Dragon Fist (1979) Sinhala Subtitle November 06, 2023 Rasika Samanjith | Admin IMDB RATING 6.1 GENRES ActionChinese MoviesDramaGenresMovies CAST Jackie Chan,Nora Miao,James Tien ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ. මීට පෙර මන් සබ් කරපු Awareness [2023] එකටත් කසුන් සහෝදරයා කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ෆිල්ම් එක ඉල්ලලා. ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන 1 ආදායමක් උපයාගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලිස්ට් එකටත් ඇතුලත් වුනු ඩ්‍රැගන් ෆිස්ට්, Action, Martial Art, Drama වර්ගයේ චිත්‍රපටයක්. ධාවන කාලය විනාඩි 97 යි. ජැකීගෙ චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Lo Wei ගෙ අධ්‍යක්ෂනයක්. Jackie Chan සමග රංගනයෙන් එකතු වෙනවා James Tien සහ Nora Miao. සුරූපී Nora Miao ව නම් ඔයාල දන්නවනෙ. බෘස්ලී සමග, රිදී තිරයේදී සිපගැනීමේ දර්ශනයකට පෙනී සිටි එකම නිලිය. ඒ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ චිත්‍රපටයේ. බෘස්ලීගෙ චිත්‍රපට පහෙන් තුනකම රඟපාන්න වාසනාව ලද නිලියක්. ජැකීගෙ ප්‍රථම, ප්‍රධාන චිත්‍රපටය වුනු “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” එකෙත් ජැකීගේ සහාය නිලිය වුනේ ඇයයි. ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, ජැකීගෙ සලකුණ වන කොමඩි චිත්‍රපටයක් නම් නෙමේ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1978 වසරේ. තිරගත කිරීම 1979 ට කල් යන්නෙ ස්ටුඩියො එකේ මුදල් අහේනියක් නිසා. 1978 වෙනකොට ජැකී කොමඩි රැල්ලට හැරිල තිබුනෙ නෑ. ඔහුගෙ විතරක් නෙමේ හොංකොං සිනමාවෙම කොමඩි රැල්ල පටන් ගත්තෙ ජැකීගෙ Snake in the Eagle Shadow [ 1978 ] චිත්‍රපටයෙන්. හැබැයි ජැකීගෙ තරුණ ජවසම්පන්නකම සහ මාෂල් ආට් හැකියාව ඩ්‍රැගන් ෆිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. ඒ පැත්තෙන් නම් බලන්නම වටින ෆිලුමක්. ටොං හෝ-වැන් (ජැකී) ගේ මාස්ටර්ට, වෙනත් වංශයක මාස්ටර් කෙනෙක් වන චුං විසින් සටනකට අභියෝග කරනවා. ඔහු ඒක කරන්නෙ පුද්ගලික ආරෝවකට. එහිදී බරපතල තුවාල ලබන ටොංගේ මාස්ටර් පසුව මිය යනවා. මහන්සිවී සටන් පුහුණු වන ටොං අවුරුදු කීපයකට පසුව, ඔහුගේ මාස්ටර්ගෙ බිරිඳ සහ දියණිය ( Nora ) සමග මාස්ටර් චුංව හොයාගෙන යනවා, තම මාස්ටර්ගෙ මරණයට පලිගන්න. චුංව හොයාගෙන ඔහුගේ “ඉවසීමේ වංශයට” යන මේ තුන් දෙනා මුහුණ දෙන්නේ, ඔවුන් තිදෙනා කිසිසේත්ම නොසිතූ අමුතුම තත්ත්වයකට. ඇයි ඒ? එහෙ මොකද වෙලා තියෙන්නෙ? චිත්‍රපටය බලමු, නේ? විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. ලොකු අමානුෂික දර්ශනත් නෑ. ඒ වගේම මන් ඔයාලට දීලා තියෙන්නෙ YTS කොපිය. හොයා ගන්නත් ලේසිනෙ. හැබැයි ඒක චීන භාෂා කොපිය නෙමේ. ඉංග්ලිශ් ඩබ් කරපු BR, Remastered කොපිය. ඒ නිසා ඒකම අරගන්න. සමහරවිට ඔරිජිනල් චීන කොපියට සබ් එක නොගැලපෙන්න පුලුවන්. ජය වේවා. QUALITY // 720p – 810 mb// 1080p – 1.5 gb SUB FORMAT // SRT ♣♣ BRRip / 720p / 1080p ♣♣
thank you very much
puluwannam mewata sub denna.
Black Eagle 1988
Double Team 1997
Legionnaire 1998
Inferno 1999
thank you