Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අවුරුදු එහෙම සමරල ඉන්නෙ අපේ කට්ටියට ඔන්න මේ වතාවෙ අරගෙන ආවා විකාශය වෙලා වසර ගණනාවක් ගතවෙලත් අදටත් අපි හැමෝගෙම මතකයෙ නොමැකි රැඳී තියෙන කොමික් සහ කාටුන් කතාමාලාවක නවතම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්. මේ තමයි The Adventures of Asterix නොහොත් සූරපප්පාහි නවතම චිත්‍රපටය Asterix: The Secret of the Magic Potion (2018) හි සිංහල උපසිරැසිය. ඉතින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ ඇඩ්මින්වරයෙක් වන පසිඳු සහෝදරයට. ඔහු තමයි මේ චිත්‍රපටයට උපසිරැසි කරමුයි කියල කිව්වෙ. මම අර කලින් කිව්වත් වගේ මෙහි කාටුන් කතාමාලාව අපි බොහෝදෙනෙක්ට අදටත් මතකයි. සිංහල හඬකැවීම් කලාවේ නියමුවාවූ ටයිටස් තොටවත්තයන්ගේ පිස්සු පූසා, දොස්තර හොඳහිත වැනි සිංහල ඌරුවට තිතටම ගැලපෙන්නට කල හඬකැවීම් කොච්චර සාර්ථකද කියනවනං අපි ඒවා විදේශීය නිර්මාණ බව දැනගත්තෙත් සෑහෙන කාලයකට පස්සෙයි. එයින් පසු පෞද්ගලික නාලිකාද බොහොමයක් මේ කාර්යයට සාර්ථකව පිවිසි නමුත් එයිනුත් මතකයේ රැඳෙන විදේශීය නිර්මාණ රැසක් හඬකවා අපවෙත ගෙන ඒමේ ගෞරවය යන්නෙ සිරස නාලිකාවට ( ඔවුන් අද ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන දේවල්ගැන මම මෙතන කතානොකර ඉන්නම්). ඒ අතරින් සාර්ථකම හඬකැවීම මොකද්ද කියල ඇහුවොත් ගොඩක අය එක එල්ලේම දෙන පිළිතුර තමයි ” සූර පප්පා” කියන එක. ඒ නිසාම එහි හඬකැවීම් ශිල්පි ශිල්පිනියන් සහ සිංහල දෙබස් පිටපත් රචකයන්ටත් ගෞරවය ආදරය පළකරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. තව කියන්නම ඕනෙ මේ කතාමාලාව හුදෙක් හාස්‍යය සඳහා නිර්මාණය වූවක් වුණත් අපි රෝම අධිරාජ්‍යය ගැන එවක ලෝක ඉතිහාසය ගැනත් යම් යම් දේවල් ඉගෙන ගත්තා අපිට නොදැනීම මේ හරහා. ඒ සියල්ලටමයි මේ ස්තූතිය.. ( මම හිතන්නෙ මේ හඬකැවීම් මේතරම් සාර්ථක වෙන්න එක හේතුවක් වෙන්න ඇති එකල එම නිර්මාණවලට සම්බන්ධවූ සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් නොහොත් චූටි මල්ලි-පොඩි මල්ලි දෙදෙනාගේ හාස්‍ය ආභාෂය)

පප්පා ගමේ වීරයන් පිරිස
ජුලියස් සීසර් ප්‍රමුඛ රෝම අධිරාජ්‍යය ලෝකයේ රටවල් රැසක් අත්පත් කරගෙන සිටි සමයක මැජික් අරිෂ්ටයක බලයෙන් රෝමය තම ගම්මානය අත්පත්කරගැනීමෙන් වළක්වා තබාගැනීමට සමත්ව සිටි ගෝල් දේශයේ පප්පාගම නම් කුඩා ගමක සිදුවීම් සහ ඔවුන් ලොව වටා යමින් කරන වික්‍රමයන් ගැන ලියවුණු මේ අපූරු කතාමාලාව ලියවෙන්නෙ පෝලන්ත සම්භවයක් සහිත ප්‍රංශ චිත්‍රකථා ශිල්පී රෙනේ ගොසිනි (1926-1977) ගේ විශිෂ්ට මනසෙන්. ( සිරස නාලිකාවේම තවත් අති සාර්ථක හඬකැවීමක් වූ The Lucky Luke නොහොත් කව්ද බෝයි කාටුන් මාලාවෙත් පසුකාලීන සම නිර්මාණකරුවෙක් මේ රෙනේ ගොසිනි මහතා)
![]()
රෙනේ ගොසිනි (1926-1977)
ඔහුගේ අභාවයෙන් පසුව මෙම චිත්‍රකථාමාලාව නිර්මාණය වෙන්නෙ ඉතාලි සම්භවයක් සහිත ප්‍රංශ චිත්‍රකථා ශිල්පී ඇල්බර්ටෝ ඉඩෙර්සෝ (1927-) අතින්. ඔහු මේ කාර්යය කරනවා 2009 වසර දක්වාම.
ඇල්බර්ටෝ ඉඩෙර්සෝ (1927-)

ඔවුන් දෙදෙනා නිර්මාණ කාර්යයක් අතරතුරේදී
ඉන්පසු 2013 වසරේ සිට අද දක්වා එම කාර්යයට දායක වෙන්නෙ ජීන් යුඑස් ෆෙරී නිර්මාණ ශිල්පියා.
ජීන් යුඑස් ෆෙරි
කොහොමවුණත් මේ සූරපප්පා රසික බොහෝදෙනාගෙ මතක හාස්‍ය රසය අතින් රෙනේ ගොසිනිව සමකරන්න මේ දෙදෙනාගෙන් එක් අයකුටවත් නොහැකි වූ බවයි. කොහොමවුණත් ලොව පුරා භාෂාවන් සහ උපභාෂා 111 කට පරිවර්තනය වී ඇති මේ චිත්‍රකථාමාලාව ත්‍රිමාණ සජීවීකරණ පැමිණෙන්නට පෙර තිබූ බොහොමයක් නිර්මාණවල උසස් තත්වය අදටත් අපිට මතක්කර දෙනවා. දැන් අපි මේ Asterix: The Secret of the Magic Potion (2018) චිත්‍රපටය පැත්තට ගියොත්, මේ කතාවනම් මේ Asterix චිත්‍රකථාවල එන කතාවක් නොවන බව තමයි කියවෙන්නේ. ඒ නිසාම වෙන්නත් ඇති මෙයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණෙත් මිශ්‍ර විදියට. මගෙත් මතයනම් හාස්‍ය රසය පැත්තෙන් ඉහලින් තිබුණට කතාව පැත්තෙන් මෙයට මීට වඩා යම් සාධාරණයක් කරන්න තිබුනා කියලයි. මොකද අපේ භාෂාවෙන් කිව්වොත් මේ පප්පා ගමේ ප්‍රධාන චරිත කීපයක්ම සැඟවිලා ගිහිල්ල කියල මට හිතෙනවා. විශේෂයෙන්ම ජිම් පප්පා සහ චූටි කුකූ අතර බැඳීම එහෙම. කෙසේ වෙතත් Imdb අගය 6.9කුත් ගූගල් පරිශීලක අගය 93%කුත් ලබාගෙන ඇති මේ නිර්මාණයත් සුපුරුදු ලෙසම ප්‍රංශ භාෂාවෙන් තමයි තියෙන්නෙ. මෙහි ඉංග්‍රීසි හඬකැවීමක් එන්නෙ නැති බව තමයි දැනට පේන්න තියෙන්නෙ. මෙවර මෙහි අධ්‍යක්ෂණය Alexandre Astier සහ Louis Clichy දෙදෙනාගෙන්. චරිතවලට තම හඬදායකත්වය දක්වන්නෙ ක්‍රිස්ටියන් ක්ලේවියර් (සූරපප්පා), ගිලියම් බ්‍රියට් (ජිම්පප්පා), ඇලෙක්ස් ලට්ස්, බර්නාඩ් ඇලෙන්( වෙදපප්පා),ඩැනියෙල් මෙස්ග්විච් ( මායා පප්පා) වගේ පිරිසක්. දැන් අපි යමු බලන්න කතාව පැත්තට…
ගෝල් දේශෙ පප්පා ගමේ ජන ජීවිතය වෙනදා වගේම ගලාගෙන යද්දි දවසක වෙද පප්පා බේත් කලමනා නෙළමින් ඉද්දි යම් අනතුරකට පත්වෙනවා. එය අසුබ නිමිත්තක් ලෙස සලකන වෙද පප්පා තීරණය කරනවා තම තනතුර සඳහා අනුප්‍රාප්තිකයෙක් සොයන්නට. ඒ සඳහා ඔහු සූර පප්පා සහ ජිම් පප්පාවත් පෙරටු කරගෙන දීර්ඝ ගමනක් අරඹනවා. ඔය අතරේ ලොකු පප්පා කරන වැඩක් නිසා පප්පාගමත් රෝමන්වරුන්ගේ තර්ජණයට ලක්වෙනවා. ඔය තමයි මූලිකවම කතාවෙ ආරම්භය.. මුළු චිත්‍රපටයම මෙතන ලියලා ඔබේ රසවින්දනයට බාධා කරන්න මම කොහොමත් කැමති නැති නිසා මෙතනින් නවතින්නම්. හමුවෙමු තවත් චිත්‍රපටයකින් ලඟදීම..
BLURAY පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා!
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට.
සූර පප්පා කියන්නේ ආසාවෙන් බලපු කාටුන් එකක්. එහෙම බලපු කාටුන් එකේ ත්‍රිමාණ චිත්‍රපටය නොබල කොහොමද.
හැබැයි මේක තාමත් සිනමාහල්වල තිරගත වෙනවත් එක්ක.
ඒත් බ්ලූ-රේ පිටපතක් අන්තර්ජාලයටත් නිකුත් වෙලා.
කොහොම වුණත් උපසිරැසියට ස්තූතියි.
ළහිරු මල්ලිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙂
සුභ අලුත් අවුරුද්දක් වේවා!සබ් එකට තෑන්ක්ස් සහෝ.
සුභ අලුත් අවුරුද්දක් වේවා, තමෝද් 🙂
අම්මෝ බලන් හිටියේ සබ් එකට thanks saho ❤❤
බොහොම ස්තූතියි, පසිඳු 🙂
අම්ම්හෝ ගොඩක් ස්තුතියි සහෝදරයා, ඒ වගේම සුපිරිම ලිපියක් වගේම පට්ටම හොඳට ඒක ගැන විස්තර කරලා තියනවා.සූර පප්පා කිව්වහම ඉතින් ආයේ වෙන මොනවද.ඒ වගේම සුබ සිංහල හා හින්දු නව වසරක් වේවා!
කැලේ මැද ගමක් තියනවා…..
එහි පප්පලා රෑන්ක් ඉන්නවා…..
ගමට පප්පා ගම කියනවා……
එහි පප්පල ජොලි වැඩ කරනවා…..
පප්පප් පප පප්පප් පප්ප පපප….
අම්මෝහ් ❤❤❤
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා, සහන් 🙂
සූර පප්පා ඉතිං කොහොම අමතක කරන්නද, නේද?
mojin the worm valley 2018 sub denna plz`
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ඔබටත් එසේම වේවා, Kantha 🙂
thank you very much.i love this cartoon
වැඩි කතාවක් නැතුවම අපිත් අරම් බැලුව ඔන්න ලස්සනයි අවංකවම මුවි එක…. 😍😍😍😍
බොහොම ස්තූතියි, මිතුන් 🙂
romba thnx macho….
Good job. Thank you
thanks bro
Subtitles 😍😘