ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, කොමඩි ෆිල්ම් එකක්, ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ, ඒත් එක්කම කවීෂ සොහොයුරාව මේ වෙලාවෙ මතක් කරනවා, ඔහුගෙ ඉල්ලීමක් නිසා තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් මේ ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ ජූනි මාසෙ 14 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jeff Tomsic කියන අධ්‍යක්ෂකවරයා, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියල දන්නවනෙ, ඔහු තමයි Jeremy Renner, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 86% ලැබිල තියෙනවා, IMDB අගය 6.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එකේ නිෂ්පාදන වියදම ගිහින් තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 28, ආදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 76.
ෆිල්ම් එකේ කතාව චුට්ටක් මතක් කලොත්, මිතුරන් කට්ටියක් එකතු වෙලා හැම අවුරුද්දෙම මැයි මාසෙදි අල්ලන සෙල්ලමක් කරනවා, මේ කතාවෙ හැටියට මිතුරන් පස්දෙනෙක් ඉන්නවා, ලොකු මිත්‍රත්වයක් තියෙනවා මේ පස්දෙනා අතර, මේක සිද්ධ වෙන්නෙ එක්කෙනෙක් ගිහින් තව කෙනෙක්ව අල්ලපුහාම එයා ගිහින් අනිත් කෙනාව අල්ලන්න ඕනෙ, මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා, පාසල් යන කාලෙ ඉඳල අවුරුදු තිහක්ම මේ සෙල්ලම කරගෙන ඇවිත් තියෙන බවයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ, ඒත් මේ යාලුවො පස්දෙනාගෙන් එක්කෙනෙක්ව අල්ලන්න බැරි වෙලා, එයා තමයි ජෙරී, ජෙරීගෙ අනිත් යාලුවො හතරදෙනා හැම උපායක්ම පාවිච්චි කරනවා ජෙරීව අල්ලන්න, කාටවත් එයාව අල්ලන්න බෑ, ජෙරී අවුරුදු තිහක්ම ජයග්‍රාහකයෙක් විදිහට වාර්තාවක් තියල තියෙනවා මේ සෙල්ලමේදි, නමුත් මේ සෙල්ලම සිද්ධ වෙන්නෙ මැයි මාසෙදි පමණයි, අන්තිම වතාවට ජෙරීගෙ යාලුවෝ එයාව අල්ලන්න එන්නෙ එයාගෙ විවාහ උත්සවය වෙලාවෙදි, ඉතින් අපි බලමු ජෙරීගෙ යාලුවෝ කොහොමද එයාව අල්ලන්න උත්සාහ කරන්නෙ කියල, විශේෂයෙන්ම කියන්නෙ ඕනෙ මේ ෆිල්ම් එක මිතුදම පිළිබඳව විස්තර වෙන කතාවක්, කැමති කෙනෙකුට බලන්න පුලුවන්, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය!!
Thnxxxxxxxxxxxx
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ඔන්න මමත් උපසිරැසිය ගත්තා. ගොඩක් ස්තුතියි සහෝ.. තෙරුවන් සරණයි…!
නියමයි
MT meken download krnna amarui
Fatta sub eka niyama wedak
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
නියමයි දීනූෂ සහෝ, දිගටම සබ් දෙමු, ඔබට දෙවි පිහිටයි…!
Thanks, bro…! obata jaya…!!
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!