Skyscraper (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වුණ තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි ඩ්වේන් ‘රොක්’ ජොන්සන් ප්‍රධාන චරිතය නිරූපණය කරන Skyscraper චිත්‍රපටය. පැය 1.42ක ධාවන කාලයකින් සමන්විත මෙය ක්‍රියාදාම-ත්‍රාසජනක යන දෙවර්ගයට අයත් එකක්. Imdb අගය 6.1ක්ද Rotten tomatos වෙතින් 48%ක අගයක්ද ගූගල් පරිශීලකයන් 89%කගේ ප්‍රසාදයද ලබා ඇති මෙහි රචනය සහ අධ්‍යක්ෂණය Rawson Marshall Thurber ගෙන්. ඩ්වේන් ජොන්සන්ට අමතරව රංගනයෙන් දායක වෙන්නෙ නේව් කැම්ප්බල් ( සාරා සෝයර්), චින් හැන් ( සාඕ ලොන් ජි),රෝලන්ඩ් මොලර් ( කොරෙස් බෝතා), නෝආ ටයිලර් ( පියර්ස්) ,බයිරොන් මැන් ( පොලිස් පරීක්ෂක),පැබ්ලෝ ෂ්‍රීබර් ( බෙන්)මැකෙන්නා රොබට්ස් ( ජෝර්ජියා සෝයර් ) නෝආ කොට්‍රෙල් ( හෙන්රි සෝයර්) වගේ නළු නිලි පිරිසක්. ඔන්න ඔය වගෙයි චිත්‍රපටයෙ විස්තර, ලොකුවට කියන්න දෙයක් නෑ ඇත්තටම. මටනම් ඩ්වේන් ජොන්සන්ගෙම Rampage 2018 චිත්‍රපටය සාර්ථකයි මීට වඩා. චිත්‍රපටයේ කතාව මෙහෙමයි….
විල් සෝයර් හිටපු ඇමරිකානු හමුදා භටයෙක් සහ FBI ප්‍රාණ ඇපකරු මුදාගැනීම් ඒකකයෙ නිලධාරියෙක්. මෙහෙයුමක් අතරතුර වෙන සිදුවීමකින් බරපතල තුවාල ලබා එයින් ඉවත්වන ඔහු මේ වනවිට ආරක්ෂක උපදේශකවරයෙක්. තම මිතුරෙක්ගේ උදවුවෙන් ඔහුට හොං-කොංහි ඉදිකර ඇති ලෝකයේ උසම ගොඩනැගිල්ලේ ආරක්ෂක පද්ධතිවල තත්වය විශ්ලේෂණය කර වාර්තාවක් ලබා දීමේ කාර්යය භාරවෙනවා. ඒ සඳහා ගොඩනැගිල්ල හිමිකරුගේ ඇරයුම මත ඔහු තම බිරිඳත් දරු දෙදෙනාත් සමගම එම ගොඩනැගිල්ලේ නැවතීමට යනවා. ඒත් ගොඩනැගිල්ල හිමිකරුගේ පසුපස එන අනතුරක් තමා දෙසටත් එල්ලවීම නිසා සෝයර් සිදුවන්නේ ආ කාර්යය පසෙක තබා වෙනත් දෙයක් කරන්නයි…එහෙනම් අපි හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්. චිත්‍රපටයේ උපසිරැසිය මා හට බාරදුන් කවීෂ සහෝදරයාටත් ස්තූතියි.
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුවේ.
ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.
tnx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
ඔන්න Skyscraper WEB එක ඇවිත් හසිත සහෝ…. අප්ඩෙට් කරන්නකො… බලම්ම හිටියෙ WEB එක එනකල් මෙක බලන්න😍
Updated 😉
Lake Placid: Legacy එකත් ඩවුන් කරගන්න. අද රෑ වෙද්දි සබ් එක දාන්න ඉන්නෙ.
අම්මො තැන්ක්ස් යු අප්ඩෙට් තිරුවේ දැක්ක … Skyscraper .උදේ ගත්ත. හවස බලනව හොදම ටයිම් එකක😍😍😍😍😍😍😍😍😍😍
Baluwa film eka .supiri😍
patta film aka
maruuuuuuu
THANK YOU. KEEP IT UP
BR awa saho sub eka update karanna
Bluray ඇවිත් නෑනෙ තාම.
Bluray relese Date – October 9
BLURAY UPDATED.
tnx
ඔන්න එහෙනම් මේකත් බ්ලුරෙ ප්‍රින්ට් එක ආවUpdated එකක් දෙන්න පුලුවන් නම් සහෝThanks you
BLURAY UPDATED. 😉
Suba saho thnkz e upasirsa danwata digtama krgena ynna patta
Thnxxx mchn