Tom Yum Goong (2005) Sinhala Subtitle

/

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ මේ අරගෙන එන්නේ ඔයාලා හැමෝම වගේ බලලා තියෙන සුපිරිම ෆිල්ම් එකක සිංහල සබ් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් කරන්න හිතුවේ බ්ලූ-රේ පිටපතට ගැලපෙන සිංහල සබ් එකක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න බැරිවුණ නිසා. අනික ඉංග්‍රීසි සබ් එකෙත් ලයින්ස් හුඟක් අඩුවෙන් තිබුණ නිසා ඉක්මනින්ම සබ් එක කරලා ගේන්න පුළුවන් වුණා.

Tony Jaa කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ Ong-Bak ෆිල්ම් සීරියස් එක. ඒවගේම සුපිරිම ෆිල්ම් එකක් තමයි The Protector කියන්නේ. හැබැයි මේකේ ඔරිජිනල් නම තමයි Tom Yum Goong. ඉතින් Tom Yum Goong ෆිල්ම් එකේ දෙවැන්නකුත් තියෙනවා. ඒත් අද අරගෙන ආවේ පළවෙනි ෆිල්ම් එකේ සබ් එක.

2005 වර්ෂයේ අගෝස්තු මාසයේ නිල වශයෙන් නිකුත් වුණ මේ ෆිල්ම් එක IMDb ශ්‍රේණි දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Action, Crime, Drama යන වර්ගයන්ට අයත් මේ ෆිල්ම් එක Prachya Pinkaew යන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇත.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ජාවාරම්කාරයන් පිරිසක් විසින් කාම්ගේ (Tony Jaa) අලියෝ දෙන්නව පැහැරගෙන යනවා. ඉතින් එයාලව බේරගන්න කාම් කටයුතු කරන ආකාරය තමා ෆිල්ම් එකෙන් දැක බලාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් ක්‍රියාදාම සටන් පිරුණු මේ ෆිල්ම් එක නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති සිංහල උපසිරැසි BluRay පිටපත් සඳහා ගැලපේ.

විශේෂ:

මේ ෆිල්ම් එකේ ඉංග්‍රීසි උපසිරැසියේ තායි දෙබස්වලට විතරයි උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඉංග්‍රීසි දෙබස්වලට උපසිරැසි ගන්වලා නෑ. ඉංග්‍රීසි උපසිරැසියේ විදිහටමයි සිංහල උපසිරැසියත් කළේ. ඉංග්‍රීසි දෙබස් තියෙන සුළු තැන්වලට අලුතෙන් ලයින්ස් හදලා උපසිරැසි ගැන්නුවා. හැබැයි සමහර තැන්වල නෑ. ඒක ෆිල්ම් එක නරඹන්න බාධාවක් වෙන එකක් නෑ කියලා හිතනවා.

7.1
IMDB

Year : 2005

Actors : Tony Jaa, Petchtai Wongkamlao, Bongkoj Khongmalai, Xing Jin

A young fighter named Kham must go to Australia to retrieve his stolen elephant. With the help of a Thai-born Australian detective, Kham must take on all comers, including a gang led by an evil woman and her two deadly bodyguards.

2022-08-06 04:36 pm
ExPERT Subtitler

Movies

33

Tv Episodes

12

  • Download : 1467
  • File Size : 12.736KB
  • Sub Update :2020-12-08
  • Rasika Samanjith Admin
    Windows 7Opera 68

    පට්ටම ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නෙ. මා ගාවත් තියෙනවා ඩීවීඩී කොපියක්. දැන් බ්ලූරේ වලින් බලතෑකි. ස්තූතියි සහෝ.

    2020-06-02 at 2:08 pm
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් අයියේ කමෙන්ට් කළාට.

      2020-06-02 at 7:41 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

    2020-06-02 at 2:33 pm
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් හෂාන් කමෙන්ට් කළාට.

      2020-06-02 at 7:42 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    පුළුවන් නම් Quarantine 2: Terminal (2011) film එකට සබ් දෙනවද බ්‍රෝ 😊😊

    2020-06-02 at 2:43 pm
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      ට්‍රයි එකක් දෙන්නම්.

      2020-06-02 at 7:42 pm
  • Shamal Manojan Unregister User
    Android 7Chrome 76

    උපසිරැසියට බොහොම ස්තූතියි………….

    මේ චිත්‍රපටයේ දෙවන කොටසටත් උපසිරැසි දෙන්න
    පුලුවන්ද?

    2020-06-04 at 10:38 am
  • kavinda Unregister User
    Windows 7Chrome 83

    ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකේ දෙවැනි එකටත් සබ් කරන්න

    2020-06-04 at 6:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *