
අහසින් එහා තරු මංසලේ...
2020 දෙසැම්බර් 23 ඇමරිකාවේදී ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කල, Netflix ගෙ තවත් සිනමා පටයක් Midnight Sky. හැබැයි ඊට කලින් දෙසැම්බර් 11 සිනමාශාලා වල සීමිත තිරගත කිරීමක් කරල තියෙනවා. මේක ඇමරිකන් විද්‍යා ප්‍රබන්ධ ෆිල්ම් එකක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂනය ඉතා ජනප්‍රිය නලුවෙක් වන George Clooney ගෙන්. රඟපෑමත් එයාම තමයි. ලිලී බ්රූක්ස් ඩෝල්ටන් විසින් 2016 වසරේ ලියන ලද “Good Morning Midnight” නවකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මේ සිනමා පටය බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්න සමත් වෙලා තියෙනවා. නෙදර්ලන්තයේදී පළමු සතියේදී, සිනමාශාලා 14 ක ප්‍රදර්ශනය කරමින් ඩොලර් 22,070 ක් උපයාගෙන, ශ්‍රේණි ගතකිරීම්වල 17 වෙනි තැනට පත්වූ අතර දකුණු කොරියාවේදී ඩොලර් 24,608 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තියෙනවා. ධාවන කාලය විනාඩි 118 යි.
Cast
George Clooney … ඔගස්ටීන්
Felicity Jones … සුලී
David Oyelowo … අඩෙවෝලේ
Caoilinn Springall … අයිරිස්
Kyle Chandler … මිචෙල්
Demián Bichir … සැන්චෙස්
Tiffany Boone … මායා
Sophie Rundle … ජීන්
ඉතින් මේක ලෝක විනාශයක් ගැන කියන විද්‍යා ප්‍රබන්ධ කතාවක්. 2049 වසර තමයි පසුබිම වෙන්නෙ. ඒ වගේම ඉතාම අනුවේදනීය කතාවකුත් ෆිල්ම් එක පුරාම පැතිරිලා තියෙනවා. ඇසට ඉතා ප්‍රියජනක, පැහැදිලි දර්ශන වලින් පිරිලා. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ෆිල්ම් එකක් හැටියට බය නැතුව කියන්න පුලුවන්. අනම් මනම් මොකුත් නෑ. 2020 වසරේ සිනමා ලොවට දායාද වුනු සුපිරි නිර්මාණයක්. නැරඹිය යුතුම චිත්‍රපටයක්. විනාඩි 118 යනවා තේරෙන එකකුත් නෑ.
කතාව ටිකක් කියන්නම්. අනාගත ලෝකය සම්පූර්ණයෙන්ම විනාශවීමේ තර්ජනයකට මුහුණ පානවා. ප්‍රධාන සාධකය වායු දූෂණය වීම. ලෝකයේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙලා. ඉතිරි අය ක්ෂේම භූමි හොයාගෙන තැන් තැන් වලට යනවා. ඒ එක තැනක්වත් ස්ථිර නෑ. විනාශය ලොව පුරාම පැතිරෙමින් තියෙන්නෙ. සතුන් පවා මැරි මැරී යනවා. මිනිස් සංහතිය සහමුලින්ම විනාශ වෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. හැමෝම ක්ෂේම භූමි හොයන් යනකොට, ඔගස්ටින් ලොෆ්ට්හවුස් පමණක් ආක්ටික් වෘත්තයේ තියෙන අභ්‍යවකාශ මෙහෙයුම් නිරීක්ෂණාගාරයේ නවතිනවා. ඔහු මහලු වයසේ අසනීපෙන් පසුවෙන විද්‍යාඥයෙක්. ඔහුගේ අරමුණ අභ්‍යවකාශයේ සිට එන යානා වලට, පෘථිවියට නොයෙන ලෙස අනතුරු අඟවන්න. ඒ වනවිට එක යානයක් පෘථිවියට එමින් තියෙනවා. ඒ තමයි බ්‍රහස්පති ග්‍රහයාගෙ K-23 චන්ද්‍රයා වෙත මෙහෙයුමකට ගොස්, අවුරුදු දෙකකින් ආපසු එන ඊතර් යානය. ලෝකය සමග එයාලගෙ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිඳවැටිල තියෙන්නෙ. ලෝකය විනාශයේ දොරකඩ බව එයාලා දන්නෙ නෑ. ඉතා දුරකින් ඇති කාලගුණ මධ්‍යස්ථානයක ඇති වඩා ප්‍රබල ඇන්ටනාවකින් ඔවුන් හා සම්බන්ධ වීමට ඔගස්ටින් බිහිසුණු ගමනක් ආරම්භ කරනවා. කොරේ පිටට මරේ වගේ අතරමන් වුනු අවුරුදු 7-8 වයසැති දැරියකුත් ඔහුට අරන් යන්න වෙනවා. ඔහුට ඊතර් යානයට අනතුරු අඟවන්න පුලුවන් වේවිද? ඔහුට හමුවුනු කුඩා දැරිය කවුද? ඊතර් යානයත් අතරමගදී ගොඩක් කරදර වලට මුහුණ දිදී එන්නෙ. ඔවුන්ගේ ඉරණම කුමක්වේද? අනෙක් ප්‍රධානම කාරණය තමයි කවුරුත් නොදන්න සම්බන්ධයක් ඊතර් යානයත් එක්ක ඔගස්ටින්ට තියෙනවා. ඔක්කොම කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නෑනේ. මේක මිස් කරගන්න නම් එපා. ජයවේවා. 
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
Download Links:
Download Direct 1080P පිටපත WEB 1.2 GB Download Direct 480P පිටපත WEB 370 MB Download Direct 720P පිටපත WEB 554 MB Download Direct 720P පිටපත WEB 902 MB Download Direct 720P පිටපත WEB 902 MB
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
100
5.6
50%
58%
Comments: 6
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
ශාමල් මනෝජන්
උපසිරැසියට ස්තූතියි සහෝ.
shaolin Temple – 1982
Swordsman II – 1992
The Legend – 1993
Street Fighter – 1994
Sudden Death – 1995
Fearless – 2006
Once Upon a Time in China Collection
මේ ෆිල්ම් ටිකට හැකිනම් උපසිරැසි දෙන්න සහෝ.
Rasika Thushara Samanjith
ඉඩ ලැබෙන හැටියට දෙන්නම්.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Rasika Thushara Samanjith
Thanka bro.
Hashan
තෑන්ක්ස් සහෝ
Rasika Thushara Samanjith
Thanx bro.