The Best Offer (2013) Sinhala Subtitle
ඔන්න අපේ චිත්‍රපට රසිකයන් වෙනුවෙන් මේ අරගෙන එන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිමවුණ ඉතාලි චිත්‍රපටයක්. 2013 වසරේ තිරගත වුණ මේ චිත්‍රපටයේ ඉතාලි නාමය La migliore offerta නොහොත් The Best offer, සිංහලෙන් කිව්වොත් ඉහලම ලංසුව. පැය 2 විනාඩි 11ක ධාවන කාලයකින් යුත් අපරාධ, නාට්‍යමය, අභිරහස් ඝනයටඅයත් වෙන මේ චිත්‍රපටය Imdb සිනමා දර්ශකයේ 7.8ක අගයක් සටහන් කරගෙන Rotten Tomatos වෙතින් 55%ක අගයක් ලබා ඊට අමතරව සම්මාන 51කට නිර්දේශ වී එයින් 25ක්ද තමන් සතු කරගත් එකක්. ඇත්තටම කිව්වොත්මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න හිතට ආවෙ Subzlk වලට සම්බන්ධ වෙන්නත් කලින්. කොහොමින්හරි මේක කරන එක ටිකින් ටික කල් ගිහින් වසර කීපයකට පස්සෙ අදයි සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. වෙන අඩවියකින් උපසිරැසි දීල තියද කියල බලද්දි ඒ කිසිම එකකින් මේකට උපසිරැසි දීල නෑ අදටත්. ඉතින් මේ වගේ කලාත්මක නිර්මාණයකට එහෙම වෙන එක අසාධාරණ නිසා තමයි මේක අවසන් කරල දෙන්න හිතුණෙ වැඩියම. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ වැඩි විස්තර පැත්තට.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය ඉතාලි ජාතික Giuseppe Tornatore ගේ. නමින් හුරු නැත්නම් 1988 වසරේ තිරගත වුණ Cinema Paradiso සහ 2000 වසරේ තිරගත වුණ Malèna චිත්‍රපට ද්විත්වය මතක් කරගන්න. ඒ දෙකත් ඇතුළුව තවත් අපූරු චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා තමයි මේ Giuseppe Tornatore. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නෙ හොලිවුඩ් සිනමා ඉතිහාසයේ දැවැන්ත චරිතයක් වන ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆරි රෂ් මහතා.අපිට ඔහුව හොඳින්ම මතක Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ කැප්ටන් බාබරෝසා විදියටයි, නැත්නම් The book Thief (2013) හි හාන්ස් උබර්මන් විදියටයි.ඊට අමතරව Jim Sturgess (රොබට්), Sylvia Hoeks (ක්ලෙයා ඉබෙට්සන්) ,Donald Sutherland ( බිලී විස්ලර්), Philip Jackson (ෆ්‍රෙඩ්), Dermot Crowley ( ලැම්බට්), Liya Kebede( සාරා) ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් රැසකුත් මීට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට..
මෙහි නමින්ම ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන්නෙ මේ කතාවට වෙන්දේසියක් කොහෙන් හරි සම්බන්ධයි කියල. ඇත්තටම මෙහි ප්‍රධාන චරිතය ඔල්ඩ්මන්ස් නම් ජනප්‍රිය වෙන්දේසි සමාගමක හිමිකරුවෙක්, නමින් වර්ජිල් ඕල්ඩ්මන්. මේ ඕල්ඩ්මන් මහත්මය බොහොම අති දක්ෂ වෙන්දේසිකරුවෙක්.පැරණි භාණ්ඩ එහෙමත් නැත්නම් ඇන්ටික්ස්වලට ඔහුගෙ තියෙන්නේ පුදුමාකාර ඇල්මක්, ඊට දෙවෙනි නෑ දැනුමත් .ඕනෑම පැරණි භාණ්ඩයක කාලවකවානු වගේ දේ බැලූ බැල්මටම කියන එක ඉතාම සුළු දෙයක් මේ ඕල්ඩ්මන් මහත්මයට. කොච්චර දක්ෂයෙක් වුණත් මේ ඕල්ඩ්මන් මහත්මයගෙ ජීවන රටාවත් ඇන්ටික්ස් වගේ තමයි. සමාජ ආශ්‍රයක් ඇත්තෙම නැති තරම් ඔහුට, පුළුවන් තරම් හුදකලාව ජීවත්වෙන්න තමයි කැමැත්ත, අදහසුත් බොහොම ගතානුගතිකයි සහ කාන්තාවන්ට ඔහුගෙ ජීවිතේ නෑ කිසිම ඉඩකඩක්. ඒ වගේම තම දැනුම තම වාසියට පාවිච්චි කරන්නත් ඔහු දෙපාරක් හිතන්නෙ නෑ. ඒකට ඉන්නව හොඳ සහයකයෙකුත්. මේ මොනදේ කලත් තම වෘතීය ජීවිතයේදි ඔහු අති සාර්ථකයි. මෙහෙම කාලය ගෙවන මේ ධනවත් වෙන්දේසිකරුවට දැවැන්ත මන්දිරයක ගෘහ භාණ්ඩ සහ චිත්‍ර වගයක් විකිනීමේ අවස්ථාව හිමිවෙනව. හැබැයි එතනින් මේ හුදකලා වෙන්දේසිකරුගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා.. එතනින් එහාට මම කියන්නෙ නෑ නරඹන ඔබට බාරයි ඒ කාර්යය…. එහෙනම් මම ගිහින් එන්නම් අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම..
විශේෂ :-
මේක මතක ඇතුව වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න. මම එහෙම කියන්නෙ මේක නිරුවත් දර්ශන කීපයක් ඇතුලත් නිසා. ඒ වගේම උඩුකය සහ පූර්ණ නිරුවත් චිත්‍ර වගයකුත් චිත්‍රපටය තුල ඇතුලත්. ඒවනම් තනිකරම කලාත්මකයි.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට 🙂
බොහොම ස්තූතියි, සුමින්ද 🙂
Thanks machan……jayawewa……!
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි, Kantha 🙂
Peter Rabbit බැලුව …. සුපිරි මුවි එක……. තව පාරක් බලන්න අසයි එක නම්… ලස්සන කතානෙ……. _______සබ්ෆයිල් එකට ස්තුතියි සහෝ… ඔන්න සෙව් කරා…. හොයාගන්න බොහොම ලෙසි උනා yify ටොරෙන්ට් එකක් නිසා ….. සතුටුයි👌, ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා ජය.
godless netflix COMPLETE full series ekama aragatta saho thank hoda katawak wage.
thans macko tha oniiiii
ස්තුති සහො.ඔයානැත්නම් වෙ කවුරැ මේවගෙ film දෙන්නද
Thanks, මිත්‍රයා 🙂
tnx film ekata
හසිත සහො Samson 2018 අලුත් ෆිල්ම් එකක් ඇවිත් .එක එච්චර ඉක්මනින් හොද කොපි එයි කියල හිතුවෙනැ.සුපිරි ආගමික ෆිල්ම් එකක්. Thriller එක පොඩ්ඩක් බලන්නකො.. පුලුවන් නම් එකටත් උපසිරැසි කරන්නකො please ….
Yts web-dl තියෙනව
බ්ලුරේ එකත් ආව
හරි, මිතුන් මම දෙන්නම්. බොහොම ස්තූතියි තොරතුරට සහ ප්‍රතිචාරයට 🙂
බොහොම ස්තූතියි සහෝජය වේවා!
sub ekata thanks saho. jaya wewa!!
ස්තුතියි හසිත සහෝ.ජයවේවා!
thank you Hasitha Prasad & Subz.lk team for the sub, Good work gyus, all the best to subz.lk team…