Veronica (2017) Sinhala Subtitle
Sandra Escacena, Bruna González, Claudia Placer, Iván Chavero
ආයුබෝවන් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇත්තටම මේක මීට මාසයකට පමණ කලින් හිරාන් කියල සහෝදරයෙක් මගෙන් ඊමේල් එකක් මගින් කල ඉල්ලීමක්. අවංකවම කිව්වොත් වැඩත් එක්ක මට මේක අමතක වුණා, ඊමේල් බලද්දි මතක් වෙලා තමයි මේ උපසිරැසි අරගෙන ආවෙ. ඉක්මනින්ම දෙන බවට පොරොන්දු වෙලත් ප්‍රමාද වුණාට සමාවෙන්න ඕනෙ හිරාන්.
පසුගිය වසරේ තිරගත වුණ ස්පාඤ්ඤය කම්පනය කල සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමවුණ, අපේ විදියෙන් කිව්වොත් හොරර් කැටගරි එකට අයත් මේ චිත්‍රපටය නමින් Veronica (2017) Imdb වෙතින් 6.4 අගයක් ලබා Rotten tomatos වෙතින් 92%ක අගයක් ලබාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන 18කට නිර්දේශ වී එයින් 3ක් ලබාගන්නත් සමත්වුණා. කොහොමවුණත් මේ ගැන වැඩි වශයෙන් කතාබහ වීම ඇරඹෙන්නේ මෙය පසුගියදා Netflix හරහා නැරඹීමට අවකාශ ලැබීමත් සමගයි. ෆිල්ම් එක ගැන අන්තර්ජාලයේ තියන රිවීව් බැලුවොත් ඔබටම ඒක බලාගන්න පුළුවන්. මෙහි අධ්‍යක්ෂණය Paco Plaza ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sandra Escacena ( වෙරෝනිකා), Bruna González ( ලුසියා), Claudia Placer ( අයිරීන්), Iván Chavero ( ඇන්ටොනීටෝ), Ana Torrent ( ඇනා) වගේ නළු නිළි පිරිසක්. මෙන්න මෙහෙමයි කතාව…..
වෙරෝනිකා, වයස අවුරුදු 15 තරුණියක්. පියා මියගිය පවුලක වැඩිමල් දියණිය තමයි මේ වෙරෝනිකා. ඇයට බාල තවත් සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරෙක්
ඉන්නවා . පියා නොමැති මේ පවුලේ සියලු බර දරන්නේ ඇගේ මව ඇනා විසින්. ඇයට එම ප්‍රදේශයේම කුඩා අවන්හලක් තිබෙනවා. ඇය එහි වැඩත් සමගින් සෑහෙන වෙහෙසකර කාර්යබහුලජීවිතයක් ගෙවන නිසා, නිවසේදී මවගේ භූමිකාවට පණ දෙන්නෙ වෙරෝනිකා. බාල සහෝදර සහෝදරියන්ගෙ රාජකාරි සියල්ලම ඉටුවෙන්නෙ වෙරෝනිකා අතින්. මේ කට්ටියම ඉගෙනුම ලබන්නෙත් එකම පාසලේ. එක් දෛවෝපගත දිනයක වෙරෝනිකා තම සමවයසේ මිතුරියන් දෙදෙනෙක් සමග අනතුරුදායක දෙයක් කරනවා, අපි හොරර් චිත්‍රපටවලදී දැක තිබෙන, මළවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට භාවිතා වෙන උවීජා( Ouija ) පුවරුවක් උදවු කරගෙන. දුරදිගනොබලා ඇය දරන මේ උත්සාහය අවසානයේ ඇයට උරුම කරන්නේ කුමක්ද …ඒ සියල්ල ඔබට බාරයි.
විශේෂ :-
සැබෑ සිදුවීම ගැනත් සඳහන් කරන්න අවශ්‍යවුණත් එය රසවින්දනයට බාධාවක් විය හැකි
නිසා එහෙම නොකර ඉන්න මම තීරණය කලා. අවශ්‍යනම් අන්තර්ජාලයේ තොරතුරු
තිබෙනවා. මෙන්න මේ ලින්ක් එක බලන්න, හැබැයි චිත්‍රපටය නැරඹූ පසුව. https://meaww.com/the-true-story-of-estefania-gutierrez-lazaro-the-girl-behind-netflixs-latest-horror-flick-veronica
* චිත්‍රපටයේ ගීත..
මෙහි ඇතුලත්වන ( Instrumental නොවන) සියලුම ගීත Heroes Del Silencio නම්
ස්පාඤ්ඤ සංගීත කණ්ඩායමේ ගීත. වෙරෝනිකා මේ කණ්ඩායමේ හොඳ රසිකාවියක් බව
කියවෙන සලකුණු තියනවා ඇගේ කාමරය තුල.
* මෙහි මුල් හරියෙදි වෙරෝනිකා සහ ඇගේ මිතුරිය රෝසා කතාවෙනවා මෝටර්සයිකල්
අනතුරක් ගැන. චිත්‍රපටය පාදක වූ සැබෑ සිදුවීමෙත් එය එසේම සිදුවී තිබෙනවා. වෙනසකට
තියෙන්නෙ එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නෙ ඒ අනතුරින් මියගිය පුද්ගලයා හා
අදහස් හුවමාරු කරගැනීම.
* Centella…
මෙහි සෙන්ටෙලා නම් ගීත කණ්ඩයක් වගේ දෙයක් කියවෙනවා නිතර.. එය ගීතයක්නම්
නෙමෙයි, 90 දශකයේ වෙළඳ දැන්වීමක් මෙන්න ඒක https://www.youtube.com/watch?v=ubVLAEA3TJM
sub ekata thanks saho.. jaya wewa!
Thanks machan……jayawewa……!
පට්ටම තෑන්ක්ස් මචන්. මේක දෙනකන් බලන් හිටියේ
තෑන්කස්, හිරාන් 🙂
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, මධූෂ 🙂
Thanks machan
Than bro sub ekata. Puluwan nm china saleman sub demu
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි, Kantha 🙂
හසිත සහෝ ට ස්තුතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්.ජයෙන් ජයම වේවා!නියම විස්තරයක් එක්ක සුපිරිම ලිපියක් ලියලා තියෙන්නේ.
Thanks, Damith 🙂
අපෙත් තිබ්බ ඔය කාසියට බුතයෙක් ගන්න සින් කලෙකට ඉස්සර(බැලුවම මෙසෙයටිං කාංදමක් දාලා කාසිය අදින්නෙ???)ස්තුති සහො උපසිරසට
ඒ කාසි කතාව ඇහුවෙත් අදමයි . අපි ඔය අද්භූතයි වගෙ දකින හැමදේකම යටින් තියනව මොනවහරි වංචාවක්.මේ ෆිල්ම් එකේ සිද්ධිය ඇත්ත එකක් (පොලිස් වාර්තාව පදනම් කරගෙන) කිව්වට, මටනං එච්චර විශ්වාස නෑ. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂
ආ කාසියක් බොඩ් එකක් උඩ තියල(බොඩ් එකේ yes no කියල ලියල)එක උඩ ඇගිල්ල තියල මොකක් හරි හිතුවාම එක වෙනවනම් කාසිය yes පැත්තටත් නැත්නම් no පැත්තටත් යනව(අපිත් ඔක කරල කට්ටියව ලාවට අන්නද තියනව???)මුවි එක හොදයි ගොඩක් හොර්ර එවට වඩා(ඔයා ඉතිං එසෙමෙසෙ එවට සබ් දෙන්නැනෙ)හොද මුවිය ඇත්තටම.මාත් එ බොඩ් සෙල්ලමට ආසයි.සත්‍ය සිදුවිමක් කියල තිබ්බ නිසා වැඩි කුතුහලයක් තිබ්බ බලන කොට??? ඇත්ත නැත්ත ගැනනම් ලොකු පුරස්නයක් තියනව.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ඊලඟට එන්නෙ ඔයාගෙ ලිස්ට් එකේ එකක්.
බොහොම ස්තුතියි හසිත .?ඔයා දෙන මුවි නම් අනිවාර්යයෙන් බලනව.මෙකත් සෙව් කරා .. අර කොරියන් එක නම් පට්ට තම එක මෙමරි එකෙ තියෙනව ❤ ?
අනෙ පුලුවන් නම් ටැක්සි ඩ්‍රයිවර් එකටත් උපසිරැසියක් දෙන්න . එක බ්ලුරේ හිටම් තියෙනව
ඒකට සබ් දෙන්න හිතේ අදහසක් තියනව, මිතුන්. මේ දවස්වල අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලපු උපසිරැසියක්කරනවා. ඒකෙන් පස්සෙ අනිවාර්යයෙන්ම දෙන්නම්. 🙂