Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E22] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E21] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E20] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E19] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E18] Sinhala Subtitle Action Magadheera (2009) Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E22] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E21] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E20] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E19] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E18] Sinhala Subtitle Action Magadheera (2009) Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle
  • Genres
  • Drama
  • The Lighthouse (2019) Sinhala Subtitle

The Lighthouse (2019) Sinhala Subtitle

January 21, 2020 Junior Admin
 

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. 1917 (2019) චිත්‍රපටයේ උපසිරැසි ලබාදෙද්දි පොරොන්දු වුණ The Lighthouse (2019) චිත්‍රපටයේ උපසිරැසියයි මේ අරගෙන එන්නෙ. ඇත්තටම 1917(2019) බාරවෙද්දි මෙහි උපසිරැසිය අවසන් කරලයි තිබුණෙ මම. අඩුපාඩු බලලා අද තමයි පළකරන්නේ මේ. මේ වනවිට සම්මාන 15ක් ඇතුළුව එක් ඔස්කා සම්මානයකටද නිර්දේශව ඇති මේ චිත්‍රපටය නැරඹූ විචාරකයන්ගෙ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේත් මතයනම් මෙය ඉතාම අවතක්සේරුවකට ලක්වූ නිර්මාණයක් බවයි.

මේ වයිඩ් ස්ක්‍රීන් හා වර්ණවත් ලෝකයේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන පැරණි 1.19:1 දර්ශනානුපාතයකින් ( Aspect ratio) හා කළු සුදු වර්ණයන් පමණක් භාවිතයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. සිනමාත්මකව ගත්තහම ඉතාම ඉහල ඝණයේ නිර්මාණයක් බව අවිවාදයෙන්ම සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම උපසිරැසිය කිරීමේදීත් ඉතාම අපහසුතාවකට පත්වුණා මෙහි ඇති පැරණි ඉංග්‍රීසිය නිසා. කොහොමින්හරි විටෙක නරඹන අපව සිනහගස්වන, තවත් විටෙක් භීතියෙන් තැති ගන්වන, තවත් විටෙක කුතුහලයෙන්ද පුරවන මෙහි අධ්‍යක්ෂවරයා රොබට් එගර්ස්. රචනයත් ඔහු හා ඔහුගේ සොහොයුරු මැක්ස් එගර්ස් විසින්.

මේ වනවිට IMDB වෙතින් 7.8ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 91% ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 83%ක අගයක්ද මේ නිර්මාණය ලබා තිබෙනවා. එසේම මෙය The Lighthouse(2016) චිත්‍රපටයේම ප්‍රතිනිර්මාණයක්. රංගනයෙන් දායක වන්නේ රොබට් පැටින්සන් (තෝමස් හොවාඩ්), විලියම් ඩැෆෝ ( තෝමස් වේක්) සහ වැලේරියා කාමන් ( දිය කිඳුරිය). රොබට් පැටින්සන් සහ විශේෂයෙන්ම විලියම් ඩැෆෝගේ රංගනය ඉතාමත්ම ඉහල මට්ටමක තිබෙනවා. මෙහි එක් තැනක ඇති මිනිත්තු දෙකක් පමණ දිග දීර්ඝ ශාප කිරීමේ දර්ශනය රූගත කිරීමේදී කිසිදු දෙබස් වැරදීමක් විලියම් ඩැෆෝ අතින් නොසිදූ බවත්, මුළු දර්ශනයම එක දිගටම රූගත කල බවත්, ඔහු වම තරමින් ඇසිපිය සැලීමක් තරමේවත් නොකල බව තමයි අධ්‍යක්ෂ එගර්ස් පවසා තිබුණේ. එසේම ඉතාම අසීරු දුෂ්කර කාලගුණ තත්වයන් යටතේයි චිත්‍රපටයේ රූගත කිරීම් කර තිබෙන්නේත්. ප්‍රදීපාගාරය සහ ඒ හා සම්බන්ධ ගොඩනැගිලි සියල්ලම චිත්‍රපටය වෙනුවෙන්ම ඉදිකල ඒවා වන අතර, ඉදිකර ඇත්තේ දැව භාවිතයෙන්. ස්ථානය වන්නේ කැනඩාවේ නෝවා ස්කොට්යාහි යාමවුත් නම් සමුද්‍රාසන්න ප්‍රදේශයේ. එහි අවට වෙසෙන්නන් මේ ප්‍රදීපාගාරයට කොතරම් ඇලුම් කර ඇත්දැයි කිවහොත් ඔවුන් ඉල්ලා සිට තිබෙනවා රූගත කිරීමවලින් පසුවත් ප්‍රදීපාගාරය එලෙසම තිබෙන්නට හරින ලෙස. එහෙත් ආරක්ෂක හේතූන් හා ඉදිකරනු ලැබුවේ දැවයෙන් වීම යන කාරණා මත පසුව එය කඩාදමා තිබෙනවා. රූගත කිරීම්වලට භාවිත කරතිබෙන්නේත් 1912 සහ 1930 යන වර්ෂවල නිෂ්පාදිත කැමරා කාචයන්.Panavision සමාගම නව කැමරාවලට ගැලපෙන ලෙස මේ පැරණි කාචයන් සකසා දුන් බවත් අධ්‍යක්ෂ එගර්ස් පවසා තිබුණා.මේ සියල්ල නිසාම මෙහි කතාවෙ එන කාලසමයට (එනම් 1890 හෝ ඒ ආසන්න) අපව මුල සිටම ගෙනයන්නට සමත් වෙනවා චිත්‍රපටය. චිත්‍රපටයේ තතු එසේ වද්දී, අපි යමු දැන් කතාව පැත්තට…

වර්ෂ 1890 හෝ ඊට ආසන්න කාලයක මුහුදේ ඈත දූපත් පරයක පිහිටි ප්‍රදීපාගාරයකට පැමිණෙනවා නෞකාවක්. එයින් ප්‍රදීපාගාර භූමියට ගොඩබසිනවා දෙදෙනෙක්. එයින් එක් අයෙක් මහළු ප්‍රදීපාගාර පාලකයා. අනිත් තැනැත්තා ප්‍රදීපාගාර සේවයට අලුතින් එකතුවූ යම් අද්භූත පෙනුමක් ඇති තරුණයෙක්. දැඩි මුහුදු සුලං සහිත කටුක කාලගුණය, තනිකම, ප්‍රියයන්ගෙන් වෙන්වසිටීමේ ශෝකය වැනි බොහෝ දේ මේ පළපුරුදු සහ ආධුනික දෙපලට පොදු අත්දැකීමක් බවට පත්වද්දී, තමන්ගේ ප්‍රකෘති සිහිය තමන්ගෙන් පලා නොයා තබාගැනීමට දැවැන්ත සටනක් කරන්නට වෙනවා ඔවුන්ට… එතනින් එහාට නරඹන ඔබට බාරයි. මගහැරගන්න එපා මේ චිත්‍රපටය , හොරර්වලත් වෙනස්ම අත්දැකීමක් මේ. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

අන්තර්ජාලයේ ඇති සියලුම WEB-DL, WEBRip සහ BLURAY පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ

විශේෂ :-

• ශාන්ත එල්මෝතුමාගේ ගින්න

මෙය ඇත්තටම ස්වාභාවික කාලගුණ සංසිද්ධියක්. මෙය වායුගෝලයේ ශක්තිමත් විද්‍යුත් ක්ෂේත්‍රයක් ආසන්නයේ ඇති තියුණු වස්තුවකින් ( රුවල් නැවක කුඹ ගහ වැනි) ඇතිවන කොරෝනා විසර්ජනයකින් සෑදෙන දීප්තිමත් ප්ලාස්මා ආලෝකයක්.

මේ රූපයේ ඇත්තේ එවන් අවස්ථාවක්.

මෙය ශාන්ත එල්මෝගේ ගින්න ලෙස හඳුන්වා ඇත්තේ පැරණි නාවිකයන් විසින්. ඒ නම ලැබෙන්නේ නාවිකයන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා ලෙස පිළිගැනෙන ෆෝමියාහි ශාන්ත එරස්මස් නොහොත් එල්මෝ තුමන් සිහිවීමටයි.

ඇලෙහෝ ෆර්නැන්ඩස් සිත්තරා විසින් 16 වන ශතවර්ෂයේදී ඇඳි ශාන්ත එල්මෝතුමන්ගේ සිතුවමක්. (බලන්න ඔහුගේ වම් අතේ ඇති පන්දමේ ගිනිදැල්ල දකුණතේ ඇති නැවේ කුඹගස දෙසට ඇදෙන ආකාරය.)

• Silver Whorehouse Token ( රිදී ගණිකාමඩම් ටෝකනය)

මෙම ටෝකන පුරාණ රෝමයේ ගණිකා නිවාසවලට ඇතුල්වීම සඳහා භාවිත කර ඇති බව පැවසෙන අතරම යම් ඉතිහාස්‍යයන් දක්වන්නේ මේවා තමන් සේවය ලබාගන්නා ගණිකාවන්ට මුදල් ගෙවීම සදෆහා භාවිතා කර ඇති බවයි. මේ මත දෙකෙන් නිවැරදි මේයැයි ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති නමුත්, එම ටෝකනයන්ගේ සඳහන් රූප බැලූවිට වැටහෙනවා අනිවාර්යයෙන්ම භාවිත කරන්නට ඇත්තේ මේ කාර්යයන් දෙකෙන් එකකට බව.

පොම්පෙයි කැනීම්වලින් හමුවුණු එවන් රිදී ටෝකන කිහිපයක්

විකි (Wickie)

පුරාණ කාලයේ ප්‍රදීපාගාර භාරකරුවන් විකියන් ලෙස හඳුන්වා තිබෙනවා. වික් යනු පහනක තිරය ඉංග්‍රීසියෙන් හඳුන්වන නම වන අතර, එකල ප්‍රදීපාගාර භාරකරුවන්ට නිතරම ප්‍රදීපාගාර පහනේ තිර කපා මට්ටම් කිරීමට සිදුවීම තමයි මේ විකි නම ඔවුන්ට ලැබීමට හේතුව. ඔබට එතෙක් මෙතෙක් ප්‍රදීපාගාර පහන් ක්‍රියාත්මක වුණ ආකාරය ගැන අදහසක් ලබාගන්න පුළුවන් මේ අඩවියෙන් .

වීනාකරුගේ තණබිම (Fiddler’s Green)

මෙය 19 වන ශතවර්ෂයේ පුරාණ නාවිකයන් අතර තිබූ විශ්වාසයක්. වීනාකරුගේ තණබිම ලෙස ඔවුන් හඳුන්වා ඇත්තේ මරණින් මතු ජීවිතය වන අතර එය ලැබීමේ වරම් හිමිවේයැයි විශ්වාස කර ඇත්තේ අවම වශයෙන් වසර 50ක්වත් මුහුදු සේවයේ යෙදුණ අයට පමණයි. එහි සැමවිටම සොම්‍ය කාලගුණයක්ද, අසීමිතව රම් හා දුම්කොල, කාන්තාවන්ද, තැබෑරුම්ද ආදී වශයෙන් තමන්ට අවශ්‍ය සියල්ල ඇතැයි ඔවුන් අතර විශ්වාසයක් තිබී තිබෙනවා. ඒ අනුව ගත්කල එය ඔවුන්ට ස්වර්ගයක් හා සමානයි.

ඩේවි ජෝන්ස්ගේ සේප්පුව (Davy Jones’ Locker)

ඩේවි ජෝන්ස්ගේ සේප්පුව යනු ඇත්තටම Idiom එකක්.එයින් සැබෑවටම හැඳින්වෙන්නේ මූදු පත්ල. නාවිකයෙක්ට මූදු පත්ල යනු මරණය බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. චිත්‍රපටයේදීත් එය භාවිතා වන්නේ ඒ අර්ථයෙන්මයි. ඩේවි ජෝන්ස් යනු පැරණි නාවිකයන් යක්ෂයෙක් මෙන් සැලකූ අයෙක් බව කියවෙනවා.

ජෝන් ටෙනියල් විසින් 1892 වසරේදී ඇඳි ඩේවි ජෝන්ස් සේප්පුව

කපිතාන් ඒහබ් (Captain Ahab)

මේ නමනම් බොහෝ දෙනෙක් දන්නවා ඇති. සුප්‍රසිද්ධ මොබි-ඩික් (1851) කතාවේ එන පෙකියොඩ් නැවේ කපිතාන්වරයා.

කපිතාන් ඒහබ් මොබි-ඩික්ව අල්ලාගන්නට සටනේ

චිත්‍රපටය අවසාන භාගයේ ඇති ප්‍රොමීතියන් කොල්ලය කතාවේ අර්ථය (චිත්‍රපටය නැරඹීමෙන් පසු එය නොවැටහුනු අය පමණක් කියවන්න)

අධ්‍යක්ෂ රොබට් එගර්ස්ට කියන ආකාරයට මෙහි ප්‍රධාන චරිත දෙක නිර්මාණය වෙන්නෙ ග්‍රීක මිත්‍යා විශ්වාසයන්ට අනුව. එහිදී තෝමස් වේක් නියෝජනය කරන්නේ ප්‍රෝටියස් , ඔහු ග්‍රීක මිත්‍යා කතාවන්ගේ එන මුහුදු දෙවියෙක් ” මුහුදේ මහල්ලා” ලෙස හැඳින්වෙන. වින්ස්ලෝ නියෝජනය කරන්නේ ප්‍රොමීතියස් නම් ටයිටන්වරයා. මේ දෙදෙනා චිත්‍රපටයට අදාල වෙන්නෙ මෙහෙමයි.

මනුෂ්‍යයන් තම අණ පිලිනොපැදීම ගැන උරණ වන ග්‍රීක දෙවිවරුන් එයට දඬුවමක් ලෙස ආදි මිනිසාට වටිනාම වස්තුවක් වූ ගින්න ඔවුන්ගෙන් උදුරාගන්නවා. ගින්න නොමැතිව දුක්විඳින මනුෂ්‍යයන් ගැන අනුකම්පා කරන ප්‍රොමීතියන් ගින්න සොරකම් කොට නැවත මනුෂ්‍යයන්ට ලබාදෙනවා. මේ ගැන දැඩි ලෙස උදහස්වන දෙවිවරුන් ප්‍රොමීතියස්ව විශාල ගල්කන්දකට තබා දම්වැල්වලින් බැඳ දමනවා. එපමණක් නොවෙයි ඔවුන් මුහුදු ලිහිණියෙකු එවනවා ප්‍රොමීතියස්ගේ අක්මාව කා දැමීම සඳහා, හැබැයි ඒ එක් වතාවකට නොවෙයි, දිනයකින් අක්මාව නැවතත් වැඩෙන අතර පසුදිනද මුහුදු ලිහිණියෙකු පැමිණ එය කා දමනවා. මෙය නොනවතින චක්‍රයක් ලෙස දිගින් දිගටම සිදුවෙනවා. එය තමයි දෙවියන් ප්‍රොමීතියස්ට දෙන දඬුවම. තෝමස් වේක් ප්‍රෝටියානු සිතුවිලි ලෙස හඳුන්වන්නේ වින්ස්ලෝගේ සිතේ ඇතිවෙන පහන පිලිබඳ ආශාව. එසේම ඔහු ප්‍රොමීතියානු කොල්ලය ලෙස හඳුන්වන්නේ පහන නොහොත් ගින්න.

 

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
6550 Downloads
Download Links
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 972.8 MB
GET
1080p bluray 1.71 GB
GET
2160p bluray 5.42 GB
GET
720p web 969.83 MB
GET
1080p web 1.71 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (15)
Newer →
  • Kasun Unregistered
    Android 8.1 Chrome 78
    2020-01-22

    අඩෝ උබලා මරු බං. පට්ට films දෙන්නේ. ඒවගේම film එක ගැන හොද විස්තරයකුත් දෙනවා.

    Subtitles දෙන ප්‍රසිද්ධ අනිත් web site එක දැන් දෙන්නෙම දෙමළ ඒවා. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව සටන් තියෙන film වගේද බං මේවා.

    ආදරේ 😘

    තව මේ වගේ පට්ට films දෙන්න

    Reply
  • kavinda Unregistered
    Windows 7 Chrome 69
    2020-01-22

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    Reply
    • Sasanka Unregistered
      Android 9 Opera 45
      2020-01-22

      Thanks for the sub

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-22

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. උබ නම් දෙන්නෙම සුපිරි සුපිරි film ඒ දෙන හැම film එකකටම සුපිරි ලිපියකුත් දෙනව සුපිරිමයි මචං ඈ 👊👊.. දිගටම කරන් යං 👏👏
    ජය වේවා.!

    Reply
  • mithun Unregistered
    Android 8 Chrome 79
    2020-01-22

    සුපිරි රෙටින් තියෙන නියම ෆිල්ම් ටිකක් දෙන්නෙ … කලිම් දුන්න එවලත් ඉටත් වඩා හොද කොපි එනකල් ඉන්නෙ ස්තුතියි සහෝ!!!

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2020-01-22

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-22

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Sasanka Unregistered
    Android 9 Opera 45
    2020-01-22

    Thanks a lot for the sub

    Reply
  • Nimantha Unregistered
    iOS 11.4 UC Browser 11.3
    2020-01-23

    බොහොම ස්තුතියි සහෝ…ජය වේවා…

    Reply
  • tharindu Unregistered
    Windows 7 Opera 65
    2020-01-26

    Hasitha Prasad thank you

    Reply
  • Loss Unregistered
    Android 9 Chrome 78
    2020-03-12

    Ado link wada nane bn

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74
      2020-03-12

      @Loss:- ලින්ක් සියල්ල වැඩ. මේ දැන් චෙක් කලා වැඩ නෑ කිව්ව නිසා. ප්‍රශ්ණෙ ඇත්තෙ ඔය පැත්තෙන්.

  • Dulanjan Unregistered
    Windows 10 Chrome 80
    2020-03-21

    Thanks for the sub.appriciate very much!

    Reply
  • Saranga J. Unregistered
    Windows 7 Chrome 80
    2020-04-16

    ගොඩක් ස්තූතියි මචන්.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 129
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved