Home Movies English Movies Tag (2018) Sinhala Subtitle

Tag (2018) Sinhala Subtitle

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, කොමඩි ෆිල්ම් එකක්, ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ, ඒත් එක්කම කවීෂ සොහොයුරාව මේ වෙලාවෙ මතක් කරනවා, ඔහුගෙ ඉල්ලීමක් නිසා තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් මේ ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ ජූනි මාසෙ 14 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jeff Tomsic කියන අධ්‍යක්ෂකවරයා, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියල දන්නවනෙ, ඔහු තමයි Jeremy Renner, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 86% ලැබිල තියෙනවා, IMDB අගය 6.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එකේ නිෂ්පාදන වියදම ගිහින් තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 28, ආදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 76.

ෆිල්ම් එකේ කතාව චුට්ටක් මතක් කලොත්, මිතුරන් කට්ටියක් එකතු වෙලා හැම අවුරුද්දෙම මැයි මාසෙදි අල්ලන සෙල්ලමක් කරනවා, මේ කතාවෙ හැටියට මිතුරන් පස්දෙනෙක් ඉන්නවා, ලොකු මිත්‍රත්වයක් තියෙනවා මේ පස්දෙනා අතර, මේක සිද්ධ වෙන්නෙ එක්කෙනෙක් ගිහින් තව කෙනෙක්ව අල්ලපුහාම එයා ගිහින් අනිත් කෙනාව අල්ලන්න ඕනෙ, මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා, පාසල් යන කාලෙ ඉඳල අවුරුදු තිහක්ම මේ සෙල්ලම කරගෙන ඇවිත් තියෙන බවයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ, ඒත් මේ යාලුවො පස්දෙනාගෙන් එක්කෙනෙක්ව අල්ලන්න බැරි වෙලා, එයා තමයි ජෙරී, ජෙරීගෙ අනිත් යාලුවො හතරදෙනා හැම උපායක්ම පාවිච්චි කරනවා ජෙරීව අල්ලන්න, කාටවත් එයාව අල්ලන්න බෑ, ජෙරී අවුරුදු තිහක්ම ජයග්‍රාහකයෙක් විදිහට වාර්තාවක් තියල තියෙනවා මේ සෙල්ලමේදි, නමුත් මේ සෙල්ලම සිද්ධ වෙන්නෙ මැයි මාසෙදි පමණයි, අන්තිම වතාවට ජෙරීගෙ යාලුවෝ එයාව අල්ලන්න එන්නෙ එයාගෙ විවාහ උත්සවය වෙලාවෙදි, ඉතින් අපි බලමු ජෙරීගෙ යාලුවෝ කොහොමද එයාව අල්ලන්න උත්සාහ කරන්නෙ කියල, විශේෂයෙන්ම කියන්නෙ ඕනෙ මේ ෆිල්ම් එක මිතුදම පිළිබඳව විස්තර වෙන කතාවක්, කැමති කෙනෙකුට බලන්න පුලුවන්, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය!!
  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 6.8

Genre : Comedy

Actors : Ed Helms, Lil Rel Howery, Jon Hamm, Annabelle Wallis

Writer : N/A

Director : Jeff Tomsic

Plot :

A small group of former classmates organize an elaborate, annual game of tag that requires some to travel all over the country.

BRRip

BRRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 1308 times


Dinusha Rukshan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Vampire Diaries (2009) [S02 : E19] Sinhala Subtitle

ඔන්න අද ගෙනාවා The Vampire Diaries දෙවැනි කතා සමයේ 19 වැනි කොටස. කලින් කොටසේ උන …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

5 comments
  1. silent$

    Thnxxxxxxxxxxxx

  2. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  3. හිරාන් ශාරංග

    ඔන්න මමත් උපසිරැසිය ගත්තා. ගොඩක් ස්තුතියි සහෝ.. තෙරුවන් සරණයි…!

  4. CrZy Shan

    නියමයි

  5. Sameera chathuranga

    MT meken download krnna amarui

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Facebook Auto Publish Powered By : XYZScripts.com