Yeh Hai Jalwa (2002) Sinhala Subtitle September 08, 2021 Admin Subtitle by Rasika Samanjith නොම්මර එකේ තක්කඩි පුතෙක් මෙවර subz.lk නිවහනට ගොඩ වැදුනේ ගොඩක් දවසකට පස්සෙ ලස්සනම ලස්සන හින්දි සිනමා නිර්මාණයක් අරගෙනයි. ඒ තමයි Yeh Hai Jalwa. මුලින්ම රිදී තිරයේ දිගහැරුනේ 2001 ජුලි 26 දිනයි. Comedy, Drama, Romance, Family යන කැටගරි වලට දාන්න පුලුවන්. 1981 වසරේ නිකුත් වූ බ්‍රිටිෂ්-ඇමරිකන් කොමඩි නිර්මාණයක් වූ Carbon Copy චිත්‍රපටය ඇසුරින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. ඇත්තටම මේක පවුලේ සියලු දෙනා සමඟ එකට එක්වී රස විඳිය හැකි, පැය 2 යි විනාඩි 22 ක් පුරා, මුල සිට අග දක්වාම සිනහවෙන් පිරුණු, පට්ට රසාලිප්ත නිර්මාණයක්. අධ්‍යක්ෂනය ඩේවිඩ් දවාන් ගෙන්. ප්‍රධාන චරිත සඳහා Salman Khan, Rishi Kapoor සහ Amisha Patel ද, සෙසු චරිත සඳහා Kader khan, Anupam kher, Rati Agnihtri සහ Rinke khanna රංගනයෙන් දායක දායක වෙනවා. Sunjay Dutt ගරු රඟපෑමක් ලෙස සුලු චරිතයකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. දක්ෂ විකට රංගන ප්‍රතිභාවක් විදහා දැක්වීම හේතුවෙන් සල්මන් කාන් සහ රිෂී කපූර්, විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක් වුනා. විචාරකයන්ගේ පමණක් නොව දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ නොමඳ පැසසුමට ලක්වූ අනෙක් විශේෂ කාරණය තමයි චිත්‍රපටයේ සංගීත නිර්මාණය. Himesh Reshammiya ගේ සංගීතයෙන් හැඩ ගැන්වුනු, “සුපර් හිට්” සුමියුරු ගීත ගොන්නකින් Yeh Hai Jalwa සමන්විත වුනා. අදටත් ඉතා ජනප්‍රිය ඒ ගීත රූගත කරල තියෙන්නෙත් ලෝකයේ ඉතා මනස්කාන්ත, ඇසට ප්‍රිය, සුන්දර පසුතලයන් වලයි. මේ එහි ගීත සමුච්ඡයයි. 01. දීරේ දීරේ – අල්කා යාග්නික්, උදිත් නාරායන් 02. ආන්කේන් ප්යාරී හේන් – අල්කා යාග්නික්, කුමාර් සානු 03. ඕ ජානේ ජිගර් – අල්කා යාග්නික්, කුමාර් සානු 04. චූඩි කන්කායි රේ – අල්කා යාග්නික්, උදිත් නාරායන් 05. කාබන් කොපි – ශාන්, කුමාර් සානු 06. ලන්ඩන් මේන් ඉන්ඩියා – සුක්වින්දර් සිං, පන්කජ් උදාස් කතාවට ආරම්භයක්. රාජු ඉන්දියාවෙ තරුණ, ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්. අනාථයෙක්. අම්මා පොඩි කාලෙම නැති වෙලා. ඔහු ඉපදෙන්නෙත් තාත්තෙක් නැති දරුවෙක් විදිහට. අම්මව කසාද බදින්න පොරොන්දු වෙලා ගියාට පස්සෙ තාත්තට උනු දෙයක් නෑ. රාජු හිතන් ඉන්නෙ ඔහු මැරිලා කියල. ඒත් අවුරුදු 25 කට පස්සෙ රාජුට දැනගන්න ලැබෙනවා තාත්තා ලන්ඩන් වල ජීවත් වෙන බව. ඔහු රාජේෂ් මිත්තල්. ඔහුත් නොම්බර එකේ ධනවත්, සාර්ථක ව්‍යාපාරිකයෙක්. බිරිඳක් සහ ලොකු දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. රාජු ගොඩක් සතුටින් ලන්ඩන් ගියත් ඔහුගේ පියා ඔහුව පුතා කියා පිලිගන්නේ නෑ. ඔහු තාත්තට අභියෝගයක් කරනවා, ඔහුගේ පවුලේ හැමෝම ඉස්සරහ, තමාට පුතා කියල කතා කරන්න වෙන විදිහට වැඩ සලස්වනවා කියලා. ඉතින් ඔහු තම ඉලක්කය කොහොම සපුරා ගනීද? රාජේෂ් මිත්තලුත් නිකම්ම හිඳීවිද? මිත්තල් පවුලේ ප්‍රතිචාරය කොහොම වේවිද? සියලු දුක්ඛ දෝමනස්සයන් මඳකට පසෙකලා සුන්දර හෝරා දෙක හමාරක් ගත කරන්න ආරාධනා කරමින් නවතින්නම්. ජය වේවා. QUALITY / 480p – 350 MB / 720p – 1.1 GB / 1080p – 3gb SUB FORMAT / SRT & IDX ♣♣ WEBRip / 420p / 720p / 1080p ♣♣
මං කියන්න කියලමයි හිටියේ, කාලෙකින් හින්දි ෆිල්ම් එකට සබ් දුන්නේ නැති නිසා හින්දි එකකට සබ් දෙන්න කියලා. බැලින්නම් දීලා තියෙන්නේ. ඔයා සබ් දුන්න ෂාරුක් ඛාන්ගේ dilwale dulhania le jayenge ෆිල්ම් එකත් බැලුවා. ඒකේ සබ් එකනම් නියමෙටම තිබුණා. මං මේ ෆිල්ම් එකනම් බලලා නෑ. හැබැයි සින්දු ටික අහලා තියෙනවා. මරු! තෑන්ක්ස් අයියේ සබ් එකට.:star_struck:
මේ ෆිල්ම් එක බලලා නැත්නම් ලොකු අඩුවක්. පට්ටම එකක්, ලහිරු. ඔයා බලලම කමෙන්ට් එකක් දාන්නකො කොහොමද කියලා.
ෆිල්ම් එක බැලුවා. නියමයි!
සල්මාන් ඛාන්ගේ Lucky: No Time For Love (2005) ෆිල්ම් එකටත් පුළුවන්නම් සබ් එක දෙන්නකෝ. නියම ෆිල්ම් එකක්. සින්දු ටිකත් නියමයි. හැබැයි ඒ ෆිල්ම් එකේ හොඳ කොපියක් හොයාගන්න බෑ. මං ඉන්ටනෙට් එකේ සෑහෙන්න හෙව්වා. තියෙන්නේ DVDRip කොපි විතරයි. ඒවායේ කොලිටිය මදියි. අයියත් පුළුවන්නම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ.
Lucky ලස්සන ෆිල්ම් එකක්. සිංදු ටික පට්ට. මාත් පොඩ්ඩක් හොයල බලන්නම්.
තෑන්ක්ස් සබ් එකට
තෑන්ක්ස්, මල්ලි.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පරණ ෆිල්ම් හොදයි. දිගටම පරණ ෆිල්ම් දෙන්න.
මේ දවස් වලත් පරණ එකක් කරනවා.
සබ් එකට බොහොම ස්තූතියි රසික අයියේ:thumbsup::thumbsup::thumbsup::thumbsup:මමත් හොය හොය හිටපු සබ් එකක් තමයි…:grinning::grinning:ඔයාගේ ඉදිරි වැඩකටයුතු ඔක්කොම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි !!!!
කමෙන්ට් එකට ස්තූතියි. ඔයා හොය හොය හිටපු එකක් දෙන්න හැකි වීම ගැන සතුටුයි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
—–ස්තූතියි—–
දිගටම කරගෙන යමු ජය ජය……..
Khushi 2003 හින්දි චිත්‍රපට උපසිරස ලබාදෙනවද අයියේ ….