Tom Yum Goong (2005) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ මේ අරගෙන එන්නේ ඔයාලා හැමෝම වගේ බලලා තියෙන සුපිරිම ෆිල්ම් එකක සිංහල සබ් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් කරන්න හිතුවේ බ්ලූ-රේ පිටපතට ගැලපෙන සිංහල සබ් එකක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න බැරිවුණ නිසා. අනික ඉංග්‍රීසි සබ් එකෙත් ලයින්ස් හුඟක් අඩුවෙන් තිබුණ නිසා ඉක්මනින්ම සබ් එක කරලා ගේන්න පුළුවන් වුණා.
Tony Jaa කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ Ong-Bak ෆිල්ම් සීරියස් එක. ඒවගේම සුපිරිම ෆිල්ම් එකක් තමයි The Protector කියන්නේ. හැබැයි මේකේ ඔරිජිනල් නම තමයි Tom Yum Goong. ඉතින් Tom Yum Goong ෆිල්ම් එකේ දෙවැන්නකුත් තියෙනවා. ඒත් අද අරගෙන ආවේ පළවෙනි ෆිල්ම් එකේ සබ් එක.
2005 වර්ෂයේ අගෝස්තු මාසයේ නිල වශයෙන් නිකුත් වුණ මේ ෆිල්ම් එක IMDb ශ්‍රේණි දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Action, Crime, Drama යන වර්ගයන්ට අයත් මේ ෆිල්ම් එක Prachya Pinkaew යන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇත.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ජාවාරම්කාරයන් පිරිසක් විසින් කාම්ගේ (Tony Jaa) අලියෝ දෙන්නව පැහැරගෙන යනවා. ඉතින් එයාලව බේරගන්න කාම් කටයුතු කරන ආකාරය තමා ෆිල්ම් එකෙන් දැක බලාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් ක්‍රියාදාම සටන් පිරුණු මේ ෆිල්ම් එක නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
ලබා දී ඇති සිංහල උපසිරැසි BluRay පිටපත් සඳහා ගැලපේ.
විශේෂ:
මේ ෆිල්ම් එකේ ඉංග්‍රීසි උපසිරැසියේ තායි දෙබස්වලට විතරයි උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඉංග්‍රීසි දෙබස්වලට උපසිරැසි ගන්වලා නෑ. ඉංග්‍රීසි උපසිරැසියේ විදිහටමයි සිංහල උපසිරැසියත් කළේ. ඉංග්‍රීසි දෙබස් තියෙන සුළු තැන්වලට අලුතෙන් ලයින්ස් හදලා උපසිරැසි ගැන්නුවා. හැබැයි සමහර තැන්වල නෑ. ඒක ෆිල්ම් එක නරඹන්න බාධාවක් වෙන එකක් නෑ කියලා හිතනවා.
පට්ටම ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නෙ. මා ගාවත් තියෙනවා ඩීවීඩී කොපියක්. දැන් බ්ලූරේ වලින් බලතෑකි. ස්තූතියි සහෝ.
තෑන්ක්ස් අයියේ කමෙන්ට් කළාට.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍
තෑන්ක්ස් හෂාන් කමෙන්ට් කළාට.
පුළුවන් නම් Quarantine 2: Terminal (2011) film එකට සබ් දෙනවද බ්‍රෝ 😊😊
ට්‍රයි එකක් දෙන්නම්.
උපසිරැසියට බොහොම ස්තූතියි………….
මේ චිත්‍රපටයේ දෙවන කොටසටත් උපසිරැසි දෙන්න
පුලුවන්ද?
ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකේ දෙවැනි එකටත් සබ් කරන්න