Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Captain Marvel (2019) Sinhala Subtitle

Captain Marvel (2019) Sinhala Subtitle

March 29, 2019 Junior Admin

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මාවල් රසිකයන් පුල පුලා බලා සිටි තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ මේ තමයි කැප්ටන් මාවල් සිනමා ආගමනය නොහොත් Captain Marvel (2019). මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයට. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටයෙ ආගිය කතා පැත්තට..


තිරගතවීම ආරම්භවෙන්නත් කලින් රසිකයන් අතර දැඩි කැලඹීමක් ඇති කරන්න මේ චිත්‍රපටය සමත්වුණා කියල ඔබට මතක ඇති. ඒකට හේතුව වුණේ කැප්ටන් මාවල් චරිතයට පණපොවන බ්‍රී ලාසන් චිත්‍රපටයේ විචාර ගැන අහද්දි කියපු කතාවක් නිසා. ඇය කිව්වෙ ” අවුරුදු 40 සුදු ජාතික පිරිමි කියන දේවල් තමන්ට වැඩක් නෑ” කියලයි. බොහෝ පිරිසකට මේක පුරුෂ විරෝධී අදහස් දැක්වීමක් ලෙස පෙනීගිය නිසා , ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාවක් ගියා මේ චිත්‍රපටයට වර්ජනය කර මේ හා සමගාමීව තිරගතවූ Alita: Battle Angel(2019) චිත්‍රපටය නරඹන්නට. හරියට බැලුවොත් බ්‍රී ලාසන්ගෙ මේ කතාවට ප්‍රේක්ෂකයන් (ප්‍රේක්ෂිකාවන් නොවේ) බහුතරයකට කේන්තියාමේ යම් සාධාරණ පැත්තකුත් තියනවා, මාවල් සිනමා විශ්වය මේ තාක් දුරට ඔසවා තැබීමේ වැඩි ගෞරවය යන්න ඕනෙ ප්‍රේක්ෂක පාර්ශවයට නිසා. තත්වය එහෙම තියෙද්දි ඊලඟට නික් ෆියුරිට පණ පොවන සැමුවෙල් එල් ජැක්සන් වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වහලුන්ගෙන් වැඩගන්නා ඉඩම් හිමියෙකුට සමාන කරමින් කල අදහස් පළකිරීමක් නිසා තත්වය තවත් නරක අතට හැරුණා. මෙතනින් ලොකුම ප්‍රශ්ණෙ වුණේ බ්‍රී ලාසන්ගෙ අදහස් දැක්වීම, ඊට හේතුව ඇය Avengers : End Game ඇතුළු ඉදිරි චිත්‍රපට හයක් සඳහා ඒ වනවිටත් ගිවිසුම් අත්සන් කර තිබීම සහ මේ කතාව නිසා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන යම් අවිනිශ්චිත තත්වයකට ( ප්‍රධාන වශයෙන් ආදායම් අතින්) පත්වේද යන සැකය. කොහොමහරි චිත්‍රපටය තිරගත වෙලා අවසන් වුණාම තමයි තත්වය හරියටම බලන්න තියෙන්නෙ. විචාරයන් පවා බොහෝවිට ලියවෙලා තියෙන්නෙ චිත්‍රපටයට එරෙහිවයි ,එසේම සෘණාත්මක රේටින් ලබාදීම් පවා සිදුවෙලා තිබෙනවා චිත්‍රපටය තිරගතවන්නටත් ප්‍රථම. මේ නිසාම Rotten tomatoes අඩවිය තම අඩවිය වෙනස්කම්වලටද ලක්කලා, චිත්‍රපටයක් තිරගත වන්නට ප්‍රථම රේටින් සහ රිවීව්ස් පළකල නොහැකි ලෙස. හරි ඒ තමයි ආගිය කතා දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

හරි, Avengers: Infinity War (2018) බලපු අය දැක්කනෙ තානෝස් ලෝක ජනගහණයෙන් හරි අඩක්ම තමන්ගෙ එක ස්නැප් එකකින් නැතිකරල දාපු ආකාරය.

ඒකෙම පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයෙදි ඔබ දැක්කා තානෝස්ගෙ ස්නැප් එකට ගොදුරුව අතුරුදන් වෙලා යන්න ටිකකට කලින් නික් ෆියුරි පේජර් එකකින් (මෙහි අතීත කතාවත් මෙම චිත්‍රපටයට ඇතුලත්) යමෙකුට පණිවිඩයක් යවනවා.

පේජර් පණිවිඩය යවමින් සිටියදී නික් ෆියුරි දුහුවිලිව යන අවස්ථාව

ඒ යවන්නෙ කාටද කියල සඳහන් නොවුණත්, අපි දැක්කා ඒකෙ දර්ශනය වුනේ කැප්ටන් මාවල් සලකුණ. වීඩියෝ එකම බලනවනම් මෙන්න ඒක

පේජරයේ සටහන්ව තිබූ කැප්ටන් මාවල් සලකුණ

ඒ යවන්නෙ අනිවාර්යයෙන්ම ඇයගෙ උදව් ඉල්ලල කියල පැහැදිලිනෙ. මාවල් ස්ටුඩියෝස්හි සභාපති කෙවින් ෆීජ් පවසන විදියට මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය විදියට ගැනෙන කැරොල් ඩෙන්වර්ස් නොහොත් මේ කැප්ටන් මාවල් තමයි දැනට තානෝස් කල විනාශය ආපසු හැරවිය හැකි තරම් බලයක් ඇති එකම චරිතය. ඒ පණිවිඩය යැවුනෙ ඇයටයි..

නික් ෆියුරි පේජර් පණිවිඩය යවන්න කලින්ම තානෝස්ගෙ ස්නැප් එකට අහුවෙලා දූවිලි වෙලා ගියා අපි දැක්කට, අපි මෙච්චර කාලෙකට මේ කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල් කියන්නෙ කවුද, ඇය ඒතරම් බලවත් චරිතයක් වෙන්නෙ කොහොමද, නික් ෆියුරි ඇය හඳුනන්නෙ කොහොමද වගේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් අන්න ඒ සියල්ල තමයි ප්‍රේක්ෂක ඔබට මේ Captain Marvel (2019) චිත්‍රපටයෙන් බලාගන්න තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි කාලරාමුව 1990 දශකයේ මැද භාගය, ඒ කියන්නෙ Captain America: The First Avenger හැරුණවිට මාවල් සිනමා විශ්වයේ අන් සියලුම චිත්‍රපට වැටෙන්නෙ මීට පිටිපස්සට. ඒ නිසාම මේකෙදි අපි දකින්නෙ වඩා තරුණ නික් ෆියුරි කෙනෙක් වගේම සුපිරි වීරයන් ගැන දැනුමකුත් නෑ. 90 දශකයේ දිවෙන නිසාම ඒ සමයේ යම් යම් දේවල් චිත්‍රපටයට එම දශකයේ ගීත ඛණ්ඩත් ඇතුළුව. මේ එයින් කීපයක්ද ඇතුළු චිත්‍රපටය නැරඹීමේදිද වැදගත් වියහැකි කරුණු කීපයක්…

• බ්ලොක් බස්ටර් වීඩියෝ සෙන්ටර් ( Blockbuster Video )

90 දශකයේදී VHS පටවලින් ඇරඹී 2000 දශකයේ DVD ආගමනය දක්වා චිත්‍රපට ආදිය කුලියට ලබාදීමේ හිණිපෙත්තේ සිටි මේ වීඩියෝ මධ්‍යස්ථාන ජාලය කාලයාගේ ඈවැමෙන් සහ චිත්‍රපට නැරඹීමේ වඩා පහසු සහ නව තාක්ෂණයන් ඉදිරියේ හිස නමනවා. නමුත් චිත්‍රපටයේදී ඔබට දකින්න ලැබේවි එම කාලයේ ඔවුන් සිටි තත්වය (අපිත් හැඳුනුම්පත හෝ මුදල් ඇපයට තබා චිත්‍රපට නරඹපු අයනෙ ඉතිං, ඒකට අද )

• ALTAVISTA සෙවුම් යන්ත්‍රය

ගූගල් සමාගම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර කලාව උඩු යටිකුරු කරන්නට පෙර අන්තර්ජාල පරිශීලකයන්ට සේවය සැලසූ මේ සේවය පසුව Yahoo සමාගම විසින් මිලට ගන්නවා (ඔව්, ඔව්, Google සුළු මුදලකට මිලදීගන්නට තිබූ අවස්ථාවට පයින් ගැසූ Yahooම තමයි)

• The Avengers: Kree–Skrull War ( 1971 ජූනි- 1972 මාර්තු)

මෙහි කතාව පාදක වෙන්නෙ රෝයි තෝමස් විසින් රචිත “Kree–Skrull War” ඇසුරින්. එහි ආරම්භයේදීනම් හැබැයි කැරොල් ඩෙන්වර්ස්ට තිබෙන්නේ සුළු චරිතයක්. ඒ වනවිට ඇයට සුපිරි බලයන් පවා ලැබී නෑ.

• අධ්‍යක්ෂණය
මේ චිත්‍රපටයේදී තමයි රූසෝ සහෝදරයන්ට පසුව තවත් අධ්‍යක්ෂ දෙපළක් දෙවන වරට මාවල් සිනමා විශ්වයට දායක වෙන්නෙ ඒ ඇනා බෝඩන් සහ සහය අධ්‍යක්ෂ රයන් ෆ්ලෙක් . ඇනා බෝඩන් තමයි මාවල් සිනමා විශ්වයේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය.

• ස්ටෑන් ලී සුළු චරිත රංගනය
සුපුරුදු පරිදි මේ චිත්‍රපටයටත් ඔහුගේ සුළු චරිත රංගනයක් ඇතුලත් වගේම ඔහුට ගරු කරමින්ම චිත්‍රපටය අරඹන්නත් මාවල් ස්ටුඩියෝස් කටයුතු කරල තියනව. චිත්‍රපටයෙදි ඔබට  දකින්න ලැබෙන්නෙ ස්ටෑන් ලී පොතක් කියවමින් ඉන්නව, ඇත්තටම ඒ පොතක් නෙමෙයි Mallrats (1995) චිත්‍රපටයේ පිටපත.ස්ටෑන් ලී ඒකෙත් ඉන්නවා මෙන්න මේ විදියට.

• රොනෑන් සහ ඇකියුසර් බළකාය

මම කිව්ව මතකනෙ මේකෙ කාලරාමුව 1990 දශකයේ මැද භාගය කියල. ඒ නිසාම Guardians of galaxy (2014) චිත්‍රපටයේදී මියයන රොනෑන්, මේ චිත්‍රපටයෙ කාලය තුල ජීවත්ව ඉන්නවා. ස්ටාලෝඩ් ඇතුළු පිරිස ඔහුව විනාශ කල අවස්ථාව.

එහෙනම් මීට වඩා මෙතන කියල නරඹන ඔබේ රසවින්දනයට බාධා කරන්න මගෙ අදහසක් නෑ.  Imdb අගය 7.2ක් ලබාගෙන, Rotten Tomatoes වෙතින් 78%ක අගයක්ද ලබාගෙන බ්‍රී ලාසන්, සැමුවෙල් එල් ජැක්සන්, බෙන් මෙන්ඩල්සන්, ජූඩ් ලෝ, ඇනට් බෙනින්, ලෂානා ලින්ච්, ක්ලාක් ග්‍රෙග්, ජෙමා චෑන්, ඩ්ජෙමන් හොන්සෝ, ලී පේස්, අකිරා අක්බර් ඇතුළු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට ඉඩලබාදෙමින් මම නවතින්නම්. හමුවෙමු MULE (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්..

සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි 

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර කැමරා පිටපතට නිකුත්කල මුල් උපසිරැසියේ තිබූ පරිවර්තන දෝෂ කිහිපයක්ද නිවැරදි කර ඇත. එසේම WEB-DL පිටපත් ඇති අයගේ පහසුව තකා WEB-DL සඳහා සකස්කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-
මේ වසරේ පෙබරවාරි මාසයේදී තමයි මෙම චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය එලිදැක්වුණේ. නිර්මාණකරුවන් එය 1990 දශකයේ වෙබ් අඩවියක් ලෙස තමයි සකසා තිබෙන්නේ. ගොඩවෙලා බලන්න මේ එම අඩවිය.

Direct Download සිංහල උපසිරැසිය හා වීඩියෝ පිටපත ලබා ගන්න
35517 Downloads
වීඩියෝව සූදානම් වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
Download Links
720P
DIR
1080P
DIR
DIR
Available Torrents
3D bluray 1.99 GB
GET
720p bluray 1.04 GB
GET
1080p bluray 1.99 GB
GET
720p web 1.03 GB
GET
1080p web 1.98 GB
GET
2160p web 5.52 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (65)
Newer →
  • mikey Unregistered
    Windows 10 Chrome 73
    2019-03-30

    direc link nedda. apita banna ba ne hemotama torrent na ne. direc link ekk danna

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-30

      ඩිරෙක්ට් ලින්ක් එකක් මම දාන්නම් තව ටිකකින්, මයිකි 🙂

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-30

      ඩිරෙක්ට් ලින්ක් එකක් දැම්මා.

  • Luzifar47 Unregistered
    Android 8 Chrome 73
    2019-03-30

    😭😭😭😭 torrent eka wd krnneth na

    Reply
  • Luzifar47 Unregistered
    Android 8 Chrome 73
    2019-03-30

    👌👌👌 hri giya

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-30

      🙂 Thanks.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73
    2019-03-30

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-30

      බොහොම ස්තූතියි, Kantha 🙂

  • sanju dananjaya Unregistered
    Windows 8.1 Chrome 73
    2019-03-30

    me diila thiyana copys HD.web,or blue-ray, rip nemi neda??..quality eka gana podi awlk tiyanawa..balapu kenek nadda..

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-30

      ඒව එන්න තව කල් තියනවා, සන්ජු. මේක කැමරා පිටපතක්.
      ඒකයි ලිපියෙ උඩින්ම සඳහන් කරල තියෙන්නෙ කැමරා කියල.

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-30

      ස්ක්‍රීන්ෂොට් ඕනෙනං ලිපියෙ අග තියන ලින්ක් එකෙන් බලලම පිටපත ගන්න.

  • vihanga Unregistered
    Windows 7 Chrome 73
    2019-03-30

    thanks bro

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 8.1 Chrome 70
    2019-03-30

    thank hasitha sub ekata … විශේෂයෙන් කියන්න තියෙන්නේ නික් පියුරි ගැන ..අපි හිතන් හිටියේ එයා හෙන දර දඩු කෙනෙක් කියලා නේ ..ඒ වාගේම එයාගේ ඇස නැති වෙන හැටි :p ..මේක නම් බලන්නම ඕන ෆිල්ම් එකක්

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-31

      ඔව්නෙ, මාත් හිතා හිටියෙ එහෙමයි කියල. අනිත් එක සැමුවෙල් එල් ජැක්සන්ගෙ අනිත් චරිතවලින් අපිට ඇවිල්ල තියෙන්නෙත් එහෙම හැඟීමක්නෙ, ඒක වෙන්න ඕනෙ හේතුව. මාවල් ෆිල්ම් සීරීස් එකේ එකක නික් ෆියුරි කියනව නේද,
      “The last time I trusted someone I lost an eye.” කියල? ඒකයි මේකයි ගාණට මැච් වෙනව.

    • Bhanuka Unregistered
      Android 5 Chrome 77
      2019-11-08

      Thank you subz

  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-03-31

    මෙක දැම්ම නම් කියවන්න අදහසක් නැ. WEB එක එනකම්ම ඉදල ගන්න ඔනෙ. කලිම් ආව ෆිල්ම් එකත් ඔයාගෙ සබ් එක්කමයි බැලුවෙ එලටම කරල තිබ්බ වගේම ෆිල්ම් එකත් පට්ටම විදියට සෙට් උනා.කට්ටියව එක පාරට අලුවෙලා යන සින් එකෙන් චිත්‍රපටය ඉවර වෙනවනෙ.එතකොට මෙක එකට සම්බන්ධද සහෝ….
    බලම්මයි උන්නෙ ඉලග එක එනකල්…. wetting web-dl ……..😉

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-31

      Infinity war නෙ? ඔව්, මිතුන්, මේ ෆිල්ම් එකත් ඒකට ස සම්බන්ධයි, හැබැයි ටයිම් ලයින් එක අනුව මේකෙ කතාව තියෙන්නෙ ඒ සිදුවීමට කාලෙකට කලින් , ඒ කියන්නෙ ඒ සිද්ධිය සිද්ධවෙලා නෑ මේ වෙනකොට. ‍Web-dl එකක් ආවම අප්ඩේට් එකක් දෙන්නම් අනිවාර්යයෙන්ම.

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 66
    2019-03-31

    sub ekata thanks saho justice league vs fatal five ekatath sub eka denna

    Reply
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 73
    2019-03-31

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි ලිපිය….හොද කොපියක් ආව ගමන්ම update කරමු…

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-31

      බොහොම ස්තූතියි, රසිඳු. අනිවාර්යයෙන්ම පිටපත් එන
      පිළිවෙලට අප්ඩේට් දෙන්න බලාපොරොත්තු වෙනවා 🙂

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 73
    2019-03-31

    උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා.ඒ වගේම ලිපියත් පට්ට.හොඳ පිටපතක් ආව ගමන් බලන්නම්.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-03-31

      බොහොම ස්තූතියි, සහන් 🙂 අනිවාර්යයෙන්ම
      අප්ඩේට් දෙනවා පිටපත් එන පිළිවෙලට.

  • kavinda Unregistered
    Windows 7 Chrome 65
    2019-04-01

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Update
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip
Update
Deewaanapan (2001) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Alita: Battle Angel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Fifty Shades Freed (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Avengers: Infinity War (2018) Sinhala Subtitle
Apr 23, 2026
Update
Avengers: Endgame (2019) Sinhala Subtitle
Apr 23, 2026
Update
Cold Eyes (2013) Sinhala Subtitle
Apr 23, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved