• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Norwegian Movies
  • The Wave (2015) Sinhala Subtitle

The Wave (2015) Sinhala Subtitle

2018/12/14 at 7:36 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ නෝර්වීජියානු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මීට දවස් කීපෙකට කලින් අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරය මට බාරදුන්නා The Quake (Skjelvet) නම් මේ වසරේ නිකුත්වූ චිත්‍රපටයක්. කොහොමහරි චිත්‍රපටය බලන්න පටන්අරගෙන ටික වේලාවකින් මට තේරුණා මේ චිත්‍රපටයේ මින් පෙර නිකුත්වූ තවත් චිත්‍රපටයක් තියෙන්න ඕනෙ බව. අන්තර්ජාලයේ සොයාබලද්දී දකින්න ලැබුණා මෙය 2015 වසරේ තිරගතවූ The Wave (Bølgen) නම් චිත්‍රපටයේ දෙවැන්න බව. ඒ නිසා මම තීරණය කලා දෙකටම එකවර උපසිරැසි දෙන්න. ඒ නිසාම මේ වටිනා චිත්‍රපට දෙකම මට මුණගැස්වීමේ ගෞරවය යන්න ඕනෙ අපේ කවීෂ සහෝදරයටයි, මොකද මම මේ චිත්‍රපට දෙක ගැන අහලවත් නොතිබුණ නිසා.

හරි, ඔන්න එහෙනම් මේ තමයි පළමු චිත්‍රපටය, එහෙමත් නැත්නම් The Wave (Bølgen). ඉතාම සුන්දර රටක් ලෙස අප දන්නා නෝර්වේ රාජ්‍යය අදටත් මුහුණ දෙන දැවැන්ත ස්වභාවධර්මය ආශ්‍රිත ගැටලුවක් මුල්කරගෙන තැනුන මෙය එරට එතෙක් මෙතෙක් අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට අතර මුල්තැනක තිබෙන්නක්. ක්‍රියාදාම, නාට්‍යමය , ත්‍රාසජනක යන තුන් වර්ගයටම අයත් මෙය ලබා ඇති Imdb 6.7ක්. ඊට අමතරව Rotten tomatoes වෙතින් 83%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 68%ක අගයකුත් ලබා තිබෙනවා. ඒවගේම සම්මාන 16කට නිර්දේශව එයින් 7ක්ම තමත් සතු කරගන්නත් සමත්ව තිබෙනවා. ඒ වගේම 2016 වසරේ පැවති 88වන ඇකඩමි සම්මාන උළලේ හොඳම විදේශීය චිත්‍රපට සම්මානය සඳහා නොර්වේ වෙතින් ඉදිරිපත් කල චිත්‍රපටයත් මෙයයි ( නමුත් නිර්දේශ නොවුණි). ඒ වසරේ එම සම්මානය දිනාගත්තේ නාසි සමය අළලා සැකසුණු අනුවේදනීය හංගේරියානු චිත්‍රපටයක් වන Son of Saul චිත්‍රපටය. බලල නැති අය ඒකත් හොයාගෙන බලන්න, ජීවිතේදි බලන්නම ඕනෙ එකක් ඒක. හරි ,මේ ටිකෙන්ම හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටය කොයි වගේ එකක්ද කියල. ජීවිතේ බලපු හොඳම Disaster චිත්‍රපටවලින් එකක් කියල කියන්න පුළුවන් බය නැතුව. මම එහෙම කියන්න හේතුව මෙහි එන ස්වභාවික ව්‍යසනයේ බරපතලකම අපේ සිතට කාවද්දන්න මෙය සමත් නිසා. හරි අපි දැන් බලමු රංගනයෙන් දායක වෙන්නෙ කවුද කියල , ඒ : Kristoffer Joner ( ක්‍රිස්ටියන් එකෝඩ්) , Ane Dahl Torp ( ඉදුන්), Jonas Hoff Oftebro (සොන්ඩර්), Edith Haagenrud-Sande ( ජූලියා), Fridtjov Såheim ( ආවිඩ්), Laila Goody (මාග්‍රට්), Arthur Berning ( ජේකොබ්),Herman Bernhoft (ජෝජ්), Eili Harboe (විබෙකා), Håkon Moe ( තෝමස්) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. අධ්‍යක්ෂණය Roar Uthaug ගෙන් ( Tomb rider 2018හි අධ්‍යක්ෂවරයාත් ඔහුයි). දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට...

ක්‍රිස්ටියන් එකෝඩ් කියන්නෙ භූවිද්‍යාඥයෙක්. ඔහු සේවය කරන්නෙ නෝර්වේහි සංචාරක කලාපයක් වන ගයිරන්ගර් ගම්මානයේ මුහුදට මුහුණලා තිබෙන ඇකනස් නම් නායයාමේ අවධානමට ලක්ව ඇති පාෂාණවලින් සැදුම්ලත් කන්දක් අධ්‍යයනය කිරීම භාරව සිටින කණ්ඩායමක. කෙසේ හෝ මේ වනවිට ඔහු නෝර්වේහී තෙල් අගනුවර ලෙස ප්‍රසිද්ධ ස්ටැවෙන්යර් නගරයේ නව රැකියාවක් ලබා තම බිරිඳ ඉදුන්, පුත්‍රයා වන සොන්ඩර් සහ කුඩා දියණිය ජූලියාත් සමග එහි පදිංචියට යාමටයි සූදානම. භූවිද්‍යාඥයෙක් ලෙස පරිසරයට, මේ ගයිරන්ගර් වටපිටාවට තදින් ආදරය කරන ක්‍රිස්ටියන් මේ ගමනට සූදානම් වෙන්නෙ ඒතරම් සතුටකින් නෙමෙයි, නමුත් ඔහුට වෙන කරන්නට දෙයකුත් නෑ. තම රාජකාරි සගයන් වන ආවිඩ්, ජේකොබ්, ජෝජ් සහ මාග්‍රට් සූදානම් කරන සුළු සමුදීමේ සාදයකටත් සහභාගිව ස්ටැවෙන්යර් බලා යන්නට ඔන්න මෙන්න තිබියදි දෛවය ඔහුගේ ගමන නවත්වනවා.... ඒ හේතුව මොකද්ද කියල බලන්නනම් ඔබට මේ චිත්‍රපටය නරඹන්න වෙනවා, ඉන්පසුව නොවැරදීම මෙහි දෙවන චිත්‍රපටය වන The Quake (Skjelvet) (2018) චිත්‍රපටයත් නරඹන්න. නරඹා පසුව චිත්‍රපට ද්විත්වය ගැන ඔබේ අදහස අපිට කියන්න. එහෙනම් මම ගිහින් එන්නම්..

විශේෂ :- • චිත්‍රපටයේ එන ආකාරයේ යම් විශාල වස්තුවක් හදිසියේ ජලයට කඩාවැටීමෙන් ඇතිවන ජලගැලීම් තත්වයන් හඳුන්වන්නෙ මෙගා-සුනාමි (mega-tsunami) තත්වයන් ලෙසයි.

• වැයොන්ට් වේල්ල ඛේදවාචකය මිනිස් ක්‍රියාකාරකමක් හේතුකරෙන සිදුවූ ලොව දැවැන්තම ඛේදවාචකවලින් එකක් සේ සැලකේ. 1959 වසරේ තනා නිමකල මේ වැයොන්ට් වේල්ල ඉතාලියේ පිහිටියකි. ඉදිකිරීම් කටයුතු අතරතුරදී මේ ව්‍යාපෘතිය අවධානමක් විය හැකි බවට ඉඟි ලැබී තිබුණත් ඒ කිසිවක් නොතැකූ කොන්ත්‍රාත්කරුවන් සහ ඉතාලි රජය මෙය තනා නිමකර වේල්ල ජලයෙන් පුරවන අතර 1963 වසරේදී දෙපස ඉවුරු නායයන්නට පටන්ගෙන තිබෙනවා, ක්ෂනිකව ජලය මට්ටම අඩුකර අනතුර වළක්වා ගන්නට තැත් කර ඇතත්, ඒ සියල්ල අසාර්ථක ව ඇති අතර අවසානයේ සිදුවන්නේ මෙගා-සුනාමි තත්වයක් ඇතිවී වේල්ලෙන් උතුරාගිය ජලයට ( ජල පහර මීටර් 250ක් පමණ උස බවයි කියවෙන්නේ)හසුවී ගම්මාන, නගර කීපයක්ද මිනිස් ජීවිත 1910ක්ද විනාශ වීමයි.

vajont

මේ එම වේල්ලේ අද ජායාරූපයක් වන අතර මෙය එම මෙගා-සුනාමි අවස්ථාවේ ගනු ලැබූවක් ලෙස අනුමාන කලහොත් , ජායාරූපයේ අහස නොපෙනෙනු ඇති බව කියවේ. මේ ඛේදවාචකයේ ඇති හාස්‍යජනක කාරණයනම් රජය, ඉදිකිරීම් සමාගම ඇතුළු කිසිවෙක් මෙහි වගකීම භාරනොගෙන මෙය දෙවියන්ගේ ක්‍රියාවක් බවට තර්ක කර තිබීමයි. වැඩිදුර තොරතුරු ජායාරූපද සහිතව මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් 

සිංහල උපසිරැසිය ලබා ගන්න 6107
The Wave
  • 720p (bluray)
    910.29 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.7 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-12-15 at 6:37 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ

    2018-12-15 at 7:32 am
    Reply
  • Namal Ekanayake Unregistered User
    Android 4.2Chrome 66

    Thanks machan … super cool

    2018-12-19 at 8:08 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-12-22 at 11:22 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 71

    Champion (2018) 720p BRRip 999MB කොරියන් ෆිල්ම් එකක් .පුලුවන් වෙලාවක් තිබුනොත් සබ් කරල දෙනවද.ඔකෙ නලුව පට්ට පෙමස් කොරියන් මුවි වල බෙස්ට් කෙනෙක්.ෆිල්ම් එකක් හොදයි වගෙ විනොදාස්වාද

    2018-12-27 at 11:48 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 71

    Film eka ada tama bluwa aram.hituwata wada maka pattane.blala thibun na kalim .katawa supiri . Anit ekat aram blann ona.sabtitel walata thx saho❤💖 Great movie

    2018-12-31 at 12:26 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1Vivaldi 2.2

      හොලිවුඩ් කැලේ නේ මේකට? දෙවෙනි ෆිල්ම් එකත් එහෙමයි.

      2019-01-10 at 3:36 am
  • Ayesha koralage Unregistered User
    Android 5.1Opera 37

    Doctor stranger 2014 korian drama eke subtitles denna puluwanda

    2019-01-04 at 12:56 pm
    Reply
  • VinoD Unregistered User
    Android 5.1Opera 36

    එලහ්……..👍

    2019-01-30 at 6:05 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms