මේ සිනමාපටයේ දිගහැරෙන්නේ වර්ෂ 1990 දී ජෝර්ජියාවේ ඇප්කසෙටි (Apkhazeti) ප්‍රදේශයේ ඇතිවූ යුධමය කාලවකවානුව අතරතුරදී වූ සිදුවීමක් ලෙසටයි. යුද්ධයට හේතුව වන්නේ දේශීය ඇප්කසෙටි ජනයා ජෝර්ජියානු පාලනයෙන් මිදී වෙනම පාලනයක් ලබාගැනීමට කලාවූ උත්සාහයයි.මේ ප්‍රදේශයට මැදිවූ නිම්නයක ජනශුන්‍ය එස්තෝනියානු ගම්මානයක් පිහිටා ඇති අතර එහි වැසියන් සියල්ලන්ම පාහේ යුධමය වාතාවරණය හේතුවෙන් තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ රටවල් බලා ගොසිනි.නමුත් ජමනාරං වගාවක් පවත්වාගෙන යන අයිවෝ නම් මහළු මිනිසෙක් සහ ඔහුගේ මිතුරෙක්වන මාගුස් යන දෙදෙනා තමන්ගේ අස්වැන්න නෙලාගැනීමෙන් අනතුරුවම රටෙන් පිටවීමට අදහස් කරගෙන සිටී. ඒ අතරතුරේදී ඔවුන්ගේ වගාබිම අසලදී යුධ වදින දෙපාර්ශවයේ කණ්ඩායම් දෙකක් අතර සුළු ගැටුමක් ඇතිවන අතර දෙපාර්ශවයේ දෙදෙනෙකුගේ පමණක් දිවි ගැලවේ. අයිවෝ සහ මාගුස් දෙදෙනා මේ තුවාල ලැබූ භටයන් දෙදෙනාට ප්‍රතිකාර කිරීමට පටන් ගනී. නමුත් මේ විරුද්ධවාදීන් දෙදෙනාවම එකම නිවසේ තබාගෙන ප්‍රතිකාර කිරීම ලෙහෙසි වන්නේ නෑ,ඒ ඔවුන් දෙදෙනා ප්‍රතිවාදීන් නිසා. මෙතනින් එහාට කතාව කිව්වොත් වැඩක් නෑ...ඒ නිසා නරඹලම බලන්න. මේ මහළු මිනිසා බොහොම ඉවසීමෙන් ඔවුන්ට සාමයේ පාඩම කියාදෙන ආකාරය බලන්නම වටින එකක්. සිනමාපටය අවසන් වන තෙක් ඔබේ ඇස් ඉවතට ගන්න හිතෙන එකක් නෑ.IMDB අගය 8.4ක් ලබාගත් මෙම එස්තෝනියානු, ජෝර්ජියානු සම නිශ්පාදිත සිනමා පටය සම්මාන 12 දිනාගෙන තවත් 7කටද නිර්දේශ වූවකි... කිසිදු නිරුවත් දර්ශනයක් ඇතුලත් නැති අතර පවුලේ සැමට නැරඹිය හැකිය...
Spoiler Warning : During the war in Abkhazia, an Estonian man stays behind to harvest tangerines and cares for a wounded fighter...




Windows 8.1Chrome 54
සුපිරි බ්‍රෝ…
ගුඩ් ලක්…
Windows XPFirefox 43
ස්තූතියි.
Windows 7Firefox 34
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Android 6Chrome 54
Fatta…. jaya!
Windows 10Chrome 64
ඩවුන්ලෝඩ් කරන්න බෑ යාලුවා.. හරියට ටොරන්ට් එකක් එන්නේ නෑනේ. ???
Windows XPFirefox 52
ඒ සයිට් එකේ ඩොමේන් එක වෙනස් කරලනෙ. දැන් හරි ලින්ක් එක අප්ඩේට් කලා 🙂
Windows 10Chrome 125
බොහෝම ස්තූතියි…