Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitle Action Nautilus (2024–) [S01 : E01] Sinhala Subtitle Comedy The War with Grandpa (2020) Sinhala Subtitle Action Jackpot! (2024) Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitle Action Nautilus (2024–) [S01 : E01] Sinhala Subtitle Comedy The War with Grandpa (2020) Sinhala Subtitle Action Jackpot! (2024) Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle
  1. Movies
  2. Drama
  3. Dilwale Dulhania Le Jayenge (1995) Sinhala…

Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle

April 12, 2020 Rasika Samanjith | Admin
IMDB RATING 8.1
GENRES
DramaGenresHindi MoviesMoviesRomance
CAST

Shah Rukh Khan, Kajol, Amrish Puri, Farida Jalal

 

              දිගු නිහැඬියාවකට පසුව Subz.lk සමඟ මෙවර ඔබ වෙත අරන් ආවේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර  ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. සැන් ෆ්රැන්සිස්කෝ හී ආසන 720 කින් යුත් “NAZ” සිනමා ශාලාවට ආරම්භක දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් 1000 ක් පැමිණ සිටි අතර මධ්‍යම රාත්‍රියේ අමතර දර්ශන වාරයක්ද පැවැත්වීමට සිදුවිය. එක්සත් රාජධානියේද වසරකටත් අධික කාලයක් තිරගත වූ අතර, හින්දි සිනමා ඉතිහාසයේ ආරම්භක සිනමාහලේ වැඩිම කාලයක් ප්‍රදර්ශනය කල සිනමා පටය ලෙසද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” නොමැකෙන සලකුණක් තැබීය. වාර්තාගත 2000 වෙනි සතියත් පසු කරමින්, වසර 24 කට අධික කාලයක් මුම්බායි හී පිහිටි “මරත මන්දීර් තියටර්” හී, ආරම්භක දිනයේ සිට නොකඩවා මේ වන විටත් ප්‍රදර්ශනය වේ.

       Twenty Years Celebration

   “The Times of India” සඟරාවේ “මියයාමට පෙර ඔබ නැරඹිය යුතුම  චිත්‍රපට 10” ලිස්ට් එකටද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” ඇතුලත්වූ අතර, ” මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට 1001″ නමැති සිනමා විචාරක ග්‍රන්ථයේ නම් කර තිබුණේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ හොඳම තුන්වෙනි චිත්‍රපටය ලෙසයි. පලමු ස්ථානය 1957 තිරගතවූ Mother India වූ අතර දෙවන ස්ථානය  Deewaar(1975)විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන 10 ක් හිමිකරගමින් එවකට ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමිකර ගත් සිනමා පටය ලෙසද අභිෂේක ලැබීය.

     සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය වූයේ ‘ජතින් – ලලිත්’ දෙසොහොයුරන්ගේ මනමෝහනීය සංගීතයයි.  ‘ආනන්ද් භක්ෂි’ ගේ  පද රචනයන්ගෙන් හැඩවුණු  මියුරු ගීත  ගණනාවක්ම මෙහි ඇතුලත් වූ අතර පසුබිම් ගායනයෙන් එක්වූ ඉන්දීය ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර් ප්රමුඛ ආශා බෝස්ලේ, කුමාර් සානු, උදිත් නාරායන් සහ අභිජීත් බට්ටාචාර්‍ය යන ශීල්පීන් විසින්, තම හඬින් ප්‍රේක්ෂකයන් මුසපත් කර දැම්මේය. එවකට වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය ලෙසද වාර්තා පොත් අතරට එක්වූ ‘දිල්වාලේ දුල්හනියා’ හී අඩංගු වූ ‘සුපර් හිට්’ ගීත මෙසේය.

මේරෙ ක්වබෝන් මේන්       –        ලතා මන්ගේෂ්කාර්       SEE            

රුක් ජා ඕ දිල් දිවානේ        –         උදිත් නාරායන්      SEE                      

සර ස ජූම් ලූන් මේන්       –       ආශා බෝස්ලේ      SEE                          

නා ජානේ මෙරේ දිල් කො ක්‍යා   –   ලතා, උදිත් නාරායන්      SEE      

තුජෙ දේකා තෝයේ ජානා සනම්   –   ලතා, කුමාර් සානු      SEE       

මෙහෙන්දි ලගා කෙ රක්නා   –   ලතා, උදිත් නාරායන්          SEE

   ‘දිල්වාලේ දුල්හනියා’ යෂ් රාජ් සමාගමේ නිර්මාණයක්. නිෂ්පාදනය කලේ යෂ් චොප්‍රා වූ  අතර අධ්‍යක්ෂනය කලේ ආදිත්‍ය චොප්‍රා. ශාරුක් කාන්, කාජල්, අම්රිශ් පූරි, අනුපම් කේර් සහ ෆරීඩා ජලාල් යන හින්දි සිනමාවේ පතාක යෝධයන් රංගනයෙන් දායක වුනා. මේ සිනමා පටය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අලුත් පරම්පරාව වෙනුවෙන් කතාව කෙටියෙන් දාන්නම්.

            රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම්  එකක්. පැය 03 වි.10  ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.

                           මම කලින් සබ් දාපු No Retreat No Surrender හා Deewaanapan  ෆිල්ම් වලට කමෙන්ට් දාපු අයට ගොඩාක්ම ස්තූතියි. පුද්ගලිකව රිප්ලයි කලාට අමනාප නොවන්න. උපසිරැසි කටයුතු වලදී සෑමවිටම මාහට අනගි සහයක් ලබාදෙන්නාවූ මගේ ආදරණීය බිරිඳ දිල්රුක්ෂිට මේ උපසිරැසිය පිලිගන්වමි. ඉක්මනින් නැවත හමුවෙමු. ගුඩ් ලක්.

SUB FORMAT  –  SRT 

♣♣  BRRip / 720p  ♣♣

# BRRip
Rasika Samanjith
Rasika Samanjith Translator
178 Movies
0 TV Series
178 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
14930 වාරයක්
Download Links
BRRip 720P
1.7 GB DIR
BRRip 720P
1.7 GB DIR
Available Torrents
720p bluray 1.7 GB
GET
1080p bluray 3.5 GB
GET
Discussion (18)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-04-12

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 67
      2020-04-13

      Thanx saho.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 81
    2020-04-13

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 67
      2020-04-13

      Same to u & happy new year.

  • කසුන් Unregistered
    Windows 8.1 UC Browser 7
    2020-04-13

    පට්ට බ්‍රෝ.90දශකයෙ පැරැණි හින්දි චිත්‍රපට නියමයි,ඒවාට සබ් දෙනවනම් මාරම වටිනවා.

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 67
      2020-04-13

      80 – 90 දශක වල ෆිල්ම් වලට ගහන්න ෆිල්ම් ලොවෙත් නෑ බ්‍රදර්. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • Isuru Unregistered
      Android 9 Chrome 80
      2020-04-13

      Thanks broo mekata sub dunnata puluwannam Deewangee 2002 hindi film ekata sub denna

  • sampath Unregistered
    Windows 10 Firefox 75
    2020-04-13

    thanx machan

    Reply
  • කළණ ධනංජය Unregistered
    Android 9 Opera 57
    2020-04-16

    මචං වීර් සාරා එකටත් සබ් එක දියන්කෝ පුළුවන් නම්.

    Reply
  • deshan Unregistered
    Windows 8.1 Opera 67
    2020-04-17

    thank bro digatama me wage parana hindi film walata sub denna..

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Android 7 Chrome 81
    2020-04-17

    මම ආසම සින්දූ සෙට් එක වාගෙම කතාව..දැන් මේ වාගෙ එවා එනවා අඩුයී..යාශ් රාජ් නැති වුන එක ගොඩාක් ලොකූ අඩුවක් !!

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 67
      2020-04-17

      සහතික ඇත්ත.

  • Rusiru Unregistered
    Android 8 Opera 57
    2020-04-18

    Puluwannam direct link ekk dannako

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 67
      2020-04-18

      සබ් දාපු කොපිය උඩ දාලා තියෙනවා. ගූගල් සර්ච් පාරක් දාලා බලන්න. ටොරන්ට් කොපිය ගන්න එක ලේසියි.

  • Eranga Sandaruwan User
    Windows 10 Firefox 75
    2020-05-03

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ඉස්සර මේක ඩවුන්ලෝඩ් කරන් හිටියා.
    සබ් එක සයින් කර කර හිටියට ඔක්කොම හදා ගන්න බැරුව ගියා.
    කෝම හරි හාඩ් එකට කෙල උන නිසා බලන්න උනේ නෑ.

    දැන් ආයේ බලන්න පුලුවන්.
    ජය වේවා…..

    Reply
    • Rasika Samanjith Admin
      Windows 8 Opera 68
      2020-05-03

      oyaalage sathuta ape ekama aasawai. Thanx.

  • SPY Unregistered
    Windows 10 Firefox 82
    2020-10-26

    super bro thanks

    Reply
  • Malith Sandeepa Unregistered
    Android 8.1 Chrome 85
    2020-11-01

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි❤
    තවත් මේ වගේ ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න:black_heart:

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 430
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved