The Midnight Sky (2020) Sinhala Subtitle

January 07, 2021 Admin
Subtitle by Rasika Samanjith
අහසින් එහා තරු මංසලේ...

                        2020 දෙසැම්බර් 23 ඇමරිකාවේදී ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කල, Netflix ගෙ තවත් සිනමා පටයක් Midnight Sky. හැබැයි ඊට කලින් දෙසැම්බර් 11 සිනමාශාලා වල සීමිත තිරගත කිරීමක් කරල තියෙනවා. මේක ඇමරිකන් විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් එකක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂනය ඉතා ජනප්‍රිය නලුවෙක් වන George Clooney ගෙන්. රඟපෑමත් එයාම තමයි. ලිලී බ්රූක්ස් ඩෝල්ටන් විසින් 2016 වසරේ ලියන ලද “Good Morning Midnightනවකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මේ සිනමා පටය බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්න සමත් වෙලා තියෙනවා. නෙදර්ලන්තයේදී පළමු සතියේදී, සිනමාශාලා 14 ක ප්‍රදර්ශනය කරමින් ඩොලර් 22,070 ක් උපයාගෙන, ශ්‍රේණි ගතකිරීම්වල 17 වෙනි තැනට පත්වූ අතර දකුණු කොරියාවේදී ඩොලර් 24,608 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තියෙනවා. ධාවන කාලය විනාඩි 118 යි.

Cast
George Clooney … ඔගස්ටීන්
Felicity Jones … සුලී
David Oyelowo … අඩෙවෝලේ
Caoilinn Springall … අයිරිස්
Kyle Chandler … මිචෙල්
Demián Bichir … සැන්චෙස්
Tiffany Boone … මායා
Sophie Rundle … ජීන්

ඉතින් මේක ලෝක විනාශයක් ගැන කියන විද්‍යා ප්‍රබන්ධ කතාවක්. 2049 වසර තමයි පසුබිම වෙන්නෙ. ඒ වගේම ඉතාම අනුවේදනීය කතාවකුත් ෆිල්ම් එක පුරාම පැතිරිලා තියෙනවා. ඇසට ඉතා ප්‍රියජනක, පැහැදිලි දර්ශන වලින් පිරිලා. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ෆිල්ම් එකක් හැටියට බය නැතුව කියන්න පුලුවන්. අනම් මනම් මොකුත් නෑ. 2020 වසරේ සිනමා ලොවට දායාද වුනු සුපිරි නිර්මාණයක්. නැරඹිය යුතුම චිත්‍රපටයක්. විනාඩි 118 යනවා තේරෙන එකකුත් නෑ.
කතාව ටිකක් කියන්නම්. අනාගත ලෝකය සම්පූර්ණයෙන්ම විනාශවීමේ තර්ජනයකට මුහුණ පානවා. ප්‍රධාන සාධකය වායු දූෂණය වීම. ලෝකයේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙලා. ඉතිරි අය ක්ෂේම භූමි හොයාගෙන තැන් තැන් වලට යනවා. ඒ එක තැනක්වත් ස්ථිර නෑ. විනාශය ලොව පුරාම පැතිරෙමින් තියෙන්නෙ. සතුන් පවා මැරි මැරී යනවා. මිනිස් සංහතිය සහමුලින්ම විනාශ වෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. හැමෝම ක්ෂේම භූමි හොයන් යනකොට, ඔගස්ටින් ලොෆ්ට්හවුස් පමණක් ආක්ටික් වෘත්තයේ තියෙන අභ්‍යවකාශ මෙහෙයුම් නිරීක්ෂණාගාරයේ නවතිනවා. ඔහු මහලු වයසේ අසනීපෙන් පසුවෙන විද්‍යාඥයෙක්. ඔහුගේ අරමුණ අභ්‍යවකාශයේ සිට එන යානා වලට, පෘථිවියට නොයෙන ලෙස අනතුරු අඟවන්න. ඒ වනවිට එක යානයක් පෘථිවියට එමින් තියෙනවා. ඒ තමයි බ්‍රහස්පති ග්‍රහයාගෙ K-23 චන්ද්‍රයා වෙත මෙහෙයුමකට ගොස්, අවුරුදු දෙකකින් ආපසු එන ඊතර් යානය. ලෝකය සමග එයාලගෙ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිඳවැටිල තියෙන්නෙ. ලෝකය විනාශයේ දොරකඩ බව එයාලා දන්නෙ නෑ. ඉතා දුරකින් ඇති කාලගුණ මධ්‍යස්ථානයක ඇති වඩා ප්‍රබල ඇන්ටනාවකින් ඔවුන් හා සම්බන්ධ වීමට ඔගස්ටින් බිහිසුණු ගමනක් ආරම්භ කරනවා. කොරේ පිටට මරේ වගේ අතරමන් වුනු අවුරුදු 7-8 වයසැති දැරියකුත් ඔහුට අරන් යන්න වෙනවා. ඔහුට ඊතර් යානයට අනතුරු අඟවන්න පුලුවන් වේවිද? ඔහුට හමුවුනු කුඩා දැරිය කවුද? ඊතර් යානයත් අතරමගදී ගොඩක් කරදර වලට මුහුණ දිදී එන්නෙ. ඔවුන්ගේ ඉරණම කුමක්වේද? අනෙක් ප්‍රධානම කාරණය තමයි කවුරුත් නොදන්න සම්බන්ධයක් ඊතර් යානයත් එක්ක ඔගස්ටින්ට තියෙනවා. ඔක්කොම කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නෑනේ. මේක මිස් කරගන්න නම් එපා. ජයවේවා. 

♣♣  WEBRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p web 1.06 GB
1080p web 2.19 GB
2160p web 5.3 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (6)
  • ශාමල් මන‌ෝජන් Unregistered
    Windows 10 Chrome 87

    උපසිරැසියට ස්තූතියි සහෝ.

    shaolin Temple – 1982
    Swordsman II – 1992
    The Legend – 1993
    Street Fighter – 1994
    Sudden Death – 1995
    Fearless – 2006
    Once Upon a Time in China Collection

    මේ ෆිල්ම් ටිකට හැකිනම් උපසිරැසි දෙන්න සහෝ.

    • Rasika Thushara Samanjith Admin
      Windows 7 Opera 73

      ඉඩ ලැබෙන හැටියට දෙන්නම්.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Rasika Thushara Samanjith Admin
      Windows 7 Opera 73

      Thanka bro.

  • Hashan Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

    • Rasika Thushara Samanjith Admin
      Windows 7 Opera 73

      Thanx bro.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search