Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle
  • Genres
  • Action
  • Watchmen (2009) Sinhala Subtitle

Watchmen (2009) Sinhala Subtitle

September 08, 2017 Junior Admin

ආයුබෝවන් Subzlk හැමදෙනෙක්ටම. අද ෆිල්ම් එක Watchmen (2009) මේක Dc කොමික්ස්ලගෙ එකක්.මේක ඇත්තටම මධූෂ නම් සොහොයුරෙක් මගෙන් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු එකක්. 2009 නිකුත් වුණ එකක් නිසා වෙනත් අඩවියකින් සබ් දීලද බලද්දි එක අඩවියක චිත්‍රපටය ගැන ලිපියක් පමණකුත් අනිත් අඩවියෙන් ඩවුන්ලෝඩ් කිරීමේ නොහැකියාවකුත් ආවා. මම සාමාන්‍යයෙන් බැට්මෑන් ඇරුණහම DC කොමික්ස්වල ලොකු රසිකයෙක් නෙමෙයි, ඒවුණත් මේක බැලුවහම මට මේකට සබ් කරන්න ආසාවක් ආවා. අපේ ඇඩ්මින් මණ්ඩලයෙත් ඉන්නවා ” කැපුවත් DC ” ඝනයේ සාමාජිකයෙක්, මමත් දැනගත්තෙ මේ ලඟදි නම කියන්න දෙයක් නෑ හැමෝම දන්නවා. (එයානම් මේක බලල ඇති අනිවාර්යයෙන්ම) කොහොමවුණත්  ඒ දෙන්නම වෙනුවෙනුයි මේ ෆිල්ම් එක. දැන් යමු නේද චිත්‍රපටය පැත්තට.  හෝව් ඊට කලින් කියන්න ඕනෙ ඔයාල ඩවුන්ලෝඩ් කරද්දි මං දීල තියන පිටපතම ගන්න, වෙනත් පිටපතක් ගන්නවනම් අනිවාර්යයෙන්ම Directors cut කියල සඳහන් වෙලා තියන බ්ලූරේ පිටපතක්ම ගන්න . අනිත් ඒවට ගැලපෙන එකක් නෑ සබ් එක.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1986දී ඇලන් මූර්ගේ රචනයෙන් සහ ඩේව් ගිබ්සන්ගේ චිත්‍රවලින් හැඩවුණු මෙම නමින්ම වූ ජනප්‍රිය කොමික් පොතක්.  එය පාදක කරගෙන සිනමාවට නැගුන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ සැක් ස්නයිඩර් (Zack Snyder).   ඇක්ෂන් , ඩ්‍රාමා, මිස්ට්‍රි ඝනයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය තුනකුත් විනාඩි හයක්.  Imdb අඩවියෙන් 7.6ක අගයකුත් Rotten Tomatos අඩවියෙන් 65%ක අගයකුත් ගූගල් පරිශීලකයින් 87%කගේ කැමැත්තත් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියනව.සම්මාන පැත්තෙන් ගත්තොත් 22කට නිර්දේශවෙලා සම්මාන 11ක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙනවා. චිත්‍රපටයේ කතාව පැත්තට යමු දැන්…

මේකෙ තියෙන්නෙ 1985 වසරෙ සිදුවන සිදුවීම්පෙලක්, ඒ කියන්නෙ පැරණි සුපිරිවීරයින් සිටින කාලය. මේ කාලය වනවිට ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් ( 1969 -1974 ) විසින් සුපිරිවීර ක්‍රියාකාරකම් තහනම් කරලයි තියෙන්නෙ , ඒ කීන් පනත නම් පනතක් මගින්. ඒ නිසා සුපිරිවීරයින් තමන්ගේ විශ්‍රාම දිවිය ගතකරමිනුයි ඉන්නෙ. මේ කාලයේදී සෝවියට් දේශය සහ ඇමරිකාව අතර සීතල යුද්ධය බොහොම උණුසුම්. සෝවියට්වරු ඇමරිකාවට පහරදීමේ අනතුරකුත් ඇමරිකාව අභිමුව තියනවා.හැබැයි ඇමරිකාව මේකට බය නෑ ඒ ඔවුන් සතුව සුපිරි ආයුධයක් තිබෙන නිසයි. මේ අතරෙදි  වොච්මෙන් (මුරකරුවන්) නම් සුපිරිවීර කණ්ඩායමේ සාමාජිකයෙක්ව අභිරහස් ලෙස ඝාතනය කෙරෙනවා. ඒ ගැන විමර්ශණය කිරීමට ඒ කණ්ඩායමේම සාමාජිකයෙකු වන  රොෂැක් ඉදිරියට එනවා. එහිදී ඔහුට දැනගන්න ලැබෙනවා තම කණ්ඩායම පසුපස එන අනතුරක්, ඔහු තීරණය කරනවා කණ්ඩායමේ අනිත් අයත් එක් කරගෙන මේ සම්බන්ධව සොයා බලන්න, හැබැයි ඒක ඔහු හිතන තරමට ලේසි කාර්යයක් වෙන්නේ නෑ.  කතාව ඒ ඇතිනේ ඉතිරිය ඕගොල්ලන්ට බාරයි

මතක ඇතුව ඕපනින් ක්‍රෙඩිට් දර්ශන හොඳ අවධානයෙන් බලන්න එතකොට කතාව ගලපගන්න ලේසියි, මටනම් දෙපාරක්ම බලන්න වුනා කතාව තේරුම්ගන්න, ඒ මට DC  නුහුරු නිසා වෙන්න ඇති. ඒ වුණාට DC රසිකයින්ට මේක අමාරු වෙන එකක් නෑ.  කෝකටත් සැබෑ සහ අන්වර්ථනාමත් එක්කම චරිත ටික හඳුන්වල දෙන්නම්. මං මේ කට්ටියට සිංහල නම් දැම්ම කමක් නෑනෙ?

< පැරණි මිනිට්මන් කණ්ඩායම >

————————————

*හොලිස් මේසන්  නොහොත් සැඳෑ බස්සා (NiteOwl) –

මේ වනවිට රථවාහන අලුත්වැඩියාපලක් පවත්වාගෙන යයි. සුපිරිවීරයින් සම්බන්ධව

පොතක්ද පළකර ඇත. තම අනන්‍යතාවය තහවුරු කර ඇත.

*හිසවසාගත් නීතිකරුවා (Hooded Justice )

අනන්‍යතාවය තහවුරු කර නැත.

*සෙවණැලි ජායාව (Silhouette)

1946දී මරාදමනු ලැබීය . ඕපනින් ක්‍රෙඩිට් දර්ශනතුල මේ සිද්ධිය ඇතුලත්.

*නෝට්ටුවා ( Doller Bill  1917 -1947)

*සලබ මිනිසා ( Moth Man )

මේ වනවිට මේන් නගරයේ උන්මත්තකාගාරයක වෙසෙයි.

*නගර කපිතාන් ( Captain Metropolis 1920-1974 )

*විකටයා ( The Comedian 1924 – 1985 ඔක්තෝබර් 11)

සැබෑ නම එඩ්වඩ් බ්ලේක්.

*සේද අවතාරය (1) ( Silk Specture )

සැබෑ නම සැලී ජුපිටර්.

<    වොච්මන් කණ්ඩායම >

—————————

*(නව) සැඳෑ බස්සා (Nite Owl)

සැබෑ නම ඩැනියෙල් ඩ්‍රයිබර්ග්, ඩෑන් යනුවෙන් කෙටිකර දක්වයි.

*ඔසිමැන්ඩියස් ( Ozymandias )

සැබෑ නම ඒඩ්‍රියන් වයිඩ්. තම අනන්‍යතාවය තහවුරු කර ඇත.

(ඔසිමැන්ඩියස් කියන්නෙ ඊජිප්තුවේ දෙවන රැම්සෙස් රජුගෙ ග්‍රීක නාමය)

මෙයාගෙ සුරතලා බුබාටිස් නම් ජානවෙනස්කමකට භාජනය කල ලිනක්ස් දිවිදෙනක්.

*(නව) සේද අවතාරය (Silk Specture )

සැබෑ නම ලෝරි. සැලී ජුපිටර්ගේ දියණිය.

*රොෂැක් ( Rorschach )

සැබෑ නම චිත්‍රපටය අතරතුර ලැබේවි.

*විකටයා ( The Comedian )

මිනිට්මන් කණ්ඩායමේ කෙනාම තමයි.

*ආචාර්ය මෑන්හැටන් ( Dr. Manhatten )

සැබෑ නම ජොනතන් ඔස්ටර්මන්, එය ජොන් යනුවෙන් කෙටිකර භාවිතා වේ. අතීතය සහ       අනාගතය  එකවර දැකීමේ හැකියාවක් ඇත.

ඕපනින් ක්‍රෙඩිට්වල ඇති විශේෂ දේවල් :-

*   ඕපනින් ක්‍රෙඩිට්වල ඇති නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගොඩබසින දර්ශනයේදී ඔහු කියනවා “සුභ පැතුම්, ගෝර්කි මහත්මය” කියල. ඒක නීල් ආම්ස්ට්‍රෝංගෙ ළමා කාලය හා බැඳුන එකක්ලු . කුඩා කාලයේ ඔහු බේස්බෝල් ක්‍රීඩාකරමින් සිටියදී ඔහුගේ බේස්බෝලය අල්ලපු වත්තට ගිහින්. ඔහු  ඒක හොයන්න යනවිට  ඒ නිවසේ වෙසෙන ගෝර්කි යුවල වාදයක පැටලිලා ඉඳල තියෙන්නෙ. ගෝර්කි මහතා දෙයක් (මෙතන ලියන්න බෑ )ඉල්ලුවාම එම මහත්මිය තම මිදුලේ ඇවිදින කුඩා නීල් ආම්ස්ට්‍රෝන්ව පෙන්නල කේන්තියෙන්  ” ඒක දෙන්නං  , අර කොල්ල හඳට ගියාම”  කියල.  ඒකලු ඔහු මෙතනදි ගෝර්කි මහතාට සුභ පතන්නෙ.

* තව බලන්න කවුද ජෝන් එෆ් කෙනඩිට වෙඩි තියන්නෙ කියලත්.

* තුවක්කු බැරලය තුල මලක් රැඳවීමේ දර්ශනය

ඇමරිකාව වියට්නාමයට එරෙහිව යුධවැදීමට එරෙහිව  පෙන්ටගනය ඉදිරිපිටදී 1967දී පැවැත්වුණ උද්ඝෝෂණයකදී

බර්නි බොස්ටන් නම් ජායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ “Flower Power ” නම් සම්මානලාභී ජායාරූපය සිහිගැන්වීමකි. එහිදී කිසිදු වෙඩි තැබීමක් නොකෙරුණ නමුත් චිත්‍රපටයේදී එය වෙනස් කර ඇත. මෙන්න ඒ ජායාරූපය

තව රසවත් විස්තර ගොඩක් තිබ්බත් කියන්න විදියක් නෑ එකක් කාලය හරස් වෙලා (දැන් වෙලාව උදෑසන 4:00) අනික මේ ලිපිය දැනටත් දිග වැඩිද කොහෙද, පොඩ්ඩක් Imdb අඩවිය පැත්තෙ රවුමක් ගැහුවාම ඒ ටික හොයාගන්න පුළුවන්. එහෙනම් මම ගියා ආයිත් දවසක හමුවෙමු. ආ..කියන්න අමතක වුණා ,මතක ඇතුව වැඩිහිටි අය පමණක් නරඹන්න , හොඳේ . ලිපියේ සියලු විස්තර ගත්තෙ Imdb සහ Wikia.com අඩවිවලින්.

Bluray , BR, BD පිටපත් සදහා ගැලපේ.

Spoiler Warning : In an alternate 1985 America, costumed superheroes are part of everyday life. When one of his former comrades is murdered, masked vigilante Rorschach (Jackie Earle Haley) uncovers a plot to kill and discredit all past and present superheroes. As he reconnects with his retired associates, only one of which has true powers, Rorschach glimpses a far-reaching conspiracy involving their shared past and catastrophic consequences for the world’s future…

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
14816 Downloads
Available Torrents
720p bluray 1.00 GB
GET
1080p bluray 2.80 GB
GET
2160p bluray 10.02 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (35)
Newer →
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 60
    2017-09-09

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
    ලිපියත් අනර්ඝයි!

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 55
      2017-09-10

      බොහොම ස්තූතියි, සමීර ..:-)

    • hasitha Unregistered
      Windows 7 Firefox 55
      2017-09-10

      බොහොම ස්තූතියි, සමීර 🙂

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 6 UC Browser 11.4
    2017-09-09

    උපසිරැසියට තුති සහෝ?
    ඔබට ජය✌️?

    Reply
  • Sithum Unregistered
    Android 4.4 Chrome 58
    2017-09-09

    උපසිරැසියට තුති සහෝ

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 47
    2017-09-09

    නියමයි.පට්ටම සතුටක් ඇතිඋනේ මේකට සබ් දීලා දැක්කම.බොහොම ස්තූතියි
    අවන්කවම අගය කරනවා සහෝ මේ කරන සේවය.ඉල්ලීම ඉටු කලාට ගොඩක් පින්
    ජයම වේවා!

    Reply
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2017-09-09

    එකෙන්ම තෑන්ක්ස් සහෝ.
    සුපිරි වැඩක්.

    Reply
  • Kantha Unregistered
    Windows 7 Firefox 34
    2017-09-09

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
  • charly Unregistered
    Windows 10 Chrome 61
    2017-09-09

    supiri wedak bro… balanna asawen idapu film ekak… thanks

    Reply
  • msp Unregistered
    Windows 7 Chrome 60
    2017-09-09

    thanks bro sub ekata. Throne Of Elves (2016) Animation ekatath sub eka dennako bro. supiri film ekak ekai

    Reply
  • dinu Unregistered
    Windows 7 Chrome 60
    2017-09-10

    supiri wedak bro
    Rememory (2017) ekata sub denna

    Reply
  • Mithun Unregistered
    Android 6 Chrome 58
    2017-09-10

    Into.the.Inferno.2016.WEBRip.x264-FGT.mp4
    Puluwanda me film ekata sb danna hoda move ekak tma kohawat sb na

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 55
      2017-09-10

      ඩොකියුමන්ටරි එකක් නේද, මිතුන්? බලමු සබ් දෙන්නම් කොහොමහරි.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 60
    2017-09-10

    කැපුවත් dc කවුද එතින් කවිෂ තමයි …..හේ හේ ….

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 55
      2017-09-10

      🙂 නැතුව නැතුව වෙන කවුද ඉතින්..

    • සමීර ඉඳුනිල් New Subtitler
      Windows 7 Chrome 60
      2017-09-10

      වැඩක් නැහැ මාවල් බෝයි, සපයිඩි කරේ නැහැනේ 🙂
      ඒක හසිතට භාර දුන්නනේ :/

  • Oshada Unregistered
    Android 6 Chrome 59
    2017-09-10

    Tnx broo….obata jaya……

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 123
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved