The Best Offer (2013) Sinhala Subtitle
ඔන්න අපේ චිත්‍රපට රසිකයන් වෙනුවෙන් මේ අරගෙන එන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිමවුණ ඉතාලි චිත්‍රපටයක්. 2013 වසරේ තිරගත වුණ මේ චිත්‍රපටයේ ඉතාලි නාමය La migliore offerta නොහොත් The Best offer, සිංහලෙන් කිව්වොත් ඉහලම ලංසුව. පැය 2 විනාඩි 11ක ධාවන කාලයකින් යුත් අපරාධ, නාට්‍යමය, අභිරහස් ඝනයටඅයත් වෙන මේ චිත්‍රපටය Imdb සිනමා දර්ශකයේ 7.8ක අගයක් සටහන් කරගෙන Rotten Tomatos වෙතින් 55%ක අගයක් ලබා ඊට අමතරව සම්මාන 51කට නිර්දේශ වී එයින් 25ක්ද තමන් සතු කරගත් එකක්. ඇත්තටම කිව්වොත්මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න හිතට ආවෙ Subzlk වලට සම්බන්ධ වෙන්නත් කලින්. කොහොමින්හරි මේක කරන එක ටිකින් ටික කල් ගිහින් වසර කීපයකට පස්සෙ අදයි සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. වෙන අඩවියකින් උපසිරැසි දීල තියද කියල බලද්දි ඒ කිසිම එකකින් මේකට උපසිරැසි දීල නෑ අදටත්. ඉතින් මේ වගේ කලාත්මක නිර්මාණයකට එහෙම වෙන එක අසාධාරණ නිසා තමයි මේක අවසන් කරල දෙන්න හිතුණෙ වැඩියම. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ වැඩි විස්තර පැත්තට.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය ඉතාලි ජාතික Giuseppe Tornatore ගේ. නමින් හුරු නැත්නම් 1988 වසරේ තිරගත වුණ Cinema Paradiso සහ 2000 වසරේ තිරගත වුණ Malèna චිත්‍රපට ද්විත්වය මතක් කරගන්න. ඒ දෙකත් ඇතුළුව තවත් අපූරු චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා තමයි මේ Giuseppe Tornatore. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නෙ හොලිවුඩ් සිනමා ඉතිහාසයේ දැවැන්ත චරිතයක් වන ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆරි රෂ් මහතා.අපිට ඔහුව හොඳින්ම මතක Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ කැප්ටන් බාබරෝසා විදියටයි, නැත්නම් The book Thief (2013) හි හාන්ස් උබර්මන් විදියටයි.ඊට අමතරව Jim Sturgess (රොබට්), Sylvia Hoeks (ක්ලෙයා ඉබෙට්සන්) ,Donald Sutherland ( බිලී විස්ලර්), Philip Jackson (ෆ්‍රෙඩ්), Dermot Crowley ( ලැම්බට්), Liya Kebede( සාරා) ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් රැසකුත් මීට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට..
මෙහි නමින්ම ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන්නෙ මේ කතාවට වෙන්දේසියක් කොහෙන් හරි සම්බන්ධයි කියල. ඇත්තටම මෙහි ප්‍රධාන චරිතය ඔල්ඩ්මන්ස් නම් ජනප්‍රිය වෙන්දේසි සමාගමක හිමිකරුවෙක්, නමින් වර්ජිල් ඕල්ඩ්මන්. මේ ඕල්ඩ්මන් මහත්මය බොහොම අති දක්ෂ වෙන්දේසිකරුවෙක්.පැරණි භාණ්ඩ එහෙමත් නැත්නම් ඇන්ටික්ස්වලට ඔහුගෙ තියෙන්නේ පුදුමාකාර ඇල්මක්, ඊට දෙවෙනි නෑ දැනුමත් .ඕනෑම පැරණි භාණ්ඩයක කාලවකවානු වගේ දේ බැලූ බැල්මටම කියන එක ඉතාම සුළු දෙයක් මේ ඕල්ඩ්මන් මහත්මයට. කොච්චර දක්ෂයෙක් වුණත් මේ ඕල්ඩ්මන් මහත්මයගෙ ජීවන රටාවත් ඇන්ටික්ස් වගේ තමයි. සමාජ ආශ්‍රයක් ඇත්තෙම නැති තරම් ඔහුට, පුළුවන් තරම් හුදකලාව ජීවත්වෙන්න තමයි කැමැත්ත, අදහසුත් බොහොම ගතානුගතිකයි සහ කාන්තාවන්ට ඔහුගෙ ජීවිතේ නෑ කිසිම ඉඩකඩක්. ඒ වගේම තම දැනුම තම වාසියට පාවිච්චි කරන්නත් ඔහු දෙපාරක් හිතන්නෙ නෑ. ඒකට ඉන්නව හොඳ සහයකයෙකුත්. මේ මොනදේ කලත් තම වෘතීය ජීවිතයේදි ඔහු අති සාර්ථකයි. මෙහෙම කාලය ගෙවන මේ ධනවත් වෙන්දේසිකරුවට දැවැන්ත මන්දිරයක ගෘහ භාණ්ඩ සහ චිත්‍ර වගයක් විකිනීමේ අවස්ථාව හිමිවෙනව. හැබැයි එතනින් මේ හුදකලා වෙන්දේසිකරුගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා.. එතනින් එහාට මම කියන්නෙ නෑ නරඹන ඔබට බාරයි ඒ කාර්යය.... එහෙනම් මම ගිහින් එන්නම් අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම..
විශේෂ :-
මේක මතක ඇතුව වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න. මම එහෙම කියන්නෙ මේක නිරුවත් දර්ශන කීපයක් ඇතුලත් නිසා. ඒ වගේම උඩුකය සහ පූර්ණ නිරුවත් චිත්‍ර වගයකුත් චිත්‍රපටය තුල ඇතුලත්. ඒවනම් තනිකරම කලාත්මකයි.
7.8
IMDB
IMDB
Year : 2013
Actors : Geoffrey Rush, Jim Sturgess, Sylvia Hoeks, Donald Sutherland
A lonely art expert working for a mysterious and reclusive heiress finds not only her art worth examining.
2021-11-04 11:38 am
SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 4873
- File Size : 53.805KB
- Sub Update :2020-10-18
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-01-15
Updated : 2025-01-15
Updated : 2025-01-15
Updated : 2025-01-12
Updated : 2025-01-11
Updated : 2025-01-10
Updated : 2024-12-10
Updated : 2024-11-23
Updated : 2024-11-22
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Windows 7Opera 52
බොහොම ස්තූතියි, Kantha 🙂
Windows 7Opera 52
Thanks, මිත්‍රයා 🙂
Windows 7Opera 52
හරි, මිතුන් මම දෙන්නම්. බොහොම ස්තූතියි තොරතුරට සහ ප්‍රතිචාරයට 🙂
Windows 10Opera 52
බොහොම ස්තූතියි සහෝජය වේවා!
Windows 8.1Firefox 59
sub ekata thanks saho. jaya wewa!!
Windows 7Opera 52
ස්තුතියි හසිත සහෝ.ජයවේවා!
Windows 10Chrome 66
thank you Hasitha Prasad & Subz.lk team for the sub, Good work gyus, all the best to subz.lk team…
Windows 7Chrome 66
උපසිරැසියට ගොඩක් ස්තුතියි
Android 4.4Chrome 57
Supiri bro
Windows 7Chrome 68
තෑන්ක්ස් මචෝ.. ජය වේවා..