The Gift (2000) Sinhala Subtitle

/

කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසිත් අරන් ආවා. චිත්‍රපටියෙ නම තමා The Gift. මේක අයිති වෙන්නෙ Supernatural, Thriller, Mystery ගනයට. මෙකෙ IMDB අගය 6.7 ක්. හිතාගන්න පුලුවන්නෙ ඉතින්. හැබැයි 2015 දි ආපු එක නෙමේ. පටලවගන්න එපා. මේක නිකුත් උනේ 2000 අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි. මූන පොඩ්ඩක් අවුල් උනාද අවුරුද්ද කිව්වම. පරන කුනු ගොඩක් වගේ හිතුනද. නෑ නෑ මම සහතික වෙනව මේ චිත්‍රපටය ඔයා ජීවිත කාලෙටම බලන හොදම චිත්‍රපටයක් වේවි කියලා. ඒ වගේම අලුතින් එන ඒවම විතරක්ම බලන්න ඕන කියල එකක් නැහැනෙ. හරි සිනමා ලෝලියෙක්ට අවුරුද්ද අදාලම නෑනෙ. විශිෂ්ට චිත්‍රපට ගත්තොත් බොහෝමයක් පැරණි ඒව තමා. ඒක නිසා පරනයි කියල අහක දාන්නෙපා. ඒ වගේම මේ චිත්‍රපටය ලාංකික සිනමා ලෝලීන්ට මග ඇරුනු එකක්දෝ කියලත් හිතෙනවා. ඒ තරම්ම පරිපුර්ණ චිත්‍රපටයක් කියලයි මගේ හැගීම. අබිරහස් මිනී මැරුමක්, මිනිසාට තේරුම් ගත නොහැකි අද්භූත දේවල්, පවුලක් තුල ආදරය සෙනෙහස, පියා නොමැති නිවසක ඇති අභියෝග,මිනිස් ජීවිතයේ විවිධ ගැටලු විවිද පැතිකඩවල් වලන් බලන සම්මිශ්‍රණයක් තමා මේ චිත්‍රපටය. ඒක ඔයාලට තේරේවි.

මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා තමා සම්මානලාභී අධ්‍යක්ෂකවරයකු වන Sam Raimi. ප්‍රධාන චරිතය වන ඈන්ගෙ චරිතයට පන පොවන්නෙ Lord Of The Rings, The Aviater, The Hobbit ඇතුළු තවත් චිත්‍රපට ගනනාවකම රගපෑ ඔස්කාර් සම්මානලාභී ඕස්ට්‍රේලියානු නිලි Cate Blanchett. ඒ වගේම Speed, Matrix, John Wick වැනි සුපිරි චිත්‍රපට වල රගපෑ කැනේඩියානු නලු Keanu Reeves ද, ඊට අමතරව Insomnia, The Core, Million Dollar Baby වැන චිත්‍රපට වල රගපෑ ඔස්කාර් සම්මානලාභී නිලි Hilary Swank ද, චිත්‍රපටියේ මගේ සිත්ගත් චරිතය උනු බඩී ලෙස Giovanmi Kibisi ද රංගනයෙන් දායක වෙනවා. ඉතින් හිතාගන්න පුලුවන්නෙ මොන වගේ සෙට් එකක්ද කියලා. ඒ වගේම මේකෙ පසුබිම් සංගීතයත් ඔයාලට අමුතු අත්දැකීමක් ගෙන ඒවි.

හරි කතාව පැත්තට හැරෙමු. ප්‍රධාන චරිතය තමා ඈන්. ඇයට යම් හැකියාවක් තියෙනවා අනාවැකි කීමේ. හැබැයි සුරන්ගනා කතා වල වගේ පලිගු බෝලෙන් බලලවත්, අපේ රටේ වගේ අත බලලවත් නෙමෙයි හොදද. ඒක ඔයාට දකින්න ලැබේවි. ඇයගෙ ස්වාමිපුරුෂයා මිය ගිහින්. දරුවො තුන්දෙනෙකුත් එක්ක ප්‍රශ්න මැද ඉන්නෙ. ඇය මේ හැකියාවෙන් ගොඩක් අයට උදව් කරනව. මේ අතර අනිකුත් චරිත කතාවට සම්බන්ධ වෙනව විවිධ ආකාරයෙන්. මේ අතර අබිරහස් මිනීමැරුමක් සිදුවෙනව. මෙයට සැකය යොමුවෙන්නෙ ඇනීගෙ හතුරෙකුට. එයා හතුරෙක් වෙන්නෙ කොහොමද කියලත් ඔයාල බලන්නකො. මේ අතර පොලිසිය ඇනීගෙන් උදව් බලාපොරොත්තු වෙනව සහ ඇය ගැටලු ගොඩකට මුහුනපානව. මේ කිව්වෙ කතාවෙන් බොහොම ටිකයි. මොකද වැඩිපුර කිව්වොත් ඒක ඔයාලට කරන අසාධාරණයක් නිසා. තැන් කිහිපයකදිම අපිව තිගැස්මට පත් කරමින් කතාව ගලාගෙන යනව. කවුද මිනීමරුවා? මොකක්ද මේ හැකියාව? එතකොට බඩීගෙ භූමිකාව මොකක්ද? ඇනී බොරුකාරියක්ද? ඇනීට ජීවත් වෙන්න පුලුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ විනාඩි 111 තුල ගැබ්වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානය නොසිතූ වගේම සංවේදී එකක්. සංවේදී ඇස් වලට කදුලක් උනාවි. බොහෝකල් මේ චිත්‍රපටය මතකයේ රැදේවි.

ටිකක් දිග ලිපියක් ලිව්වෙ හරි අවබෝධයක් නොලැබුනු යාලුවෙක් මේක නොබල හිටියොත් අපරාදෙ නිසා. ඒ වගේම පුංචි අඩ නිරුවත් කොටසක් මෙහි අඩංගුයි. ඒකත් යාලුවොන්ට මතක් කලා ඔන්න. එහෙනම් ආයෙත් මේ විදියට උපසිරසියකින් හමු වෙමු යාලුවනේ. බුදු සරනයි!

In the tiny town of Brixton, Georgia where nothing is private, a woman with supernatural clairvoyance, a young beautiful socialite who has mysteriously disappeared, and an assortment of colorful characters all collide. A haunting psychological thriller, “The Gift” is ultimately a profound celebration of the human spirit.

6.7
IMDB

Year : 2000

Actors : cate blanchett, giovanni ribisi, keanu reeves, katie holmes

A woman with extrasensory perception is asked to help find a young woman who has disappeared.

2020-04-08 02:32 pm
Junior Subtitler

Movies

10

Tv Episodes

6

  • Download : 563
  • File Size : 41.691KB
  • Sub Update :2021-01-08
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 69

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට! ජයවේවා!

    2018-10-08 at 10:57 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 69

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-10-08 at 11:26 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-09 at 1:56 pm
  • geeganagamage Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2018-10-09 at 6:39 pm
  • Madusha Unregister User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ

    2018-10-11 at 7:22 am
  • Silent$ Unregister User
    Windows 7Chrome 69

    Thnxxxxxxxxxxxx

    2018-10-11 at 11:44 am
  • isuru_6 User
    Windows 7Firefox 62

    ස්තුතියි…………………………!

    2018-10-12 at 12:40 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-06 at 10:26 pm
  • chandika plt User
    Windows 7Chrome 72

    Ela Fatta Movie ekak Bro Salsher Horror movies walata sinhala sub dennako

    2019-03-11 at 5:48 pm
  • Shehan Rashmika Unregister User
    Android 9Chrome 72

    සුබපැතුම් යාළුවා..පොඩි ඉල්ලීමක් …මේකට horror ,slasher,mystery tv series වලට කැමති අය නම් උඩින්ම කැමති වේවි.මොකද මේ tv series එක ගොඩක් අය දන්නෙ නැතුවඇති.ඒ වගෙම කිසි site එකක මේකෙ sinhala subtitles නෑ.නම තමා american horror story.FX channel එකේ තමා මේක ගියෙ..series 8ක් ආවා.9 සැප්තැම්බර් වල එනවා.වෙනස්ම කතාවක්..මේක දාන්න පුලුවන් නම් ලොකු දෙයක් .. season 8ම බැලුවා .එත් english subtitles එක්ක.අවුලක් නෑ..පුලුවන් නම් try එකක් දෙන්න.එකට tv series පිස්සො නම් ගොඩක් කැමති වේවි..all the best 👍

    2019-07-30 at 10:14 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *