The Art of Self-Defense (2019) Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම. මේක මගෙ පළවෙනිම උපසිරැසිය. එහෙම උනත් මට පුලුවන් තරම් හොඳට චිත්‍රපටියෙ කියන සැබෑ අදහසම සිංහලට පරිවර්ථනය කරන්න උපරිමෙන් උත්සහ කළා. ඊට අමතරව සුළු වශයෙන් ප්‍රංශ සහ ජර්මන් භාශා කොටස් තියනවා. ඒවා වරහන් ඇතුළෙ වෙනම දාල තියෙනවා. නමුත් ඉතින් පළවෙනිම පාර නිසා වැරදි අඩුපාඩු තියෙන්නෙ පුලුවන්. එහෙම තිබුණොත් එහෙම ගණන් ගන්න එපා.
චිත්‍රපටයේ කතාව ගැන ගත්තොත්, කේසි කියන්නෙ ගිණුම්කරන ජොබ් එකක් කරන අවුරුදු 35ක පුද්ගලයෙක්. මෙයා තමන්ගෙ බල්ලත් එක්ක තනිවම තමයි ජීවත් වෙන්නේ. කේසි හරිම බය, ලැජ්ජාශීලී චරිතයක්. ඒ නිසාම නොයෙක් වෙලාවට අනික් අයගෙ අපහාසයට, අඩත්තේට්ටම්වලට මෙයාව ලක් වෙනවා. එක දවසක් රෑ පාරෙ යද්දි මෙයාට කට්ටියක් ගොඩක් දරුණු විදිහට පහරදෙනවා. ඒ සිද්දියෙන් පස්සෙ එයා තමන්ගෙ ආත්මාරක්ශාව තමන්ම සලසා ගන්නත්, අනික් අය වගේම තද කෙනෙක් වෙන්නත් ඕනි කියල හිතනවා. එහෙම ඉද්දි තමා මෙයාට කරාටේ පංතියක් දකින්න ලැබෙන්නෙ. ඒකෙදි මෙයාට අමුතු විදිහෙ කරාටේ ගුරුවරයෙක් හම්බෙනවා. ඉතිං මෙයා කරාටේ ඉගෙන ගන්න යනවා. නමුත් පස්සෙ මෙයාට මේ කරාටේ පංතියයි ඒකෙ සෙනෙසෙයි ගැනයි එයා නොහිතපු දේවල් දැනගන්න ලැබෙනවා. ඒ දේවල් මොනවද සහ එයාට ඕනි උන විදිහෙ තද කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද කියල දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
Drama/ Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 2019 ජූලි මස 12 දින ඇමරිකාවේ තමා මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 2.4 ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටය ලබාගත් මනාප අතර IMDb අගය 6.7/10 ක් ලෙසද Rotten Tomatoes අගය 84% ලෙසද Metacritic අගය 65% ලෙසින් ද ලබාගෙන තියෙනවා. ඒ වගේම ගූගල් පරිශීලකයින් 77%කගේ කැමැත්ත ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. Riley Stearns ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටයට ප්‍රධාන චරිතය කේසි විදියට Jesse Eisenberg ගේ රංගනය ඉතාම සාර්ථකයි කියන්න පුලුවන්. සෙන්සෙයිගේ චරිතයට Alessandro Nivola රඟපානවා. ආදර කතාවක් නැතත් මේකෙ කෙල්ලෙකුත් ඉන්නවා. ඒ චරිතෙට Imogen Poots රඟපානවා. ඊට අමතරව Phillip Andre Botello, Steve Terada, David Zellner වැනි අය රංගනයෙන් දායකත්වය සපයනවා. එහෙනම් හැමෝටම මේ චිත්‍රපට බලන්න ආරාධනා කරනවා…!
උපසිරැසියට බොහොම ස්තුතියි!
එලම බ්‍රදර්. ❤
palweni upasirasiyata suba pathum sahodarayaa.
ස්තූතියි බ්‍රදර් ❤
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනවා දිගටම කරන් යං 👊👊..
ජය වේවා.!
ස්තූතියි බ්‍රෝ. එලම ❤
thank you so much! me awurudde obe siyaluma weda katayuthu sarthaka wewa!
එලම බ්‍රදර්. ඔයාටත් එසේම වේවා…❤
adoo thanks aluth awurudde mulinma balapu film eka.. film eka balala me comment eka danne supiri film ekai sub ekai
ස්තූතියි බ්‍රදර් ❤
පළමු උපසිරසියට සුබ පැතුම් සහෝ…ජය වේවා..
ස්තූතියි බ්‍රදර් ❤
සුභ නව වසරක් වේවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
එලම බ්‍රදර්, සුබ නව වසරක් ❤
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
මේක download කරලා තිබ්බා දැන් සබ් එක්කම බලන්න පුළුවන්…
දිගටම සබ් කරමු…
එලම බ්‍රදර් ❤
සබ් එකනම් පොඩ්ඩක් අව්ල් මචන්…
Timeline අවුල් ගිහින්ද කොහේදෝ එක වෙලාවකට line 4ක් විතර වැටෙනවා..
උපරිම ලයින් 2ක් යන විදියටයි හදල තියෙන්නෙ බ්‍රදර්. අවුල මොකක්ද කියල හිතාගන්න බෑ. 🤔
Superb movie. Me wage film walata sub denna subz admin set ekata Suba pathanawa . Good work bro .good luck your works.
එලම බ්‍රදර්. තෑන්ක්ස් ❤️
බොහොම ස්තූතියි සබ් එකට
එලම බ්‍රදර් ❤️