Stolen princess: Ruslan and Ludmila (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකින් ත්‍රිමාණ සජීවීකරණ
චිත්‍රපටයක් දෙන්නත් බැරිවුණ නිසා මේ වතාවෙ මම තෝරගත්තා මේ වසරේ නිකුත්වුණ ආදායම් වාර්තා තැබූ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් ත්‍රිමාණ සජීවීකරණ කිව්වම අපිට නිතැතින්ම මතක් වෙන්නෙ හොලිවුඩයනෙ. හැබැයි මම අද ගේන චිත්‍රපටය යුක්රේනයේ නිර්මාණය වුණ චිත්‍රපටයක්. භාෂාවනම් ඉංග්‍රීසි. යුක්රේන නම තමයි Vykradena pryntsesa: Ruslan i Ludmila ඉංග්‍රීසියෙන්නම් Stolen princess: Ruslan and Ludmila. යුක්රේනය කිව්වම අපි හැමෝම දන්නව යුක්රේනය කලක් රුසියාවට අයත්ව තිබී පසුව වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වූ රාජ්‍යයක්. දන්නවනෙ රුසියාව සාහිත්‍යය පැත්තෙන් ඉතාම සාරවත්. ඉතාම සුන්දර අපූරු ළමා කතන්දර රැසක්ද ඇතුලත් ඒකට. අපූරුවට සිංහලයට පරිවර්තනය වී අපි පොඩිකාලේ කියවපු ලස්සණ වසිලිස්සා, හත්පෙති මල,වැඩ බැරි දාස එහෙමත් මතක ඇති ගොඩක් අයට…ඒවයෙ තිබුණ සුන්දර චිත්‍ර, අපූරු සිත්ගන්නාසුළු නිමාව තමයි අපිව වැඩියම ආකර්ශණය කරගත්තෙ. අද මේ ගේන Stolen Princess හෙවත් සොරාගෙන ගිය කුමරිය ජනප්‍රිය රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ Ruslan and Lyudmila කාව්‍යය පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් . නිර්මාණකරුවන් මුලින්ම තීරණය කරල තියෙන්නෙ මෙය 2D නොහොත් ද්විමාන විදියට හදන්නයි, ඉන් පසුවයි අදහස වෙනස් කරල 3D විදියට නිමවල තියෙන්නෙ. හැබැයි හොලිවුඩය අනුකරණය කරන්නට නොයා රුසියානු අන්‍යතාවය තබාගෙන ත්‍රිමාණ සජීවීකරණය කලානම් මෙය මීට වඩා ලස්සණ වෙන්න තිබුණා කියන එකයි මගෙ පෞද්ගලික හැඟීම. රුසියානු ශෛලිය මම දැක්කෙ මෙහි එන රාජ මාලිගාවෙ පිටත පෙනුමෙ විතරයි. සමහරවිට නිර්මාණකරුවන් හොලිවුඩ් ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් කීපදෙනෙකුගෙ සහය ලබාගන තියන නිසා වෙන්නත් ඇති එහෙම වෙන්න ඇත්තෙ. කෙසේ හෝ තිරගත වූ දින සිට යුක්රේනය තුල අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන යුරෝපය තුලත් සාර්ථකව තිරගතවූ මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 6.7ක් වන අතර ගූගල් පරිශීලකයන් 94%කගේ ප්‍රසාදයත් දිනාගෙන තිබෙනවා. මෙහි රචනය Yaroslav Voytseshek ගෙන් වන අතර අධ්‍යක්ෂණය Oleh Malamuzh ගෙන්.
චිත්‍රපටයේ කතාව පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටයට මේ ලිපිය ලියන මොහොත ( 2018:ජූනි :29) වනතුරුත් ඉංග්‍රීසි උපසිරැසියක් හෝ වෙන කිසිම භාෂාවක උපසිරැසියක් නිකුත් වී නෑ. අද එයි හෙට එයි කිය කිය දවස් ගාණක් බලා හිටියත් එන පාටක් නැති නිසා අංකන දත්ත පිටපතකුත් හදාගෙන අසාලිවීමක් කරන්න තීරණය කලා. ගොඩක්ම දෙබස් තේරුම්ගන්න පුළුවන් වුණත් ලයින් පහක් හයක් තියනවා ශ්‍රවණය කිරීමෙන් තේරුම්ගන්න නොහැකිවුණ . කතාවට ගැටලුවක් නොවෙන්න අනුමාන වශයෙන් එයින් කීපයක් මම සකස් කලා. කොහොමහරි ඉතින් දවස් කීපයක මහන්සිය තමයි අද මේ ඕගොල්ලො හමුවට එන්නෙ. ඒ වගේම මෙයට හොඳ මට්ටමේ උපසිරැසියක් නිකුත් වුණ ගමන්ම ඒ අඩුපාඩු ලයින් කීපය නිවැරදි කරල නැවත උපසිරසිය සකස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පිටපත ගැනනම් කියන්න දෙයක් නෑ Web-Dl එකක් නිසා වීඩියෝ සහ ඕඩියෝ තත්වය ඉතාම හොඳයි. එහෙනම් දැන් අපි යමු කතාව පැත්තට..
රුස්ලාන් කියන්නෙ නළුවෙක්. වේදිකාවේ සහ නිවෙසින් නිවෙසට යමින් ජනයා තම රඟපෑමෙන් සතුටු කරමින් තමයි රුස්ලාන් ජීවිකාව ගත කරන්නෙ. රුස්ලාන්ට මේ කාර්යයට ඉන්නවා සහායකයෙක්, එයා තමයි නෙස්ටර්. නෙස්ටර් තමයි රුස්ලාන් රඟපාන නාට්‍යවල රචකයා. හැබැයි ඉතින් නෙස්ටර් ලියන්නෙම සුරංගනා කතා.. ඒවුණාට රුස්ලාන් කැමති නයිට්වරුන්ට, දවසක නයිට්වරයෙක් වීම තමයි රුස්ලාන්ගෙ එකම හීනය. මේ කතන්දර නිසාම රුස්ලාන් රඟපාන චරිතවලටත් එතරම් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඔහොම ඉන්න අතරෙ රුස්ලාන්ට මුණ ගැහෙනවා සුන්දර තරුණියක් , ඈ නමින් මිලා. දෙන්නා අතරෙ ප්‍රේමයක් දළුලා වැඩීගෙන එනකොටම , එනවා ලොකූ බාධාවක්… ඒ තමයි ෂොන්මෝ නම් බලගතු මායාකරුවෙක්. ඉතින් තම ආදරය වෙනුවෙන් රුස්ලාන් මේ ෂොන්මෝ එක්ක කරන සටනයි චිත්‍රපටයෙ තියෙන්නෙ. එහෙනම් මම ඉන් එහාට කියන්නෙ නෑ, ඔයගොල්ලො නරඹලම බලන්න. ඉතාම සුන්දර චිත්‍රපටයක් බව කියන්න පුළුවන් බය නැතිව.
චිත්‍රපටයෙ නිල වෙබ් අඩවියෙ සබැඳිය තමයි පහලින් තියෙන්නෙ.. කැමති අයට ගිහින් බලන්න පුළුවන්, චිත්‍රපටයෙ විස්තර ගොඩක් තියනව මේකෙ. තව චිත්‍රපටයෙ පෝස්ටර්, වෝල්පේපර්ස් එහෙම ගන්න තියනව විවිධ ප්‍රමාණවලින්.
https://stolenprincess.com/en/
උපසිරැසි බාගත කරගැනීමේදී ලැබෙන උපදෙස් පිළිපදින්න.
(1) මුලින්ම පහතින් ඇති ” සිංහල උපසිරැස ඩවුන්ලෝඩ් කරගන්න” බටනය ක්ලික් කරන්න.
(2)ඉන්පසුව “උපසිරස ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න” බටනය ක්ලික් කොට තත්පර පහක කාලයක් රැඳීසිටින්න.
(3) ඉන්පසු Skip Ad යන බටනය ක්ලික් කරන්න.
(4) එවිට උපසිරැසිය ස්වයංක්‍රීයවම ඩවුන්ලෝඩ්වනු ඇත.
Thanxx
Thanks bro
මට සබ් එක ගන්න බෑනෙ.මගෙ ඊමේල් එකට එවන්න බැරිවෙයිද?
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
thanks saho great job
thanks saho sub ekata
THnx
comment karanna kalin umbe liyum kiyawannath oneda gothayo
කවුද දන්නෑ ඔබතුමා? නමත් ලස්සණයි 🙃🙃 මීට පස්සෙ දානකොට වාසගමත් එක්කම දාන්න. ගැලක්සි ජේ ලැබුණට වැඩක් නෑ සහෝදරයා මොළේ නැත්නම්.
And they’ve posted that warning just because of morons like you.
සුපිරි film ඒකක්,උපසිරසියට තෑන්ක්ස්….
Hi. Thank u so much. Man stolen princess sub eka hewwa godak kal idala. 🙂
ft sahoo degatama sub denna
sub 1k ganda baene….mail 1t danna baida…😬😬