Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Kantha සහෝදරයගෙ ඉල්ලීමක් උඩ අද මේ උපසිරැසි අරගෙන එන්නෙ පසුගිය වසරේ තිරගත වුණ දකුණු කොරියානු චිත්‍රපටයකට. මෙහි නම Along with the Gods: The Two Worlds (2017). Imdb සිනමා දර්ශකයෙන් 7.6ක අගයක් සහ Rotten Tomatos වෙතින් 50%ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 3කටද නිර්දේශවී තිබෙනවා. ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයෙ වැඩිම පිරිසක් නරඹා ඇති චිත්‍රපට අතර දෙවෙනි ස්ථානය ලබාගන්නත් සමත්ව තිබෙනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණය Yong-hwa Kim ගෙන්, කතාව Ho-min Ju. ඒ වගේම මෙය මේ නමින්ම යුත් ප්‍රසිද්ධ කොරියානු වෙබ්ටූන් එකක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
අපේ මරණින් පස්සෙ අපි කොහේටද යන්නෙ මොකද වෙන්නෙ කියන කාරණය ගැන විවිධ මතිමතාන්තර තියනවනෙ, ආගම් වශයෙනුත් විවිධ ආගම්වල මේ කාරණය විවිධාකාරයයි. පුනුරුප්පත්තියත් ඒ වගේමයි, සමහර ආගම් පුනුරුප්පත්තිය විශ්වාස නොකරන අතර තවත් සමහර ආගම් එය විශ්වාස කරනවා, ඒ අතරින් ප්‍රධානයි බෞද්ධාගම. ඒ වගේම එයතමන් මෙලොවදී කල කුසල අකුසල අනුව තීරණය වන්නක් බුද්ධාගමට අනුව. මේ චිත්‍රපටය ඒ වගේ කතාවක් ඇතුලත් එකක්.
කිම් ජා-හොන් කියන්නෙ දකුණු කොරියානු ගිනි නිවන භටයෙක්. ඔහු බොහොම
කැපවීමෙන් තම රාජකාරිය කරන කාරුණික කෙනෙක්. දවසක් විශාල ගොඩනැගිල්ලක ගින්නක් නිවීමේ කටයුතුවල යෙදෙන ඔහු විශාල උසකින් ඇද වැටී මිය යනවා. ඉන් අනතුරුව ඔහුට සිදුවෙනවා මරණින් මතු ජීවිතය තුලදී සිදුවන නඩු විභාග 7කට මුහුණ දෙන්නට. එයින් ජයගතහොත් තමයි ඔහුට පුනර්භවයක් ලැබීමේ අවස්ථාව හිමිවෙන්නේ. මේ නඩුවිභාග 7දී ඔහු වෙනුවෙන් පෙනී ඉන්නට භාරකරුවන් ත්‍රිත්වයකුත් ඔහුට හිමි වෙනවා. මුලින්ම මම කිව්වනෙ කිම් ජා-හොන් කාරුණික අයෙක් කියල, එහෙනම් ඔහුට බොහොම පහසුවෙයිනෙ මේ නඩු විභාග 7 ජයගන්න…? එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ, නරඹන ඔබටම බාර කරනවා ඉතිරිය. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂
Patta bro thnkz oyala mhema sub denwata 🤝🤝🤝
Thnxxxxxxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaaa
හොදම subtitler විතරක් නෙමෙ no 1 fans request ඉටුකරන්නාත් ඔයාවෙන්නැති සහො.ඉදල හිටල හරි අපෙ ඉල්ලිමුත් ඉටුකරන එක නම් නියමයි.ස්තුති උපසිරසට කාලෙකින් බලන්න වෙනස් film එකක් කොල්ල නඩුව පරදි මයෙහිතෙ(කාගෙත් ක්ලොටවල හුනු පොඩ්ඩ පොඩ්ඩ තියනවනෙ):-);-)
ෆෑන්ස්ලගෙ රික්වෙස්ට් ඉටු කරන්න හරිම කැමතියි, සෑම්. කාලය තමයි ඉතිං තියන ලොකුම ප්‍රශ්ණෙ. පුළු පුළුවන් වෙලාවට තෝරගත්ත ඒවට සබ් දෙනව කොහොමහරි.(“කිල්ලෝටවල හුණු” )බලන්න කලින්ම කතාව අල්ලගත්ත,නේද? ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, මධූෂ 🙂
හසිත සොහොයුර…මගේ ඉල්ලීම ඉටු කිරීම පිලිබදව ගෞරව පූර්වක ස්තූතිය පලකරමි. හැකියාවක් ඇත්නම් එම්කේවී කේජ් වල තියන හොඳ ඒවාට උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද ? ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Your Welcome 🙂 ඉස්සරහටත් හොඳ ෆිල්ම්වලට උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනව, Kantha. ගොඩක් අය කැමති එම් .කේ.වී කේජ් ප්‍රින්ට්වලට නිසා පුළුවන් හැමවෙලාවෙම ඒවට දෙන්න ට්‍රයි කරනවා.බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
macn open water 1.2 sub dipanko loku deyak bn
බොහොම ස්තුතියි හසිත සබ් එකට. මාත් කාලයක් කොරියානු ෆිල්ම් බැලුව The Wailing 2016, Train to Busan කිසිදිනක අමතක නොවන කොරියානු ෆිල්ම් තම. එවල තාත්වික අවසානය සමහර චිත්‍රපට වලට ගන්න බැ, එකයි කොරියානු ෆිල්ම් වල තියෙන විශිෂ්ඨත්වය . හොදම ෆිල්ම් සෙට් උනොත් දෙමු කොරියානු එවත් අපහු..
ඔයා කිව්ව ෆිල්ම් දෙකම මං බලල නෑ. තෑන්ක්ස් තොරතුරට. මං බලපු කොරියන් ෆිල්ම්වලින් අමතක කරන්නම බැරි දෙකක් තමයි මේ දෙක Oldboy (2003), Memories of Murder (2003). තව ගිය අවුරුද්දෙ ආව A Taxi Driver එකත් හොඳයි.
ඔයා කිව්ව කොරියන් ෆිල්ම් දෙකම මන් බලළ තියෙනව. Old boy nm පට්ට. A Texi driver නම් බලළ නැ හසිත . ඇත්තටම කොරියානු චිත්‍රපට වලට අස කලේ 2010 I Saw the Devil මුවි එකෙන් පස්සෙ ඉටපස්සෙ පිස්සෙක් වගේ ගුගල් කරල හෙව්ව එ වගේ කොරියානු ෆිල්ම් . විචාරකයෝ කියන විදිහට 2016 වසරේ කොරියාවෙන් එලියට ආපු සුපිරිම ෆිල්ම් දෙක තම මන් ඉහත කිව්වෙ පුලුවන් වෙලාවක් තිබ්බොත් බලන්න ඔයත් ?. A texi driver ekatat puluwan nm danna
Korean drama, korean film thamai hodama.anith ratawal wala ewa wage kammali na.
Maru film eka niymta feeling adala gnnwa bn.. kalekin bluwe me wge ekak tnx saho…. jayen jaya digtama kra gena ynna
Supire bro.
Thank bro sub ekata…
Thank bro sub ekata…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතියි, සජිත් 🙂