Wrath of Man (2021) Sinhala Subtitle

June 05, 2021 Admin
Subtitle by Rasika Samanjith
අද්භූත කෑෂ් වෑන් රියදුරා

 

                           ඉතින් හැමෝටම ආයුබෝවන්. මේ පාර අරන් ආවෙ 2021 වර්ෂයේ බොහෝ දෙනෙක් බලාගෙන සිටි සිනමා නිර්මාණයක්. මුලින්ම සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් පරක්කු වුනාට. අන්තර්ජාලයට හොඳ පිටපතක් නිකුත් වූ දිනයේම සබ් එක හදන්න පටන් ගත්තත්, නොසිතූ විදිහට කාර්යබහුල වුනා. ඒත් වැඩේ ඉවර කරන්න ඕනනෙ. ඉතින් මේ තමයි ජනප්‍රිය නලු ජේසන් ස්ටැතම්ගේ නවතම සිනමා පෙරලිය, Wrath of Man. අන්තර්ජාතික වශයෙන් රටවල් කිහිපයක 2021 අප්‍රියෙල් 22 ප්‍රදර්ශනය ආරම්භ කල අතර ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කලේ 2021 මැයි 07 දිනයි. Action, Thriller සහ Crime ගණයන්ට අයත්වෙන මෙය එංගලන්ත / ඇමරිකන් නිර්මාණයක්. මේ වනවිට IMDb අගය 7.2/10 ක්ද, Rotten Tomatoes අගය 66% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 92% ක්ද ලබාගෙන තියෙනවා. Nicolas Boukhrief විසින් අධ්‍යක්ෂනය කල, ප්‍රංශ නිර්මාණයක් වන Cash Truck [2004] චිත්‍රපටයේ රීමේක් එකක් වන Wrath of Man විනාඩි 119 ක ධාවන කාලයකින් යුක්තයි. මෙහි අධ්‍යක්ෂනය Guy Ritchie ගෙන්. Jason Statham සමඟ Holt McCallany (බුලට්), Josh Hartnett (ඩේව්), Jeffrey Donovan (ජැක්සන්), Scott Eastwood (ජෑන්) සහ Niamh Algar (ඩේනා) රංගන දායකත්වය ලබාදෙනවා.
අති සාර්ථකව ලොව පුරා තිරගත වූ Wrath of Man, 2021 ජුනි 01 දින වනවිට, එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් ඇ.ඩො.මිලියන 23.1 ක්ද, අනෙක් රටවලින් ඇ.ඩො.මිලියන 57.7 ක්ද ලෙස, ඇ.ඩො.මිලියන 80.8 ක සමස්ත ආදායමක් උපයා ගැනීමට සමත්වෙලා තියෙනවා. එක්සත් ජනපදයේදී තිරගත කල මුල්ම දිනයේදිම ඇ.ඩො.මිලියන 3 ක් උපයාගත් අතර, එම සති අන්තය අවසන් කෙලේ ඩො.මිලියන 8.1 එකක් තම ගිණුමට බැර කර ගනිමින්, බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක එක බවට පත්වෙමිනි. චීනයේදීද සාර්ථක වෙමින් ආරම්භක සති අන්තයේදී ඇ.ඩො.මිලියන 18.5 ක් උපයාගැනීමටද සමත් වී ඇත.
චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නෙ, ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන, ෆෝටිකෝ නමැති ආරක්ෂක ආයතනයක මුදල් ට්‍රක් එකක් කොල්ල කෑමේ සිද්ධියකින්. එහිදී එහි ආරක්ෂකයින් දෙදෙනා ඝාතනය කෙරෙන අතර තව සිවිල් පුරවැසියෙකුත් ඝාතනයට ලක් වෙනවා. ඉන් මාස දෙකකට පමණ පසු එම ආයතනයට නව රියදුරෙක් එකතු වෙනවා. ඔහු නමින් පැට්‍රික් හිල් ( ස්ටැතම් ). එහිදී ගිනි අවි පුහුණුවක්ද ලබා දෙන අතර ඔහු එයින් සමත්වෙන්නේ අවම ලකුණු අරගෙන, නූලෙන්. පැමිණ ටික දිනකට පසු ඔහුගේ කෑෂ් ට්‍රක් එකද කොල්ල කෑමට කරන උත්සාහයකදී, ඔහු කොල්ලකරුවන් හය දෙනෙක් මරා දමමින්, එය ව්‍යර්ථ කරන්නේ ඔහු තනියම, කිසිම සීරීමක්වත් නැතුව. නමුත් ගැටලුව වන්නේ ඔහුගේ අති දක්ෂ, 100% ක් තරම්ම වූ වෙඩි තැබීමේ හැකියාවයි. ඒ නිසා යම් ආකාරයකට ඔහු කෙරෙහි සැකයකුත් යම් අය අතර ඇතිවෙනව. මාස කීපයකට පසු තවත් එවැනිම කොල්ලයකට ඔවුන් මුහුණ දෙන අතර, කොල්ලකරුවන් 95% ක් පමණ සාර්ථක වී තිබියදී තමයි, ඔවුන් පැට්‍රික් හිල්ගෙ මූණ දකින්නෙ. ඔහුව දැක්ක විතරයි අවතාරයක් දැක්ක වගේ භීතියකට පත්වෙන කොල්ලකරුවන් ආපහු හැරිලා පලා යනවා. මේ සිද්ධිය නිසා, හිල්ගේ, එහෙම නැත්නම් එච්ගේ, සහායකයන් වන බුලට් සහ ඩේව්ට දැනෙන්න ගන්නවා, මොකක් හෝ අමුත්තක් තියෙන බව. ඇත්තටම අඳුරු අවතාරයක් බඳු මේ පැට්‍රික් හිල් කවුද? ඔහු ඇත්තටම ආවෙ රස්සාව වෙනුවෙන්මද? එහෙම නෙමේ නම් ඒ මොකටද? ඔබ ජේසන් ස්ටැතම්ගෙ රසිකයෙක් නම් අනිවාරෙන් බැලිය යුතු ෆිල්ම් එකක්.

ජය වේවා.

QUALITY – 480p – 500 MB
          720p – 756 MB   /   1 GB

SUB FORMAT – SRT & IDX

♣♣  BRRip / WEBRip / 480p /720p   ♣♣

Available Torrents
720p bluray 1.06 GB
1080p bluray 2.18 GB
720p web 1.07 GB
1080p web 2.19 GB
2160p web 5.3 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (13)
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 76

    තෑන්ක්ස් අයියේ සබ් එකට.:star_struck:

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      කමෙන්ට් එකට ස්තූතියි මල්ලි.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      කමෙන්ට් එකට ස්තූතියි සහෝ.

  • Shamal Manojan User
    Android 7 Chrome 90

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. පුලුවන් නම් මේ ෆිල්ම් ටිකට සබ් දෙන්න සහෝ.

    Shaolin Temple – 1982
    Street Fighter – 1994
    Sudden Death – 1995

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      අනිවාරෙන්. පොඩි කාලයක් දෙන්න.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 91

    ස්ටැතම්+ගයි රිචී කියන්නෙම සුපිරියක් තමා.
    බොහොම ස්තූතියි උපසිරැසියට.

  • Rasika Samanjith Admin
    Windows 7 Chrome 91

    කමෙන්ට් එකට ස්තූතියි මල්ලි.

  • Maduranga Unregistered
    Windows 7 Chrome 91

    Bokka sub ekata thanks digatama sub depan hode

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      අනිවාරෙන්, සහෝ.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 91

    මට තේරුම් ගන්න බැරි …ප්‍රධාන නළුවයි …නියෝජිතයි අතර තියෙන සම්බන්ධය

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ඒ ගැන කොතනකවත් පැහැදිලිව නෑ. ප්‍රධාන නලුවත් ගේම් කාරයෙක් හින්දා
      කාලෙක ඉඳන්ම දෙන්නා අතර ඇයි හොඳයියක් තිබිල තියෙනවා වගෙයි පේන්නෙ. මිනිහට හොඳට සලකලා තියෙනවා වගේ. එක තැනක ස්ටැතම් ඩේනාට කියනවා, ඔයා හිතනවට වඩා මට හැමතැනම contact තියෙනවා කියලත්.

  • Tharindu Ekanayake Unregistered
    MacOS Big Sur Safari 15.1

    1080p BR RIP එකට ගැළපෙනවද??

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search