Veronica (2017) Sinhala Subtitle
Sandra Escacena, Bruna González, Claudia Placer, Iván Chavero
ආයුබෝවන් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇත්තටම මේක මීට මාසයකට පමණ කලින් හිරාන් කියල සහෝදරයෙක් මගෙන් ඊමේල් එකක් මගින් කල ඉල්ලීමක්. අවංකවම කිව්වොත් වැඩත් එක්ක මට මේක අමතක වුණා, ඊමේල් බලද්දි මතක් වෙලා තමයි මේ උපසිරැසි අරගෙන ආවෙ. ඉක්මනින්ම දෙන බවට පොරොන්දු වෙලත් ප්‍රමාද වුණාට සමාවෙන්න ඕනෙ හිරාන්.
පසුගිය වසරේ තිරගත වුණ ස්පාඤ්ඤය කම්පනය කල සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමවුණ, අපේ විදියෙන් කිව්වොත් හොරර් කැටගරි එකට අයත් මේ චිත්‍රපටය නමින් Veronica (2017) Imdb වෙතින් 6.4 අගයක් ලබා Rotten tomatos වෙතින් 92%ක අගයක් ලබාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන 18කට නිර්දේශ වී එයින් 3ක් ලබාගන්නත් සමත්වුණා. කොහොමවුණත් මේ ගැන වැඩි වශයෙන් කතාබහ වීම ඇරඹෙන්නේ මෙය පසුගියදා Netflix හරහා නැරඹීමට අවකාශ ලැබීමත් සමගයි. ෆිල්ම් එක ගැන අන්තර්ජාලයේ තියන රිවීව් බැලුවොත් ඔබටම ඒක බලාගන්න පුළුවන්. මෙහි අධ්‍යක්ෂණය Paco Plaza ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sandra Escacena ( වෙරෝනිකා), Bruna González ( ලුසියා), Claudia Placer ( අයිරීන්), Iván Chavero ( ඇන්ටොනීටෝ), Ana Torrent ( ඇනා) වගේ නළු නිළි පිරිසක්. මෙන්න මෙහෙමයි කතාව…..
වෙරෝනිකා, වයස අවුරුදු 15 තරුණියක්. පියා මියගිය පවුලක වැඩිමල් දියණිය තමයි මේ වෙරෝනිකා. ඇයට බාල තවත් සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරෙක්
ඉන්නවා . පියා නොමැති මේ පවුලේ සියලු බර දරන්නේ ඇගේ මව ඇනා විසින්. ඇයට එම ප්‍රදේශයේම කුඩා අවන්හලක් තිබෙනවා. ඇය එහි වැඩත් සමගින් සෑහෙන වෙහෙසකර කාර්යබහුලජීවිතයක් ගෙවන නිසා, නිවසේදී මවගේ භූමිකාවට පණ දෙන්නෙ වෙරෝනිකා. බාල සහෝදර සහෝදරියන්ගෙ රාජකාරි සියල්ලම ඉටුවෙන්නෙ වෙරෝනිකා අතින්. මේ කට්ටියම ඉගෙනුම ලබන්නෙත් එකම පාසලේ. එක් දෛවෝපගත දිනයක වෙරෝනිකා තම සමවයසේ මිතුරියන් දෙදෙනෙක් සමග අනතුරුදායක දෙයක් කරනවා, අපි හොරර් චිත්‍රපටවලදී දැක තිබෙන, මළවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට භාවිතා වෙන උවීජා( Ouija ) පුවරුවක් උදවු කරගෙන. දුරදිගනොබලා ඇය දරන මේ උත්සාහය අවසානයේ ඇයට උරුම කරන්නේ කුමක්ද …ඒ සියල්ල ඔබට බාරයි.
විශේෂ :-
සැබෑ සිදුවීම ගැනත් සඳහන් කරන්න අවශ්‍යවුණත් එය රසවින්දනයට බාධාවක් විය හැකි
නිසා එහෙම නොකර ඉන්න මම තීරණය කලා. අවශ්‍යනම් අන්තර්ජාලයේ තොරතුරු
තිබෙනවා. මෙන්න මේ ලින්ක් එක බලන්න, හැබැයි චිත්‍රපටය නැරඹූ පසුව. https://meaww.com/the-true-story-of-estefania-gutierrez-lazaro-the-girl-behind-netflixs-latest-horror-flick-veronica
* චිත්‍රපටයේ ගීත..
මෙහි ඇතුලත්වන ( Instrumental නොවන) සියලුම ගීත Heroes Del Silencio නම්
ස්පාඤ්ඤ සංගීත කණ්ඩායමේ ගීත. වෙරෝනිකා මේ කණ්ඩායමේ හොඳ රසිකාවියක් බව
කියවෙන සලකුණු තියනවා ඇගේ කාමරය තුල.
* මෙහි මුල් හරියෙදි වෙරෝනිකා සහ ඇගේ මිතුරිය රෝසා කතාවෙනවා මෝටර්සයිකල්
අනතුරක් ගැන. චිත්‍රපටය පාදක වූ සැබෑ සිදුවීමෙත් එය එසේම සිදුවී තිබෙනවා. වෙනසකට
තියෙන්නෙ එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නෙ ඒ අනතුරින් මියගිය පුද්ගලයා හා
අදහස් හුවමාරු කරගැනීම.
* Centella…
මෙහි සෙන්ටෙලා නම් ගීත කණ්ඩයක් වගේ දෙයක් කියවෙනවා නිතර.. එය ගීතයක්නම්
නෙමෙයි, 90 දශකයේ වෙළඳ දැන්වීමක් මෙන්න ඒක https://www.youtube.com/watch?v=ubVLAEA3TJM
Thanx bro sub ekataAne puluwanm hair beats dancing film ekta sub eka dennko
elama saho
ඔන්න එහෙනම් අපිත් ගත්තා හසිත සහෝ… ? උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා.!
thank you bro
ඒලම මචන්. ස්තුතියි!!!!!
THANX YALUWA
thanx machan..
Ane mata meka download karaganna bane plz help me
@ ඉෂිනි :- ලින්ක් අප්ඩේට් කරල තියෙන්නෙ. ඩිරෙක්ට් ලින්ක් දෙකකුත් ඇතුලත් කලා. ඒ දෙකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එතකොට පහසුයි. දෙකම තියෙන්නෙ Rar ෆයිල් විදියට. Winrar පාවිච්චි කරල වීඩියෝ එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ. දෙවෙනියට තියන Mega.nz ලින්ක් එකෙන් ගන්නවනං බ්‍රවුසර් එකේ අදාල පේජ් එකේ ටැබ් එක ක්ලෝස් කරන්න එපා ඩවුන්ලෝඩ් වෙලා ඉවරවෙනකං. ඩවුන්ලෝඩ් වුණාට පස්සෙ සේව් කරන්න කියල ඩයලොග් බොක්ස් එකක් එනවා එතනින් සේව් කරගන්න (Save File කියන තැනට ටික් එකක් දාල Ok කරගන්න). ඊලඟට Winrar පාවිච්චි කරල එක්ස්ට්‍රැක්ට් කරගන්න වීඩියෝ එක. පහලින්ම තියන ටොරන්ට් ලින්ක් එකෙන් ගන්නවනං Utorrent,Bittorrent හරි Webtorrent වගේ සොෆ්ට්වෙයා එක්ක පාවිච්චි කරල ඩවුන්ලෝඩ් කරගන්න.