Trending

Dangal (2016) Sinhala Subtitle

අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව සහ ඉල්ලීමක් වුණ අමීර් ඛාන්ගේ දන්ගල් චිත්‍රපටය.කට්ටිය මට සමාවෙන්න ඕනෙ මොකද මේ උපසිරැසියනම් සෑහෙන්න ප්‍රමාද වුනා.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා කුමාරි පොගාට්  සහ බබීතා කුමාරි පොගාට්ගේ අප්‍රතිහත ධෛර්යයේ කතාවයි දන්ගල් නමින් රිදී තිරයට ගෙන එන්නේ.ඒ වගේමයි මේ සිනමාපටය ලෝකය පුරා අති දැවැන්ත ජනප්‍රියත්වයක්  ලබාගත්තා. හොඳම උදාහරණය මෙම මැයි 5වන දින චීනය තුල තිරගත කිරීම ඇරඹූ දන්ගල් මේ වනවිට චීනය තුල පමණක්  ඇමරිකානු ඩොලර් මිලියන 70 ඉක්මවූ ආදායමක් ලැබීමයි.රුපියල්වලින්ම ගත්තොත් මිලියන 10,000කට වැඩියි.එදාමෙදාතුර චීනය තුල වැඩිම ජනප්‍රියත්වයක් ලද චිත්‍රපටයද වන දන්ගල් නැරඹූ දා සිට මෙවන් චිත්‍රපටයක් තම රටේ නිමවෙන්නේ කවදාදැයි චීන ජාතිකයින් විසින් එරට අධ්‍යක්ෂකවරුන්ගෙන් ප්‍රශ්ණ කරන බවද වාර්තා වෙනවා.ඒ වගේමයි 62වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද තමන් සතු කරගත් දන්ගල් එතනින් නොනැවතී  එම උළෙලේදීම  හොඳම නළුවා සම්මානය අමීර් ඛාන්ටද, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය නිතිෂ් තිවාරිටද ලබාදුන්නා.ඒ විතරක් නෙමෙයි හොඳම ක්‍රියාදාම සඳහා වූ සම්මාන ලැබෙන්නේත් මේ දන්ගල් සිනමාපටයේ ක්‍රියාදාම අධ්‍යක්ෂණය කල ශ්‍යාම් කෞෂාල්ටයි.සැබැවින්ම මේ වසර දෙක පුරාවට අපි දුටු දෘශ්‍යප්‍රයෝග ක්‍රියාදාමවලින් පිරි  හින්දි සිනමාපටවලට හොඳ උත්තරයක් දන්ගල්.මෙය IMDB සිනමා දර්ශකයේ 8.8 අගයකුත්, එහි හොඳම චිත්‍රපට 250 අතර 81වන ස්ථානයත්, Rotten Tomatos හි 83% අගයක් සමගින් ගූගල් පරිශීලකයන් 95%කගේ කැමැත්ත ලබාගන්නේත් ඒ නිසාමයි.

ඊට අමතරව සම්මාන නොලද :- (තවත් නවක තරු රාශියක් මේ සිනමාපටයට ආලෝකය ලබාදෙනවා ඒ සයිරා වසීම් (Zaira Wasim – ගීතාගේ ළමා චරිතය), සුහානි බත්නාගර් (Suhani Bhatnagar- බබීතාගෙ ළමා චරිතය), ෆාතිමා සානා – ෂේක් (Fatima Sana Shaikh- ගීතාගෙ තරුණ විය) , සාන්යා මල්හෝත්‍රා (Sanya Malhotra – බබීතාගේ තරුණ විය) සහ රිත්වික් සාහෝර් (Ritwik Sahore- ඕම්කාර්ගේ ළමාවිය).ඒ වගේමයි මෙතනදි කතාකරන්නම ඕනෙ දේ තමයි  මහාවීර් සිං පොගාට්ගේ චරිතයට පණ පොවන අමීර් ඛාන් මේ සිනමාපටයට  කරල තියන කැපවීම.මේ චරිතය මහාවීර්ගේ කඩවසම් තරුණ විය සහ තරබාරු මහළු විය විදියට කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් පහසුම ක්‍රමේනෙ මුලින්ම කඩවසම් කොටස් ටික රඟපාල පසුව අවශ්‍ය ආකාරයට ආහාරපාන ගෙන සිරුර මහත්කරගෙන මහළු කොටස් ටික රඟපෑම.ඒ වුණාට අමීර් ඒකට කැමති වෙලා නෑ.ඔහු කියල තියෙන්නෙ මුලින්ම මහළු කොටස් ටික රූගත කරල පසුව කඩවසම් කොටස් ටික ගැන බලමු කියල.ඒකට හේතුව විදියට දක්වල තියෙන්නෙ තමන් දෙවෙනියට සිරුර මහත් කරගත්තොත් එය නැවත මුල්තත්වයට ගැනීමට  කම්මැලිකමක් ඇතිවියහැකි නිසා මුලින්ම මහළු චරිතය කර පසුව බර අඩුකරගෙන කඩවසම් චරිතය රඟපෑම වඩා සුදුසු බවයි.ඉතින් මහළු චරිතය සඳහා බර වැඩිකරගැනීමට නිෂ්පාදන කණ්ඩායම තමන්ට ඉල්ලන සෑම ආහාරයක්ම  ඉතා කැමැත්තෙන් ලබාදුන් බව අමීර් ඛාන් නම් මේ මහා චරිතාංග නළුවා පවසන්නේ සිනාමුසු මුහුණින්.ඒ පිහිටෙන් තම සිරුර කිලෝ 100කට වඩා බර  තරබාරු සිරුරක් කරගත් අමීර්  මාස 5ක් වැනි කෙටි කලකින් එය නැවතත් පෙරතිබූ කඩවසම් සිරුර බවට පත්කරගන්නට දරන කැපවීම  ඔබට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මෙහි සැබෑ චරිත ගැන  සඳහනක් සිනමා පටය අවසානයේ ලබාදී ඇති නිසා ඒ සම්බන්ධව මුකුත් මම මෙතන ලියන්නේ නැහැ. දැන් සිනමාපටයේ කතාව ගැන යම් සඳහනක් කරන්නම්…

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ බිලාලි නම් ගමක ජීවත්වන මහාවීර් සිං පොගාට් හිටපු ජාතික මල්ලවපොර ශූරයෙක්.තමන්ගේ ආර්ථික අපහසුකම් හේතුවෙන් මල්ලවපොර ක්‍රීඩාවට නැවතීමේ තිත තබන ඔහු රැකියාවක් කරමින් තම බිරිඳත් සමග සතුටින් ජීවත්වෙනවා.මල්ලවපොර අත්හැරියත් ඔහුට තියනවා හීනයක් ඒ තමයි දවසක තමාගේ පුතෙක් ඉන්දියාව වෙනුවෙන් අන්තර්ජාතික රන් පදක්කමක් දිනනු දැකීම.ඒ වෙනුවෙන් පුත් සම්පතක් බලාපොරොත්තුවෙන් සිටියත්  ඔහුට ලැබෙන්නේ දියණියන්ම පමණයි.පුතෙක් නොමැතිව මල්ලවපොර රන්පදක්කමක් දිනීමට නොහැකියැයි සිතන මහාවීර් සිං තම සිහිනය වළලා දමනවා.නමුත් දවසක සිදුවන සිදුවීමකින් තමන්ගේ අදහස වැරදි බව මහාවීර්ට පෙනී යනවා.එතැන් පටන් ඔහු තම දියණියන්ව මල්ලවපොර ක්‍රීඩාවෙන් අන්තර්ජාතික පදක්කමක් දක්වාගෙන යාමට දරන අප්‍රතිහත උත්සාහයයි, දන්ගල්.ඒ එක්කම සුගත් තිලකරත්න, සුසන්තිකා ජයසිංහ වැනි ජාත්‍යන්තර තලයට ගිය අපේ ධෛර්යයවන්තයන් ගැන නිමැවෙන සිනමා පටයක් අපේ සිනමාවෙන් කවදා දකින්නට ලැබේවිදැයි කියල ලොකු දුකකුත් ඇතිවේවි මේ චිත්‍රපටය බැලුවම.හැකිනම් දුක, සතුට, වේදනාව, දයාව, කරුණාව සියල්ල එක්තැන් කල මේ අපූරු චිත්‍රපටය සිනා නොවී, නොහඬා නරඹන්න.(ඔට්ටුයි බෑ) කියල පොඩි අහිංසක අභියෝගයක් කරන ගමන් අදට මම සමුගන්නවා.තවත් දිනයක හමුවෙමු…

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Former wrestler Mahavir Singh Phogat (Aamir Khan) trains young daughters Geeta (Fatima Sana Shaikh) and Babita (Sanya Malhotra) to follow in his footsteps and become world-class grapplers…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.36 GB x264
1080p bluray 2.6 GB x264
▲53 · ▼5
Magnet GET
Discussion (23)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…උපසිරැසි පනහේ කඩයිමට යන්න තව උපසිරැසි දෙකයි ඉතුරු…ඉක්මනින්ම උපසිරැසි පනහේ කඩයිම පසු කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා…ජය වේවා!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, කවීෂ!!

  • Manoj Sachintha User
    Windows 8.1 Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, සචින්ත.

  • dinesh Unregistered
    Android Opera Mini 11

    වැඩක් ඇති එකක් දාපන්කෝ මචන්. සයිට් දෙකක ම තියනවනේ සබ්. අලුත් ටීවී සීරීස් වලට සබ් දෙන්න.
    ජය වේවා..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      dinesh, ඔබටත් ජයවේවා ! අනිත් සයිට් දෙකේම තියනම් මේකෙත් තිබුණට ඇති වැරැද්දක් නෑ,නේද?

  • mahesh babu Unregistered
    Android 5.1 UC Browser 11.3

    බොහොම ස්තුතියි උපසිරසියට…..
    Motta shiva ketta shiva,yeman tamil movies වලට sub දෙන්නකෝ……….
    ජය වේවා!!!!!!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි, mahesh babu ! මම සාමාන්‍යයෙන් ටැමිල් ෆිල්ම්වලට සබ් කරනව අඩුයි. බලමු ට්‍රයි එකක් දෙන්නම්.

  • Pasindu Unregistered
    Android 5.1 Opera 37

    Thanks sahooooo. Niyama filumak wage.
    13 reason ekt sub denakam balan innawooooo

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, පසිඳු. ඔව් දන්ගල් කියන්නෙ නියම ෆිල්ම් එකක්. 13 reasons why එකේ සබ් එක මේ දැන් යැව්වෙ.
      ඔයාට අද රෑට හෝ හෙට වෙද්දි ගන්න පුළුවන් වෙයි.

  • ramesh Unregistered
    Windows 10 Firefox 53

    ikmanata aluth ekak dendoooo meka baluwooo,elzzzzzz

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, රමේෂ්. ඇත්තටම මම මේක බාරගත්තෙ ගොඩක් කලින් , ඒ වුණත් එක එක හේතු ගොඩක් නිසා ප්‍රමාද වුණා සමාවෙන්න ඒකට.

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Oya dana tv serious tika adu karala film vitarak karanna said eka goda yai wagena rasikayonga awadanat dinagani. Ekak,dannakga illim nisa tv serious digatama danna epa film wadipura danna. Asa hitanna atakota.
    Ana alut tamil english ewata karanna sab. Copy natuwa

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොමත්ම ස්තූතියි.මිතුන්. අනිවාර්යයෙන්ම ඒ ගැන සලකා බලනවා ඉදිරියට.

    • Himashi Unregistered
      Windows 10 Chrome 58

      ow puluwanam film walata sub denna!
      tv serious anith site 2kema danawa halo!
      puluwanm film walata denna eka godak waditanawa!

      Scandal Makers 2008
      My Sassy Girl 2001
      My Blind Brother 2016
      Suddenly Seventeen 2016

      mewalata puluwanm sub denna! hoda story IMDb rate ekath wadi

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, හිමාෂි. ෆිල්ම් ලිස්ට් එකටත් ස්තූතියි. ඒ එක ෆිල්ම් එකක්වත් මම බලල නෑ, බලන්න ඉන්න ෆිල්ම් ලිස්ට් එකට ඒ ටිකත් ඇතුලත් කරගත්තා. ඒවට සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.

  • taridu sagara User
    Windows 8.1 Chrome 58
  • dana Unregistered
    Windows 7 Firefox 53

    supiri vage jaya veva

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, dana!

  • chan Unregistered
    Windows 8.1 Chrome 58

    american gods tv series ekata sub dandakoo

  • sheshadri Unregistered
    Windows 10 Chrome 60

    ane khmada download krnne?

  • chamod Unregistered
    Windows 8.1 Chrome 63

    godak sthuthi…..film eka nam supiriri…….

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search