We Can Be Heroes (2020) Sinhala Subtitle

December 28, 2020 Admin
Subtitle by Rasika Samanjith
අනාගත ඇවෙන්ජර්ස්ලා

                 මෙවර නත්තල් උත්සවය වෙනුවෙන්, 2020 දෙසැම්බර් 25 දින, Netflix වෙතින් ලෝකයේ දුවා දරුවන්ට තිලිණ කල නත්තල් තෑග්ග අරගෙනයි මෙදා පාර Subz.lk එකට ගොඩවුනේ. ඒ තමයි පුංචි සුපිරි වීරයන් පිරිසක් ගැන කියවෙන කතාවක් රැගත් We Can Be Heroes. ඇමරිකන් Action ෆිලුමක්. ඉතින් ලංකාවෙ අපේ දරු දැරියන්ටත් ළඟ එන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු තෑග්ගක් විදිහට දෙන්න තමයි මේකෙ සබ් එක කලේ. බොහොම සංයමයෙන් කල සබ් එකක්. ළමයින්ට නුසුදුසු එක වචනයක්වත් පාවිච්චි කලේ නෑ. අඩු තරමේ “උඹ” කියන වචනෙ පවා පාවිච්චි නොකරන්න පරිස්සම් වුනා. හොඳම දේ ළමයින්ට කියනවනෙ. ලොකු බර වාක්‍ය, අදහසට හානි නොවෙන්න සරලව දැම්මා. ඒක ඔයාලට දැනෙනෙ එකකුත් නෑ. ළමා පරපුරට ගොඩක් හොඳ ගුණාංග ඇතුලත් චිත්‍රපටයක්. ඒ වගේම හාස්‍යයත් අඩුවක් නෑ. දැනුම, සතුට විනෝදය පිරුණු විනාඩි 100 ක්. හැබැයි වැඩිහිටි අයවරදවා හිතන්න එපා. මේක ළමයින්ට කිව්වට ළමයින්ටම නෙමේ. ඔයාලටත් සුපිරිම ෆිල්ම් එකක්. මුල ඉඳලා අග වෙනකල්ම එක හුස්මට බලන්න පුලුවන්, මේ වසරේ නිකුත්වුනු හොඳම ෆිලුමක්. මේකෙ ළමයින්ගෙ චරිත ටික ඇරුණම, වැඩිහිටි ප්‍රධානම චරිතය තමයි, හිරෝයික්ස් වැඩසටහනේ අධ්‍යක්ෂිකාව වන ග්‍රැනඩා. ඒ චරිතය රඟපාන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවේ, නොම්මර එකේ හින්දි නිළියක් වන ප්‍රියන්කා චොප්රා. එයාගෙ රංගනය ගැන නම් කියන්නම ඕන. අති විශිෂ්ටයි. මන් හිතන්නෙ ෆිල්ම් එකේ ඉහළම රඟපෑම තියෙන්නෙ එයාගෙ. ප්‍රියන්කා චිත්‍රපටයට ආලෝකයක් වී ඇති බවයි මගෙ නම් විශ්වාසය. ෆිල්ම් එක බැලුවාම ඔයාලටත් තේරේවි.

Cast
Priyanka Chopra     … මිස් ග්‍රැනඩා
Pedro Pascal            … මාකස් මොරීනෝ
YaYa Gosselin          … මිසී මොරීනෝ
Lyon Daniels          … නූඩ්ල්ස්
Andy Walken          … වීල්ස්
Hala Finley          … ඕජෝ
Lotus Blossom       … අකැපෙලා
Dylan Henry Lau  … ස්ලෝ-මෝ
Andrew Diaz          … ෆේස්මේකර්
Isaiah Russell-Bailey   … රිවයින්ඩ්
Akira Akbar         … ෆාස්ට් ෆෝවර්ඩ්
Nathan Blair    … වයිල්ඩ් කාඩ්
Vivien Lyra Blair     … ගප්පි

කතාව ගැන කියනවනම්, ලෝකයේ ආරක්ෂාවට සුපිරි වීරයෝ කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි හිරෝයික්ස්ලා. හිරෝයික්ස් මූලස්ථානයේ, අධ්‍යක්ෂිකාව තමයි ග්‍රැනඩා. ලෝකයට පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ සටනෙදි පෘථිවියේ සුපිරි වීරයෝ ඔක්කොම පරාජය වෙනවා. එයාලා පිටසක්වලයින්ගෙ අත් අඩංගුවට පත්වෙනවා. මේ වෙනකොට එයාලගෙ ළමයි ග්‍රැනඩා යටතේ, හිරෝයික්ස් මූලස්ථානයේ විශේෂ ආරක්ෂක කුටියක ඉන්නෙ. එයාලා තමයි මිසී, නූඩ්ල්ස්, වීල්ස්, ඕජෝ, අකැපෙලා, ස්ලෝ-මෝ, ෆේස්මේකර්, රිවයින්ඩ්, ෆාස්ට් ෆෝවර්ඩ්, වයිල්ඩ් කාඩ් සහ ගප්පි. මෙයාලා හැමෝටම එක එක විදිහේ සුපිරි බලයන් තියෙනවා, මිසීට හැර. මිසී ඇවිල්ලා, හිරෝයික්ස් වීරයන්ගෙ නායකයා වන මාකස් මොරීනෝගේ දුව. ඇය සාමාන්‍යයි. ඇයට තියෙන්නෙ තාත්තගෙන් ආපු නායකත්ව ගුණාංග විතරයි. ඉතින් මේ පිටසක්වලයෝ එයාලව හොයාගෙන එනවා කියලා මිසී දැනගන්නවා. ඊට පස්සෙ යාලුවෝ කට්ටිය තීරණය කරනවා එතනින් පැනලා ගිහින්, අභ්‍යවකාශයේ තියෙන පිටසක්වල යානයේ හිරවෙලා ඉන්න, තමන්ගෙ දෙමව්පියනුත් බේරගෙන, ලෝකයත් බේරගන්න. නරක නෑ නේද? ලඟ එන්නාවූ 2021 නව වසර, ලෝකවාසී සැමටම වාසනාවන්ත එකක් වේවායි කියා ප්‍රාර්ථනා කරමින්, සහ මේ අවුරුදු තෑග්ග, මගෙ ආදරණීය දියණිය, ෂෙහානි ශ්‍යාමින්දි වෙනුවෙන් ඔබේ දුවට පුතාට තෑගි කරන මෙන් ඉල්ලමින් නවතින්නම්. ජය වේවා. 

♣♣  BRRip / WEBRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p bluray 922.62 MB
1080p bluray 1.86 GB
720p web 923.98 MB
1080p web 1.86 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (3)
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට

  • kavinda Unregistered
    Windows 7 Chrome 87

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search