• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • French Movies
  • Days Of Glory (2006) Sinhala Subtitle

Days Of Glory (2006) Sinhala Subtitle

2024/03/22 at 8:57 pm
Rasika Samanjith

දෙවන ලෝක යුධ සමයේ 1943 දී, ප්‍රංශ යටත් විජිතවලින් ස්වදේශිකයින් විශාල පිරිසක්, නාසි ජර්මනියට එරෙහිව අනෙකුත් මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව සටන් කිරීමට ප්‍රංශ හමුදාවට බඳවාගන්නා ලදි. ඔවුන්ට සහෝදර ප්‍රංශ සෙබලුන්ගේ සහ පාලනාධිකාරියේ බොහෝ වෙනස්කම්, අසාධාරණකම්, කෙණෙහිලිකම් වලට මුහුණ දීමට සිදුවිය. හමුදාව ප්‍රධාන අංග දෙකකින් සමන්විත විය. පයිඩ්ස්-නොයර්ස්, එනම් බොහෝ දුරට යුරෝපීය සම්භවයක් ඇති අය සහ ස්වදේශිකයන්, වැඩි වශයෙන් අප්‍රිකානු සම්භවයක් ඇති අයයි. ස්වදේශිකයන් ( Indigenes ) ප්‍රධාන කණ්ඩායම් තුනකින් සමන්විත විය. ඇල්ජීරියානුවන්, මොරොක්කානුවන් (ගොමියර්වරුන් ලෙස හැඳින්වේ) සහ අප්‍රිකානුවන් (සෙනෙගාලියානු ටිරේලියර්ස් ලෙස හඳුන්වනු ලබන) වේ. මෙසේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ප්‍රංශ හමුදාවට එකතුවුනු ස්වදේශිකයින් පස් දෙනෙක් තමයි අබ්දෙල්කාදර්, සයිඩ්, මෙසාවුඩ් සූනි, යසීර් සහ ලාර්බී. හැමෝම අන්ත දුප්පතුන්. මොවුන්ගෙන් අබ්දෙල්කාදර් කියන්නෙ ඇල්ජීරියානු හමුදාවෙ කෝප්‍රල් කෙනෙක්. අනිත් අය සාමාන්‍ය වැසියන්. අබ්දෙල්කාදර් නිතරම අසාධාරණය වෙනුවෙන් සටන් කරන, සමානාත්මතාවය සහ සහෝදරත්වය බලාපොරොත්තුවන කෙනෙක්. ඉතින් ඔවුන් ඇතුලු සමස්ත උතුරු අප්‍රිකානු සොල්දාදුවන් ප්‍රංශය වෙනුවෙන් ප්‍රංශ හමුදාවන්ට දැක්වූ දායකත්වය සහ ඔවුන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව කතා කළ ප්‍රංශ සිනමා නිර්මාණයක් 2006 වසරේ නිකුත්වුනා. ඒ තමයි Days of Glory. එහෙම නැත්නම් Indigenes ( ප්‍රංශ ). මුලින්ම තිරගත වුනේ 2006 සැප්තැම්බර් 27 දිනයි. ධාවන කාලය පැය 2 විනාඩි 05 යි. Action, Drama, War විදිහට වර්ග කලත් සාම්ප්‍රදායික යුධ චිත්‍රපටවලින් වෙනස්වූ නිර්මාණයක්. 7.0/10 ක IMDb අගයක් ලබාගැනීමට මෙන්ම Rotten Tomatoes මීටරයත් 83% කට කරකවන්නට සමත්වූ මෙය ඇ.ඩො. මිලියන 22.5 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත්තා පමණක් නොව ලොව පුරා සම්මාන උලෙළවල් රාශියකම නියෝජනය වුනා. නළු නිළියන් වූ Jamel Debbouze, Samy Naceri, Roschdy Zem, Sami Bouajila සහ Bernard Blancan ඔවුන්ගේ රංගනයන් වෙනුවෙන් 2006 Cannes චිත්‍රපට උළෙලේදී හොඳම නළු සම්මාන දිනා ගත් අතර, චිත්‍රපටය François Chalais සම්මානය දිනා ගන්නා ලදි. එය හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා ද නිර්දේශ වූ අතර The Lives of Others නම් ජර්මන් චිත්‍රපටයට පරාද විය. 1959 දී, නිදහස ලැබීමට ආසන්නව සිටි ප්‍රංශ යටත් විජිත වලින් පැමිණ සේවය කල පාබල හමුදා සෙබලුන්ගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් පමණක් ගෙවීමට නීතියක් සම්මත විය. 2002 ජනවාරි මස, දීර්ඝ නඩු විභාගයකින් පසු සම්පූර්ණ විශ්‍රාම වැටුප ගෙවන ලෙසට ප්‍රංශ රජයට නියෝග කරන ලදි. නමුත් බලයට පත් වූ ආණ්ඩු එම ගෙවීම් නොතකා හැරි නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් පසු රජයේ ප්‍රතිපත්ති වෙනස් විය. ඒ අනුව එම ස්වදේශික සොල්දාදුවන්ට තම සම්පූර්ණ විශ්‍රාම වැටුප ලබාගැනීමට Days of Glory අර්ධ වශයෙන් දායක විය. Rachid Bouchareb විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි රංගනයෙන් දායකවෙන්නේ Jamel Debbouze (සයිඩ්), Samy Naceri (යසීර්), Roschdy Zem (මෙසාවුඩ් සූනි), Sami Bouajila (අබ්දෙල්කාදර්), Bernard Blancan (සාජන්ට් රොජර් මාටිනස්) සහ Assaad Bouab (ලාර්බි). ඒ වගේම Inglourious Basterds [2009], Enemy (2013), Now You See Me (2013) යන චිත්‍රපට වලින් ඔබ දුටු ජනප්‍රිය ප්‍රංශ නිළි Mélanie Laurent ද මෙහි සුලු චරිතයකට පෙනී සිටිනවා. දෙවන ලෝක සංග්‍රාමයේදී, උතුරු අප්‍රිකානුවන් ප්‍රංශ හමුදාවට බැඳෙන්නේ එම රට ජර්මානු පීඩනයෙන් නිදහස් කර ගැනීමට සහ ප්‍රංශ වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීමටයි. ඔවුන් කිසිදා නොදුටු රටක් වෙනුවෙන් නිර්භීතව සටන් කළද, ඔවුන්ගේ ප්‍රංශ සගයන්ගෙන් ආගම්වාදයට සහ අසාධාරණ සැලකීමට මුහුණ දෙන්නට සිදුවුනා.මෙසාවුඩ් සූනි තම ආදරවන්තියට යැවූ ලියුම් පවා, ඇයට නොයවා කුණු බක්කියට දාන්න තරම් ප්‍රංශ නිළධාරීන් ඔවුන්ව පහත්කොට සැලකුවා. අබ්දෙල්කාදර් වැනි ඇතැමෙක් විශ්වාස කලේ සමානාත්මතාවය දිනාගැනීමට ඇති එකම මාර්ගය ප්‍රංශය වෙනුවෙන් සටන් කිරීම බවයි. නමුත් තමන්ගේ අරාබි සම්භවය සඟවා, තමන්ගෙම මිනිසුන්ට නරක ලෙස සලකපු සාජන්ට් මාර්ටිනස් වගේ අයත් හිටියා. මේ හැමෝගෙම ඇතුලාන්ත කතාවයි "ඩේස් ඔෆ් ග්ලෝරි". මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ වචනයක් නොමැති බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. බඩුම තමයි.

ජය වේවා.

QUALITY // 480p - 540mb // 720p - 1.1gb // 1080p - 2.3gb

SUB FORMAT // SRT

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1531

Download Links:

BRRip BRRip පිටපත 1100 MB (Torrent)
BRRip BRRip පිටපත 540 MB mega (Direct)
BRRip BRRip පිටපත 1100 MB usersdrive (Direct)
BRRip BRRip පිටපත 2300 MB Terabox (Direct)
cURL Error: Could not resolve host: yts.mx
Profile
169
Movies
0
Tv episodes
169
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Buddhika laKMal Unregistered User
    Windows 10Firefox 124

    ස්තූතියි සහෝ උපසිරැසියට

    2024-03-23 at 8:17 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      Thanx, Bro.

      2024-03-25 at 12:35 pm
  • Anthony Morningstar Unregistered User
    Windows 10Chrome 123

    උපසිරැසියට බොහෝම ස්තුති සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2024-03-31 at 9:44 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      ස්තුතියි, සහෝ. සමාවෙන්න රිප්ලයි එකක් පරක්කු වුනාට.

      2024-05-22 at 11:08 pm
  • Ishan Unregistered User
    Windows 10Chrome 123

    බොහෝම ස්තූතියි…

    2024-04-05 at 11:24 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      ස්තුතියි, සහෝ. ඔයාටත්. රිප්ලයි එකක් පරක්කු වුනාට සමාවෙන්න.

      2024-05-22 at 11:09 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (169)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms