Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Venom (2018) Sinhala Subtitle

Venom (2018) Sinhala Subtitle

November 19, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.0
GENRES
ActionEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Tom Hardy, Michelle Williams, Riz Ahmed, Scott Haze

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම පරිදි කල තවත් චිත්‍රපටයක් අරගෙනයි. මේ තමයි මාවල් කොමික්ස්  රසිකයන් හැමදෙනෙක්ම බොහොම ආසාවෙන් බලාගෙන හිටපු Venom (2018) චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙ උපසිරැසිය මට බාරදීම ගැන කවීෂ සහෝදරයට ස්තූතිවන්ත වෙන අතරෙම චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න තියෙන්නෙ ඉතාම කණගාටුදායක ආරංචියක්.

ඔබ හැමෝම දන්නවා ඒ තමයි මේ Venom චරිතයේ නිර්මාණකරුවා නොවුණත් මාවල් කොමික්ස් ලෝකයේ චරිත බොහොමයකම නිර්මාණකරු හෝ සම නිර්මාණකරුවෙක් වුණ ස්ටෑන් ලී මහතාගේ අභාවය. වසර ගණනාවක් පුරාවට ත්‍රාසය, කුතුහලය, ශෝකය, සතුට සමග හාස්‍යයද මුසුකර අපව රසවත් කල ඔහු ගැන වචනයක් සඳහන් නොකිරීම සුදුසු නොවන නිසා අපේ ඇඩ්මින් මඩුල්ලත් මමත් තීරණය කලා ඔහු වෙනුවෙන් යම් විශේෂයක් කරන්න. ඒ වෙනුවෙනුයි ලිපියේ මේ කොටස වෙන් වෙන්නෙ!

අප ඔහුව හඳුනන්නෙ ස්ටෑන් ලී ලෙස වුණත් ඔහුගේ සැබෑ නාමය ස්ටැන්ලි මාටින් ලීබර්. රොමේනියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණිකයෙකු ලෙස පැමිණි වෘතියෙන් ඇඳුම් කපන්නෙකු වූ යුදෙව් ජාතික පියෙකුට දාව මෑන්හැටන්හීදී ඔහු උපත ලබන්නේ 1922 වසරේ දෙසැම්බර් 28 වන දින. ඔහුගේ ලමාකාලයනම් ඉතාම අගහිඟකම් මැද්දේ ගෙවුණ එකක් ලෙසයි සඳහන් වෙන්නෙ. කුඩාකාලයේ වීර වෘතාන්ත සහ නාට්‍යවලට ප්‍රියකල ස්ටැන්ලිට 1939 වසරේදී ටයිම්ලි කොමික්ස්හි (පසුව ඇට්ලස් කොමික්ස් සහ මාවල් කොමික්ස්) කාර්යාල සහායකයෙකු සහ පුහුණුවන්නෙකු ලෙස රැකියාවක් හිමිවෙනවා සතියකට ඩොලර් 8ක චේතනයකට. ඉන් වසර දෙකකට (1941) පසු ජැක් කිර්බිගේ සහ ජෝ සයිමන්ගේ කැප්ටන් ඇමරිකා #3 කොමික් පොතට හදිසියේ කතාවක් ලියන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා එය නම් වෙන්නෙ “Captain America Foils the Traitor’s Revenge.”නමින්. ඉදිරියේදී ලේඛකයෙකු වන්නට සිතාගෙන සිටි ස්ටැන්ලි කතාවට තම සැබෑ නම නොයොදා ‘ස්ටෑන් ලී’ ලෙස ආරූඪ නාමයක් යොදනවා. ඉන්පසු තාවකාලිකව  ටයිම්ලි කොමික්ස්හි සංස්කාරකවරයා ලෙසද ඔහු පත්වෙනවා. ඉන්පසු 1942 දෙවන ලෝක යුධ සමයේදී හමුදා සේවයට එක්ව යුද්ධයෙන් අනතුරුව නැවතත් පැමිණෙන ඔහු බ්‍රිතාන්‍ය ඇමරිකානු නිරූපණ ශිල්පිනියක්වූ ජොඈන් බී. ලී හා විවාහ වනවා. ඒ 1947 වර්ෂයේදී. ඉන්පසුව ඒ වනවිට ඇට්ලස් කොමික්ස් ලෙස නාමය වෙනස් කරගෙන සිටි ටයිම්ලි කොමික්ස්හි සංස්කාරක තනතුරටම නැවත එක්වෙනවා. එකල කොමික්ස් දැවැන්තයා වූ DC කොමික්ස් හා කරට කර තරඟ කරන මේ ස්ටෑන් ලීට ඒ කාලයේ ඒතරම් හොඳ පිලිගැනීමක්නම් ලැබී නෑ උසස් යැයි සම්මත සාහිත්‍ය-කරුවන්ගෙන්. ස්ටෑන් ලීම වරෙක ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට  පවසා තිබෙනවා “ඔවුන් එකල මා මගහැරියා… නමුත් අද එය ඉතාම වෙනස්” යනුවෙන්. කෙසේ හෝ මේ ඇට්ලස් කොමික්ස් පසුව අද අප හොඳින් දන්නා මාවල් කොමික්ස් බවට පත්වෙනවා 1960 වසරේදී. ඉන්පසු තම පැරණි කොමික් කලා සගයන් වූ ජැක් කිර්බි සහ ස්ටීව් ඩිට්කෝ සමග අප ආදරය කරන මාවල් කොමික්ස් චරිත ගණනාවක නිර්මාණකරුවූ ස්ටෑන් ලී ඉන්පසුව එහි සභාපතිවරයාද වන අතර කාලයාගේ ඈවෑමෙන් පදවියෙන් ඉවත්ව සමාගමේ ප්‍රචාරණ කටයුතුවල යෙදෙනවා. කෙසේ හෝ පෙර දැඩි ලෙස විවිධ මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටීමේ  ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් කෙමෙන් පිරිහී යනවා (ඔහු ඈන්ට් මෑන් ඇන්ඩ් ද වොස්ප් චිත්‍රපටයේ තම සුළු චරිතයේ දෙබසෙදි කියන්නෙ ඒ දේ). 2017 වසරේ ජූලි 6වන දින සිදුවූ තම ආදර බිරිඳවූ ජොඈන් ලීගේ මරණයෙන් වසරකට මදක් වැඩි කලකට පසු මේ වසරේ එනම් 2018 වසරේ නොවැම්බර් 12 වන දින මේ අපූරු කළාකරුවා අභාවයට පත්වනවා ලොස් ඇන්ජලීස්හි රෝහලකදී, එවිට ඔහුගේ වයස අවුරුදු 95ක්. වසර ගණනාවක් පුරාවට තම නිර්මාණවලින් චරිතවලින් සහ තමන්ගේම වූ සුළු චරිතවලින් අපව රසවත් කල ස්ටෑන් ලී, ඔබට බොහොමත්ම ස්තූතියි!

චිත්‍රපටය පැත්තට යන්න කලින් මම හිතුවා මේ වෙනොම් චරිතය ඔබට ටිකක් අඳුන්වා දෙන්න. කවුද මේ වෙනොම් කියන්නෙ? කොමික්ස්වලට අනුව මේ වෙනොම් කියන්නෙ පිටසක්වල ජීවියෙක්. මේ ජීවියගෙ තියනව විශේෂත්වයක්, ඒ තමයි මේ ජීවියා පරපෝෂිතයෙක්. තමන්ට සුදුසු ධාරක ජීවියෙක් සොයාගෙන, ඒ ජීවියාගේ සිරුරට ඇතුල්වී, එයට අනුගතව, ඒ ජීවියා සතු හැකියාවන් උකහා ගෙන, ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවියාව ක්ෂය කරමින් ජීවත්වෙන ජීවියෙක්. මේ අන්‍ය ජීවයකට අනුගතව ඒ හා  ජීවත්වීමේ හැකියාව නිසා මේ පිටසක්වල ජීවියා හැඳින්වෙන්නෙ  සිම්බියෝට් (Symbiote) නොහොත් සහජීවියා නමින්. ඔබ මේ සිම්බියෝටයාව මුලින්ම දකින්නෙ 2007 වසරේ තිරගතවූ Spider Man-3 චිත්‍රපටය තුලින්. පීටර් පාකර් එහෙමත් නැත්නම් ස්පයිඩර් මෑන්ට තමයි මේ සිම්බියෝටයාව හමුවෙන්නෙ. ඔහුට නොදැනීම සිම්බියෝටයා ඇතුල්වෙනවා ස්පයිඩර් මෑන්ගෙ ඇඳුමට (අමතකනම් මෙය නරඹන්න). එයින් එතෙක් රතු සහ නිල් පැහැයෙන් තිබූ ස්පයිඩර් ඇඳුම  සුදුපැහැති ස්පයිඩර් ලාංජනයක් සහිත කළු පැහැය ගත් ඇඳුමක් බවට හැරෙනවා. මේක හඳුන්වන්නෙ ස්පයිඩර් බ්ලැක් සූට් නමින්. මේ නව ඇඳුම භයානක ජීවියෙක් බව නොදන්නා පීටර් එය වැඩිය ගණනකට ගන්නෙ නෑ. අනිත් කාරණය ඔහුට තිබුණ බලයනුත් වැඩිවෙනවා මේ නව ඇඳුම නිසා. ඔබ දන්නවනෙ පීටර් පාකර් අධ්‍යාපන වියදම් සොයාගැනීම සඳහා ඩේලි බග්ල් පුවත්පතේ වාර්තාකරුවෙක් ලෙස සේවය කලා. ඔහු ප්‍රධාන වශයෙන්ම කලේ ස්පයිඩර් මෑන්ගෙ ඒ කියන්නෙ තමන්ගෙම රහස් අනන්‍යතාවයේ ජායාරූප පුවත්පතට සපයා මුදල් ලබාගැනීම. හැබැයි මේ බ්ලැක් සූට් එක කෙමෙන් කෙමෙන් පීටර්ගේ පාලනය තමන් අතට ගන්නවා. ඔහුගේ අහිංසක ගතිගුණ කෙමෙන් වියැකී යනවා. ඔන්න ඔය අතරෙ තමයි පසුව මේ ජීවියාගේ උරුමකරු වෙන එඩී බ්‍රොක් නම් පුවත්පත් ඡායාරූප ශිල්පියා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ, ඔහු සේවය කරන්නෙ පීටර් සේවය කරන ඩේලි බග්ල් පුවත්පතේ ප්‍රධාන තරඟකරුවන ඩේල් ග්ලෝබ් පුවත්පතේ. ඇත්තටම මේ දෙදෙනාම එකට වැඩ කරනවා කාලයක්. කොහොමහරි මේ එඩී බ්‍රෝක් ටිකක් ආත්මාර්ථකාමී මානසිකව අස්ථාවර චරිතයක්, කොමික්ස්වල තියන විදියට ඔහුව පිළිකුල් කල පියා නිසා ඔහුගේ ළමාකාලය දුක්ගැහැටවලින් පිරුණ එකක්. කොහොමහරි පුවත්පතේ ස්ථිර ඡායාරූප ශිල්පී තනතුර ලබාගැනීමේ අරමුණින් එඩී බ්‍රෝක්  ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප පවා පුවත්පතට ලබාදෙනවා මේ නව කළු ස්පයිඩර් මෑන් නොහොත් පීටර් පාකර් අපරාධකරුවෙකු ලෙසින් පෙන්වීමට. නමුත් පීටර් ඔප්පුකොට පෙන්වනවා ඔහු පුවත්පතට සපයන්නේ සාවද්‍ය තොරතුරු බව. එයින් සිදුවෙන්නෙ එඩී බ්‍රොක්ගේ රැකියාව අහිමි වී ඔහුට තිබූ පිළිගැනීමද නැතිව ගොස් ඔහුගේ තනතුර පීටර්ට හිමිවීමයි. මේ හේතුව නිසා එඩී පීටර් සමග වෛර බැඳගන්නවා. මේ එක්කම වගේ තමයි පීටර් තේරුම්ගන්නෙ මේ නව ඇඳුම තමන්ව ක්‍රම ක්‍රමයෙන් දරුණු පුද්ගලයෙක් බවට පත් කරන බව. දෙව්මැදුරක ඝණ්ඨාර කුළුණ වෙත ගොස් තම ආක්‍රමණශීලී ඇඳුම ගලවා ඉවත් කරන්න උත්සාහ කරන පීටර් අතින් ඝණ්ඨාර නාද වෙනවා, එතනදියි ඔහු දැනගන්නෙ මේ සිම්බියෝටයා නොහොත් බ්ලැක් සූට් එක අධි සංඛ්‍යාත ශබ්ද තරංග ඇසෙන විට දුර්වල වන බව, මේ ක්‍රමය උපයෝගී කරගනිමින් ඔහු පටන්ගන්නවා එය ඉවත්කිරීමට. ඒ අතරෙ රැකියාව අහිමිව අසරණව සිටින එඩී බ්‍රොක්ද මේ දෙව්මැදුර වෙත එනවා මේ වෙලාවෙම. ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා පීටර් පාකර්ව මරා දමන ලෙස. එවිටම අහම්බයෙන් පීටර් ඝණ්ඨාරය නාද කරන  අතර ඒ හඬට ඉහල බලන ඔහු දකින්නේ පීටර්ව. අවසානයේ ඉතාම අසීරුවෙන් පීටර් බ්ලැක් සූට් එක ඉවත්කරගන්නා අතර, එය කෙලින්ම වැටෙන්නේ  පහල සිටි එඩීබ්‍රොක්ගේ ඇඟට (අමතකනම් මෙය නරඹන්න). තමාව ඉවත්කිරීම නිසා කෝපවන සිම්බියෝටයා එඩී හරහා පීටර්ව විනාශ කිරීම අරඹනවා. එතනින් තමයි වෙනොම්ගේ උපත සිද්ධවෙන්නෙ. චිත්‍රපටයේ අවසන් සටනේදී එඩීගෙන් වෙනොම් නොහොත් සිම්බියෝටයාව ඉවත් කරගෙන එය විනාශ කරන්නට පීටර් උත්සාහ කරන නමුත් එය වැළැක්වීමට එතනට පනින එඩී මියයනවා (අමතකනම් මෙය නරඹන්න). එහෙමයි Spider Man-3 අවසන් වෙන්නෙ.

