන්නෙ..

රෝමන් ජේ ඊශ්‍රයල්.Esq කියන්නෙ අපරාධ නඩුවල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින කෙටියෙන් කිව්වොත් විත්තියේ නීතීඥයෙක්. ඔහු සේවය කරන්නෙ විලියම් හෙන්රි ජැක්සන් නීතිඥ සමාගමේ. මේ විලියම් හෙන්රි ජැක්සන් සහ රෝමන් තමයි මේ සමාගමේ නීතීඥයින් දෙන්න, නමුත් නඩුවලට උසාවියෙ පෙනීඉන්නෙ විලියම් ( මේ චරිතය චිත්‍රපටය තුල දකින්න නෑ) ඔහුගේ කාර්යාල කටයුතු, නඩු සම්බන්ධ සියලු දේ කරන්නෙ මේ රෝමන් ජේ ඊශ්‍රයල්. ඒ නිසාම ඔහුත් නීති කටයුතු පිළිබඳ හසල දැනුමක් තියන බොහොම ප්‍රතිපත්තිගරුක දක්ෂයෙක්. ඔහුගේ හිතේ තියනව එක හීනයක් ඒක බොහොම පරාර්ථකාමී එකක් , ඔහු වසර ගණනාවක ඉඳන් ඉවසීමෙන් ඒකට අවශ්‍ය දෑ එක්කරමින්, එම හීනයට ජීවය දෙන්න පෙරුම් පුරාගෙන ඉන්නෙ. ඔය අතරෙ විලියම්ට සිදුවන හදිසි කරදරයක් නිසා විලියම්ට රැකියාව අහිමිවෙනවා, කොතරම් දක්ෂ වුණත් උසාවියේ නඩු කතාකිරීම වගේ දේවල්වල පුරුද්දක් නැති රෝමන් අසරණ වෙනව. ඔහුට තවත් නීති ආයතනයකින් ආරාධනාවක් ලැබුණත් මුදල මූලික කරගෙන වැඩකරල පුරුද්දක් නැති රෝමන් තමන්ගේ හිතට එකඟව වැඩකරන්න පුළුවන් රැකියාවක් හොයනවා. ඊටත් වඩා ඔහුගේ අරමුණ තමන්ගෙ හීනෙ සාක්ෂාත් කරගන්න එක. හැබැයි ඒ ගමන ලේසි ගමනක් නෙමෙයි බාධා බොහොමයි, ඊලඟට දවසක ඔහු හිටිහැටියෙ තීරණයක් ගන්නවා තමන්ගෙ ඉරණම තීන්දු වෙන….මම ඉන් එහා කියන්නෙ නෑ නරඹන ඕගොල්ලන්ට බාරයි ඉදිරිය.. බලන්න රෝමන්ගෙ තීරණය වැරදිද නිවැරදිද කියල. එහෙනම් මම ගිහින් එන්නම් මතක ඇතුව පහලින් තියන ටික කියවන්න.

විශේෂ :-
* ‍රෝමන්ගේ නමට පිටුපසින් ඇති Esq කොටස –
Esquire යන්නෙහි කෙටි කිරීමයි. මෙය( වෙනත් ගෞරව නාම නොමැති) නීතීඥයන් සඳහා භාවිතා වෙන ගෞරව නාමයක්ලු. මේ නමට තියන හරිම අර්ථකථනය රෝමන්ම කියනව චිත්‍රපටයෙ තැනකදි.

*ඇන්කල් මොනිටර් –
හොලිවුඩ් චිත්‍රපටවලදි මේක නිතරම දකින්න ලැබෙන නිසා පැහැදිළි කිරීමක් අවශ්‍යත් නෑ ඇත්තටම. ඒ වුණත් කෙටියෙන් මෙහෙමයි. පොලිස් ඇප හෝ නිවාස අඩස්සියේ සිටින පුද්ගලයන් නිවාස සීමාවෙන් ඉවතට යාම වැලැක්වීමට පාදයේ වළලුකර කොටසට පළඳවන උපකරණයක්. යම්කිසි විදියකින් අදාල සීමාවෙන් පිටට ගිය විට ස්වයංක්‍රීයවම පොලිසියට එය සංඥාවක් මගින් දැනුම්දෙනවා.

