අද කට්ටියට අරන් ආවේ Thriller සහ Action කාණ්ඩයට අයත් ෆිල්ම් එකක්.සමහරවිට මේ ෆිල්ම් එක වැඩිය ඔයාලා දැනන් හිටිය ෆිල්ම් එකක් නෙවේ වෙන්නත් ඇති.මොකද මේ ෆිල්ම් එක 2004 දෙසැම්බර් 18 තමා release කරලා තියෙන්නේ.ඉතින් කියන්න දෙයක් නෑ නේ ෆිල්ම් එක ගොඩක් පරණ එකක්.හැබැයි ෆිල්ම් එකනම් සුපිරිම action ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.8 වැනි කුඩා අගයක් තමා අරන් තියෙන්නේ ඒ වුණාට ගූගල් පරිශීලකයන් 90%ක්ම මේ ෆිල්ම් එකට like කරලා තියෙනවා.ෆිල්ම් එක අධ්යක්ෂනය කරලා තියෙන්නේ Philippe Martinez විසින්.ඒවගේම මන් හිතනවා ඔයාලා Lion Heart,Hard Target මේ ෆිල්ම් බලලා ඇති කියලා.ඒ ෆිල්ම් වල ප්රධාන චරිතයට රගපාපු කෙනා තමා මේ ෆිල්ම් එකෙත් ප්රධාන චරිතෙට රගපාන්නේ.ඒ Jay Claude Van Damme.ෆිල්ම් එක ගැන සාරංශයක් විදියට කිව්වොත්,බෙන් ආචර් කියලා කෙනෙක් ඉන්නවා.ඉතින් මෙයා මෙයාගේ පවුලට ගොඩක් ආදරය කරනවා.ඉතින් මෙයාගේ බිරිද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ.ඉතින් දවසක් නැවක චීන මිනිස්සු වගයක් පටවලා U.S.A වලට නීතිවිරෝධිව ඇවිත් තියෙනවා.ඉතින් ඒ කණ්ඩායමේ කිම් කියලා චීන ගෑණු ළමයෙකුත් ඉන්නවා.ඒ සන් ක්වෑන් නැත්නම් චීනේ ලොකු මත්ද්රව්ය ජාවාරම් කාරයෙක්ගේ දරුවෙක්.ඉතින් මේ බෙන් ආචර්ගේ බිරිද මේ කිම්ව නඩු වලින් බේරාගෙන තමාගේ දරුවෙක් විදියට හදාගන්නවා.හැබැයි ඒක සන් ක්වෑන් දැනගන්නවා.පස්සේ එයා මැරයෝ දාලා ඒ බෙන් ආචර්ගේ බිරිදව මරනවා.හැබැයි මැරයොන්ට කිව්වේ කිම්ව උස්සන්න කියලා,හැබැයි වැඩේ කෙල වෙනෝ.පස්සේ ඉතින් බෙන් ආචර් තමාගේ බිරිද මරපු එකේ පලිය ගන්නවා සන් කවෑන්ව මරලා.ඔය ඉතින් නිකන් කතාව කිව්වේ.ෆිල්ම් එක බලන්න මේක ඉතින් කුතුහලය පිරුණු කතාවක්.අවසාන වශයෙන් කියන්න ඕන මේ ෆිල්ම් එක Gavin Maedon සිහිපත් වෙන්න හදපු ෆිල්ම් එකක්.මම නම් එයා ගැන වැඩිය දන්නේ නෑ.හැබැයි ගූගල් සෙවුමක් කරද්දී නළුවෙක් කියලා හොයගත්තා.ඉතින් මන් මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්!
Wake of Death (2004) Sinhala Subtitle
පරණ එකක් වුනාට සුපිරිම කතාවක් ස්තුතියි සහෝ.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..