• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Dangal (2016) Sinhala Subtitle

Dangal (2016) Sinhala Subtitle

2017/05/20 at 8:08 pm
Hasitha Prasad

අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව සහ ඉල්ලීමක් වුණ අමීර් ඛාන්ගේ දන්ගල් චිත්‍රපටය.කට්ටිය මට සමාවෙන්න ඕනෙ මොකද මේ උපසිරැසියනම් සෑහෙන්න ප්‍රමාද වුනා.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා කුමාරි පොගාට්  සහ බබීතා කුමාරි පොගාට්ගේ අප්‍රතිහත ධෛර්යයේ කතාවයි දන්ගල් නමින් රිදී තිරයට ගෙන එන්නේ.ඒ වගේමයි මේ සිනමාපටය ලෝකය පුරා අති දැවැන්ත ජනප්‍රියත්වයක්  ලබාගත්තා. හොඳම උදාහරණය මෙම මැයි 5වන දින චීනය තුල තිරගත කිරීම ඇරඹූ දන්ගල් මේ වනවිට චීනය තුල පමණක්  ඇමරිකානු ඩොලර් මිලියන 70 ඉක්මවූ ආදායමක් ලැබීමයි.රුපියල්වලින්ම ගත්තොත් මිලියන 10,000කට වැඩියි.එදාමෙදාතුර චීනය තුල වැඩිම ජනප්‍රියත්වයක් ලද චිත්‍රපටයද වන දන්ගල් නැරඹූ දා සිට මෙවන් චිත්‍රපටයක් තම රටේ නිමවෙන්නේ කවදාදැයි චීන ජාතිකයින් විසින් එරට අධ්‍යක්ෂකවරුන්ගෙන් ප්‍රශ්ණ කරන බවද වාර්තා වෙනවා.ඒ වගේමයි 62වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද තමන් සතු කරගත් දන්ගල් එතනින් නොනැවතී  එම උළෙලේදීම  හොඳම නළුවා සම්මානය අමීර් ඛාන්ටද, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය නිතිෂ් තිවාරිටද ලබාදුන්නා.ඒ විතරක් නෙමෙයි හොඳම ක්‍රියාදාම සඳහා වූ සම්මාන ලැබෙන්නේත් මේ දන්ගල් සිනමාපටයේ ක්‍රියාදාම අධ්‍යක්ෂණය කල ශ්‍යාම් කෞෂාල්ටයි.සැබැවින්ම මේ වසර දෙක පුරාවට අපි දුටු දෘශ්‍යප්‍රයෝග ක්‍රියාදාමවලින් පිරි  හින්දි සිනමාපටවලට හොඳ උත්තරයක් දන්ගල්.මෙය IMDB සිනමා දර්ශකයේ 8.8 අගයකුත්, එහි හොඳම චිත්‍රපට 250 අතර 81වන ස්ථානයත්, Rotten Tomatos හි 83% අගයක් සමගින් ගූගල් පරිශීලකයන් 95%කගේ කැමැත්ත ලබාගන්නේත් ඒ නිසාමයි.

ඊට අමතරව සම්මාන නොලද :- (තවත් නවක තරු රාශියක් මේ සිනමාපටයට ආලෝකය ලබාදෙනවා ඒ සයිරා වසීම් (Zaira Wasim - ගීතාගේ ළමා චරිතය), සුහානි බත්නාගර් (Suhani Bhatnagar- බබීතාගෙ ළමා චරිතය), ෆාතිමා සානා - ෂේක් (Fatima Sana Shaikh- ගීතාගෙ තරුණ විය) , සාන්යා මල්හෝත්‍රා (Sanya Malhotra - බබීතාගේ තරුණ විය) සහ රිත්වික් සාහෝර් (Ritwik Sahore- ඕම්කාර්ගේ ළමාවිය).ඒ වගේමයි මෙතනදි කතාකරන්නම ඕනෙ දේ තමයි  මහාවීර් සිං පොගාට්ගේ චරිතයට පණ පොවන අමීර් ඛාන් මේ සිනමාපටයට  කරල තියන කැපවීම.මේ චරිතය මහාවීර්ගේ කඩවසම් තරුණ විය සහ තරබාරු මහළු විය විදියට කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් පහසුම ක්‍රමේනෙ මුලින්ම කඩවසම් කොටස් ටික රඟපාල පසුව අවශ්‍ය ආකාරයට ආහාරපාන ගෙන සිරුර මහත්කරගෙන මහළු කොටස් ටික රඟපෑම.ඒ වුණාට අමීර් ඒකට කැමති වෙලා නෑ.ඔහු කියල තියෙන්නෙ මුලින්ම මහළු කොටස් ටික රූගත කරල පසුව කඩවසම් කොටස් ටික ගැන බලමු කියල.ඒකට හේතුව විදියට දක්වල තියෙන්නෙ තමන් දෙවෙනියට සිරුර මහත් කරගත්තොත් එය නැවත මුල්තත්වයට ගැනීමට  කම්මැලිකමක් ඇතිවියහැකි නිසා මුලින්ම මහළු චරිතය කර පසුව බර අඩුකරගෙන කඩවසම් චරිතය රඟපෑම වඩා සුදුසු බවයි.ඉතින් මහළු චරිතය සඳහා බර වැඩිකරගැනීමට නිෂ්පාදන කණ්ඩායම තමන්ට ඉල්ලන සෑම ආහාරයක්ම  ඉතා කැමැත්තෙන් ලබාදුන් බව අමීර් ඛාන් නම් මේ මහා චරිතාංග නළුවා පවසන්නේ සිනාමුසු මුහුණින්.ඒ පිහිටෙන් තම සිරුර කිලෝ 100කට වඩා බර  තරබාරු සිරුරක් කරගත් අමීර්  මාස 5ක් වැනි කෙටි කලකින් එය නැවතත් පෙරතිබූ කඩවසම් සිරුර බවට පත්කරගන්නට දරන කැපවීම  ඔබට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මෙහි සැබෑ චරිත ගැන  සඳහනක් සිනමා පටය අවසානයේ ලබාදී ඇති නිසා ඒ සම්බන්ධව මුකුත් මම මෙතන ලියන්නේ නැහැ. දැන් සිනමාපටයේ කතාව ගැන යම් සඳහනක් කරන්නම්...

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ බිලාලි නම් ගමක ජීවත්වන මහාවීර් සිං පොගාට් හිටපු ජාතික මල්ලවපොර ශූරයෙක්.තමන්ගේ ආර්ථික අපහසුකම් හේතුවෙන් මල්ලවපොර ක්‍රීඩාවට නැවතීමේ තිත තබන ඔහු රැකියාවක් කරමින් තම බිරිඳත් සමග සතුටින් ජීවත්වෙනවා.මල්ලවපොර අත්හැරියත් ඔහුට තියනවා හීනයක් ඒ තමයි දවසක තමාගේ පුතෙක් ඉන්දියාව වෙනුවෙන් අන්තර්ජාතික රන් පදක්කමක් දිනනු දැකීම.ඒ වෙනුවෙන් පුත් සම්පතක් බලාපොරොත්තුවෙන් සිටියත්  ඔහුට ලැබෙන්නේ දියණියන්ම පමණයි.පුතෙක් නොමැතිව මල්ලවපොර රන්පදක්කමක් දිනීමට නොහැකියැයි සිතන මහාවීර් සිං තම සිහිනය වළලා දමනවා.නමුත් දවසක සිදුවන සිදුවීමකින් තමන්ගේ අදහස වැරදි බව මහාවීර්ට පෙනී යනවා.එතැන් පටන් ඔහු තම දියණියන්ව මල්ලවපොර ක්‍රීඩාවෙන් අන්තර්ජාතික පදක්කමක් දක්වාගෙන යාමට දරන අප්‍රතිහත උත්සාහයයි, දන්ගල්.ඒ එක්කම සුගත් තිලකරත්න, සුසන්තිකා ජයසිංහ වැනි ජාත්‍යන්තර තලයට ගිය අපේ ධෛර්යයවන්තයන් ගැන නිමැවෙන සිනමා පටයක් අපේ සිනමාවෙන් කවදා දකින්නට ලැබේවිදැයි කියල ලොකු දුකකුත් ඇතිවේවි මේ චිත්‍රපටය බැලුවම.හැකිනම් දුක, සතුට, වේදනාව, දයාව, කරුණාව සියල්ල එක්තැන් කල මේ අපූරු චිත්‍රපටය සිනා නොවී, නොහඬා නරඹන්න.(ඔට්ටුයි බෑ) කියල පොඩි අහිංසක අභියෝගයක් කරන ගමන් අදට මම සමුගන්නවා.තවත් දිනයක හමුවෙමු...

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Former wrestler Mahavir Singh Phogat (Aamir Khan) trains young daughters Geeta (Fatima Sana Shaikh) and Babita (Sanya Malhotra) to follow in his footsteps and become world-class grapplers...

සිංහල උපසිරැසිය ලබා ගන්න 15222
Dangal
  • 720p (bluray)
    1.36 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.6 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Lahiru Unregistered User
    Windows 8.1Firefox 115

    thanks, anith site wala thiyena sub eka awl. meke eka hodi, niceee

    2023-12-29 at 6:08 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms