Trending

Timecop (1994) Sinhala Subtitle

අපරාධකරුවන් සොයා අතීතයට

 

                             “අවුරුදු දහයකට පෙර ඔහුගේ බිරිඳ ඝාතනය කරන ලදි. නමුත් ඇය බේරාගැනීමේ අවස්ථාව තාමත් ඔහුට ඇත. එවැනි කතා තේමාවක් රැගත් අපූරුතම සිනමා පටයක් තමයි මෙවර ඔයාලා වෙත අරගෙන ආවේ. ඒ තමයි සුපිරි සටන් නලු Jean Claude Van Damme ගේ TIMECOP. 1994 සැප්තැම්බර් 16 දින ඇමරිකාව දෙවනත් කරමින් ප්‍රදර්ශනය ඇරැඹූ “ටයිම්කොප්” තම ගමන අවසන් කලේ, එදා මෙදා තුර වෑන් ඩෑම් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට අතරේ ඉහලම ආදායම් වාර්තාව පිහිටවූ සිනමා පටය හැටියට අභිෂේක ලබමින්. ඒ වගේම බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මිලියන 100 ඉක්මවූ ඔහුගේ දෙවන චිත්‍රපටය බවට පත්වෙමින්. සිනමාශාලා 2228 ක එකවර ප්‍රදර්ශනය ඇරැඹූ “ටයිම්කොප්” ආරම්භයේදීම අංක එක බවට පත්වෙමින් පලමු සතිය තුල ඇ.ඩො. 12,064,625 ක වාර්තාගත ආදායමක් උපයාගත් අතර එය එක් සිනමාශාලාවක සාමාන්‍ය ඇ.ඩො. 5415 ක් ලෙස සටහන් විය. නැවතත් අංක එකේ ස්ථානයට පත්වෙමින් දෙවන සතියේදී ඇ.ඩො. 8,176,615 ආදායමක් වාර්තා කල අතර ඒ අනුව ඇමරිකාව තුල ඇ.ඩො.මිලියන 45 ක්ද, ඇමරිකාවෙන් පිටත ඇ.ඩො.මිලියන 57 ක්ද උපයා ගනිමින් සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඇ.ඩො.මිලියන 101.6 ක් තම ගිණුමට බැරකර ගැනීමට සමත්වුනා. මේ ෆිල්ම් එකේ වෑන් ඩෑම්ගෙ රඟපෑමද, ඔහුගේ හොඳම රඟපෑම ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක්වුනා. ඇමරිකාවේ නිව් යෝක් නගරය මූලික කරගෙන පළවන මාසික සඟරාවක් වන “Entertainment Weekly” හී 2010 නොවැම්බර් කලාපයේ “Underrated Films” ලිස්ට් එකටද “ටයිම්කොප්” ඇතුලත් වූ අතර ඒ හුදෙක්ම වෑන් ඩෑම්ගේ රංගනය නිසාම විය. මේක Action, Crime, Sci-fi වර්ග වලට වැටෙන American ෆිල්ම් එකක්.


Cast
Van Damme – මැක්ස් වෝකර්
Mia Sara – මෙලිසා වෝකර්
Ron Silver – සෙනෙටර් මැකෝම්බ්
Bruce McGill – ඉයුජේන් මටුසැක්
Gloria Reuben – සාරා ෆීල්ඩින්
“ටයිම්කොප්” එල්ඩී තැටි (Laser Disc) මාධ්‍යයෙන් 1995 පෙබරවාරි 28 දින මුලින්ම නිකුත්වූ අතර 1998 වර්ෂයේදී DVD මාධ්‍යයෙන් නිකුත්විය. 2010 වසර වනවිට එහි අයිතිය Largo successor InterMedia අතටද, බෙදාහැරීම Warner Home Video අතටද පත්ව තිබූ අතර, “වෝනර් හෝම් වීඩියෝ” වෙතින් මෙහි බ්ලූරේ තැටිය 2010 සැප්තැම්බර් 14 දින නිකුත් විය. එය 2:35:1 පුලුල්තිර සහ ධාවන කාලය විනාඩි 98 ක්වූ “Uncut Version” එකක් විය. ඔබ වෙත අපි ලබා දෙන්නේ එම පිටපතයි.
මේක Time Travel, නැත්නම් කාල තරණය පිළිබඳ කතාවක්. කාල වකවානු ගණනාවක් එහාට මෙහාට ගමන් කරන අතර ප්‍රධාන පසුබිම වන්නේ 2004 වර්ෂයයි. කාල තරණය කිරීම මුදල් ඉපයීමේ සාර්ථකම මාර්ගයක් වටහා ගන්නා ඇමරිකන් රජය එය ඒ සඳහා රහසිගතව පාවිච්චි කරනවා. එය නියාමනය කිරීම සඳහා T.E.C. නමින් ආයතනයක්ද පිහිටුවා තියෙනවා. එහි ප්‍රධානියා ඉයුජේන් මටූසැක්. අතීතය වෙනස් කිරීම මගින් ලෝකයට ඉතා අනතුරුදායක ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය විය හැකි බැවින්, මෙම ආපසු ගමන් කිරීම් වලදී අතීතය වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. එසේ වෙනස් කිරීම හෝ වෙනස් කිරීමට තැත් කිරීම නව නීති අනුව මරණීය දඬුවම ලැබෙන වරදක්. එවැනි ක්‍රියා නැවැත්වීමට සහ ඔවුන් සොයා අත් අඩංගුවට ගෙන රැගෙන ඒමට සිටින පොලිස් කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි, ඒජන්ට් මැක්ස් වෝකර්. දක්ෂ අවංක, ඉතා හොඳ මෙහෙයුම් අතීතයක් ඇති නිලධාරියෙක්. ඔහුගේ අලුත්ම මෙහෙයුම තමයි අතීතයට ගොස් නීති විරෝධී ලෙස මුදල් උපයන, මැක්ස්ගේම සහකාරයා වන ඇට්වුඩ් රැගෙන ඒම. ඇට්වුඩ් ඉත්තෙක්. ඔහුගේ පවුල මරන බවට තර්ජනය කරමින් ඔහුව ඒ ක්‍රියාවේ යොදවන කෙනා අත් අඩංගුවට ගැනීමයි මැක්ස්ගේ අරමුණ. ඇට්වුඩ් ඔහුගේ නම කියනවා. ඔහු පොඩි පහේ පුද්ගලයෙක් නොවේ. ඒ වනවිටත් ඇමරිකාවේ ජනාධිපතිවරණයට තරඟ කරමින්, ඉදිරියෙන්ම සිටින සෙනෙට් සභික ඇරන් මැකෝම්බ්. ඔවුන්ට හැප්පෙන්නට සිදුවන්නේ අනාගත ලෝකයේ බලවත්ම පුද්ගලයා සමඟ බව දැනගන්නා, මටූසැක්ද ඒකට අදි මදි කරනවා. මේ කාල තරණය මුලින්ම සොයාගන්නේ මීට අවුරුදු 10 කට කලින්. ඒ කියන්නෙ 1994 වසරේදී. එතකොට මැක්ස් සාමාන්‍ය පොලිස් නිළධාරියෙක්. T.E.C එක සඳහා ඔහුව තෝරාගත් දින රත්‍රිය ඔහුගේ ජීවිතයේ අවාසනාවන්තම රාත්‍රියයි. ඒ රාත්‍රියේ මැක්ස්ගේ පවුලට, නොහඳුනන කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. නිවස සම්පූර්ණයෙන්ම පුපුරුවා හරිනවා. මැක්ස්ගේ ආදරණීය බිරිඳ, මෙලිසාත් ජීවිතක්ෂයට පත්වෙනවා. වෙඩි වැදුනත් මැක්ස්ට ජීවත්වෙන්න වාසනාව ලැබෙනවා. වසර 10 ක් ගතවී ඇතත් මෙලිසාව බේරාගැනීමේ අවස්ථාවක් තාමත් මැක්ස්ට තියෙනවා. නමුත් ඔහුට ඒකට අවසර නෑ. ඔහුට මෙලිසා බේරාගත හැකිවේද? ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කලේ කවුද? ඇයි? මැකෝම්බ්ව නීතිය ඉදිරියට ගේන්න හැකිවේද? එහිදී ඔහුට මොන මොන දේ වලට මුහුණ දෙන්න සිදු වේවිද? උත්තරය = “ටයිම්කොප්”. ජය වේවා.

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 699.97 MB x264
▲24 · ▼1
Magnet GET
1080p bluray 1.47 GB x264
▲37 · ▼8
Magnet GET
2160p bluray 4.39 GB x265
▲14 · ▼6
Magnet GET
Discussion (9)
  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට
    මේ ෆිල්ම් එකට සබ් දෙනකම් බලන් හිටියේ
    මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න

  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 87

    Aniwaaren. Thanx Bro.

  • ශාමල් මනෝජන් Unregistered
    Windows 10 Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ චිත්‍රපටි ටිකටත් සබ් දෙන්න පුලුවනි නම්.

    Once Upon Time in China – 1991
    Once Upon Time in China 2 – 1992
    Once Upon Time in China 3 – 1992
    Once Upon Time in China and America – 1997
    Swodsman 2 – 1992
    The Bodyguard from Beijing – 1994
    Street Fighter – 1994

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      full try karannam. Thanx.

  • Rajitha Unregistered
    Android 9 Chrome 87

    Thanks jayawewa……!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Shaggy Unregistered
    Android 8.1 Chrome 87

    Thank you very much :raised_hands:

  • Hellock Shennon User
    Windows 7 Firefox 83

    hiiiiiiiiiiiii

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search