The Maze Runner 2014 Sinhala Subtitle
ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා , ඒ මිනිත්තු 113 ම කිසිම කම්මැලිකමකින් තොරව කුතුහලයෙන් යුතුව නරබන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි (මොකද මම බලද්දිත් මට එහෙම උනා) මෙම චිත්‍රපටය IMDb හි 6.8 ක අගයක් අරන් තියෙනවා. ඒත් මගේ වර්ගකිරීමේදී නම් මම මේකට 9.0 ක වගේ අගයක් ලබා දෙනවා , එයින්ම තේරෙනවනේ මේ කතාව කෙතරම් සුපිරිද කියලා. මෙම චිත්‍රපටය Action / MyStery/Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) යන වර්ග තුන යටතේම වර්ග කල හැකි චිත්‍රපටයක් වෙනවා. ආ තව දෙයක් කියන්න තියෙනවා, තව පොඩ්ඩෙන් ඒක කියන්න අමතක වෙනවා , මේ චිත්‍රපටය සදහා පාදක වෙලා තියෙන්නෙ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථයයි. මේ පොත අලෙවි වාර්තා තබමින් විකිණී තිබු ඇති සාර්ථක එකක්. ඉතින් සිනමා පටය කොහොමට ඇත්ද? ඒක ඔයාලම බලන්නකෝ.
මෙම සිනමා පටයට රංගනයෙන් දායක වන අය ගැන කියන්නයි සුදානම. මෙම සිනමා පටයේ ප්‍රදාන චරිතයට පණ පොවන කෙනා අපි ගොඩාක් හොදින් දන්නා හදුනන කෙනෙක්. Dylan O’Brien වෙන මෙයා තමයි අප විසින් රැගෙන එනු ලබන Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ. හරි මන් දැන් අනිත් අය ගැනත් කියන්නම්. මොහුට අමතරව මෙහි Aml Ameen , Ki Hong Lee, B;ake Cooper වගේම සුරූපී Kaya Scodelario ත් රංගනයේ යෙදෙනවා.
හරි මම දැන් කතාව ගැන යමක් කියන්නම්කො, තෝමස් (ප්‍රදාන චරිතය පණ පොවන්නා) එකවරම අවදි වෙනවා…. බඩු ගොඩාක් පටවපු සෝපානයක තමයි ඔහු ඉන්නේ… ඔහුට ඒ වෙන විට කිසිම දෙයක් මතක නෑ, අඩුම තරමේ තමුන්ගේ නමවත්…. සෝපානයේ ඉහල දොර විවර වෙනවා… ඔහුගේ වයසේම වගේ නව යොවුන් වියේ පසුවන කොලු කණ්ඩායමක් ඔහු දෙස බලන් ඉන්නවා …. මේ තමයි වන්කගිරිය මැද ඇති පිටිය .. මාසයකට වරක් මෙවැනිම අලුත් කෙනෙක් සහ කෑම බිම ටිකක් මෙම සෝපානයෙන් මොවුන්ට ලැබෙනවා.. ගැලවෙන්න මගක් ඇත්තෙත් නෑ… වන්කගිරියෙන් නිදහස් වෙන්න නම් ඔවුන්ට ලොකු ප්‍රෙහෙලිකාවක් විසදන්න වෙනවා.. එත් ඒක කියන තරම් ලේසි නෑ… ඒ වන්කගිරිය සැම රැයකම වෙනස් වෙමින් පවතිනවා… එහි ඇතුලේ ග්‍රීවර් නම් ඉතා බයානක මකුළුවන් වැනි සතුන් විශේෂය බඩගින්නේ සැරි සරනවා… ඉතින් කවර නම් ගලවීමක්ද?.. ඉතින් මේ අලුතෙන් එන කොලු ගැටයා කොහොම කෙනෙක්ද … ඔහු බේරීමට මොකක් නම් කරයිද? ඔහුව කෙසේ නම් අනිකුන් පිළිගනීවිද? ඔවුන්ට මෙතැනින් ගැලවෙන්නට හැකි වේවිද?/ ඇත්තටම මේ වන්කගිරිය කියන්නේ මොකක්ද? ඇයි ඔවුන්ට මෙවැන්නක් සිදුවන්නේ? මේ සැම ප්‍රශ්නයකටම පිළිතුරු මෙම සිනමා පටයේ අඩංගුයි.
ආ අපි තව දෙයක් මෙහි සින්හල උපසිරැසිත් සමග ඔබට තිලිණ කරා, ඒ මෙම සිනමා කෘතියට අදාළ වර්ණවත් Folder Icon එකක්. බලන්නකෝ එකත් කොහොමද කියලා. එය මෙම සිංහල උපසිරැසි ගොනුව තුල ඇති.
ආ තව දෙයක් කියන්න ඕනේ. මම මේ විස්තරේ ලියව්වේ මගේ අතිජාත මිතුරා දිල්ෂාන් සචින්ත (දිලා) සොයුරා නිසා, ඔහුගේ ඉගෙනීමේ කටයුතු වල කාර්ය බහුලත්වය නිසා මට මෙම ලිපිය කරලා දෙන්න කිව්වා. මේක මගේ යාළුවා වෙනුවෙන්.මතක තියා ගන්න මේකේ සිංහල උපසිරැසි සම්පුරණයෙන් දිල්ශාන්ගේ.. මෙහි සම්පුර්ණ ගවුරවය ඔහු සතුයි. ඔබට ජය!!! (සමීර ඉඳුනිල් – ඩොකා)
නියමයි දිලා…
***Good Luck***
thanx subzlk.good luck
thank you saho sub ekata 😉
Thnx Saho..!!!
patta film aeka. kiyala wadak na. Meke 2kath langadeema ona…..
SUB fil eka dounload wennane
ඩවුන්ලෝඩ් වෙනවා.අයෙත් උත්සහ කරලා බලන්න.
2kath.denawa sahoooo.
Thank you machan sub ekata niyameta hadala tiyanawa
Onna bagatha tnx dilshan saho
Niyama wadak 2th ikmanata denna.jaya wewa
Elama bokkah
Fatta bn