ඔන්න එහෙනම් The Wave (2015) චිත්‍රපටයත් එක්කම එහි දෙවැන්න වන The Quake (Skjelvet) (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම. මෙහිත් සම්පූර්ණ ස්තුතිය යන්න ඕනෙ කවීෂ සහෝදරයටයි. ඔහු නොහිටින්න මට මේ චිත්‍රපට ද්විත්වය ඇහැනොගැටෙන්න ඉඩ තිබුණ. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට.. ඔබ The Wave (2015) නරඹා නැත්නම් එය නරඹල ඉන්න කියලත් කියන්න කැමතියි, මොකද මේ කතාව (විශේෂයෙන්ම ක්‍රිස්ටියන් චරිතය) තේරුම්ගන්නනම් මුල් චිත්‍රපටය නැරඹීම අවශ්‍යමයි.
Imdb අඩවියෙන් 6.4ක අගයක්ද, Rotten tomatoes වෙතින් 71%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 63%ක අගයක්ද ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය John Andreas Andersen ගෙන්. රංගන තරු විදියට පෙර චිත්‍රපටයෙන් ඔබට හමුවුණ Kristoffer Joner ( ක්‍රිස්ටියන් එකෝඩ්), Ane Dahl Torp ( ඉදුන්), Edith Haagenrud-Sande ( ජූලියා එකෝඩ්), Jonas Hoff Oftebro ( සොන්ඩර් එකෝඩ්) සමග Ingvild Haugstad ( ඉන්ග්‍රිඩ්) , Stig R. Amdam ( ජොහැන්නස් ලෝබර්ග්), Kathrine Thorborg Johansen ( මෙරිට් ලින්ඩ්බල්ම් ) ඇතුළු පිරිසකුයි දායක වෙන්නෙ. දැන් අපිට තියෙන්නෙ චිත්‍රපටයෙ කතාව පැත්තට යන්නයි, ඊට කලින් මම මේ චිත්‍රපටයේ එන සිදුවීමේ පසුබිම විස්තර කරන්නම්, එතකොට කතාවට ප්‍රවිෂ්ට වෙන්න ලේසියි ඔබට.
1904 වසරේ ඔක්තෝබර් 23 වන දින නැගෙනහිර නෝර්වේහි රිච්ටර් මාපකයේ 5.4ක් ලෙස සටහන්වූ භූකම්පනයක් සිදුවෙනවා ඔස්ලෝ නගරය ( එරට අගනුවර) සහ එහි අවට නගර සියල්ල කම්පනය කරමින්. ඔස්ලෝහි පර්මියානු අවධියේදී ඇතිවූ භූ සුවිභේද තත්වයක් තිබෙන ඔස්ලෝ නගරයේ භූමියේ ඇති අස්ථාවර බව තවත් ඉහල යනවා මේ සිදුවීමෙන් ( මේ සුවිභේද සංසිද්ධිය පැහැදිලි කල ලිපියක සබැඳිය තිබෙනවා ලිපිය අවසානයේ, එය කියවූ විට වඩා පැහැදිලිව වටහා ගන්න පුළුවන්). කෙසේ හෝ මේ හේතු නිසා ඔස්ලෝ නගරයට අනාගතයේ ඇතිවන භූමිකම්පාවකින් දැඩි හානි සිදුවිය හැකි බව අනුමාන කරනවා විද්‍යාඥයන්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
මුල් චිත්‍රපටය නැරඹූ ඔබට මතක ඇති ගයිරන්ගර් මෙගා-සුනාමියට හසුවී දැඩි ප්‍රයත්නයකින් අනතුරුව තම ජීවිතය, තම පවුලේ සියලු දෙනා ඇතුළු විශාල පිරිසක් බේරාගන්නට ක්‍රිස්ටියන් සමත් වුණා. ඉන් වසර තුනකට පසු කාලය තමයි මේ චිත්‍රපටයේ දිවෙන්නෙ.. සිදුවූ ඛේදවාචකයේ පසු කම්පන තත්වයට ගොදුරුව සිටින ක්‍රිස්ටියන් තවමත් ගයිරින්ගර්වලමයි ජීවත්වෙන්නෙ. ඔහුගේ බිරිඳ ඉදුන්, දියණිය ජූලියා සහ පුතා සෝන්ඩර් සිටින්නේ ඔස්ලෝ අගනුවර ආසන්නයේ. කොහොමහරි මේ අතරෙදි ඔස්ලෝහි මුහුදු මට්ටමට යටින් දිවෙන උමං මාර්ගයක කොටසක් කඩාවැටීමෙන් දෙදෙනෙක් මියයනවා. එයින් එක් අයෙක් NORSAR නොහොත් නොර්වේ භූකම්පන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිට විශ්‍රාම ගිය අයෙක්, ක්‍රිස්ටියන් යම් තරමකින් ඔහුව හඳුනන අතර මේ උමං මාර්ග කොටස කඩාවැටීම භූ කම්පනයක් හේතුවෙන් සිදුවූවක් බවට සැකකරන ඔහු පිටත් වෙනවා ඔස්ලෝ බලා… එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්.. පෙර චිත්‍රපටය සේම සෙමින් ගොඩනැගෙන මෙහි අවසන් අර්ධය නරඹන්නාට කාලයකට අමතක නොවෙන අත්දැකීමක් කරන්න මෙහි නිර්මාණකරුවන් සමත්ව තිබෙන බවත් කියන්නම ඕනෙ.
විශේෂ :-
• සුවිභේදය
මේ සංසිද්ධිය මම පැහැදිළි කරනවට වඩා ලස්සණට ඡායාරූපද සහිතව අපේ ලංකාවේ කෙනෙක්ගෙ මෙන්න මේ බ්ලොග් ලිපියේ තියනවා. අවාසනාවට 2016 වසරෙන් පසුව යාවත්කාලීන වී නැති මෙම බ්ලොගය තුල වටිනා කරුණු රැසක් තියනවා. මමත් මේ සුවිභේද සංසිද්ධිය හරියටම දැනගත්තෙ පෙරකී ලිපියෙන්. අන් අයගේ දැනගැනීම පිණිස ඒ සියල්ල සටහන් කර තැබූ ඔහුට හෝ ඇයට ස්තූතිය.
• නෙයෝසේ විලේ ඛේදවාචකය
මේ නෙයෝසේ නම් විල පිහිටා ඇත්තේ කැමරූන් රාජ්‍යයේ. ඇත්තටම මෙය යමහලක් මත සැදුණු සුන්දර විලක්. මේ එහි පෙර පෙනුම …
සතුන් පාලනයෙන් වගාවෙන් දිවිගෙවූ අවට ගම්වාසීන්ට සේවය සලසමින් සිටි මේ නෙයෝස් විල දළ වශයෙන් මිනිස් ජීවිත 1700කද , කි.මී 25ක පරාසයක වාසය කල සත්වයන්ගේද මාරයා බවට පත්වන්නේ 1986 වසරේ අගෝස්තු 26 වනදායි. විල අභ්‍යන්තර පොළවේ සිදුවූ වෙනස්වීමක් නිසා නිදහස්වූ කාබන්ඩයොක්සයිඩ් වායුව විලේ දිය හරහා පැමිණ මීටර 50ක පමණ උසැති වළාවක් ලෙස රැස්වී තමයි ගම්මානයට කඩාවැදී තිබෙන්නෙ. සෘජුවම කාබන්ඩයොක්සයිඩ් ආඝ්‍රාණය වූ සියලු දෙනා එසැනින්ම මියගොස් තිබෙනවා. එම විෂ වායු විදාරණයෙන් පසුව එහි පෙනුමයි මේ.. (උපුටා ගැනීම මෙම අඩවියෙන්)

Year :
2018
Genre :
Action, Drama, Thriller
Actors :
Kristoffer Joner, Ane Dahl Torp, Hang Tran, Jonas Hoff Oftebro
Writer : N/A
Director :
John Andreas Andersen
Plot : In 1904 An Earthquake Of Magnitude 5.4 On The Richter Scale Shook Oslo, With An Epicenter In The

Update In 2020-12-26
සිංහල උපසිරැස Download කරගන්න 10673 times
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thank sub එකට
Request::Roma (2018)Thanks…
හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යයෙන්ම සබ් දෙන්නම්, Kantha.බොහොම ස්තූතියි, මේ ගැන කිව්වට. මම බලන්න හොඳ එකක් හොය හොය හිටියෙ
https://psarips.com/movie/roma-2018/https://www.mkvcage.ws/roma-2018-720p-nf-web-dl-1gb/( you can delete later)😆
ලින්ක් කමෙන්ට් කලාම අයින් වෙනවද? ඇඩ්මින්ල අයින් කරනව ඇති,Kantha, සයිට් එකට හොඳ නෑනෙ, ඒකයි. මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලා ඊයෙ එම්.කේ.වී කේජ් එකෙන්. දැන් බාරවෙච්ච එක ෆිල්ම් එකක් තියනව. ඒක ඉවරවුණ ගමන් දෙන්නම් අනිවාර්යයෙන්ම
බොහොම ස්තූතියි සහෝ
Thanks for the Reply Brother..
එල එල digatama karanna
tnx bro sub ekata
ඔබ සපයන සේවයට බොහෝම ස්තූතියි
thankz bro sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Good site😇😬DDDDDDDDDD
HashanahHahahaHahahaHahaha😛
Sabtitel eka hariyata wad karan na ne saho.time out
Yts copy ekata upload ekak puluwan nm karannako saho.[]karala hadannat ba e copy ekata
Hariyana copy ekak aragatta saho sabtitel ekata thank ❤💖
සොරි, මිතුන්, මේ දවස්ටිකේ වැඩ හින්ද සයිට් එකට ගොඩවෙන්නවත් ලැබුනෙ නෑ.
කමෙන්ට් නොටිෆිකේෂන් එන්නෙ නැති ප්‍රශ්ණෙකුත් තියනව වගේ. නිකං බලද්දියි කමෙන්ට් එක දැක්කෙ. ඇඩ්මින්ලට මේල් එකක් දාන්න ඕනෙ මේ ගමන්ම.
( YTS ල සමහරවෙලාවට WEB-DL එහෙම පබ්ලිෂ් කරනව BLURAY විදියට නේම් කරල. මට කීපවතාවක්ම වෙලා තියනව, ඒක වෙන්නත් පුළුවන් හේතුව)
ඔව් නෙද එක නම් ඇත්ත Mkacage තම official විදියට දෙන්නෙ .මන් ෆිල්ම් එක බැලුව සහෝ ගැලපෙන කොපි එක අරම්.මරු .එකයි ,දෙවෙනි එකයි දෙකම සුපිරි ❤
upasisrsiyata sthuthiyi saho
Niyama wedak brother…thanks
එලහ්……..👍