Black Mirror (2011) [S01 : E02] Sinhala Subtitle

April 05, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

ඔන්න එහෙනම් මේ ටිකේ ගෙදර ඉන්න හින්දා පුලුවන් ඉක්මනින් තව කතාවකට උපසිරැසි ගෙනාවා.

අද කතාවනම් අපේ සැබෑ ලෝකයෙන් එහා තියෙන්නේ. අනාගතයෙනුත් අනාගතයේ කතාවක්. ඇත්තම කිව්වොත් කතාව ටිකක් තේරෙනවත් අඩුයි. හැබැයි කතාව හොඳින් බැලුවොත් සෑහෙන ලොකු පණිවිඩයක් කියන්න උත්සහ කරනවා.

මේ තාක්ෂණය බලපෑම නිසා මනුෂ්‍යා අමනුෂ්‍යා වෙලා තියෙන හැටි නිතරම පෙන්නුම් කරන්න හදන්නේ.

කොහොම උනත් මම මේකේ විචාරයක් තව නොබෝ දවසකින් මේක ඇතුලත් කරන්නම්. කතාවේ නැරඹුවට පස්සේ කියවන්න.

අදට සමුගන්නම්.

මෙතනින් එහා කතාව බලලම කියෙව්වනම් තමා හොඳ….. 🙂

සමාලෝචනය

අද කතාව, එහෙම නැත්නම් මේ බින්ග් මැඩ්සන්ගේ ලෝකය හැදෙන්න පාදක වෙන්නේ ජෝජ් ඕවෙල් සහ හක්ස්ලි නම් රචකයන් දෙදෙනාගේ ග්‍රන්ථ 2ක් ඇසුරින්.

අද කතාව තුළ අළුතින් දකින්න පුලුවන් දේවල් වගයක් තියෙනවා.

  • මිනිස්සු වෙනුවට තාත්වික වශයෙන් ක්‍රියාකරන ඇවටාර් එකක් තියෙනවා. ඇවටාර් එකක් කියන්නේ අපි ගේම් එකක් ගහන්න යනකොට, පබ්ජී වගේ එකක් ගහන්න යද්දී මුලින්ම එන චරිතයට ඇදුම් අන්දවලා අපි නමක් දාන්නේ. අන්න ඒ වගේ එකක්. එහෙම නැත්නම් තමන්වම කාටුන් එකක් වගේ නිරූපණය කරගන්නවා වගේ දෙයක්.
  • හඳුන්වාදීමේ වීඩියෝ හැමතැනම තියෙනවා.
  • තමන්ට බලන්න උවමනා නැති ඇඩ් තිබ්බත් ඒවා ස්කිප් කරලා යන්න බෑ සල්ලි ගෙවන්නේ නැතුව. යූටියුබ් එකේ වීඩියෝ බල බල ඉද්දී ඇඩ් එන්නේ එකපාර අන්න ඒ වගේ.
  • මේකේ සල්ලි එහෙම නැත්නම් මෙරිට් හොයාගන්නේ බයිසිකල් පැදලා වගේ සීන් එකකින්. කෙනෙක් ගාව තියෙන මේ මෙරිට වල එකතුවට තමා ක්ලොකේජ් එක කියන්නේ. සමාජයේ ඉන්න නිරෝගී පුද්ගලයෝ මේ වැඩෙන් ගොඩ යනවා. බර වැඩි අය එහෙම අරයලගේ ආවතේව කරන අය වෙනවා.
  • මේක එක මැෂින් එකකින් තාමා කෑම එන්නේ. ඒක තමා මේ ලෝකයේ තියෙන එකම ස්වභාවික දේ මිනිස්සු හැරුණම. හැබැයි ඒකත් වගා කරන්නේ කෘතිම ක්‍රමයකින්.
  • මේ බයිසිකල් පැද පැද සල්ලි හම්බ කරන එක නිකන් හිර ගෙයක ඉන්නවා වගේ වැඩක්. මේකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමයට තමා අර ගොට් ටැලන්ට් වැඩසටහන් තියෙන්නේ, අන්න ඒ වගේ එකකට සහභාගී වෙලා දිනන එක.
  • ඒවගේම ඩොපල් එක. ඩොපල් එක කියන්නේ මේ මිනිස්සු බයිසිකල් පදිනකොට එයාලගේ ඉස්සරහ තියෙන ස්ක්‍රීන් එකක කාටුන් වගේ එකක් නැත්නම්ඇවටාර් එක බයිසිකල් පදිනවා. අන්න ඒකට තමා ඩොපල් එක කියන්නේ.

කතාවේ මුලම බින්ග්ගේ එදිනෙදා වැඩ කටයුතු පෙන්නනවා. මෙරිට් 2ක් ගෙවලා අවශ්‍ය නැති ඇඩ් අයින් කරනවා.  ඊටපස්සේ ඩොපල් එක දිහා බලන් බයිසිකල් පදිනවා.

බින්ග්ගේ මේ ජීවන රටාව එකපාරම වෙනස් වෙනවා, අබි කාන් ව මුණ ගැහීමත් එක්ක. ඊටපස්සේ එයාලා එයාලගේ බලාපොරොත්තු සහ හීන බෙදාගන්න තරම් සමීප වෙනවා. අබීට සිංදු කියන්න පුලුවන් හින්දා හොට් ෂොට් එකට යන්න කියලා බින්ග් පෙරැත්ත කරනවා. හැබැයි ඒකට මෙරිට් මිලියන 15ක් වැය වෙනවා. බින්ග්ට සහෝදරයගෙන් ලැබුනු මෙරිට් ටිකත් තියෙන හින්දා අබීව හොට්ෂොට් එකට ගෙනියනවා.

බින්ග් අබීට හොට් ෂොට් එකට ඇතුල් වෙන්න අවසර තියෙන ටිකට් එකක් අරගන්නවා. හැබැයි ඒ ලෝකයේ තියෙන අධම කම හින්දා ඒ ටිකට් එක දෙන්න වෙන්නේ අර ඇවටාර් හරහා. මේ වගේ ප්‍රරාර්ථකාමී ක්‍රියාවක්  වෙන්නෙත් මෘදුකාංග හරහා.

ඊටපස්සේ දෙන්නම හොට්ෂොට් එකට යනවා. ලිෆ්ට් එකේ යද්දී දෙන්නා අත් අල්ලනවා ඒ තමා මේ කතාවේ දකින්න එක් මානුෂීය අවස්ථවක්. හැබැයි අනික් අතට ඒ ලෝකයේ තියෙන දේවල් ඒ කිව්වේ ස්ක්‍රීන් එක, පච්චය වගේ දේවල් වලට යනවා.

අබිට දෙනවා කුප්ලියන්ස් බීම එක. මේ කුප්ලියන්ස් එක නිකන් මත් වෙනවා වගේ දෙයක්. ඊටපස්සේ අබී විනිසුරුවරුන් සහ ඇවටාර් වලින් පිරිච්ච ප්‍රේක්ෂකාගාරයකට යනවා. මෙන්න මේ අවස්ථාවේදී අබී අනවශ්‍ය තාක්ෂණයක් හින්දා උපරිම ලැජ්ජාවකට පත් වෙනවා.

කොහොමහරි විනිසුරුවරුන් අබීගේ ගායනයට කැමති වෙනවා. හැබැයි ගායකයෝ හැමතැනම ඉන්න හින්දා ඒ දේ එපා වෙලා ඉන්නේ. ඒ නිසා අබීගෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඇයට යෝජනා කරනවා ව්‍රේත් බේබ්ස් වල අසභ්‍ය වීඩියෝ වලට රඟපාන්න එන්න කියලා. ඇය හා කියනවා. ඒකට හේතුව අර කුප්ලියන්ස් බීම එක.

අවසානාවක මහත කියන්නේ මේ වීඩියෝ බින්ග්ගේ ස්ක්‍රීන් එකේම ප්ලේ වෙද්දී ඒක අයින් කරගන්නවත් මෙරිට් නැතුව බින්ග් පිස්සෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ආපහු මෙරිට් මිලියන 15ක් හොයන් බින්ග් යනවා හොට්ෂොට් එකට. එතනට ගිහිල්ලා හොරෙන් ගෙනිච්ච වීදුරු කෑල්ලකින් තමන්ගේ බෙල්ල කපාගන්න හදනවා.

ඊටපස්සේ බින්ග් කතා කරන ටික බොක්කෙන්ම එන මානුෂීය කතාවක් උනත් ඒක අසාර්ථකයි. විනිසුරු හෝප් මේකෙන් තරමක් පුදුම වෙනවා මොකද සැබෑ දෙයක් සැබෑ හැඟීමක් ඒ වේදිකාවට ආපු නිසා. ඒ හින්දා හෝප්ගේ තැනක වැඩට එබ්බ කියල බින්ග්ට කියනවා. කතාවේ අවසානයේ බින්ග් ඒ වැඩේ කරනවා කියලා තමා පේන්නේ.

ඇත්තටම මේකෙ හැංඟිච්ච අදහස් ගොඩක් තියෙනවා. මේකට ලැබුණු ප්‍රතිචාර ගොඩක් ඉහළ නිසා මේක ගැන සමාලෝචන ගොඩක් අන්තර්ජාලයේ තියෙනවා. වැඩි විස්තර හොයාගන්න බලාපොරොත්තු වෙනවානම්

https://en.wikipedia.org/wiki/Fifteen_Million_Merits මේ ලින්ක් එක ක්ලින් කරන්න.

ස්තූතියි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (18)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 9 Chrome 79

    ස්තූතියි මචං සබ් එකට 🙂🙂👍..
    ජය වෙවා.! 👊👊👊

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Thank you!!!

  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Thank you!!!

  • shantha Unregistered
    Windows 7 Chrome 80

    thanks bro……sub eka digatama denna

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Thank you!!!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Thank you!!!

  • Madusha Unregistered
    Windows 10 Opera 67

    බොහොම ස්තූතියි සහෝ

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Thank you!!!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 80

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Thank you!!!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    ඉතුරු කොටස්වලටත් ඉක්මනට දෙන්ඩෝ 😳😳😳👋

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      Ok. Thank you!!!

  • Kasuna Unregistered
    Android 7 Chrome 59

    Supiri old series thawa thawath denna

  • Batmann User
    Android 9 UC Browser 13.2

    Patta##,,

  • Sandun Unregistered
    Windows 10 Firefox 112

    Thanks for sub

  • Dewshan Unregistered
    Android 10 Chrome 127

    Thanak mchn 💗

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search