Sonic the Hedgehog (2020) Sinhala Subtitle
[ උපසිරැසි ගොණුව තුල උපසිරැසි දෙකක් අන්තර්ගත අතර එයින් New Web-dl + Bluray ලෙස නම්කර ඇති උපසිරැසිය (කොරියානු නොවන) Web පිටපත් හා නවතම Bluray පිටපත් සඳහා ගැලපේ. Korean Web-dl ලෙස නම් කර ඇති උපසිරැසිය ඉන් පෙර නිකුත්වූ කොරියානු Web පිටපත් සඳහාය. එය HC-HDRip සඳහා නොගැලපෙන බවද කරුණාවෙන් සලකන්න. කරුණාකර එම උපසිරැසි දෙකෙන් ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න]
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක් අනුවයි උපසිරැසි සකසා ඔබ වෙත රැගෙන එන්නෙ. මුලින්ම ස්තූතිය ඔවුන්ට. මේ තමයි Sonic the Hedgehog කතාපෙල සහ විවිධවූ සොනික් වීඩියෝ ක්‍රීඩා ( මේවාට අදාල Easter Eggs රැසක් තියනවා චිත්‍රපටයේ ) ඇසුරින් නිර්මාණය වුණ Sonic: the Hedgehog (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. පැට් කේසි සහ ජොෂ් මිලර්ගේ රචනයෙන් ජෙෆ් ෆව්ලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය මේ වනවිට ලබා ඇති IMDB අගය 6.8ක් වන අතර, Rotten Tomatoes අගය 68%ක් වද්දී, මෙටාක්‍රිටික් අගය 47%ක්. ඇත්තටම ඔබට මතකනම් මෙහි පෝස්ටරය නිකුත්වූ වහාම එයට සොනික් චරිතයේ මුල් නිර්මාණකරුවන නෝටෝ ඔෂීමා සහ හිටපු සොනික් කණ්ඩායම් ප්‍රධානී යූජි නාකා යන දෙදෙනාගේ දැඩි අකමැත්ත ප්‍රකාශ වුණා එහි සොනික්ගේ පෙනුම නිසා. ඉන් පසුව නිකුත්වූ මුල්ම ප්‍රචාරක පටයෙන් එය රසික විරෝධයක් බවට හැරුණා පෙරකී කාරණයම මුල් කරගෙන. පසුව අධ්‍යක්ෂක ජෙෆ් ෆවුලර්ට නිවේදනය කරන්නට සිදුවුණා තමන් හැකි උපරිම සොනික් චරිතයේ පෙනුම වෙනස් කරන්නට කටයුතු කරන බවට. ඒ වෙනස්කම්වලින් අනතුරුව 2019 නොවැම්බර් මසදී නිකුත්වූ නව පූර්ව ප්‍රචාරක පටය සහ පෝස්ටරයට රසිකයන් බහුතරයකගේ ප්‍රශංසා හිමිවුණා. ඒ විදියට බාධක මැද්දෙ තිරගතවූ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ජිම් කැරේ ( රොබෝටික්කා), බෙන් ෂ්වාට්ස් ( සොනික්/හඬ), ජේම්ස් මාස්ඩන් ( ටොම් වකෝව්ස්කි), ඇඩම් පැලී ( වේඩ්), ටීකා සම්ප්ස්ටර් ( මැඩී), නතාෂා රොත්වෙල් ( රේචල්),ලී මහ්ඩබ් ( ස්ටෝන්), නීල් මැක්ඩනෝ( මේජර් බෙනිංටන්), ෆ්‍රෑන්ක් සී ටර්නර් ( කාල් ), මෙලඩි නීමන් (ජෝජෝ) ඇතුළු පිරිසක්. කොහොමහරි අපේ හිතේ ඇඳුන සොනික්ට ලොකු සාධාරණයක් කරල තිබුණත්, කතාව පැත්තෙන් මමනම් ඒතරම් ලොකු දෙයක් දැක්කෙ නෑ, සමහරවිට මෙය දෙවෙනි නිර්මාණයකටත් ඉඩ තබා අවසන් වෙන නිසා වෙන්නටත් ඇති, මොකද අපිට හුරු කතාව මම හිතන්නෙ ඒකෙදි තමයි දකින්නට ලැබෙනව ඇත්තෙ. ජිම් කැරේ රංගන ශිල්පියානම් රොබෝටික්කා චරිතයට උපරිම සාධාරණයක් කර තිබෙනවා, ඔහුගේ අනිකුත් නිර්මාණවලදී අපි දැක ඇති ආකාරයටම. ඔහු හා ටොම් වකොව්ස්කි චරිතයට පණ පොවන ජේම්ස් මාස්ඩෙන් හැරෙන්නට අනිත් කිසිවෙක්ගෙන් චිත්‍රපටයට හිත ඇදගන්න රංගනයක් දැක්කෙ නැති බවත් කණගාටුවෙන් වුණත් සඳහන් කරන්නට වෙනවා. ඔබට මෙය වැටහෙයි චිත්‍රපටය නැරඹූ විට. සොනික් අපිට හොඳින්ම හුරු පුරුදු චරිතයක් නිසා මම හිතන්නෙ කතාවට ආරම්භයක් දීම අනවශ්‍යයි, එය ඔබටම ඉතිරි කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
විශේෂ:-
Native American Shadow Wolves
මේ නේටිව් ඇමරිකන් ෂැඩෝ වෝල්ව්ස් කියන්නෙ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපද සංක්‍රමණික හා රේගු අපරාධ මර්ධන ඒකකය (ICE ලෙස කෙටියෙන් හැඳින්වේ)හා සම්බන්ධ මං සලකුණු සෙවුම් මුර සංචාර නිලධාරීන් කොටසක්. රොබෝටික්කා එක් තැනක මෙය සඳහන් කරනවා. මෙය නේටිව් ඇමරිකන් ලෙස නම වැටෙන්නට හේතුව එයට රතු ඉන්දියානු සම්බන්ධයක් තිබීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ Tohono Oʼodham Nation ලෙස හැඳින්වෙන Tohono Oʼodham ගෝත්‍ර පාලන ප්‍රදේශයේයි එහි මූලස්ථානය පිහිටා ඇත්තේ. ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය දේශසීමාව හරහා කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ අඩි සලකුණු හා මං සලකුණු ඔස්සේ නීතියේ රැහැනට කොටුකරගැනීමට සහය වීමයි.
Cruise Control (කෲස් කන්ට්‍රෝල් )
මම මේක ලියන්න කල්පනා කලේ චිත්‍රපටයේ මේ වචනය අසන්නට ලැබෙන තැනදි ඔබට ඒ අවස්ථාවේ ඊට හේතුව වටහාගැනීමට පහසුවක් වීමටයි මේ වචනය නුපුරුදු කෙනෙක්නම්. කෲස් කන්ට්‍රෝල් යනු නූතන දියුණු රථවාහනවල බොහෝවිට දකින්නට ඇති රථයේ ගමන්කරන්නන්ගේ ආරක්ෂාව අරමුණු කරගෙන නිමැවූ විශේෂාංගයක්. සරලවම කිව්වොත් කෲස් කන්ට්‍රෝල් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ වාහනයට ඉදිරියෙන් ගමන්ගන්නා වාහනය හා ඔබේ වාහනය අතර ඇති පරතරය එක් නිශ්චිත දුර ප්‍රමාණයක තබාගැනීමට හැකියාව තිබෙනවා. රියදුරාට එම දුර ප්‍රමාණය සහ රථයේ වේගය සුක්කානම් කොලමයේ ඇති ස්විචයක් මාර්ගයෙන් තම අභිමතය පරිදි සැකසිය හැකි අතර, රියදුරා එම පරතරය ඉක්මවා යන්නේනම් රථයේ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (ECU) මගින් සංවේදක හරහා එය ග්‍රහණය කරගෙන ස්වයංක්‍රීයවම රථයේ වේගය එම පරතරය ඉක්මවන්නට නොදී බාල කරගන්නවා. කෙටියෙන්ම කිව්වොත් එම පරතරය තබාගැනීමට රියදුරාට ඇති වගකීම රථය බාරයට ගැනීමක් තමයි මෙහි කාර්යය. මේ වීඩියෝවෙන් පැහැදිලිව වටහාගන්නට පුළුවන් එය.
බොහොම ස්තුතියි හසිත සබ් එකට 👍😊…
ජය වේවා.! 👊👊👊
THANKS SUB EKATA JAYAWEWA…………..
මට තමයි හෙන අවුල්ම වැඩේ වුනේ ..මම HC-HDRIP අරගෙන ..ඊලග උදේ බලද්දී වෙබ් රිප් එක ඇවිත් ..කාට කියන්නද අෆ්ෆා මේ දුක :p
මම බේරුණේ නූලෙන් ඕක වෙන්න ගිහින්.
HC-HDRip එක බලනවනං, මේ සබ් එක තප්පර 14ක් ඩිලේ කරල බැලුවනං හරි, දමිත්. හරියටම මැච් චෙනවා එතකොට.
අනේ මේක ඇයි zip විදිහට download වෙන්නේ ? Read wenne nehe ne ethakot
@ඔමේෂ්:- ZIP විදියට රීඩ් වෙන්නෑ තමයිනෙ (Common senseනේ, ඔමේෂ්). සබ් ZIP කරන්නෙ ෆයිල් corrupt වෙනවට. Winrar වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරල ZIp ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල සබ් එක (ඒ කිව්වෙ .srt ෆයිල් එක) එලියට ගන්න. තප්පරේක වැඩක්.
බලන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකනං, මොනවහරි unzip සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන Zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න එතකොට හරි.
https://www.youtube.com/watch?v=F-geyPCJ8Tg
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
සබ් විතරද තියෙන්නෙ film 1 ගන්න බැරිද?
පුළුවන්, සබ් එක ගන්න ක්ලික් කරන තැනට උඩ බට්න් එක තියෙන්නෙ ඒකට.
webrip sub nedda
@Ashen:- ලිපියෙ උඩින්ම පැහැදිලිව සඳහන් කරල තියනවනෙ, HD,WEB,WEB-DL වලට උපසිරැසිය ගැලපෙනව කියල.
WEBrip කියල වෙනම එකක් නෑ. HC-HDRIP ඇර දැනට තියන ඕනෙම ප්‍රින්ට් එකකට සබ් එක හරි.
iPhone walata Download krnna berida??
හසිත සහෝගෙ සබ් එකත් එක්ක තමා ෆිල්ම් එක බැලුවෙ .. අම්මො හිතුවට වඩා කතාව පට්ටනෙ.. බලලා ඉවර උනාන 1080p ඩව්න්ලොර්ඩ් කරම් තියාගන්න හිතුන .. ඉවර වෙන විදියට තවත් අස හිතුන .. තව එකක් එයී වගේ නෙද.. නියම ෆිල්ම් එක..❤
ඔව්, ක්‍රෙඩිට් සීන් දෙක බැලුවම තව එකක් එයි, මිතුන්. අපි දන්න කතාව ඒකෙ තියෙයි කියල හිතන්න පුළුවන්.
me subtitle aka dunnata obata bohoma sthuthi.
Supiri movie ekk mn meka enkm hitye iwasumak ntywa..
ආදරෙයි ආ එල
Thanks for Blueray update ……..
සයිට් එකට මොකද වෙලා තියෙන්නෙ යාවත්කාලීන කිරීම් ටිකයි වැඩිම ඩවුන්ලෝඩ් කරපුවයි විතරයිනෙ බ්‍රෝ පෙන්නන්නෙ 😳