මේ වතාවේ අරගෙන එන්නෙ 2013 වසරෙ තිරගත වුනු ඩෙන්මාර්ක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පළමුවැන්න වගේම IMDBහි 7.2ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. තව සම්මාන 2ක් ලබා තවත් 19කට නිර්දේශවූවක්.
කතාව ගැන කිව්වොත් මෙහෙමයි…කාල් කියන්නෙ පොලිස් ඩෙන්මාර්ක පොලිස්
නිලධාරියෙක් ඒ වගේම බොහොම හිතුවක්කාර පුද්ගලයෙක්. ඔහුගේ හිතුවක්කාර වැඩක් නිසා ඔහුටත් වෙඩි වැදී ඔහුගේ සගයන් දෙදෙනාගෙන් අයෙක් මියගිහින් අනිත් කෙනා සදාකාලික ආබාධිතයෙක් වෙනවා.
සුවවී නැවත රැකියාවට එන ඔහු සමඟ වැඩකරන්න කවුරුවත් කැමති නෑ ඔහුගේ
ගතිගුණ නිසා. ඉතිං ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් “Q අංශය” නම් අලුත් අංශයක් ලබා දෙනවා. රාජකාරිය තමයි විසඳල ඉවරවුණ පරණ කේස් නැවත සමාලෝචනය කරල එක් එක්
කේස් ගැන වෙන වෙනම වාර්තා ලියන එක. තව ඔහුට අසාද් නම් නිලධාරියෙකුත් සහයට
ලැබෙනවා, හැබැයි කාල් මේ රාජකාරිය බාර ගන්නෙ බොහොම අකමැත්තකින්.
පරණ කේස් හාරාවුස්සද්දි කාල්ට අතුරුදන් වුණ කාන්තාවකගෙ කේස් එකක්
ඇහැගැටෙන අතර ඇය සියදිවි නසාගත් බවයි කියවෙන්නේ.රාජකාරිය ඒ ගැන සමාලෝචනයක් කර වාර්තාවක් ලියන එක වුනත් මේ හිතුවක්කාර නිලධාරියා තම සගයාත් සමඟ ඒ කේස් එක පස්සෙන් පන්නන්න ගන්නවා…ඇත්තටම ඇය මියගිහින්ද? නැද්ද? හිතුවක්කාර කාල් එක්ක වැඩ කරන්න අසාද්ට හැකිවෙයිද? නරඹලම බලන්න.
මෙහි එකම එක අඩනිරුවත් රූපරාමුවක් ඇති අතර එයද තත්පර 3ක පමණ ක්ෂණික එකක්,
ඒ නිසා එච්චර හිතන්න එපා.
- Details
- Trailer
- Download links
Year : 2013
Rating : 7.2
Genre : Crime, Mystery, Thriller
Actors : nikolaj lie kaas, per scheel krüger, troels lyby, Øyvind b. fabricius holm
Writer : jussi adler-olsen , nikolaj arcel, nikolaj arcel
Director : mikkel nørgaard
Plot :
Police inspector Carl Mørck is put in charge of a department of cold cases, joined only by his assistant, Assad. They dig into a case about a disappeared woman.