Home Movies English Movies Baywatch (2017) Sinhala Subtitle

Baywatch (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ පුරා වසර 20ක් (1989-2001) රූපවාහිනී කතාමාලවක් ලෙසින් ප්‍රේක්ෂකයා සමීපයට පැමිණි Baywatch අනුසාරයෙන් නිර්මාණය කල Baywatch (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි.මේ චිත්‍රපටයත් අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක්.ඉතින් ඔහුටත් ස්තූති කරල ඉන්න ඕනෙ මුලින්ම.පැනල බාරගත්තත් වැඩේ මං හිතපු තරම් ලේසිවුණේ නෑ.ලයින්ම 1786ක් තිබුණා උපසිරැසියේ.ඒ නිසා මං හිතුවට වඩා කල් ගියා උපසිරැසිය ගේන්න.ඒ ගැන කට්ටිය මට සමාවෙන්න ඕනෙ.ඒ වගේමයි ඔයාල ඩවුන්ලෝඩ් කරද්දි UNRATED කියල සඳහන් වෙලා තියන Bluray පිටපත් විතරක්ම ඩවුන් කරන්න.හේතුව අනිත් පිටපත් එක්ක මේ උපසිරැසිය නොගැලපෙන්න ඉඩ තියන නිසා.මේකෙ වැඩිපුරම තියෙන්නෙ Dirty Jokes ඒ නිසා වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න කියලත් මතක් කරන්න කැමතියි.හරි දැන් ඒ කතාව නවත්තල අපි යමු චිත්‍රපටය පැත්තට.ඊට කලින් මේකෙ රූපවාහිනී කතාමාලාවෙන්ම ආරම්භයක් ගන්නම්.එතකොට ඒක නොබලපු අයට චිත්‍රපටය වටහාගන්න ලේසියි…

Bay watch කියන්නෙ 1989 වසරේ NBC නාළිකාවේ විකාශය ආරම්භ කර වසර 20ක්ම සාර්ථකව විකාශය වුණ කතාමාලාවක්.වෙරළ කලාපයක සේවයේ නියුතු නිර්භීත  ජීවිතාරක්ෂකයින් කණ්ඩායමක් වටායි මේ කතාමාලාව ගොඩනැගුණේ.ප්‍රධාන චරිත නිරූපණය කල  අපි කවුරුත් මයිකල් නයිට් කිව්වම දන්න ඩේවිඩ් හසලොෆ් (මිච් බුකැනන්) සහ පැමලා ඇන්ඩර්සන් (සී.ජේ පාකර්),ඇලෙක්සැන්ඩ්‍රා පෝල් (ස්ටෙෆනි හෝල්ඩන්) ග්‍රෙගරි ඇලන් විලියම්ස් (එලර්බී), නිකොල් එගර්ට් (සමර්) ඇතුළු නළු නිළි පිරිසක්.චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් මේ කතා තේමාව හා මේ චරිත මතින්මයි.වෙනස් වෙන්නෙ රංගන ශිල්පීන් පමණයි.දැන් යමු චිත්‍රපටය පැත්තට…

මේ වසරේ තිරගතවීම ආරම්භ කල මේ Baywatch චිත්‍රපටය IMDB අගය 5.6 ක් සහ ගූගල් පරිශීලකයින් 81%කගේ කැමැත්ත ලබාගන්නටත් සමත් වුණත් Rotten Tomatos ලගෙන්  මේ චිත්‍රපටයට ලැබෙන්නෙ 19%ක අඩු අගයක් (ඒකට සාධාරණ හේතු තියන බව ඔයාලට තේරෙයි බලද්දි).ඒ අතරම සම්මාන 4කට නිර්දේශ වී එයින් එකක් ලබාගන්නටත් Baywatch සමත් වෙනවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සෙත් ගෝඩන්.චරිත රංගනයෙන් දායක වෙන්නෙ ඩ්වේන් ජොන්සන් (මිච්), සැක් එෆ්‍රෝන් (මැට් බ්‍රෝඩි) ,ඇලෙක්සැන්ඩ්‍රියා ඩඩාරියෝ (සමර්), කෙලී රෝබැච් (සී.ජේ) සහ ඉන්දීය නිලි ප්‍රියංකා චොප්රා (ලීඩ්ස්) ඇතුළු පිරිසක්.හැබැයි ප්‍රියංකාව මේ චරිතයට ගැනීම වැරදි තේරීමක් බවයි මගේනම් අදහස.ඇතිනේද දැන් කියෙව්වා.ඒ නිසා තැන් යමු කතාව පැත්තට…

ලුතිනන් මිච් බුකැනන් කියන්නෙ එමරල්ඩ් බේහි ජීවිතාරක්ෂක කණ්ඩායමේ නායකයා.බොහොම නිර්භීත තමන්ගේ රාජකාරිය දේවකාරියක් ලෙසින් ඉටුකරන කෙනෙක්.කණ්ඩායමේ අනිත් සාමාජිකයින් තමයි සී.ජේ සහ ස්ටෙෆනි.මේ කණ්ඩායම සහ ඔවුන් සේවයේ නියුතු වෙරළ ප්‍රදේශය පාලනය වෙන්නෙ එමරල්ඩ් බේ නගර සභාවෙන්.ඔවුන් සෑම වසරකම කණ්ඩායම සඳහා නව සාමාජිකයෙක්  බඳවා ගන්නවා.ඒ අපූරු තරඟයක් මගින්.මේ සඳහා බොහෝ අය ඉදිරිපත් වෙනවා.නමුත් මේ වසරේ ඔවුන්ගේ සූදානම තුන් දෙනෙක්ම බඳවාගන්නයි.ඒ සාමාජිකයන්ව තෝරාගැනීම කරන්නේ ලුතිනන් මිච් විසින්.නමුත් තරඟයට පෙරාතුව මිච්ව හම්බවෙන්න අමුත්තෙක් එනවා.ඔහු එන්නේ ඉහළින් ලිපියකුත් අරගෙනයි (ලංකාවේ වගේ).හැබැයි මිච්ගේ සූදානමක් නෑ පිට පාරෙන් කෙනෙක්ව බඳව ගන්න.හැබැයි මේ අමුත්තත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දක්ෂයෙක්.නමුත් ආත්මාර්ථකාමියෙක්.කොහොමින්හරි මිච්ට සිද්ධවෙනව ඔහුව බඳවගන්න.නමුත් ඒ අතරෙ ඔහුට තවත් ප්‍රශ්ණයක් තියනවා ඒ තමයි වෙරළේ තිබී “ෆ්ලාකා” නම් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් හමුවීම.මේ නිසා ඔහු තීරණය කරනවා කණ්ඩායමත් සමගින් ඒ ගැන සොයා බලන්න.එහෙනම් නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.තවත් දවසක තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු…ආ කියන්න අමතක වුණා Behind the scenes වගයකුත් තියනව මේකෙ ඒ හින්ද අන්තිම වෙනකම්ම බලන්න!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 5.8

Genre : Action, Comedy, Drama

Actors : dwayne johnson, zac efron, priyanka chopra, alexandra daddario

Writer : michael berk , douglas schwartz , gregory j. bonann , jay scherick , david ronn , thomas lennon , robert ben garant , damian shannon , mark swift

Director : seth gordon

Plot : Devoted lifeguard Mitch Buchannon butts heads with a brash new recruit, as they uncover a criminal plot that threatens the future of the bay.

 

Baywatch.2017.UNRATED.720p.BRRip.MkvCage



සිංහල උපසිරැස Download කරගන්න 4422 times


Total Subtitles :98 (Movies : 65 | Tv Episode : 33 )
Joined Date:2016-Oct-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

Aathi (2006) Sinhala Subtitle

ඔන්න යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්.නැවතත් ඔයාලා වෙත තවත් නියම චිත්‍රපටයක් රැගෙන …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


16 comments

  1. එළ වැඩක් සහෝදරයා,

  2. Sub එකට ගොඩක් ස්තූතියි…
    Sub එකයි Download Link එකයි දෙකම ඉක්මනින් හම්බුනා…. 🙂

    Torrent එකනන් පහල Link එකෙන් ගත්තේ…..
    http://aluthmovies.webuda.com/2017/08/baywatch

    • බොහොම ස්තූතියි, හිමාෂ..! 🙂 Web-Dl ප්‍රින්ට් එකට සබ් එක ගැලපෙනවද?

  3. බොහොම ස්තූතියි සහෝ

  4. ම්‍ෙක බලන්න හිටපු film එකක් න්‍ෙම‍ෙයි,එත් හ්‍ෙතු කිහිපයක් නිසා බලන්න හිතුවා.ලා‍ෙකුම හ්‍ෙතුව ඉතිං හසිත සහ‍ෝදරයග්‍ෙ SUB එකක් විම තමා.තව ඉතිං අප්‍ෙ විමල අක්කග‍ෙයි බ‍ොරලු ගා‍ෙඩ අයියග්‍ෙයි පුතා ගල්‍ෙ ඉන්නවන්‍ෙ.එමදිවට Priyanka ම‍ොකද එහ්‍ෙ කියල බලන්න හිතුවා.ස්තුති සබ්එකට හසිත aka ලා‍ෙක්කයිය්‍ෙ.

    • බොහොම ස්තූතියි, sam fisher 🙂 . “ගලේ” හහ් ..හහ් නියම නම. මේක මාත් බලන්න බලාපොරොත්තුවෙන් හිටි එකක් නෙමෙයි sam, ඒ වුණත් ඇඩ්මින්ලගෙ ඉල්ලීමක්නෙ. ප්‍රියංකානං ඒ චරිතෙට හරියන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. Thanks Again..!

  5. Thank you mcn…
    Digatama sub demu…
    Jayama wewaaaaaaa

  6. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  7. ලහිරු සඳරුවන්

    සුපිරිම සුපිරියි. දිගටම කරගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *