ඔන්න යාලුවනේ මේක තමයි මගේ
දසවෙනි උපසිරසි ගැන්වීම.ඒ නිසා පොඩි වෙනස් ෆිල් එකක් තමයි අද මන් අරන් ආවේ..වෙනස් කිව්වේ මේක මේ action,adventure,comedy.romance.horror,fantasy....ඒ වගේ ෆිල්ම් එකක්නම් නෙවෙයි..
ජීවිතේට පාඩමක් කියල දෙන ෆිල්ම් එකක්..තවමත් ස්කූල් යන කෙනෙක්නම් බලන්නම ඕන ෆිල්ම් එකක්..මොකද මේ කතාවටත් පාසල සම්බන්දයි..ෆිල්ම් එක පැත්තට ගියොත් 6.1/10ක imdb අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..
Director-young ju park..
කතාවේ වෙන දේ කෙටියෙන් කිව්වොත් මෙහෙමයි...
උසස් පාසලේ ඉගෙන ගන්න Seon-hee යාලුවන්ගේ ආකර්ෂණය ගන්න පොඩි බොරුවක් කියනවා..ඒත් ඒක බොරුවක් කියලා යාලුවෝ දැනගත්තම මෙයාව මගහරිනවා.ඊටපස්සේ මෙයා තමන්ගේ හොදම යාලුවා ලගට යන්න මුද්දක් හොරකම් කරනවා.ඊටප්ස්සේ ඒකත් අහුවුනාම මේ කෙල්ල සියදිවි නසාගන්න හදනවා කට්ටිය කියන ඒවා අහන් ඉන්න බැරිකමට.කොහොමහරි මැරෙන්නේ නම් නෑ..ඒ වෙනුවට මෙයා කාටවත් හොයාගන්න බැරි වෙන පලාතකට පලා යනවා..ගිහින් අලුත් නමකුත් දාගෙන අලුත් ජීවිතයක හදාගන්නවා..අලුත් යාලුවෝ සෙට් එකක් හොයාගන්නවා..පාසලේ හොද ශිෂයෙක් වෙනවා..ඒ උනාට අන්තිමට මෙයාව හොයන් එනවා කලින් කෙනෙක්..මීට වඩා කිව්වොත් මුලු කතාවම කිව්ව වගේ..ඉතින් හැමොම මේක බලන්න..ජීවිතේට හොද වැදගත් පාඩමක් මේකෙන් ගන්න පුලුවන් වෙයි ඔයාලට
එහෙනම් හැමෝටම බුදු සරණයි!!
Windows 10Chrome 96
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Android 11Chrome 96
තෑන්ක්ස් සබ් එකට සහෝ