Satellite Shankar (2019) Sinhala Subtitle
Suraj Pancholi, Anil Reji, Megha Akash, Raj Arjun
ආයුබෝවන් හැමෝටම.ඉතින් ඔන්න තවත් හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් වැඩි දෙයක් නොකියා ඉක්මණට කතාව පැත්තට යමු.
2019 වසරේ නොවැම්බර් මස අට වෙනි දින ප්‍රථම වරට නිකුත් කළ මේ චිත්‍රපටිය Irfan Kamal විසින් අධ්‍යක්ෂණය කොට ඇත.ලබාගෙන තිබෙන මනාප දිහා බැලුවොත් IMDb අගය 6.3ක් වන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 95%කගේ ප්‍රසාදය මෙම චිත්‍රපටය දිනාගෙන ඇත.ඒවගේම චිත්‍රපටයට පණ පොවන නළු නිළි කැල ගැන කිව්වොත්,ප්‍රධාන නළුවා Suraj Pancholi(ෂන්කර්).ඒවගේම මේ තමා Suraj Pancholi රඟ දක්වන දෙවෙනි චිත්‍රපටය. මීට කලින් 2015 අවුරුද්දේ නිකුත් වන Hero චිත්‍රපටයෙන් තම ප්‍රසිද්ධය නිර්මාණය කරගන්න Suraj Pancholiට හැකි වුණා.ඒවගේම ප්‍රධාන නිළිය Megha Akash. Enai Noki Paayum Thota චිත්‍රපටිය බලපු අය Megha Akash ගැන දන්නවා ඇති. මීට අමතරව Anil Reji, Raj Arjun, Upendra Limaye වැනි අය රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.ඉතින් පොඩ්ඩක් චිත්‍රපටියේ කතාව ගැන කියන්නම්කෝ.
මේ චිත්‍රපටියේ ප්‍රධානම චරිතය හදුන්වන්නේ සැටලයිට් ෂන්කර් නමින්.මෙයා හමුදාවේ ඉන්න සොල්දාදුවෙක්. හැබැයි මෙයාගේ කණ්ඩායමේ ඉන්න හැමෝම ෂන්කර්ට හුඟාක් කැමතියි. මොකද, කට්ටිය දුකින් ඉන්න වෙලාවට මොකක්හරි ජොලියක් දීලා හැමෝවම සතුටු කරන්න ෂන්කර්ට පුළුවන් නිසා.ඉතින් ඔහොමම කතාව ඉස්සරහට යද්දී ෂන්කර්ට දවස් අටක නිවාඩුවක් ලැබෙනවා එයාගේ අම්මව බලන්න ගෙදට්ට යන්න.ඒවගේම ෂන්කර් එක පොරොන්දුවක් මත මේ නිවාඩුව ගන්නේ. ඒ තමයි, සඳුදා උදේ වෙද්දී කඳවුරට ආපහු වාර්තා කරනවා කියන පොරොන්දුව මත.ඉතින්, කණ්ඩායමෙන්ම ෂන්කර් විතරයි නිවාඩුවක් අරගෙන තියෙන්නේ. ඉත්න් කණ්ඩායමේ අනිත් හැමෝම එයාලගේ පවුල් වලට දෙන්න ඕන පණිවුඩ බඩු මුට්ටු හැමදෙයක්ම ෂන්කර්ට දෙනවා ගිහින් අපේ පවුලේ අයට ඒවා දෙන්න කියලා.ඉතින් ඔය රාජකාරි මැද්දේ ෂන්කර් නිවාඩුව ගතකරන විදිය බලන්න චිත්‍රපටිය බලලම ඉන්න වෙනවා.
හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් මුණගැසෙමු.
උපසිරැසියට බොහොම ස්තුතියි!
Thanks master sub ekata Harley Quinn sub dennko apahu
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ගොඩක් ස්තුතියි.සබට
Thank you…………………………
BOhoma ස්තුතිය