Trending

Smallfoot (2018) Sinhala Subtitle

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. හැබැයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ 2018 වර්ෂයේ අවසාන මාස කිහිපයේ. ඉතින් පිටපත නිකුත් වුණ දවස්වලම උපසිරැසි ගන්වන්න වෙන් කරගෙන හිටියත් නොයෙකුත් රාජකාරියන් නිසා කරන්න බැරිවුණා. ඉතින් කොහොමෙන් කොහොම හරි ලයින්ස් 1750කට ආසන්න ප්‍රමාණයකින් යුතු උපසිරැසිය අද ඔයාලා වෙනුවෙන් රැගෙන එන්න පුළුවන් වුණා. හරි එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.

2018 වර්ෂයේ සැප්තැම්බර් මස නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් – Small Foot – Animation, Adventure, Comedy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. පැය 1යි මිනි.36ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Karey Kirkpatrick. හඬකැවීම් අංශයෙන් දායක වන අය මෙසේය.

Cast

  1. Channing Tatum as Migo.
  2. James Corden as Percy.
  3. Zendaya as Meechee.
  4. Common as Stone-Keeper.
  5. LeBron James as Gwangi.
  6. Danny DeVito as Dorgle.
  7. Gina Rodriguez as Kolka.
  8. Yara Shahidi as Brenda.
  9. Ely Henry as Fleem.
  10. Justin Roiland as Garry.

කතාව ගැන කිව්වොත්, හිම මනුස්ස කොට්ඨාසයක් ජීවත් වෙනවා වළාකුළු වලට ඉහලින් තියෙන කන්දක. හැබැයි හරියටම බැලුවොත් එයාලා ඉන්නේ සාමාන්‍ය කඳු මුදුනක. මෝඩ මිත්‍යා විශ්වාස නිසා මෙයාලා අන්ධ වෙලා ඉන්නේ. (එහෙම කියන්න හේතුව චිත්‍රපටය බලනකොට තේරුම් යයි) මීගෝ කියන්නේ හිම මනුස්සයන් අතරේ ඉන්න සාමාන්‍ය කෙනෙක්. හැබැයි මීගෝ තමයි මේ කතාවේ ප්‍රධානම චරිතය. මෙයාගේ තාත්තා තමා මුළු ගමම ඇහැරවන්නේ. (ඇහැරවන විදිහ බලන්නකෝ) ඉතින් දවසක් මීගෝටත් අවස්ථාව උදාවෙනවා මුළු ගමම ඇහැරවන්න. හැබැයි ඇහැරවන්න හදන ක්‍රමය පාවිච්චි කරන්න ගිහින් එයාව ගම්මානයෙන් එපිටට විසි වෙනවා. එතකොට එයා දකිනවා අහස් යානාවක් එයා ඉන්න පැත්තට කඩාගෙන වැටෙන්න හදනවා. කොහොම හරි එතනින් බේරෙන මීගෝ අහස් යානාව ඇතුලේ ඉන්න ගුවන් නියමුවාව දකිනවා. (ආ… කියන්න අමතක වුණා. මීගෝ මිනිස්සු කියලා ජාතියක් ඉන්නවා කියලා දැනන් හිටියේ නෑ) ඉතින් එතනදී මීගෝ ගුවන් නියමුවාව දැකලා පුදුමයට පත්වෙනවා. (විශේෂයෙන්ම පාද.) හිම මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා සෑහෙන්න ගුණයකින් විශාල නිසා කුඩා මනුස්සයෙක්ව දැක්කම පුදුමයට පත්වෙනවා. ඉතින් මීගෝත් ඒ විදිහටම විශ්මයට පත්වෙනවා. මේ ආරංචිය ගිහින් මුළු ගමේම ඉන්න කට්ටියට කියනවා. එතනදී, ගමේ නායකයා වන ස්ටෝන් කීපර් මීගෝ දැක්ක දේ ප්‍රතිකේෂ්ප කරලා, නොයෙකුත් විදිහේ අදහස් ගමේ අයට තේරුම් කරවලා මීගෝව ගමෙන් පිටුවහල් කරනවා. ඉතින් අසරණ මීගෝ කඳු මිටියාවත මත තනියම ඇවිදගෙන යනවා. එතනින් එහාට වෙන්නේ මොනාද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් දැනට මං නවතිනවා. ආයෙත් දවසක සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසියක් සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට,

බුදු සරණයි!!!

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
3D bluray 1.55 GB x264
720p bluray 830.2 MB x264
1080p bluray 1.55 GB x264
▲47 · ▼2
Magnet GET
Discussion (19)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    sub ekata thanks saho

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

  • Jayasanka Unregistered
    Android 7 UC Browser 12.9

    Thanka macho subata.sub nathi korean romances ekak balala sub ekak dennako.

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      හොඳ එකක් තියෙනවනම් කියන්නකෝ. මොකද කොරියන් ෆිල්ම්ස් බලනවා අඩුයි.
      හොඳ එකක් සෙට් වුණොත් දෙන්නම්.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 71

    ලස්සන ෆිල්ම් එකක් ..හොද තෝරා ගැනීමක් …

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

  • madawa mihiranga Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Ado niymai machn… digtma me wage ewta dynnn

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    මෙම චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Can You Ever Forgive Me? (2018)-
    If Beale Street Could Talk (2018)-
    King of Thieves (2018)-
    Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018)

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      ඔබේ ඉල්ලීමත් ඉටු කරන්න උත්සහ කරන්නම්.
      බොහොම ස්තූතියි අදහසට.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 71

    මරු ෆිල්ම් එක සබ් එකත් නියමෙට තියෙනවා 🙂 ස්තුතියි සහෝ.

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      බොහොම ස්තූතියි.

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්…………..

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

  • Amil Gamage Unregistered
    Windows 7 Chrome 71

    බොහෝමත්ම ස්තුතියි සිංහල සබ් එකට. පුළුවන් කමක් තියෙනව නම් මෙන්න මේ සිරියස් ටිකටත් සබ් දන්න බලන්න.
    Hunting Hitler
    The Tesla Files
    American Genius

  • yohan Unregistered
    Windows 7 Firefox 64

    niyamai saho.sthuuthiy kaalya kapa kalaaata

  • Thisaru Unregistered
    Android 8 Chrome 71

    Ela elajaya wewa

  • Bathiya Maduwantha User
    Android 8.1 Chrome 68

    Niyamai patta cartoon eka sub ekath ela

  • akila Unregistered
    Windows 10 Chrome 84

    :heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes: niyamai

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search