* මිරැන්ඩා අවවාදය-
මේකත් කලින් එක වගේම විදේශ චිත්‍රපටවල බොහොම හුරුපුරුදු දෙයක්. අත්අඩංගුවට ගැනීමකින් පසුව පොලිස් නිලධාරීන් විසින් පවසන එකම දෙබස් පෙල. මේකෙ සරල අදහස
ඔබ දැන් අත්අඩංගුවේ නිසා මෙතැන් සිට ඔබ පවසන සියල්ලක්ම උසාවියෙදී නීත්‍යානුකූල
සාක්ෂියක් ලෙස භාවිතා කල හැකි බවටත්, එබැවින් අසන ප්‍රශ්ණවලට කිසිවක් නොපවසා නිහඬව සිටිමේ අයිතිය ඇති බවත්, නීතිඥ සහයක් ලබාගැනීමේ අයිතිය ඇති බවත්සැකකරුට
දන්වා සිටීම.

*Prop 36 (California Proposition 36 )
කැලිෆෝනියා ප්‍රාන්ත මත්ද්‍රව්‍ය නිවාරණ පණතට එක් කල සංශෝධනයක්. සුළු මත්ද්‍රව්‍ය
ලඟතබාගැනීම් වරදකදී වරදකරු සිරගතකිරීම වෙනුවට ඔහුව හෝ ඇයව පුනුරුත්ථාපන වැඩසටහනකට යොමුකිරීම. එහිදී ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකලාපය අයහපත්වුවහොත්
සිරදඬුවමද සමග තවත් දඬුවම් හිමිවේ.

සියලු තොරතුරු අන්තර්ජාල ඇසුරිණි.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3308 වාරයක්
Available Torrents
720p bluray 898.5 MB
GET
1080p bluray 1.86 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (23)
Newer →
  • prabodha Unregistered
    Android 4.4 Firefox 52
    2018-02-10

    Thank bro sub ekata…

    Reply
  • ushan Unregistered
    Windows 7 UC Browser 7
    2018-02-10

    tnx sub ekata

    Reply
  • AWNCK Unregistered
    Windows 8.1 Chrome 64
    2018-02-10

    Thanks bro,,,,,ela

    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62
    2018-02-10

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..ඔබට ජය..?

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52
      2018-02-12

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂

  • Udesh Madushanka User
    Windows 10 Chrome 64
    2018-02-10

    enakan idiye sub eka meka balanna… Thanks saho

    Reply
  • china Unregistered
    Windows 10 Chrome 64
    2018-02-10

    Thank U Bro.Patta………………Thanks…

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2018-02-10

    thank you සහ‍ො.

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52
      2018-02-12

      Thanks, Amigo 😉

  • Mithun Unregistered
    Android 7 Chrome 64
    2018-02-10

    බොහෝම ස්තුතියි සහෝ මේකට උපසිරැසි කරපු එකට ඉල්ලිම අහක නොදා. ගොඩක් අසවෙන් බලම් ඉන්නෙ වසරකට මේ ඇක්ටර්ගෙ චිත්‍රපටයක් එනකල්,එ තරම් මන් ප්‍රිය කරන නලුවෙක් ඩෙන්සිල් වොෂින්ටන් කියන්නෙ. අනගිබවනියයි ඔහුගේ රංගනය නම්. එ වගේම විශිෂ්ටයි ඔහුගේ චිත්‍රපට වල කතාතේමාවන්, ගොඩක්ම වගේ true ස්ටෝරි තියෙන්නෙ සම්මානලාබි . ඔයාවගේ කෙනෙකුගෙන් උපසිරැසි ලැබුන එකට සතුටක් මෙවගෙ චිත්‍රපටකට.

    Reply
  • mithun Unregistered
    Android 7 Chrome 64
    2018-02-10

    සහෝ Coco එකට ඔයානෙද උපසිරැසි දැම්මෙ BRඑහෙම ඇවිත් mkvcage ,yts අප්ඩේට් එකක් දෙමු හිමිට

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52
      2018-02-12

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 ඔයාගෙ ඉල්ලීමක් අහක දාන්නෙ කොහොමද එහෙම. ඩෙන්සිල් වොෂින්ටන්කියන්නෙ මාත් බොහොම ප්‍රිය කරන නළුවෙක්. ඔන්න Coco බ්ලූරේ අප්ඩේට් කලා.

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-02-10

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට ………….. මාගේ ප්‍රණාමය…….. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! —–ස්තූතියි—–

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 50
    2018-02-10

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • කැලුම් Unregistered
    Windows 7 Chrome 63
    2018-02-11

    sub ekata thanx macho…..?

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved