Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Arabi Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
  • Home
  • Movies
  • Hindi Movies
  • Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle

Rasika Samanjith 2020-04-13 / 12:06 AM

 

              දිගු නිහැඬියාවකට පසුව Subz.lk සමඟ මෙවර ඔබ වෙත අරන් ආවේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර  ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. සැන් ෆ්රැන්සිස්කෝ හී ආසන 720 කින් යුත් “NAZ” සිනමා ශාලාවට ආරම්භක දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් 1000 ක් පැමිණ සිටි අතර මධ්‍යම රාත්‍රියේ අමතර දර්ශන වාරයක්ද පැවැත්වීමට සිදුවිය. එක්සත් රාජධානියේද වසරකටත් අධික කාලයක් තිරගත වූ අතර, හින්දි සිනමා ඉතිහාසයේ ආරම්භක සිනමාහලේ වැඩිම කාලයක් ප්‍රදර්ශනය කල සිනමා පටය ලෙසද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” නොමැකෙන සලකුණක් තැබීය. වාර්තාගත 2000 වෙනි සතියත් පසු කරමින්, වසර 24 කට අධික කාලයක් මුම්බායි හී පිහිටි “මරත මන්දීර් තියටර්” හී, ආරම්භක දිනයේ සිට නොකඩවා මේ වන විටත් ප්‍රදර්ශනය වේ.

       Twenty Years Celebration

   “The Times of India” සඟරාවේ “මියයාමට පෙර ඔබ නැරඹිය යුතුම  චිත්‍රපට 10” ලිස්ට් එකටද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” ඇතුලත්වූ අතර, ” මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට 1001″ නමැති සිනමා විචාරක ග්‍රන්ථයේ නම් කර තිබුණේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ හොඳම තුන්වෙනි චිත්‍රපටය ලෙසයි. පලමු ස්ථානය 1957 තිරගතවූ Mother India වූ අතර දෙවන ස්ථානය  Deewaar(1975)විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන 10 ක් හිමිකරගමින් එවකට ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමිකර ගත් සිනමා පටය ලෙසද අභිෂේක ලැබීය.

     සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය වූයේ ‘ජතින් – ලලිත්’ දෙසොහොයුරන්ගේ මනමෝහනීය සංගීතයයි.  ‘ආනන්ද් භක්ෂි’ ගේ  පද රචනයන්ගෙන් හැඩවුණු  මියුරු ගීත  ගණනාවක්ම මෙහි ඇතුලත් වූ අතර පසුබිම් ගායනයෙන් එක්වූ ඉන්දීය ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර් ප්රමුඛ ආශා බෝස්ලේ, කුමාර් සානු, උදිත් නාරායන් සහ අභිජීත් බට්ටාචාර්‍ය යන ශීල්පීන් විසින්, තම හඬින් ප්‍රේක්ෂකයන් මුසපත් කර දැම්මේය. එවකට වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය ලෙසද වාර්තා පොත් අතරට එක්වූ ‘දිල්වාලේ දුල්හනියා’ හී අඩංගු වූ ‘සුපර් හිට්’ ගීත මෙසේය.

මේරෙ ක්වබෝන් මේන්       –        ලතා මන්ගේෂ්කාර්       SEE            

රුක් ජා ඕ දිල් දිවානේ        –         උදිත් නාරායන්      SEE                      

සර ස ජූම් ලූන් මේන්       –       ආශා බෝස්ලේ      SEE                          

නා ජානේ මෙරේ දිල් කො ක්‍යා   –   ලතා, උදිත් නාරායන්      SEE      

තුජෙ දේකා තෝයේ ජානා සනම්   –   ලතා, කුමාර් සානු      SEE       

මෙහෙන්දි ලගා කෙ රක්නා   –   ලතා, උදිත් නාරායන්          SEE

   ‘දිල්වාලේ දුල්හනියා’ යෂ් රාජ් සමාගමේ නිර්මාණයක්. නිෂ්පාදනය කලේ යෂ් චොප්‍රා වූ  අතර අධ්‍යක්ෂනය කලේ ආදිත්‍ය චොප්‍රා. ශාරුක් කාන්, කාජල්, අම්රිශ් පූරි, අනුපම් කේර් සහ ෆරීඩා ජලාල් යන හින්දි සිනමාවේ පතාක යෝධයන් රංගනයෙන් දායක වුනා. මේ සිනමා පටය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අලුත් පරම්පරාව වෙනුවෙන් කතාව කෙටියෙන් දාන්නම්.

            රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම්  එකක්. පැය 03 වි.10  ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.

                           මම කලින් සබ් දාපු No Retreat No Surrender හා Deewaanapan  ෆිල්ම් වලට කමෙන්ට් දාපු අයට ගොඩාක්ම ස්තූතියි. පුද්ගලිකව රිප්ලයි කලාට අමනාප නොවන්න. උපසිරැසි කටයුතු වලදී සෑමවිටම මාහට අනගි සහයක් ලබාදෙන්නාවූ මගේ ආදරණීය බිරිඳ දිල්රුක්ෂිට මේ උපසිරැසිය පිලිගන්වමි. ඉක්මනින් නැවත හමුවෙමු. ගුඩ් ලක්.

SUB FORMAT  –  SRT  &  IDX

♣♣  BRRip / 720p  ♣♣

Information

Year : 1995


Genre : Drama, Romance

Actors : Shah Rukh Khan, Kajol, Amrish Puri, Farida Jalal

Writer : N/A

Director : Aditya Chopra

Plot : When Raj Meets Simran In Europe, It Isn't Love At First Sight But When Simran Moves To India For An Arranged Marriage, Love Makes Its Presence Felt.

Youtube Trailer
Download Links යාවත් කාලින කර ඇත ..

Torrent පිටපත (720P) 1.7 GB

Direct පිටපත (720P) 1.7 GB

Update In 2021-06-12

සිංහල උපසිරැස Download කරගන්න 4660 times


සිංහල උපසිරැසි සමග online නරබන්න 786 Views




Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Rasika Samanjith
ExPERT Subtitler
8.1
0%
0%
  1. Hashan M. Priyadarshana Unregistered User April 12, 2020 at 6:55 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊


    Reply
    • Rasika Samanjith Creator Of This Subtitle April 13, 2020 at 9:29 am

      Thanx saho.


  2. Kantha_DLA Unregistered User April 13, 2020 at 6:48 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……


    Reply
    • Rasika Samanjith Creator Of This Subtitle April 13, 2020 at 9:30 am

      Same to u & happy new year.


  3. කසුන් Unregistered User April 13, 2020 at 8:08 am

    පට්ට බ්‍රෝ.90දශකයෙ පැරැණි හින්දි චිත්‍රපට නියමයි,ඒවාට සබ් දෙනවනම් මාරම වටිනවා.


    Reply
    • Rasika Samanjith Creator Of This Subtitle April 13, 2020 at 9:34 am

      80 – 90 දශක වල ෆිල්ම් වලට ගහන්න ෆිල්ම් ලොවෙත් නෑ බ්‍රදර්. සුබ අලුත් අවුරුද්දක් වේවා!


    • Isuru Unregistered User April 13, 2020 at 10:51 am

      Thanks broo mekata sub dunnata puluwannam Deewangee 2002 hindi film ekata sub denna


  4. sampath Unregistered User April 13, 2020 at 6:54 pm

    thanx machan


    Reply
  5. කළණ ධනංජය Unregistered User April 16, 2020 at 8:56 am

    මචං වීර් සාරා එකටත් සබ් එක දියන්කෝ පුළුවන් නම්.


    Reply
  6. deshan Unregistered User April 17, 2020 at 8:40 am

    thank bro digatama me wage parana hindi film walata sub denna..


    Reply
  7. දමිත් ප්‍රියංකර SYSTEM Administrator April 17, 2020 at 12:13 pm

    මම ආසම සින්දූ සෙට් එක වාගෙම කතාව..දැන් මේ වාගෙ එවා එනවා අඩුයී..යාශ් රාජ් නැති වුන එක ගොඩාක් ලොකූ අඩුවක් !!


    Reply
    • Rasika Samanjith Creator Of This Subtitle April 17, 2020 at 3:16 pm

      සහතික ඇත්ත.


  8. Rusiru Unregistered User April 18, 2020 at 10:49 am

    Puluwannam direct link ekk dannako


    Reply
    • Rasika Samanjith Creator Of This Subtitle April 18, 2020 at 1:41 pm

      සබ් දාපු කොපිය උඩ දාලා තියෙනවා. ගූගල් සර්ච් පාරක් දාලා බලන්න. ටොරන්ට් කොපිය ගන්න එක ලේසියි.


  9. Eranga Sandaruwan New User May 3, 2020 at 2:12 pm

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ඉස්සර මේක ඩවුන්ලෝඩ් කරන් හිටියා.
    සබ් එක සයින් කර කර හිටියට ඔක්කොම හදා ගන්න බැරුව ගියා.
    කෝම හරි හාඩ් එකට කෙල උන නිසා බලන්න උනේ නෑ.

    දැන් ආයේ බලන්න පුලුවන්.
    ජය වේවා…..


    Reply
    • Rasika Samanjith Creator Of This Subtitle May 3, 2020 at 2:40 pm

      oyaalage sathuta ape ekama aasawai. Thanx.


  10. SPY Unregistered User October 26, 2020 at 12:15 pm

    super bro thanks


    Reply
  11. Malith Sandeepa Unregistered User November 1, 2020 at 9:29 pm

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි❤
    තවත් මේ වගේ ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න:black_heart:


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Profile
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
1 . Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle
2 . () [S01 : E05] Sinhala Subtitle
3 . My Secret Romance [EP 01] Sinhala Subtitle
4 . The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle
5 . Guardians of the Tomb (2017) Sinhala Subtitle
6 . Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle
7 . The Vampire Diaries (2009) [S02 : E20] Sinhala Subtitle
8 . Knightfall (2017) [S01 : E06] Sinhala Subtitle
9 . () [S01 : E04] Sinhala Subtitle
10 . One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle

ads
Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Last Month Top 10

Dinh Mu Suong (2020) Sinhala Subtitle

Fighting Fish (2012) Sinhala Subtitle

Limit (2022) Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

Pewnego razu na krajowej jedynce (2022) [S01 : E01] Sinhala Subtitle

My Hero Academia (2020) [S01 : E01] Sinhala Subtitle

Pewnego razu na krajowej jedynce (2022) [S01 : E01] Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2023 / Subz.LK