ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ ඇඩ්මින් කවීෂ සහෝදරයගෙ ඉල්ලීම අනුව පෙර උපසිරැසියෙදි පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ The Equalizer (2014) චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙන. ඒ වගේම මේ එක්කම The Equalizer 2 (2018) චිත්‍රපටයෙ උපසිරැසියත් මම පළකරනවා. මේ චිත්‍රපට ද්විත්වය මට බාරදීම පිළිබඳව කවීෂ සහෝදරයට ස්තූතිය පළකරන්නත් මම මේක අවස්ථාව කරගන්නවා.
1985 වසරේ ආරම්භවී 1989 වසර දක්වා විකාශය වූ මෙනමින්ම යුත් රූපවාහිනී කතාමාලාව අනුසාරයෙන් Antoine Fuqua අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය IMDB අගය 7.2ක්ද, Rotten Tomatoes වෙතින් 60%ක අගයක්ද Metacritic වෙතින් 57%ක අගයක්ද, ගූගල් පරිශීලකයන් 93%කගේ ප්‍රසාදයත් ලබාගන්නට සමත්වී තිබෙනවා. ඊට අමතරව සම්මාන දහයකට නිර්දේශ වී එයින් එක් සම්මානයක් තමන් සතු කරගන්නටත් මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. රංගනයෙන් දායක වෙන්නෙ හොලිවුඩ් රසිකයන් සියලුම දෙනා පාහේ කිසිදු පැකිලීමකින් තොරව ආදරය කරන ඩෙන්සිල් වොෂින්ටන් රංගන ශිල්පියා. ඊට අමතරව ක්ලෝයි ග්‍රේස් මෝටෙස් (ටෙරී), මාටන් ක්සෝකස් (ටෙඩී), ඩේවිඩ් හාබර් (මාස්ටර්ස්), මෙලීසා ලියෝ (සූසන් ප්ලමර්). බිල් පුල්මන් (බ්‍රයන් ප්ලමර්), ඩේවිඩ් මෙනියර් (ස්ලාවි) ජොනී සකෝටිස් (රැල්ෆි) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…
මැකෝල් (ඩෙන්සිල් වොෂින්ටන්) කියන්නෙ ගොඩනැගිලි ද්‍රව්‍ය සලක රැකියාව කරගෙන බොහොම නිහඬව තමන්ගේ ජීවිතය ගත කරන කෙනෙක්. මේ රැකියාවට ඔහු එකතු වෙන්නෙත් මෑතකදි. ඔහු බොහොම සුහද පුද්ගලයෙක් නිසා රැකියා ස්ථානයේ සියලු දෙනා ඔහුට ඉතාම හිතවත්. හැබැයි ඔහු ගැන ඉන් එහා කිසි දෙයක් කිසිවෙක් දන්නෙ නෑ. රාත්‍රියේ ඔහු පුරුද්දක් ලෙස කෝපි කෝප්පයක් බොන්නට යනවා සාමාන්‍ය ප්‍රමාණයේ අවන්හලකට. එහි තවත් නිත්‍ය පාරිභෝගිකයෙකු වන ටෙරී නම් බාලවයස්කාර ගණිකාවක් හිතවත් වෙනවා මැකෝල් සමග. නිතර පොත් කියවීමට හුරුවී සිටින මැකෝල් සමග සෙමෙන් හිතවත් වන මේ යොවුන් තරුණිය ගැන මැකෝල්ගේ සිතේත් යම් පැහැදීමක් ඇතිවෙනව. ඔමේ අතරවාරයෙදි දිනෙක මේ තරුණිය පහරදීමකට ලක් වෙනවා ඇයගේ තැරැව්කරුවා අතින්. මේ සම්බන්ධව දැඩි කණගාටුවට පත්වන මේ මැකෝල් නම් නිදා සිටි දරුණු පුද්ගලයා හිටි හැටියේ අවදිවෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු අතගහනවා මේ තරුණියට සාධාරණය ඉෂ්ඨ කරන්නට. නමුත් එය අවසන් වෙන්නෙ නෑ ඒතරම් පහසුවෙන්… හරි, එතනින් එහාට නරඹන ඔබට බාරයි. තව විශේෂ කරුණු කීපයක් මම සඳහන් කරන්නම් යටින්.ඒ ටිකත් කියවන්න.
විශේෂ:-
- චිත්‍රපටයේ විදියට මැකෝල් Obsessive-Compulsive Disorder (OCD) නම් (මානසික) රෝගයෙන් පෙළෙන්නෙක්. මෙහි රෝග ලක්ෂණවලින් සමහරක් තමයි සෑම දෙයක් ම යම් නිශ්චිත පිළිවෙළකට තැබීමට (අනවශ්‍ය ලෙස) උත්සුක වීම, කිසියම් දෙයක් නියමිත පරිදි තිබේ දැයි යළි යළිත් පිරික්සා බැලීම, සෑම දෙයක් ම සමමිතික සහ අඩුපාඩුවක් නොමැති ලෙස සැකසීම, විෂබීජ සම්බන්ධයෙන් දක්වන අධික බිය වගේ දේවල්. මෙයින් මුල් ලක්ෂණ තුන තිබෙනවා මැකෝල් තුල. ඩෙන්සිල් වොෂින්ටන් මේ චරිතය වෙනුවෙන්ම මේ රෝගයෙන් පෙළෙන රෝගීන්ව අධ්‍යනයද කර තිබෙනවා.
- මෙහි ටෙරී චරිතය ලියා තිබෙන්නේ වයස 24ක පමණ තරුණියක්ව සිතේ තබාගෙන. නමුත් ක්ලෝයි ග්‍රේස් මෝටෙස් වෙනුවෙන් එය වයස 17ක් කරන්නට අධ්‍යක්ෂක Antoine Fuqua තීරණය කර තිබෙනවා. ඇයට තව ශරීරයේ බර වැඩිකරගන්නටත් සිදුව තිබෙනවා මේ චරිතය වෙනුවෙන්.
- චිත්‍රපටය අවසානයේ මැකෝල් කියවන පොත “Invisible Man “. හැබැයි මේ එච්.ජී වෙල්ස් ලේඛකයා විසින් රචිත ප්‍රසිද්ධ “Invisible Man” කෘතිය නෙමෙයි මේ රැල්ෆ් එලිසන් විසින් රචිත පොත. එය 20වන ශතවර්ශයේ මුල්භාගයේ අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන් මුහුණ දුන් ගැටලු සම්බන්ධව ලියැවුණක්.
- Details
- Trailer
- Download links
Year : 2014
Rating : 7.2
Genre : Action, Crime, Thriller
Actors : Denzel Washington, Marton Csokas, Chloë Grace Moretz, David Harbour
Writer : N/A
Director : Antoine Fuqua
Plot :

BRRip සඳහා වේ
සිංහල උපසිරැස Download කරගන්න 3572 times
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
නියමයි.බොහොම ස්තූතියි සහෝ
tnq sub ekata
සබ් එකට ස්තූතියි සහෝ