Venom (2018)

ඔබ දන්නවා මේ Venom (2018) චිත්‍රපටය එන්නෙ සෝනි- මාවල් වර්ස් හරහා. මේ Venom හා Spider Man- 3 අතර පැහැදිලි සම්බන්ධයක් නෑ පොඩි පොඩි ඉඟි කීපයක් හැරුණුකොට ඒ වගේම ස්පයිඩර් මෑනුත් නොමැතිව Venomටම වෙන්වූ චිත්‍රපටයක් ලෙසයි මෙය නිකුත් වෙන්නෙ (හැබැයි තාම ලොකු දෙයක් කියන්නත් අමාරුයි දැනට තියෙන්නෙ කැමරා පිටපත් පමණක් නිසා. ඒවයෙත් විනාඩි 20ක පමණ කොටසක අඩුවක් තිබෙන අතර ක්‍රෙඩිට් දර්ශන කිසිවක් අඩංගු නෑ). හැබැයි මේ චිත්‍රපටයේදීත් වෙනසක් නෑ එඩී බ්‍රෝක් කියන්නෙ මාධ්‍යවේදියෙක්, හැබැයි රූපවාහිනී. කොහොමහරි ඔහු පුවත්පතේ රාජකාරි කල බව සහ එහිදී ඇතිවූ අර පෙරකී ගැටළුව චිත්‍රපටය මුල් භාගයේ තැනක සඳහන් වෙනවා. කොහොමහරි පෙර චිත්‍රපටයට අනුව සිම්බියෝටයාව හමුවෙන්නෙ මුලින්ම ස්පයිඩර් මෑන්ට සහ දෙවෙනියට එඩී බ්‍රෝක්ට වුණත් මේ චිත්‍රපටයටයෙදි එය වෙනස් වෙනවා ස්පයිඩර් මෑන් නැති නිසා. ඒ කියන්නෙ සිම්බියෝටයාව කෙලින්ම එඩී බ්‍රෝක්ට හමුවෙනවා යම් සිද්ධි දාමයක් හරහා (කොමික්වලදිනම් මෙය මුලින්ම හමුවෙන්නෙ ඩෙඩ්පූල්ටලු). අනිත් කාරණය සුදු ස්පයිඩර් ලාංජනයත් නෑ වෙනොම්ගෙ ඇඟේ, හැබැයි ස්පයිඩර්ගෙන් උකහාගත්ත හැකියාවන්නම් මේ වෙනොම් ලඟත් ඉතිරිව තියනවා. කොහොම බැළුවත් මෙය වෙනම ගමනක් යන බව තමයි ඉතිං පේන්න තියෙන්නෙ. එහෙම වෙනවනම් හොඳයි. මොකද විචාරකයන් කොච්චර මේ චිත්‍රපටය විවේචනය කලත් Spider Man-3 හි වෙනොම්ට රඟපෑ ටොෆර් ග්‍රේස් කියන විදියටම වෙනොම් චරිතයට ඉන්න හොඳම සුදුස්සාට තමයි මෙවර චරිතය ලැබිල තියෙන්නෙ. ටොම් හාඩි මේ වෙනොම් සහ එඩී බ්‍රෝක් චරිත ද්විත්වයම ඉතාම සාර්ථකව කරල තියනව මටත් පේන විදියට. අනිත් එක Spider Man-3 තුලින් අසාර්ථක ලෙස ඉදිරිපත්කල වෙනොම් චරිතයට මේ චිත්‍රපටය තුලින්  පැහැදිලි ආරම්භයක් දීල තියනව. කොහොමහරි ඉදිරියෙදි තමයි බලන්න වෙන්නෙ මේක කොහොමද ඉදිරියට යන්නෙ කියල (ලිපිය ලියන්න ගිහිල්ල මටත් පැටලුණාද මන්ද). හරි අපි දැන් බලමු චිත්‍රපටයෙ විස්තර…

රූබන් ෆ්ලේෂර් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ Venom (2018) මේ වනවිට ලබා ඇති IMDB අගය 7.0ක්. ඊට අමතරව Rotten Tomatos වෙතින් 29%ක් සහ මෙටාක්‍රිටික් වෙතින් 35%ක අගයක්ද ලබාගෙන තිබෙනවා මෙය. ලබා ඇති ගූගල් පරිශීලක ප්‍රසාදය 95%ක්. රංගනයෙන් දායක වෙන්නෙ ටොම් හාඩි (එඩී බ්‍රොක්/වෙනොම්-හඬ), මිෂෙල් විලියම්ස් (ඈන් වේන්), රිස් අහ්මඩ් (කාල්ටන් ඩ්‍රේක්/රයට්), ජෙනී ස්ලේට් (ආචාර්ය ඩෝරා ස්කර්ත්), රීඩ් ස්කොට් (වෛද්‍ය ඩෑන් ලුවිස්), ඇතුළු පිරිසක්. කතාව මෙහෙමයි…

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලයිෆ් පදනම නම් අභ්‍යවකාශ ගවේෂණ සහ විද්‍යා පර්යේෂණ ආයතනයකින් ගුවන්ගත කොට ජීවී සාම්පල කීයපක් රැගෙන ආපසු එන LF-1 නම් අභ්‍යවකාශ යානයක් හදිසියේ කඩාවැටීමකින්. එතනින් එක් ජීවීයෙක් පැනයනවා. එඩී බ්‍රොක් කියන්නෙ රූපවාහිනී ගවේෂණ වාර්තාකරුවෙක්. ඔහු නිතරම සමාජ අසාධාරණයන්, දූෂිත දැවැන්තයන් පස්සෙ එලවනවා “එඩී බ්‍රොක් රිපෝට්” නම් තම රූපවාහිනී වැඩසටහන හරහා. ඔහුගේ පෙම්වතිය තමයි ඇනී වේන්, ඇය නීතීඥවරියක්, දෙදෙනා ඉදිරියේදි විවාහ වන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. කොහොමහරි ඇයගේ පරිගණකයේ තිබී එඩී දකිනවා ඇය සේවය කරන නීතීඥ සමාගම ලයිෆ් පදනමේ නඩුවලට පෙනී සිටින බව. ඔහු ඒ නඩු ගොණු සියල්ල ඇයට හොරෙන් බලනවා. කොහොමහරි එදාම එඩීට අර පෙරකී යානාව කඩාවැටීම සම්බන්ධව ලයිෆ් පදනමේ අධිපති කාල්ටන් ඩ්‍රේක් සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. යානාව ගැන පමණක් විමසා වැඩි වැඩ නොකර එන ලෙස පැවසුවත් එඩී කරන්නෙ තමන් ඇනීගේ පරිගණකයෙන් සොයාගත් කරුණුද සමග  කාල්ටන් ඩ්‍රේක් කරන පරීක්ෂණ කටයුතු ගැන විමසන්නට යාමයි… එඩී බ්‍රොක්ට මොනවා වෙයිද, කාල්ටන් ඩ්‍රේක් කියන්නෙ කවුද, අභ්‍යවකාශයෙන් ගෙනා ජීවියො කවුද, කාල්ටන්ගේ පරීක්ෂණවල ඇති රහස කුමක්ද, මේ ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සෙවීම ඔබට බාර කරමින් මම නවතින්නම්. ලිපියෙ ගොඩක් තොරතුරු ගත්තෙ අන්තර්ජාලයෙන් වැරදි ඇතොත් කමෙන්ට් මගින් නිවැරදි කරන්න. ලඟදීම හමුවෙමු තවත් උපසිරැසියක් සමගින්.

වීඩියෝ පිටපත :- BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර පෙර HD සහ WEBRip පිටපත්වල නොතිබූ දෙවන ක්‍රෙඩිට් දර්ශනය මෙහි ඇතුලත්ය.

විශේෂ :-

  • ටොම් හාඩි මේ චරිතය බාර අරගෙන තියෙන්නෙ වෙනොම් කොමික් රසිකයෙක් වන තමන්ගෙ පුතා ලුයිස් තෝමස් හාඩිව සතුටු කිරීමේ අරමුණින්ලු. තමන් වෙනොම් චරිතය ගැන ඉගෙනගත්තෙත් ඔහුගෙන් කියලයි ටොම් හාඩි පවසා තිබෙන්නේ.
  • මෙහි එක් තැනක වෙනොම් චොක්ලට් ඉල්ලා සිටිනවා එඩීගෙන්. 1995 වසරේ නිකුත්වූ “Venom: The Hunger” කොමික් මිනි සීරීස් එකට අනුව සිම්බියෝටයන්ට පෙනිතිලමින් නම් රසායනිකයන් අවශ්‍යලු ජීවත්වෙන්න. ඒවා තියෙන්නෙ මිනිස් මොළවල සහ චොක්ලට්වලලු.
  • මෙහි ආරම්භයේ එන අභ්‍යවකාශ යානා අනතුරෙන් එක් අයෙක් දිවි ගලවාගන්නවා. ඔහුගේ නම ජේමසන් ලෙසයි සඳහන් වෙන්නෙ. මේ ජේමසන් කියන්නෙ ඩේලි බග්ල් පුවත්පතේ කතෲ J. ජොනාහ් ජේමසන්ගේ පුත්‍රයා. ඔහු Spider Man-2 (2002) චිත්‍රපටයේ හිටියා ඔබට මතක ඇති. කොමික්ස්වල විදියට ඔහු අභ්‍යවකාශයකින් සොයාගත් Godstone නම් පාෂාණයක් නිසා නරවෘකයෙක් බවට පත්වෙනවාලු.
  • මෙහි ඇනී වේන් සේවය කරන්නෙ Michelinie & McFarlane නම් නීතීඥ සමාගමකට. එය වෙනොම් චරිතයේ නිර්මාණකරුවන් දෙදෙනාගේ නම්වල එකතුවක්.
  • වෙනොම් චරිතය කොමික්වලට එන්නෙ 1988 වර්ෂයේදි. ඒ කියන්නෙ මීට වසර 30කට කලින්.
  • ස්ටෑන් ලී ජීවතුන් අතර සිටියදී නිකුත්වූ ඔහුගේ අවසන් සුළු චරිත රංගනය තියෙන්නෙ මේ චිත්‍රපටයෙ.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
52117 වාරයක්
Download Links
720P
TOR
720P
DIR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
3D bluray 1.81 GB
GET
720p bluray 949.54 MB
GET
1080p bluray 1.79 GB
GET
2160p bluray 5.11 GB
GET
720p web 908.6 MB
GET
1080p web 1.71 GB
GET
Discussion (47)
← Older
Newer →
  • Mithun Unregistered
    Android 8 Chrome 69
    2018-11-21

    බොහොම ස්තුතියි හසිත සිංහල උපසිරැසියට 👍WEB එක ආපු ගමන් බානව💖

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56
      2018-12-06

      Bluray updated 😉

    • Mithun Unregistered
      Android 8 Chrome 69
      2018-12-06

      හම්මෙ බඩු ඇවිත් නේන්නම්😍😍 දවස්තුනක් පොඩි වැඩකට හිරවෙලා උන්න .නැත්නම් සෙනික කියනව .තැන්ක්ස් සහෝ.මම web එක මේපර බැලුවෙත් නැ එක එක සයිට් වලින් වෙනස් විදියට දාල තිබ්බ හින්ද. ඔන්න දැම් ඉතින් බ්ලුරෙ එකම ගමු……. එක නෙවේ නත්තල් තෑගිත් ඔන සුපිරි බඩු ටිකක් ඔන්න

  • nirosha Unregistered
    Windows 10 Chrome 70
    2018-11-23

    thanks

    Reply
  • Pramod Unregistered
    Android 8 Chrome 70
    2018-11-25

    Ela ela jaya weva. web eka Enakan ewasan ennawa bro jaya weva ela

    Reply
  • Thisaru321 Unregistered
    Android 8 Chrome 69
    2018-11-25

    එල එල 😍😍

    Reply
  • Ruwin Unregistered
    Android 8 Chrome 70
    2018-11-29

    Bro yify eke awith tyna web copy eketh post credit eka nadda

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56
      2018-11-29

      ඒකෙත් නෑ රුවින්. ෆිල්ම් එකේ රන් ටයිම් එක පැය එකයි විනාඩි 52ක්නෙ. Vifyත් ඇතුළුව මේ ඇවිත් තියන Hdrip ,WEBrip හැම පිටපතකම රන් ටයිම් එක පැය එකයි විනාඩි 47යි ඒ කියන්නෙ විනාඩි පහක් අඩුයි. පෝස්ට් ක්‍රෙඩිට් එකත් එක්කම බලන්න ඕනෙනං තව දවස් කීපෙකින් බොහෝවිට ඔරිජිනල් ‍WEB-DL එකක් එයි, ඒකෙ තියෙයි.

    • Ruwin Unregistered
      Android 8 Chrome 70
      2018-11-30

      Ela ela bro

    • Ruwin Unregistered
      Android 8 Chrome 70
      2018-12-02

      E kynne film eke kotas wala aduwak nanePost credit eka witrane natte

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56
      2018-12-02

      ඔව්, පෝස්ට් ක්‍රෙඩිට් එක විතරයි.

    • Ruwin Unregistered
      Android 8 Chrome 70
      2018-12-03

      👍👍👍👍👍👍

  • Dimuthu Unregistered
    Android 4.4 Chrome 70
    2018-11-30

    උපසිරස ලබාදීමට ස්තූතිය..🙏…good luck…..❤🤩

    Reply
  • yohan Unregistered
    Windows 7 Firefox 64
    2018-12-01

    thank you bro

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Firefox 63
    2018-12-01

    සබ් එකනම් සුපිරියක් තමයි <3 මේ කරන උතුම් සේවයට බොහොම ස්තුතියි සහෝ 😀

    Reply
  • Jayasanka Unregistered
    Android 7 UC Browser 12.9
    2018-12-03

    Thanks subata. Good luck

    Reply
  • Nishantha Unregistered
    Android 5.1 Chrome 68
    2018-12-09

    බොහොම ස්තුතියි

    Reply
  • Anupa Unregistered
    Windows 10 Chrome 70
    2018-12-12

    උපසිරස ලබාදීමට ස්තූතිය..

    Reply
  • Hasitha nuwan Unregistered
    Windows 7 Chrome 34
    2018-12-22

    adoo bn yakooo koo meka compiuter eke pennanne nene huththa sinhala sub eka

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 57
      2018-12-24

      ඔබතුමාගෙ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබේද ? ඔබ නොපෙනේයයි පවසන මේ උපසිරැසිය අද දින වනවිට (12/23/2018) ඩවුන්ලෝඩ් 20,000 ඉක්මවා ඩවුන්ලෝඩ් කර ඇති අතර ඔබතුමාගෙ අපූරු කමෙන්ටුව හැරෙන්නට සැබෑ සිනමා රසිකයන්ගේ කමෙන්ට් 25ක් පමණද ලැබී ඇත (මගේ පිලිතුරු කමෙන්ටු හැරුණුකල). ඔවුන් එය නැරඹූවේ පරිගණකයක හෝ වේවා ජංගම දුරකථනයක හෝ වේවා ඒ කිසිවෙකුට ඔබ පවසන ගැටලුව පැමිණ නැති බවද පෙන්වා දෙමි. ඔබතුමා වචන භාවිතා කර ඇති ආකාරයටම වචන හසුරවන්නට මමද හොඳින් දන්නා නමුත්, මෙය ෆෝරම් එකක් නොවන නිසාත්, කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම ගැවසෙන තැනක් නිසාත්, සියල්ලටම වඩා අඩවියේ ගෞරවය රැකිය යුතු නිසාත්, මා අත වරදක් නොමැතිවද ඔබතුමා වැනි බත්කන ගවයෙක් මෙන් කතාකරන්නට මාගෙ සිත මට ඉඩ දෙන්නේ නැත . ඔබේ කෙහෙල්මල් කමෙන්ටුව නැතුවාට මෙතනට පැමිණ යම් සේවයක් ලබාගෙන අවංකව කෙනෙක් දමා යන එකම එක කමෙන්ට් එක හෝ මට ප්‍රමාණවත්ය. අද වන තෙක් ලබාදී ඇති උපසිරැසි සියල්ල ( 250කට ආසන්න) ලබාදී ඇත්තේ මහත් වෙහෙසකින්, හැකි උපරිම නිරවද්‍යතාවයකින් සහ ලබාදී ඇති පිටපතට දශමයට ගැලපෙන ලෙස බවද මතක් කිරීමට කැමැත්තෙමි. තවද ඔබතුමා සිංහල අසභ්‍ය වචනය සිංග්ලිෂ් ක්‍රමයට නිවැරදිව ටයිප් කර ඇති මුත් Computer යන වචනය නිවැරදිව ටයිප් කිරීමට කලබලය නිසා අමතකවී ඇති බවද පෙන්වා දෙමි. අනවශ්‍ය සේ හැඟෙන ඕනෑම කමෙන්ට් එකක් ඉවත්කිරීමේ හැකියාව ඇඩ්මින්වරුන් විසින් අප වෙත ලබාදී ඇති නමුත්, ඔබගේ භාෂාමය සහ එය භාවිත කිරීමේ මනා හැකියාව මෙහි එන අන් අයගේද දැනගැනීම පිණිස කමෙන්ටුව එසේම තිබෙන්නට හරිමි. – මීට… විසි දහසක පමණ රසිකයන් පිරිසකට පෙනී ඇති මුත්, ඔබට අවම වශයෙන් පරිගණකයේවත් නොපෙනී ඇති මේ අදෘශ්‍යමාන උපසිරැසියේ නිර්මාණකරු- හසිත ප්‍රසාද් -හිතේ අහිතක් නැත- ඔබට සුභ නත්තලක්.

    • Iroshana malshan Unregistered
      Android 6 Chrome 70
      2018-12-27

      අයියේ මං ෆිල්ම් එකට සබ් ෆයිල් එක ඇඩ් කරාම කොටු කොටු පෙන්නන්නේ සබ්ටයිටිල්ස් මට ඉක්මනින් ඒ ඇයි කියලා දැනගන්න ඕනේ

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 57
      2018-12-27

      @ Iroshana :- මල්ලි ඔයා ෆිල්ම් බලන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකනං MX Player පාවිච්චි කරන්න . කම්පියුටර් එකේනම් Pot Player, Media Player Classic, KM player කියන තුනෙන් එකක් පාවිච්චි කරන්න. අකුරු කොටු විදියට පෙන්නනව කියන්නෙ සිංහල ෆොන්ට් සපෝට් නෑ කියන එක. උඩින් කිව්ව ප්ලේයර් එකකවත් මට ඔය ප්‍රශ්ණෙ ඇවිත් නෑ, VLC ප්ලේයර් එක වගේනං කොහොමත් සිංහල උපසිරැසි සපෝට් නෑ.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 520
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved