Skyscraper (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වුණ තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි ඩ්වේන් ‘රොක්’ ජොන්සන් ප්‍රධාන චරිතය නිරූපණය කරන Skyscraper චිත්‍රපටය. පැය 1.42ක ධාවන කාලයකින් සමන්විත මෙය ක්‍රියාදාම-ත්‍රාසජනක යන දෙවර්ගයට අයත් එකක්. Imdb අගය 6.1ක්ද Rotten tomatos වෙතින් 48%ක අගයක්ද ගූගල් පරිශීලකයන් 89%කගේ ප්‍රසාදයද ලබා ඇති මෙහි රචනය සහ අධ්‍යක්ෂණය Rawson Marshall Thurber ගෙන්. ඩ්වේන් ජොන්සන්ට අමතරව රංගනයෙන් දායක වෙන්නෙ නේව් කැම්ප්බල් ( සාරා සෝයර්), චින් හැන් ( සාඕ ලොන් ජි),රෝලන්ඩ් මොලර් ( කොරෙස් බෝතා), නෝආ ටයිලර් ( පියර්ස්) ,බයිරොන් මැන් ( පොලිස් පරීක්ෂක),පැබ්ලෝ ෂ්‍රීබර් ( බෙන්)මැකෙන්නා රොබට්ස් ( ජෝර්ජියා සෝයර් ) නෝආ කොට්‍රෙල් ( හෙන්රි සෝයර්) වගේ නළු නිලි පිරිසක්. ඔන්න ඔය වගෙයි චිත්‍රපටයෙ විස්තර, ලොකුවට කියන්න දෙයක් නෑ ඇත්තටම. මටනම් ඩ්වේන් ජොන්සන්ගෙම Rampage 2018 චිත්‍රපටය සාර්ථකයි මීට වඩා. චිත්‍රපටයේ කතාව මෙහෙමයි….
විල් සෝයර් හිටපු ඇමරිකානු හමුදා භටයෙක් සහ FBI ප්‍රාණ ඇපකරු මුදාගැනීම් ඒකකයෙ නිලධාරියෙක්. මෙහෙයුමක් අතරතුර වෙන සිදුවීමකින් බරපතල තුවාල ලබා එයින් ඉවත්වන ඔහු මේ වනවිට ආරක්ෂක උපදේශකවරයෙක්. තම මිතුරෙක්ගේ උදවුවෙන් ඔහුට හොං-කොංහි ඉදිකර ඇති ලෝකයේ උසම ගොඩනැගිල්ලේ ආරක්ෂක පද්ධතිවල තත්වය විශ්ලේෂණය කර වාර්තාවක් ලබා දීමේ කාර්යය භාරවෙනවා. ඒ සඳහා ගොඩනැගිල්ල හිමිකරුගේ ඇරයුම මත ඔහු තම බිරිඳත් දරු දෙදෙනාත් සමගම එම ගොඩනැගිල්ලේ නැවතීමට යනවා. ඒත් ගොඩනැගිල්ල හිමිකරුගේ පසුපස එන අනතුරක් තමා දෙසටත් එල්ලවීම නිසා සෝයර් සිදුවන්නේ ආ කාර්යය පසෙක තබා වෙනත් දෙයක් කරන්නයි…එහෙනම් අපි හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්. චිත්‍රපටයේ උපසිරැසිය මා හට බාරදුන් කවීෂ සහෝදරයාටත් ස්තූතියි.
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුවේ.
ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.
sub ekata thanks
COOL!!!! BRO!!Oyalage wede niyamayi!!!!!!!Suba pathanawa!!!!!!🤗
thankz hasitha
Sub ekata thanks saho bluray awa gaman balamu
Pattaaaaaaaaaaa
හොද වෙලාවට හසිත මෙකට සබ් කලේ නැත්නම් මෙක ෆිල්ම් එක හොද උනත් තෙරෙන් නැතිවෙයි තැන්ක්ස් web,BR වගේ ආපුම ගන්නව
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි සහෝජය වේවා!
Thanks For tha Substitle .godak hoda web site ekak.digatama karagena yanna
Thanks bro
supiri wadak ….thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!